හැමදාම තියේනම් ෂෝක් නේද අම්මෙ? One | Zero | Zero වරෙල්ලා මේ කහට ඩිංග බීලා නටාපල්ලා.සි..ර්යාවතී....... සිරියාතියේ...ම..ටත්.. ඩිංගක්...අම්මට ලුණු කැඳ ඇති.හ්ම්හ්..ඊයෙ මං.. හීනයක් දැක්කා...මෙහෙ දානයක් තිබුණා බං...අපරාදෙ මාස ගානක් කන්ඩ ඇති බං අපටමට මේං මීට වැඩිය කන්ඩ බැරිවුණා හ්ම්හ්... හැති බං...හ්ම්... හෙටනං උඩහ නෙළන්ඩ යනවා. දෙසිය පනහක් හම්බුවෙයි.අම්මේ... අම්මේ....!අනේ... අම්මේ...!!ඕනෙ දෙයක් තියෙනවනම් කියන්ඩ සිරියාවතී.මරණාධාරෙන් කරල දෙනව මහත්තයා....මොකද වුණේ?කන්ඩ බැරිවුණා....අපේ නැන්දම්මටත් ඕකනෙ. සස්ටජන් ටික බීගන්ඩ බැරිවුණා.මොනව වුණත් වාසනාවන්ත මරණයක්.එකතැන්
බාරය One | Zero | Zero ඈ නව විලාසිතා වලට බොහෝ සේ ඇලුම් කල තරුණියකි. දිනක් හිතවතෙකුගේ උපන්දින සාදයකට ඇරයුම් ලැබූ ඈ වේලකල් ඇතිවම ඒ සඳහා සූදානම් වූයේ ඉතා උවමනාවකිනි.. නියමිත දිනය උදාවූ කල ඈ වෙනස්ම මාදිලියේ කලු පැහැති ඇඳුමකින් සැරසී අත් සහ පයටද කලු පැහැති නිය ආලේපන ගැල්වුවාය.. වැඩි අලංකාරය පිණිස පයෙහි කලු පැහැති පටියක්ද ගැට ගැසුවාය.. පා නොවැසෙන සේ පාවහන් පැලඳූ ඈ හුන් සෙනඟ ...
නාකි සීයයි මමයි One | Zero | Zero දැන් ඉස්සර වගේ ලියවෙන්නෙ නෑ...අඩු තරමෙ මෙලෝ රහක් නැති එකක්වත් ලියවෙන්නෙ නෑ...මට නිකමට හිතුණ.ඒ එක්කම මම ගියේ අවුරුද්දකට පොඩ්ඩක් වැඩි අතීතෙකට. ඒ දවස්වල අමුතු ලස්සනක් තිබුණා. ඒ කාලෙ මට හැම සිද්ධියකම වචන සීයක් පෙණුන. යන එන ඕන තැනක සිද්ධ වෙන කතාවකට ගැලපෙන හැම සිද්ධියක්ම උවමනානම් වචන සීයකට දාන්න පුළුවන් නේද කියල මම කල්පනා කරමින් හිටිය.ඒ වුණාට ඒක කරන එක ඒ ...
මිතුරු රුව One | Zero | Zero උක්කුවා නෙළුම් ගොල්ලේ වහන් වූයේ තදියම ඉවසාගනු බැරිම තැනය. ගොම්මන් කරුවල ඔහුගේ කෘත්‍ය තවත් පහසු කළේය. නමුත් සුළු මොහොතකින් දුටු දසුන උක්කුවාට සිය කටයුත්තද අමතක කළේය. ඒ සයිමාය. මීට අවුරුදු පහළොවකට කලින් වැවේ කට්ටි වළක ගිලී මිය ගිය සයිමාය. ගමේ සැලකිය යුතු පිරිසකට නූල් බැඳ තොවිල් නැටීමට හේතු වූ සයිමාගේ හොල්මනය. නමුත් උක්කුවා සයිමාගේ හොල්මන දකින්නේ මේ පළමු වතාවටය. තමාගේ ...
පීරගෙ ලබ්බ! One | Zero | Zero කැස්බෑවෙ පීරිස්ට කවුරුත් කිව්වෙ පීර කියලා. මේක වුණේ අවුරුදු විස්සකට විතර උඩදි. ඒ දවස්වල පීරට තිබුණ යමහා ට්‍රේලක්. මිනිහගෙ එකම වස්තුව ඒක. පොර ඒකෙ නැගල දාපු වැඩ ගැන නිතරම නයි ඇරිය. අළුත් අවුරුද්දක් කිට්ටුව දවසක් මෑන් යාළුවෙක් හම්බවෙන්න කොට්ටාව පැත්තට එද්දි ට්‍රේල නැවතුණා. යාළුවව ගෙන්නගෙන එයාගෙ මෝටර් සයිකලේ ලණුවක් ගැටගහල ට්‍රේල ඇදගෙන ආවා ගරාජ් එකට. ලණුව අඩි දහයක් විතර දිගයි. ...
