වනලැහැබ අසබඩ විල්තෙර One | Zero | Zero සඳවතිය සිල්ගත් රැයක වන ලැහැබක් අසබඩ විල් තීරයක තනිවුනෙමි.චන්ද්‍රකාන්තියෙන් ආලෝකමත් වන ලැහැබ නෙක දසුන් මවයි. වන මෘගයින් නිදනා හෝරාවේ මුවන් සාවුන් විල් තීරයේ වැතිර සඳ එළිය ස්නානය කලෝය.ස්වර්ණ හංසයින් විල්දිය මත පිහිනා සතුටු වෙති. රුදුරු යැයි සම්මත වන මෘගයින්ද නිසල හොරාවේ වැඳිරියන් හා රමණයේ යෙදෙන සර්පයෙකුද විල්තෙරෙහි සතුටු වන සිව්පාවුන්ට සමච්චල් කරද්දී සාවුන් මුවන් අසරණව බලා සිටියෝය. ඒ දර්ශණය සිව්පාවන්ට ...
හ්ම්ම් ඩවුන් හලෝ :\ One | Zero | Zero හායි !{ජීවිතේට හායි කියපු නැති කට්ටිය එක පාරටම මොකද?} හායි !කොහොමද රිසල්ට්ස්?{මට හිතුන ඕක අහයි කියල, මුන්ට නැත්තන් මගෙන් මොන වැඩක්ද?} හ්ම්ම්... ඩවුන් හලෝ :\ආහ් එහෙමද, ගණන් ගන්න එපා.. ඊලඟ පාර කරල ගොඩ දාගමු....{ඔවු ඉතින් තොපිලට මොකද. මමනෙ නයිට් ගගහ පාඩම් කලේ... මමනේ රෑ දෙගොඩහරි යාමෙ පාන්දර 3ට 4ට ක්ලාස් යන්න කියල යාලුවන්ගෙ ගෙවල් වල ඉදල ගෙදර ආවෙ. මමනේ පාන්දර ...
සෙනෙහෙ බර අයියණ්ඩි One | Zero | Zero "මගේ නංගීට රස්සාවක් ලැබුණා. ඇඳගෙන යන්න හොඳ ඇඳුමක්වත් නෑ නෝනාගේ පරණ අඳින්න පුලුවන් ඇඳුමකුයි සෙරෙප්පු ජෝඩුවකුයි තියෙනවා නම් මට දෙන්න, පිං සිද්ද වෙයි." හරිම දුක් මුසු ලීලාවෙන් ඔහු කියවගෙන ගියා. පරණ අඳින්න පුලුවන් ඇඳුම් ටිකක් මං ඔහු අතට දුන්නා. නෝනා මට ගෙදර යන්න කීයක්වත් නෑ. කීයක් හරි දෙන්න පුලුවන්ද?" "මගේ ළඟ දෙදාහේ කොළයක් තියෙන්නේ මාරු සල්ලි නෑනේ. මාරු කරලා ගෙනත් ...
කලචරල් සෙන්ටර් පොයින්ටර් අංකල් One | Zero | Zero ඒක ලොකු ආයතනයක්. එතැන ඉන්නවා අවුරුදු හැටක විතර නිතර හිනාවෙන සිකිරිටි අංකල් කෙනෙක්. ඊයෙ හවස නිල් පාට සල්වාර් එකක් ඇඳපු අවුරුදු විස්සක විතර හීනැදෑරි ගෑණු ළමයෙක් අංකල්ව පහු කරගෙන යන ගමං එතැන ටිකක් නැවතුණා.“අංකල්, ඕස්ට්‍රේලියන් එම්බසියට යන්නෙ කොහොමද?“ ඇය ඇහුවා.“මේ පාරෙන් හැරුණාම ඉන්දියන් කල්චර් සෙන්ටර් එක“ අංකල් කිව්වා. මම ඔල්මොරොන්දම් වුණා. ඒත් සිනාසුණු දැරිය, ඇස් ඉදිරියේ තිබූ ඕස්ට්‍රෙලියන් එම්බසිය දෙස ...
