එප්පාවෙල ඇපටයිට් An everlasting struggle with a finite resource raigamahandiya රටක ස්වභාවික සම්පතක් කුණුකොල්ලයට විකුණන එකද, ප්‍රයෝජනයක් ගන්නේ නැතුව තියා ගන්න එකද වඩා හොඳ කියල කව්රුහරි මගෙන් ඇහුවොත්, මගේ උත්තරය රට අනුව වෙනස් වෙනවා. රටේ ජනගහනයෙන් වැඩිපුර ගානක් දුප්පත් නම් එවැනි සම්පතක් ප්‍රයෝජනයට ගන්නේ නැතුව තියා ගන්න එක කුණු කොල්ලෙට පිටට විකුණන එක තරම්ම අපරාධයක්. නමුත් අප හැම කෙනාම එහෙම හිතන්නේ නැති බවට හොඳම උදාහරණය එප්පාවල ෆොස්පේට් නිධිය. මා මාස ...
වසර විසිදාහක් පැරණි ප්‍රතිකර්මයක්! Oldest known pottery comes from China! raigamahandiya ගිය සිකුරාදා බිරිඳ ගියා වැඩකරන තැන කට්ටියක් එක්ක රෑ කෑම කාල චිත්‍රපටයක් බලන්න. ඒ යන්න කලින් මොකවත් කන්න හැදුවේ නැහැ කියල පුතාට කියන කොට, පුතා කියුවේ “අම්ම නිකම් කලබල වෙන්නේ නැතුව යන්න, තාත්තා උයන වැඩේට නිර්මාණ ශිලියි, මොනවා හරි හදල ගනීවි” කියලා. මේක ලියුවේ පම්පොරියකට නොවේ. ඇත්තටම පම්පොරියක් වෙන්නේ “අනේ මට නම් තේකක් වත් හදා ගන්න බැරිය” කියන එකයි කියලා ...
ව්‍යාන්ජන හදමු! raigamahandiya කලින් අච්චාරු සටහනේ නොකියපු දේ ගැන දැන ගන්න ඕනේ වුන අයට මගේ කණගාටුව. ඇත්තටම ඒ ඇඹරැල්ල /අඹ හදන හැටි ගැන මා ඉදිරියේදී ලියනවා. ගිය සතියේ අප කන්න ගියේ අමුතු ගෙදරකට. ඒ පවුලේ බිරිඳ දකුණු ඇමෙරිකානුවෙක්. ඇයගේ ස්වාමියා ඉපදී තියෙන්නේ කරච්චි නුවර. එයාගේ අම්ම ඉංගිරිසි … Continue reading → ...
ඔන්න බබෝ කතාවේ පැනී! raigamahandiya අද අපගේ ගිම්හානයේ පළමු දිනයයි. එයටම ගැලපෙන පරිදි අද උෂ්ණත්වයෙන් ඉහල හා වියලි දිනයක් වූවා. ඒත් එක්කම දෙසැම්බර් කියන්නේ වසරවසාන මාසයයි. පසුගිය මාස එකොළහ ඔබට කොතරම් ඉක්මනින් හෝ කොතරම් හෙමින් ගෙවී ගියාදැයි සිතන්න මේ හොඳම වෙලාවක්. අප හැමටම තියෙන්නේ එකම … Continue reading → ...
එක හිත දෙතැනක නතර වෙලා? raigamahandiya මා සටහනක් ලියා ඇති වැඩිහිටියන් විසින් තමන්ගේ ළමා කාලය, අද ළමයින්ගේ ජීවිතය හා සසඳා හොඳ හෝ නරක කියන හැටි. ගොඩක් වෙලාවට නරක. එනම්, එදා ගත්තු ආතල් අද ළමයිනට නැහැ කියා. ඔය කුරුම්බැට්ටි මැෂින්, පොල් පිති හරක් හා වලකජු ගැහීම වගේ … Continue reading → ...
නාන් රොටි හා පොල් සම්බෝල! raigamahandiya හැරල්ඩ් බෝල්ඩර් ගේ ලංකා චාරිකා මා නරඹන්නේ ආසාවෙන්. මෙවැනි ව්ලොග් වල කොමෙන්ටු දකින විට, අප ජිවත් වන ලෝකය ගැන වෙන පොත් වලින් කියවනවට වඩා, පී එච්ඩි කරනවට වඩා අවබෝධයක් ගන්න පුළුවන්. අප වැනි සංක්‍රමණිකයන් ලංකාවෙන් ඉවත් වී, ලංකාව හදන්න උපදෙස් … Continue reading → ...
දොළ ළඟ ගුරු පාර දිගේ, සිනහ පපා ටිකිරි නගා! Arjuna and Sri Lanka Cricket! raigamahandiya පසුගියදා මාතලන් අර්ජුන රණතුංග ක්‍රිකට් වල මොකවත් කෙරුවේ නැහැයි කියල ලියා තිබුනා. අර්ජුන ක්‍රිකට් වලින් සමුගැනීම පමා කිරීම ගැන මට එතරම් පැහැදීමක් නැහැ. කවදද, කොහොම කොයි විටදී ද සමු ගන්නේ කියන එක ක්‍රීඩකයන්ට විතරක් නොවේ, මහ රජ වරුන්ටත් එකසේ අදාලයි. පසුගිය සතියේ ඩොලර් තුන්දාහක වයින් බෝතලයක් නිසා ඉල්ලා අස් වුන නිව් සවුත් වෙල්ස ප්‍රාන්ත අගමැති ගැන කොලමක් ලියපු ඕස්ට්‍රේලියානු මාධ්‍ය වේදී ...