කෝච්චිය One | Zero | Zero පාසල නිමවි මරදාන ඉස්ටේසමට එක් රොක් වෙන දඟකාර යුවතියන් ගෙනුත් කොලුගැටයන් ගෙනුත් මුලු ස්ටේසමම පිරී ගොසිනි. තැන් තැන් වල ආදරය කරනා පුංචි කොලු, කෙලි පැටික්කියන්ය. තවත් තැනෙක විහිලු තහලු කරගන්නා තරුණියන් රොත්තකි. තවත් තැනෙක ගැහැණු ළමයින්ට බැලම හෙලනා කොලුගැටයන්ය.'පස්වන වේදිකාවට දැන් පැමිනෙණ දුම්රිය කලුතර බලා පිටත් වේ. එය කලුතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.'යකඩ කටින් කියවුනු ඒ හඬ ...
ත්‍රිපුද්ගල කමිටුව One | Zero | Zero මුලින්ම කියන්න ඕනේ මේක මම හෝ වෙනත් කෙනෙක් දැකපු හීනයක් නොවන බව.මම මේ පොඩි පහේ රස්සාවක් කරන්, බ්ලොග් එකක් ලියාගෙන ඉන්න මිනිහා. කිසිම හේතුවකට කාටවත් පහර වදින දෙයක් මගේ බ්ලොග් එකේ ලියන්නේත් නෑ. එහෙව් එකේ අහවල් එහෙකටද ත්‍රිපුද්ගල කමිටුවක්.මට කියල හතුරොත් නෑ. ඒත් දැන් ඉතිං මුහුණ දෙන්න වෙනවනේ. ඕව මේව කල්පනා කර කර ඉඳල හරි යන්නෑනේ.තුන් දෙනාගේන් පළවෙනිය මට ඇටෑක් ...
ඔයයි මමයි විනාඩි 1000යි! One | Zero | Zero ටෙලිෆෝන් කොම්පැණියෙන් විනාඩි දාහක් නොමිලේ දුන්න ගමන් මම ඒ පැකේජ් එක ඇක්ටිව් කළේ අපි ගැන හිතලා. ඒ දවස්වල තිබුණ ලොකුම ප්‍රශ්ණෙ විනාඩි දාහක් අපිට ඇති වෙයිද කියන එක. එක්සෙල් වල වගු ඇඳල ගණන් හදල මම එක එක කොම්පැණියෙන් දෙන පැකේජ්වල වෙනස්කම් හෙව්ව. අරකට වඩා මේක තමයි හොඳ, ඒකෙ SMS 50කුත් නිකං දෙනවා කිය කිය ඔයා අනිත් පැත්තට තර්ක කළා.අන්තිමේ නිකං ...
එයයි මමයි One | Zero | Zero දසක් බලාපොරොත්තු මල් පලගන්වමින් මගේ යෝජනාවට ඈ කැමති වීමෙන් පසු මුල්වරට අප හමුවී, යන්නේ කොහේද කියා අරමුණක් නැතුව අපි දෙදෙනා ඔහේ ඇවිදිමින් සිටියෙමු.ඇයත් මමත් පියවර මැන්නේ ගිනි මද්දහනේ දූවිළි පිරුණු කොළඹ නගරයේ පාරක වුවත් මට දැනුනේ අපි ඇවිදින්නේ සීතල නුවර එළියේ උද්ද්‍යානයක් තුල හිමිදිරි උදෑසනක කියාය .මටත් නොදැනීම මම ඇගේ අතැඟිලි වලින් අල්ලා ගතිමි.අද කවද්ද?.....සඳුදා.....නැහැ....එහෙනම්....මම ඉස්සෙල්ලාම ඔයාගේ අතින් අල්ලපු දවස...ඇගේ ...
ප්‍රථම ප්‍රේමයෙන් පසු One | Zero | Zero ප්‍රථම ප්‍රේමයෙන් පස්සේආදරය ගෙල වැලලාගෙනදරෝමියෝ ජූලියට් මැරුනටකතා පොතේ හැටියටඅපිට පුලුවනිද නසා ගන්න දෙමව්පියො දුන් ජීවිතයදෙවනි ප්රේමයතුලපලවැනි ආදරය සොයා යන මුත්නොලැබෙනා ආදරය තුල කල හැකිද ආදරය ප්‍රථම ප්‍රේමය ලෙසම.....ගලා යන කදුලැලි ප්‍රථම ආදරයට මිසනොමැති බව දන්නේද දෙවැනි ආදරයට ඉඩක්...කියන විට අවැසි බව නිවසක්පැද යන්න රෝද හතරක වාහනයක්...අමතක කර දමා හැර යනු මිසමතක් වේවිද රෝමියෝ ජුලියට් නැවතත්...ගෙදරින් ගෙනෙන කටයුත්තකනිහඩවම සිට රකිමින් මුනිවතරැගෙන ...