ලොකු වෙනසක්! One | Zero | Zero දවසක් මල්ලිගෙ යාළුවො කට්ටියක් පෝස්ටර් ගහන්න ගිහින් පාප්ප මදි වෙලා.එතකොට රෑ දොළහත් පහුවෙලා.අවට ගෙවල් සේරමත් අඳුරේ ගිලී තිබුණා.වෙලාවට අපේ ගේ තිබුණෙ එතනට කිට්ටුවෙන්.එයාල අපේ ගෙදරට දුවගෙන ඇවිත් පාන්පිටි ඉල්ලුවා.ඊයෙ හැන්දෑවෙ රොටී පිච්චුවෙ ඉතිරි පිටි ටිකෙන් මල්ලියෙ කිව්වම මල්ලිලා මැලවිලා ගියා.එළිවෙන්ඩ කලින් පෝස්ටර් ටික වැදිල තියෙන්ඩෝන අක්කෙ කිව්වම මට වාවන්නැතුව ගියා.ඒත් මට දැනුණා මොනවද කරන්නෝනි කියලා.රත්ති රසයි උකුයි නිසා වැඩි පාප්ප ...
අවියෝජනීය බන්ධන One | Zero | Zero මම: අම්මේ කෙල ගිලින්න බෑ උගුර රිදෙනවා.උගුර: එක එක දේවල් කනකොට නිකමටවත් ගිලෙන්නෙ කොහොමද කියල හිතුවද? ටිකක් විඳවනවා මාව මතක හිටින්ඩ.අම්මා: ඔය නහය බුරුල් කරන්න වෙන්නැති. මේ තිප්පිලි ඇටේ හපන්න. නාරං ගෙඩියකුත් මිරිකල දෙන්නං.මම: හච්චෝස්! හච්චෑස්! අබ්බේ හෙබ්බිරිස්සාව ඉඩ්ඩ බෑ ඩහය.නහය: මාව මතක් වුණාද? තව ටිකක් සුරුස් සුරුස් ගානවා මතක හිටින්ඩ.අම්මා: ඉඟුරු කොත්තමල්ලි ටිකක් හදල දෙන්නං. ඒකෙන් ඇරිල යයි.මම: ඉන්න ...
ඔහු සහ ඇය One | Zero | Zero "නංගි එයා මාව දාලා ගියා"උසාවියේ රැව් දෙන කටහඬ ක්ෂණයකට බිඳිලා ගියා. "එයාට මගෙ ආදරේට වඩා අරයගෙ ආදරේ දැනෙනවලු."මගෙ හිතට නොඉවසිලිමත් කේන්තියක් ආවා. "අයියා ඔයා ඒ වගේ කෙනෙක් වෙනුවෙන්ද මේ මැරෙන්න හදන්නෙ?"මගේ නොඉවසිලිමත් සිත වචන වුණා. "මට දරා ගන්න බෑ නංගි."මට ආපහු කේන්තියක් ආවා. හුස්මක් එක්ක ගාලු කොටු පවුරෙ හයියෙන් ඒ කේන්තිය වැදුනා."එයාව වෙන කාටවත් දෙන්න බෑ නංගි""කෙහෙම්මල... එයාව බලෙන් ගෙනිච්චයෑ.""අනේ ...
ආදරයද මේ..... One | Zero | Zero සඳ...ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා.....මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්...මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි.... ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ.... ඔයාට මොනවා හරි උනොත් මන් මැරෙනකම් ඔයා එක්ක ඉන්නවා..... ඔයාව මගේ ඇස් දෙක වගේ ජීවිත කාලෙම බලාගන්නවා.....ඔයාගේ සතුට තමයි මගේත් එකම සතුට....... මන් අද හවසට පොඩ්ඩක් එළියට යනවා.....ඒ මොකටද.....අද අපි පොඩ්ඩක් සෙට් වෙනවා..... යාළුවෙක් ගේ ...