සිංහලෙන් ඉගෙනීම නිසා කොට උඩ ගිය මා! The prisoners of their own success! raigamahandiya මේ සංකීර්ණ කතන්දර ලියන එකේ තේරුමක් නැති හින්ද, සරල කතාවක් කියන්න ඕනේ. නොයෙක් දෙනා කියන්නේ 1956 දී සිංහලයෙන් උගන්නන්න පටන් ගත්ත නිසා තමයි අප හැමටම කෙල වුනේ කියල. එහෙම කෙල වුන කෙනෙක් තමා මාත්. මේ අයියල එහෙම කලේ නැත්නම්, අද මාත් යසට කුඹුරක් කොටාගෙන බුලත්විටක් කාගෙන, ඔය කසිප්පු වඩියකුත් අරන් අගේට ඉන්න තිබුනා. මේක කෑවනේ, මේ අයියල අපට අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමෙන්. ...
කිරි හා කැකිරි! raigamahandiya ගිය සතියේ පත්තරේ තිබුන කතාවක් තමා, එක සුපර්මාර්කට් එකකින් ඒ සුපර්මාර්කට් බ්‍රෑන්ඩඩ් කිරි බෝතලයක් අරන් කවුන්ටරේට ආපු කාන්තාවකට, තවත් කාන්තාවක් “උඹල තමා අපේ කිරි ගොවියන් කන්නේ” කියල අපහස කරපු එක. මා කියුවේ මිනිසුන් “හදිසියේ අවදී” වුන විට මහා ගොන් පාර්ට් … Continue reading → ...
පෙර දිනෙක! raigamahandiya අපට දැන් සීතලයි. සිතල සමග එන ලෙඩ වලින්ද බහුල කාලයක්. තව සතියකින් පසු පාසල් ළමුනට සීත කාල නිවාඩුව ලැබෙනවා. මාත් නිවාඩුවක් දාන්න ඉන්නේ. බලමු කොහොම වෙයිද කියා. ඉහත මල් වල පින්තූර අවුරුදු දෙකකට පමණ පෙර ගත්තු එව්වා. එම මල් තාමත් … Continue reading → ...
සතොසින් බඩු විකිණීම! raigamahandiya අද කඩේ ගියේ මං විතරයි. හවස පොඩි පංති කටුවකටත් ගිහිං, ඒ ගමන්ම කඩේ සතියේ බඩු ටිකත් ගන්න ගියා. බඩු ටික ට්‍රොලියට දමන් එන විට ඇරලා තිබුනේ එකම කවුන්ටරයයි. කොහොමද, කියල බඩු මලු වලට දාන ගමන් ඇය, මට මෙම කවුන්ටරේ වසා ඇත කියන පුවරුව, … Continue reading → ...
මැකී ගිය දඩ මං හා නැගී ආ ගොං කං! Our savage sanctuary! raigamahandiya වාසනාවකට හෝ අවාසනාවකට මට දැන් මෙහි ලියන්න ඉස්සර වගේ වෙලාවක් නැහැ. එකක් තමා මා නිදා ගන්න කාලය වැඩි කෙරුවා. ඒ කියන්නේ, වෙනදා වගේ රෑ දෙගොඩහරි යාමය වෙනක් ඇහිරිලා ඉන්නේ නැහැ. අනික තමා මගේ විනෝදාංශ වඩාත් “ඩයිවසිපයි” කෙරුවා. ලෝකය තුල ජිවත් වන බිලියන ගණනකින් ඉතා සුළු පිරිසක් කියවන දෙයක් නැති වුනා කියා කාටවත් පාඩුවක් නැහැ. අද නම් හෙට නිවාඩු නිසා, කාලය ...
පුර්විකාවක් පමණයි! A Preface! raigamahandiya මා කුඩා කාලයේ ඉතාම ආසාවෙන් කියවපු පොත් පෙළක් තමා ආර් එල් ස්පිටල් මහතා ලියපු වැදි ජනතාව ගැන ලියු සමාජ විද්‍යාත්මක හා ඔවුනගේ චර්යා ඇසුරින් ලියුව ප්‍රබන්ධ කතා හා ගවේෂණ චාරිකා පොත්. මා මිට කලින් සටහනක ලියුව පරිදි, මගේ පහේ ශිෂ්යසත්ව පරීක්ෂණයේදී සිංහල ප්‍රශ්න පත්‍රයට ආවේ ස්පිට්ල්ගේ පොතක ඡේදයක් (ඔන්න හරි ච යන්න ගත්තා). ස්පිට්ල් මහතා මේ පොත් ලියල තියෙන්නේ කොළඹ ඉඳන් ...
