දේශපාලනය ගැන ලියල වැඩක් නැහැ. නිකම් ඉන්නවට සමහර වෙලා වට ලියුවට. තනි මිනිහෙකුගේ මතය කිසි වැඩකට ඇති දෙයක් නොවේ. නමුත් සමාජයක බහුතර අදහස මතු වන්නේ මේ තනි තනි පුද්ගලයන්ගේ අදහස් වල සංකලනයෙන්. ඒ අතින් ගත්තහම එක මිනිහෙකුගේ තනි අදහසත් වැදගත්. මගේ අරමුණත්, මගේ අත්දැකීම් ඇසුරෙන් ලෝකය මට පේන හැටි කියා පෑම. නමුත් වෙන කෙනෙක් හිතන පතන අයුරු වෙනස් කරන්න නම් හරි අමාරු කාරණයක්. උදා හරණයකට මා හිතන පතන පතන අයුරු. අප එහෙම වෙන ගමන්, අනික් අතට හිතනවා අනුන්ව, අප හිතන ආකාරයට වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ ක්‍රියාවලිය සෙමෙන් සිදුවන දීර්ඝ එකක්.
අප යුද්දයටත් විරුද්දයි, ඒ ගමන්ම බලය බෙදීමටත් විරුද්දයි. බටහිරටත් විරුද්දයි. ඒ ගමන්ම උදාහරණෙට ගන්නෙත් බටහිර. මෙහෙම ලැයිස්තු ගොඩක් හදන්න පුළුවන්. ආචාර්ය වරු පා ගමන් යනකොට ඒකට, කෑ ගහපු කට්ටියම, දැන් “ඔය කොලාද” කියලා ඔවුන්ටම බනිනවා. ඔවුන්ගේ වැඩේ අසාර්ථක නම් අර කෑ ගහපු කට්ටිය සතුටු වෙන්න ඕනේ නේ. නැහැ එහෙමත් නැහැ. ආචාර්ය වරුන්ගේ වෘත්තීය අරගලය හැර, ඔවුන් පෙනී හිටපු අනික්වා ඇත්තටම ඔවුනට විතරක් බලපාන ප්‍රශ්න නොවේ. විශ්ව විද්යාල ආචාර්ය වරු, ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ එක පාර්ශවයක් පමණයි. මහජනතාව, නැත්නම් දෙමාපියන්, සිසුන්, ආචාර්යවරු, නිලධාරින් හා රජය ලෙස මෙහි කොටස් කරුවන් ගොඩක් ඉන්නවා. හැබැයි මහම කොටස් කාරයන් තමා ජනතාව. ඔවුන් විසින්මනේ රජය පත් කර ගන්නෙත්. නිලධාරින් කියන්නේ ඒ රජය අනුගමනය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කාණ්ඩයක් නේ. මෙතන මහම අමාරුවක් හරිනම් තියෙන්න ඕනේ අර කියන මහා ජනතාවට.
ඕස්ට්‍රේලියාවෙත්, පාසල් අධ්‍යාපනයට යෙදවිය යුතු මුදල වැඩි කල යුතුයි කියලා, රජය විසින්ම පත් කල කොමිසමක් පෙන්වා දුන්නා. ඒ අනුව වාර්ෂිකව වැඩි කල යුතු මුදල ඩොලර් බිලියන 5-6 ක් වෙනවා. නමුත් ඒක ඒ විදිහටම කෙරෙයිද කියලා තවම කියන්න බැහැ. දැනට ඉන්න විපක්ෂය කියන්නේ ඔවුන් නම් එහෙම වැඩි කරන්නේ නැහැ කියා. රජයේ අදහස යම් පමණකට කියුවත්, ඔවුනගේ මුල්‍යමය දායකත්වය පිලිබඳ පැහැදිලි මතයක් නැහැ.
කම්කරු රජය බලයට පත්වෙන විට රටේ අය වැයේ තිබුනේ අතිරික්තයක්. ලෝක ආර්ථික අර්බුදය මෝදු වීගෙන එන වෙලාවේ, කම්කරු රජය මහා මුදල් කන්දරාවක් ආර්ථිකය කිතිකවන්න කියා වියදම් කල නිසා මෙය හිඟයක් දක්වා වර්ධනය උනා. එම මුදල් වලින් කොටසක් වියදම් කලේ පාසල් වල සංවර්ධනයට. එම මුදල් නියම ඵලදායක අයුරින් වියදම් නොකළ බව පැවසෙනවා. හැබැයි රජයේ වැඩක් කරන කොට, පෞද්ගලික අංශයේ වගේම වෙයි කියලා උපකල්පනය කරන්න බැහැ. ඒ කොහොම උනත, පාසල් වල ඇති උන වෙනස නම් ඇස්පනාපිට තියනවා. අලුත් උපකරණ ලබුනා, ගොඩ නැගිලි හැදුනා . අපේ පොඩි දරුවාගේ පාසලේ සිදු උනේ හරිම විපර්යාසයක්. විපක්ෂයේ චෝදනාවක් තමා ගුරුවරුන්ගේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට කිසිවක් නොකෙරුණ බව. හැබැයි ඔවුනගේ කාලයේ යටිතල පහසුකම් සංවර්ධයන අඩාල කෙරුනා.