බේබද්දෙක් ? One | Zero | Zero අදත් මම බිව්ව. ඔවු ඒ හැමදාම වගේ උඹ හින්ද. මීට කලින් අරක්කු බොන එක පවු කියල හිතන් හිටපු මම දැන් බේබද්දෙක්. උඹ හින්ද තමා මේ ඔක්කොම. මම දැන් මෙහෙම බීල බීල මැරිල යයි. ගමේ එවුන්, රටේ එවුන් කියයි අරූ බීල බීලම නාස්ති වෙලා මලා කියල. මගේ යාලුවො කියයි අරූ කෙල්ලෙක් හින්ද ජීවිතේ නැති කර ගත්ත කියල. එතකොට බලපන් උඹේ යාලුවො, ...
කුරුළු පිහාටු One | Zero | Zero අපි දෙන්නා විතරක් තනි වෙච්චි ගඳ ගහන කාමරේ. මගේ අතේ තිබ්බේ කුරුළු පිහාට්ටක්. අපි දෙන්නා බීච් එකේ ඇවිදං එන ගමන් එයාමයි දැකලා අහුලගත්තේ.නිරුවත් ඇගේ ලය මැදින් නාභිය දක්වා. ඉහල ඉඳන් පහලට පහල ඉඳන් ඉහලට නැවතත් නාභිය ගාවට, ඊට ටිකක් පහලට."නිකා ඉන්න අනේ මට කිති....."හිනා වෙවී කිව්ව විදිහට මට හිතුනේ තව පහලට කරන්නැයි කිව්වා කියලා."කැලෑවක් මැද්දේ හැංගුණු ගල් ගුගාවක් ඇතුලට කුරුළු ...
නපුරිගේ ආදරේ One | Zero | Zero “මම සුරංගනාවියක් නෙවෙයි, ඒත් හැමදාමත් ඔයාට මාව පෙනුනේ එහෙම, මගේ ජීවිතේ මමවත් නොදැකපු වටිනාකමක් ඔයාට පෙනුනා. සමහර විට ඒක වෙන්න ඇති මට ඔයා ගැන ආදරයක් නොහිතෙන්නේ..”“රන්දනා මම ඔයාට ආදරෙයි. ඒක වෙන්න ඇති මේ ලොකේ හොඳම කෙනා ඔයා විදියට පේන්නේ මම වැරදිද??”“ඔව් කුසල් වැරදියි ඔයා හොඳටම වැරදියි. ඔයාගේම හිත රවටගෙන ආදරේ කරන එක වැරදියි, ඔයා මෙතනදි හැසිරෙන්නේ මහා මෝඩයෙක් වගේ මම ...
හිටු කියා බැරිනම් ඉඳු කියා ළමයි හැදීම One | Zero | Zero ගිහාන් සුරංගලගෙ ගෙදර ගියේ අවුරුදු ගාණකට පස්සෙ. සුරංගයි ශානිකයි උන් දෙන්නගෙ අවුරුදු හතරක විතර පොඩි එකාට බත් කවාගන්න යුද්දෙක.ගිහානුත් පැත්තක ඉඳන් යුද්දෙ බලන්න ගත්තා.පොඩි එකාට තනියම කන්නත් ඕන... අම්මයි තාත්තයි ඉන්නත් ඕන... තව මොනවදත් ඕන වගේ...ඌ කෑම පිඟානෙ බත් ඇට හල හල බෙරිහන් දෙනවා.ටිකකින් ශානිකා පොඩි එකා ඉස්සරහ බිම ඉඳගත්තා...'හරි මගේ සුදු පුතා දැන් කන්නකෝ... අම්මි බිම ඉඳගත්තනේ...'ඒත් පොඩි එකාගෙ ...