මගේ පළමු ටියුෂන් පන්තිය I’ll get back to you! raigamahandiya පහ වසර දක්වා මා ඉගෙන ගත්තේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ. ශ්‍රීපාලිය කියන්නේ ඉතා සුන්දර පාසලක්. කොහොමහරි පහේ ශිෂ්සත්තෙට පෙනී ඉන්න රැල්ලට වගේ ටියුෂන් පන්තියකට යන්න මා තීරණේ කළේ අනික් බොහෝ දෙනෙක් අනුකරණය කරමින්. හොරණ නගරය මැද පොල් අතු වලින් හදපු ටියුෂන් කඩයක අපේ පන්තිය තිබුනා. මේකේ “සර්’ ට හිටියේ ගැටවර තරුණයෙක්. සමහරවිට අපොස සාපෙ හෝ උපේ කරළා ඉන්න කෙනෙකු වෙන්න ඇති. ...
සිතිවිළි දිය දහරා! raigamahandiya මිනිසුන් බහුලව නොගැවසෙන ස්ථාන වල තියෙන්නේ හරිම චමත්කාරයක්. මිනිසුන් බහුලව ගැවසෙන තැන් පවා, සමහර කාල වලට, පාළුවට යනවා. මිනිසුන් ගොඩ නැගූ දේවල් වලින් සමහරක් අප ලෝක පුදුම ලෙස නම් කර, රස විඳිනවා. කිසිවෙකු මේ අන්දමින් ගොඩ නගන්න ඕනිය කියා නොසිතා … Continue reading → ...
ඔබ ගැහැනියක් නම් එක්කෝ විභාගය, නැත්නම් විවාහය (දෙකටම ඉඩක් නෑ!) Another thing to do! raigamahandiya මේ දවස් වල කැන්බරා නුවර පාසල් නිවාඩු කාලය නිසා ටිකක් කලින් වැඩට යනවා. උදේ පාන්දර වැඩට යන කොට දකින දර්ශනයක් තමා, දරුවන් වඩාගත් අම්මලා හා තාත්තලා අල්ලපු ගෙදරට එන දර්ශනය. ඒ ගෙදර ගෘහනිය ගෘහස්ත දිවා සුරැකුමක් පවත්වාගෙන යන්නියක්. ඇය, අම්මා හා තාත්තා රැකියාව කරන කට්ටියගේ දරුවන් දිවා කාලයේ රැක බලා ගන්නවා. මේ වගේ තැනක් පවත්වාගෙන යාමට ආණ්ඩුවේ අවසරය විතරක් නොවේ, යම් උගනිමක්ද ...
මන්දගාමී ඕස්ට්‍රේලියානු අන්තර්ජාලය හා තවත් කතා! raigamahandiya පසුගිය දිනවල ලංකාව තුල තලු මරපු ප්‍රවුර්තියක් තමා, ලංකාවේ ඉන්ටර්නෙට් සේවාවේ සාමාන්‍ය වේගය, ඕස්ට්‍රේලියාවේ එම අගයටත් වඩා වැඩිය කියන එක. මේ වගේ සෙන්සේෂනල් ප්‍රවුර්ති වලට මිනිසුන් මාර විදිහට කැමතියි. වැඩියෙන්ම තව කෙනෙක් හෝ දෙයක් හෝ පළාතක් හෝ රටක් සමග සංසන්දනය … Continue reading → ...
අමුර්තයද ඉවත හෙලයි, හිත නැතිනම් මුව තැබුමට! Why don’t you be you…… And I’ll be me! raigamahandiya හතරවෙනි වසරේ වාරාවසාන සටහන මෙයයි. ඇත්තම කියුවොත් පාසලේ හතරවෙනි වසර කියන්නේ මගේ ජිවිතයේ සංධිස්ථානයක්. ඒ ගැන යන්තමින් සඳහන් කරපු සටහනේ ඇමුණුමක් මෙහි දැම්මේ නැහැ. පාසැල යන කාලයේ යමකට මා යන්තමින් දක්ෂකමක් පෙන්වූවා නම් ඒ ලිවීමයි. හරියටම කියුවොත්, අපේ ඉගෙනීමේ මාධ්‍යය … Continue reading → ...
කොහේද, කොහේද අපේ ලොවක්? The best dimocrasy! raigamahandiya අන්තර් ජාලයෙන් චන්දය ප්‍රකාශ කිරීම ඊළඟ මැති වරණයේදී (2013) බොහෝ විට ප්‍රායෝගික දෙයක් වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ. නමුත් එලෙක්ට්‍රොනික ක්‍රම මගින් චන්දය දැමීම අඳුන්වා දුන්නේ ජේ ආර් කිව්වොත් නිවැරදියි. ගෙදර ඉඳන් නෙමේ එලොව ඉඳන් උනත් චන්දෙ දාන ක්‍රමය මුලින්ම අඳුන්වා දුන්නේ ජේ ආර් ගොයියා (මළ ගිය අය පමණක් නොවේ, චන්දෙ දාන්න යනකොට තමන් කලින් චන්දෙ පාවිච්චි කළ බව දැනගත් කොබ්බකඩුව – ...