මේ පාරත්... සුභ අලුත් අවුරුද්දක් වේවා...! One | Zero | Zero අලුත් අවුරුද්දෙ වැඩ කරන මුල්ම දවස හැමදාම විශේෂයි. හැමෝම පුළුවන් විධියට හදාගෙන එන කිරිබත්, කැවුම්, කෙසෙල්, රසකැවිලි මේසයක් පුරවල තියෙනව. ඒ මේසය වටේ ඉඳන් පුංචි කතාවක් කරල රසවත් වෙලා හැමෝම වැඩ පටන්ගන්නවා.ඒ කියන්නෙ රාජකාරි වැඩවලට අමතරව කොකු ඇදිලි, වල සහ බෙලි කැපිලිත් ඒ වැඩවලට අයිතියි. ඒ දේවල්වලදි මුල්තැන ගන්න අයත් මේසෙ වටේම ඉඳගෙන අනිත් අය වගේම සමරනවා.හැම එකකින්ම ෂේප් වෙන්න ...
හිට්ස් නැතිව වේලෙන බ්ලොග්කරුවන්ට අගනා මෘදුකාංගයක් One | Zero | Zero ඔය මහත්තුරු නෝනල බ්ලොග් ලිවුවට හිට් නෑ නේද? හිට් ගන්නෙ කොහොමද කියල දහාතේ කල්පනා කරනව නේද? හිට් ගන්න ඉතිං අනිත් බ්ලොග්වල කමෙන්ට් කරන්න එපැයි. ඒත් ඔය ලියන ඒව කාටද කියව කියව ඉන්න පුළුවන්?මේ මෘදුකාංගෙ තමුන්නැහැලට ඕන තරං හිට් අරං දෙයි. මේකෙ තියෙනවා ෆීඩ් රීඩර් එකක්. ඒකට ඔයාට කමෙන්ට් දාන්න ඕන බ්ලොග් ඔක්කොම එකතු කරන්න. ඊට පස්සෙ පහල තියෙන කමෙන්ට් එක ...
වර්චුවල් ආදරය One | Zero | Zero ISP සර්වර්ය හරහා අවකාශයට මුසු වෙලා, HSPDA තාක්ෂණයෙන් මගේ නෙත් ඉස්සරහට වැටුනු යුනිඛේත ගොන්නක එක බින්දුව අතරින් තෝරලා බේරලා ගත්ත ඔය හිතේ ලස්සන, මගේ හීන ලෝකේ සරසපු මොහොතේ ඉඳන් කොයිතරම්නම් උත්සහ කලාද loophole එකකින් ගිහින් ඔය හිත Hack කරන්න.ඒත් කවදාවත් මට බැරි උනා ඔයාගේ Encoding system එක තේරුම් ගන්න. ඔයා හැම වෙලාවේම පාවිච්චි කලේ Asymmetric Private Key එකක්, ඒක ඔයාගේ ...
බ්ලීචිං ක්‍රීම් One | Zero | Zero සති අන්ත පුවත් පතක මංගල යෝජනා තීරය කියවීම විනෝදයකි, විවිධ තරාතිරමේ මනාලියන් හා මනාලයින් පිළිබඳ යෝජනා කියවමින් අවිවාහක අප විහිලුවට ලක්කරීම මිතුරියන්ගේ සුපුරුදු විනෝදාංගයකි. “මට හොයන්න වයස 60ක විතර සල්ලිකාරයෙක්” විහිලුවට මෙන් කියමින් මාද ඔවුගේ විනෝදයට එක් වුනෙමි. “බඳිනකල් ශේප්එකේ ඉන්න , මිනිහට සතුටටම හාට් ඇටෑක් හැදෙයි ඔයාව දැක්ක ගමන්” ඔවුන්ද සරදම් කලෝය.“ ඒකනේ වෙන්න ඔනි... ඉක්මනට අන්තිම කැමැත්ත මගේ ...