වෙනස සහ ආදරයක One | Zero | Zero කොච්චර හොඳට ආදරෙන් හිටපු කපල් එකක්ද අර? දිවෙන් දිව ගාගෙන හිටපු උන් දැන් අඳුනන්නැති එවුන් වගේ. දකින කොටත් පුදුමයි.හ්ම්ම්.. මාත් දැක්කා. කෙල්ලට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා කවුද කොල්ලට කේලමක් කියලලු. ඒත් කෙල්ලට එහෙම එකක් තිබිලා නෑ. ඕකට දෙන්නා රණ්ඩු වෙලා. අවසානේ සම්බන්ධෙ නතර වෙලාම ගිහිල්ලා.මට මතකයි දෙන්න හම්බෙනකොටයි ආපහු යනකොටයි නලලට කිස් කර ගන්නවා.හ්ම්ම්.. ගොඩක් ඔය දෙන්නට ජෙලස් එකේ හිටියෙ. ...
පිළිතුරක් One | Zero | Zero අපි නො ලියූ කවි වලට කුමට හඬමුදනැවුම් කවියක් ලියමු, හැඟුම් දෙමි මමමං ගැනම නුඹ ලියන කුරුටු කවි වලපද අරුත් පසඳින්න ඉඩ දෙන්න මට,නුඹ ලියන පද සොයා වෙහෙස වෙන හිතමගේ සිතැඟි ලෙස නැතිව විඳවනවා මමපද වැලේ එළිසමය වෙන්න බැරිවාටනුඹට පෙම් කරණ මම ලියමි කවි පදකවි හිතට පෙම් කරණ කිවිඳියයි මම,කවි හැඟුම් සගවනවා රුදුරු ඔය හිත,මට හොරෙන් නුඹ ලියපු ප්‍රේම කවි වලබොඳ ...
වඩා සංවර ඩබල් ඩෙකරය ඔබ One | Zero | Zero ඉඩකඩ මදි කුඩා නැවකිඒ දහවලේ ආ ඩබල් ඩෙකරයතප්පර දෙකක් එහායින් අසුන් ගත් ඔබවඩාත් විනීතවඅංශක අනූවකට පමණක්විටින් විට මවෙතට බර වෙමින්ජල විදුලිය උපදවන දෑසක්කොන්දොස්තර උතුමා ළඟටිකට් පත් බලෙන් පිරිනමනඒ අතර අපේ ඇස් පරීක්ෂා කරනනවම් මාවතෙන් සුළං ගෙනහිමින් මගේ කොපුලත තවරනකොන්දොස්තරගෙන්ජල විදුලි බලය ගෙනහදවතේ විදුලි බල්බ දල්වනඩබල් ඩෙකරයඅකමැත්තෙන් 'බෙවර්ලි ස්ට්‍රීටයට'හිස නවනවජිර පාරද පෙනෙනa'ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර්'බොරු දත් පෙන්වා හිනැහෙනඔබ තවම විනීතවඅංශක අනූවට මද ...
අතීතය දෙස හැරී බැලුවා මං One | Zero | Zero සල්ලිම හොය හොයා නැවතීමක් නැතිව දුවපු, සාද සැණකෙළිවල ජීවිතේ දිය කරපු මම එක විරාමයක අතීතය දිහා හැරිලා බැලුවා.එතකොටයි මං ඔයාව දැක්කේ. මහගෙදර වැලේ තාමත් වනල තියෙන පාට පිච්චුණු මල් මල් චීත්තෙන් ඔයාගේ සුවඳ මට දැණුනා... සාලෙ බිත්තියෙ එල්ලලා තියෙන බොඳවෙලා ගිය පින්තූරෙන් එදා හිනාවම අදත් මම දැක්කා.. අනේ මම ඔයා ගැන හොයල බැලුව හොඳටම මදි අම්මේ...රිදී සුළඟට රුවල් බැඳගෙනදිවි සයුර ...