අධ්‍යාපනය කියන්නේ අනාගතයට යොදන ආයෝජනයක්. පෞද්ගලික අධ්‍යාපන ආයතන තිබුනත් රටේ දීර්ඝ කාලින ශිල්පීය අවශ්‍යතා සලකා බලා අධ්‍යාපන ඉලක්ක එල්ල කරන්නේ හා ඒ සඳහා යාමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුත්තේ රජයයි. පෞද්ගලික අංශයෙන් ඒ සඳහා කැපවීමක් බලාපොරොත්තු වන්න බැරි, ඔවුනගේ කෙටිකාලීන ආයෝජන ඉලක්ක මෙවැනි දේවල් මගින් සපුරා ගන්න බැරි නිසා. උදාහරණයකට ගත්තොත්, සරසවියේදී සමහර විද්‍යා විෂය යන් තෝරා ගන්නන් සඳහා රජය මගින්, සහන සැලසුවේ ඒ විෂයයන් සඳහා යොමුකර ගැනීම ඉහල නං වීමට. ඒ අනාගතයේදී අදාළ ක්ෂේත්‍ර වල උපාධිධරයන්ගේ හිඟයක් වලක්වා ගැනීමට. එහෙම අපේක්ෂාවක් පෞද්ගලික අංශයට එන්නේ නැහැ. නොපුහුණු කම්කරු ශ්‍රමය අවශ්‍ය වන කර්මාන්ත වලින් බොහොමයක් බටහිරින් චීනය අරන් ගියා. මේවා නැවත මෙහි ඒමට අවකාශයක් නැහැ. ඉතින් අනාගත අවශ්‍යතා අනුව පුහුණු ශිල්පින් බිහි කර ගැනීමට අඩිතාලම දමා ගත යුත්තේ අදයි. එහි වගකීම තියෙන්නේ රජයට කියා මා හිතන්නේ.
මේවා කොහොම උනත්, රජය යන ගමන් මාර්ගය සකස් වෙන්නේ බහුතර ජනතාවක් හිතන අයුරින්. ඕස්ට්‍රේලියාවේ පසුගිය රජය කම්කරු නීති, සේවා දායකයන්ට වැඩිපුර වාසි වෙන විදිහට වෙනස් කළා යයි බහුතර ජනතාවක් සිතුවා එක, ඔවුනගේ පරාජයට ප්‍රධාන ලෙස දායක උනා. කම්කරු නීති විතරක් නොවේ, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර හැම එකකම සිදු කෙරෙන වෙනස් කම් වලට ජන මතයත් බල පානවා. ඒකයි මා මුලින් කියුවේ අර ආචාර්ය වරුන්ට දැන් දොස් කියන අය තව ටිකක් දුර කල්පනා කල යුතුයි කියල කියුවේ. අපේ රටේ තියන “ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර වාදය” යටතේ පවා, ජන මතයට කල හැකි බල පෑමක් තියනවා. අවශ්‍ය නම්, නොසිතිය හැකි අංශ වල පවා වෙනස් කම් ඇති කිරීමට බල පෑම් ඇති කරන්න පුළුවන් කියල වත් ඔවුන් පෙන්නලා දුන්න එක ගැනවත් ඔවුනට ඉස්තුති කරන එකයි හරිනම් කල යුත්තේ.
ඔබ මුලින් ලියල තියෙන කොටස් දෙකේම ප්‍රශ්නවලට උත්තරත් ලබාදීලා තියෙනවා රයිගම.කොහොමත් ඔබලා වැනි අය ලියන ලිපි කියවල අපි වගේ අය උනත් නිකන් ඉන්නේ නැහැ.කතා කරන්න ලැබුන විටක යමක් තේරුම් ගත හැකි අය සමග කතා බහ කරනවා.ඔබ කිසිම අවස්ථාවක හිතන්න නම් එපා ඔබ ලියන දේ කාටවත් ප්‍රයෝජන නැති වෙයි කියල.හැබැයි ඔබ කියල තිබුන වගේම කලක් ගත වෙයි.කලක් ගත වෙලා හරි අවබෝධ වෙනවනම් කාටද ආඩම්බර????????
රජයේ වියදම් තුලින් වෙන්නේ ආර්ථිකය ප්‍රසාරණය වීමයි. මෙය කෙන්ස් ගේ තියරියක් වෙන්න පුළුවනි, නමුත් ආර්ථික අර්බුදයක් වෙලාවේ රජයේ වියදම අඩු කිරීම භයානක දෙයක්.
ඔබත් දැකල ඇති, සමහරු බනිනවා ලංකාවේ ඉන්න ගමන්, තවත් අය බනිනවා රට යන අයට. තව සමහරු රට ගිහින් බනිනවා, ඉන්න රටට. ඉන්න රටේ ඉඳන් තමන් ඉපදුන රටට තව කට්ටියක් බනිනවා. අප ලෝකේ කොහේ හිටියත්, ධනාත්මක දෙයක් ලෝකයට දෙන්න පුළුවන් කියලා තමයි මගේ විශ්වාසය.ලොකු දේවල් ම නොවේ, පුංචි දේවල්. හිතන පතන විදිහත් එයින් එකක්.
කකා, ඔබ මතු කරපු අදහස මා අගය කරනවා. ඒත් ලංකාවෙත් බොහෝ දෙනාත්, රිපබ්ලිකන්වාදීනුත් කියන්නේ මීට හාත්පසින්ම වෙන දෙයක්නේ. වැඩේ තියෙන්නේ මේ අයියල අක්කල ඉන්න රටවල් වලත් වැඩ කෙරෙන්නේ වෙනත් විදිහකට.