NO POLITICS One | Zero | Zero "මිනිසා දේශපාලන සත්වයෙකි" එහෙමයි දේශපාලන විද්‍යාවට ඉගැන්නුවේ, එතකොටආර්ථික විද්‍යාවෙදි, කුටුම්භ සහ ව්‍යාපාර අංශවල ක්‍රියාකාරකම් රජය එහෙමත්නැත්නම් දේශපාලන බලාධිකාරයේ ඍජු මැදිහත්වීම මත තීරණය වෙනවලු. ව්යාපාරඅධ්යනයට, කළමනාකරණයට, ගිණුම්කරණයට අනුව නම් භාහිර පරිසරයෙ වඩාත්තීරණාත්මකම, වැදගත්ම සාධකය දේශපාලනයලු.ඒ කතාවත් ඇත්ත. අද කාලෙ පාරකට තාර ටිකක් දාගන්න, පාලමක් බෝක්කුවක්හදාගන්න කොටින්ම එක වසරට ළමයෙක් දාගන්න පුළුවන්ද දේශපාලකයෙකුගෙ ලිපියක්නැතිව?හැමදේම දේශපාලනය මතම තීරණය වන මේ ධර්මද්වීපයේ ක්‍රියාශීලීම බුද්ධිමත්මතරුණ
සුදුවත ඇඳි කත One | Zero | Zero බෙල්ලන්විල පන්සලේ පෙරහැරට පාසල් රතු කුරුස සංගමේ ශිෂ්‍යයින්ට රාජකාරි පවරා තිබුණි. ශිෂ්‍යයින් දෙදෙනකු පමණක් විහාර භූමියේ තබා අන් සියල්ලෝම උත්කර්ෂවත් අන්දමින් ඇරඹුනු පෙරහැරේ ගියහ.රාත්‍රී දොළහමාරට පමණ සුදු වස්ත්‍රයකින් සැරසුණු කාන්තාවක් අතේ කපුරු කැබැල්ලක්ද දල්වාගෙන ශිෂ්‍යයින් දෙස නොබලා උන් පසු කරමින් විහාර භූමිය තුලට ගියාය. කොලුවන් දෙදෙන ඔවුනොවුන්ගේ මුණූ බලා ගත්හ. උන්ගේ සිත් චකිතයකින් වෙලුණි.විනාඩි කීපයකට පසු හතර පස් දෙනෙකු මොවුන් ...
Device Found One | Zero | Zero නාඳුනන පද්ධතිය වෙත,සම්බන්දතාවයක් ගොඩ නඟා ගැනීමට සුදුසු පද්ධතියක් search කල මට ඔබේ පද්ධතියහමුවූ බව දැනුම් දෙමි.නමුත් සබඳතාවය ගොඩනැගීමට පෙර ඔබට ගිනි තාප්පයක් සහ Virus Guard එකක්යටතේ පරීක්ෂාවකට ලක් වීමට සිදු වනු ඇත.මා සතු ආදරය කරුණාව වැනි මිලාධික මෘදුකාංග ඔබට ලැබෙනු ඇත.ඔබේත් මගේත් දෘඩාංග පොදුවේ භාවිතා කල යුතුයි.සබඳතාවය ඕනෑම වේලාවක විසන්දිකිරීමට හැකියාව තිබේ. යම් අලාභයක් ලබා ඇත්නම් එය තනිව විඳිය යුතුයි.මෙම ...
ආදරේ සුන්දරයි One | Zero | Zero හිතට දැනෙන හැම දේම කියන්නම ඕන නෑ. එත් නොකියා ඉන්නත් බෑ නේද? ආදරය කරද්දි බොහොම පුංචි දේවල් හරිම සුන්දරයි. මුලින්ම කියවල ඉමුකො.බන්ඩියට බඩගිනියිලුඔයාට කව්ද කීවෙ?බන්ඩියපව් නේද?ඔව් නේද? ඉතින් අපි මොකක්ද කරන්නෙ?අපි එයාට සල්ලි කීයක් හරි දෙමු මොනවහරි කාල එන්න කියලබෑලු, එයාට තනියම යන්න බෑලු.එහෙනම් ඔයා පාඩම් කරන්නකො, මම ගිහින් මොනවහරි අරන් දීල එන්නම්කොයකෝ ඒක මගෙ බන්ඩියනෙ.ආආ තොගෙද? එහෙනම් වරෙන් යන්නමේ ...