ක්ලියෝපැට්රා One | Zero | Zero “මෙහෙම.. මේ ඇලේට.. ඔයාගේ දිහා බලන් ඉන්නකොට මට කතාවක් මතක් වෙනවා..”“කතාවක්!!.. කියන්නකෝ..!!”“ක්ලියෝපැට්රාටත් දිග නහයක් තිබ්බා ලු නේ..”“ ‘ත්’ කියන්නේ.. තව කාටද දිග නහයක් තිබ්බේ?”“නෑ.... මේ.. මං කියන්නේ... ක්ලියෝපැට්රා ට දිග නහයක් තිබ්බා නේ..”“ඉතින්?”“ඉතින් ජුලියස් සීසර් ඒ නහයට වහ වැටිලාලු හිටියේ..”“නෑ?”“නෑ.. නෙමෙයි ඔව්!.. රාජධානි පවා පවරලා දෙන තරමේ පිස්සුවෙන්ලු හිටියේ..”“ඔයාට කිව්වද?”“නැහැ.. මට දැන් තේරෙනවා සීසර්ට පිස්සු හැදුනු විදිහ.. ඒකයි”“ඒ කොහොමද?”“මටත් දැන් ...
බ්.... බලේ! One | Zero | Zero ඔය නඩුකාර නෝන ඉන්නවනේ. උන්දැ වැඩේ අතෑරියෙම නෑ. ලොක්කයි සොක්කොයි එක්ක කොක්කටමයි උන්නෙ.අන්තිමේදි සමස්ත ලංකා කාන්තා එකමුතුව සංවිධානයේ නෝනල නඩුකාර නෝන වෙනුවෙං පාරට බැස්ස. එතන ගිණි විජ්ජුම්බරයක් වුණේ. ඇයි උන්දලට පොලුවලිං ගහන්ටයැ.අන්තිමේදි දොදොල් මූණක් තියෙන ඇමතියෙක් යෝජනාවක් ගෙනාව කාන්තාවො තහනං කොරන්ට ඕන කියලා. ලෝකෙ තියෙන හැම ප්රස්ණෙටම මුල කාන්තාවොය කියල ඔප්පු කොරන්ට ආණ්ඩුවට මහ ලොකු කාලයක් ඕන උණේ නෑ.අන්තිමේදි කාන්තා ...
මනුෂ්‍යයා One | Zero | Zero විශ්වය එක්ක බැලුවාම මිනිස්සු පෘතුවි වැසියෙක් විතරයි. ඒ වැසියා ලෝකේ එක්ක බැලුවම ආසියාතිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. ආසියාව ඇතුලේ දකුණු ආසියාතිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. දකුණු ආසියාවේදි ශ්‍රී ලාංකිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. ලංකාව ඇතුලේ අහවල් ජාතිකයෙක් උනා කියලා, අහවල් ආගමිකයෙක් උනා කියලා, අහවල් ආයතනයේ, අහවල් විශ්ව විද්‍යාලයේ, අහවල් ඉස්කොලේ, අහවල් පංතියේ, අහවල් පලාතේ, අහවල් දිස්ත්‍රික්කයේ, අහවල් නගරයේ, අහවල් ගමේ, ...
මව් සෙනෙහස One | Zero | Zero අලුත උපන් බිළිඳෙකුට, නව යොවුන් තරුණයෙකුට, මරණාසන්න මහල්ලෙකුට යන මේ හැමදෙනාටම තමන්ගෙ අම්මව දැනෙනවා. කාලයාගේ ඇවෑමෙන් අම්මගෙ රූපෙ ටිකෙන් ටික ක්ෂය වෙලා ගියත්, අම්මගෙ සෙනෙහස තව තවත් වැඩිවෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නෙ නෑ.කිරි පබළුවක් අතින් ගෙනපළමු වර මා පැමිණි දවසේරූපයෙන් මෙන් සෙනෙහසින්කිරි සයුර සේ දැකගතිමි ඇයපන්හිඳක් ගෙන ඇය බලන්නටදෙවැනි වර මා පැමිණි දවසේරූපයෙන් ඇය කලා වැව වැනිසෙනෙහසින් සත් සයුර වී ...
මව් ගසේ උපදෙසේ One | Zero | Zero ළමයිනේ බලාපල්ලා පිරුණු හඳ. අද තමා ඒ දවස. පෙති හොඳට දිග ඇරගෙන ඉඳපල්ලා. සුවඳ විහිදෝපල්ලා.මුලින්ම එන්නෙ වයසක උන්දෑ. උන්දැ උස අතුවලට ළං වෙන්නෑ. ඒ හින්දා පාත අතුවල අය හොඳට මූණ දීගෙන ඉඳපල්ලා. උන්දැගෙ වට්ටියෙ සීයකට විතර ඉඩ තියෙනවා. මාත් පුළුවන් තරම් අතු පාත් කරන්නම්. ඊළට එන්නෙ දුවයි පුතයි. එයාල නම් උස අතු පාත්කරල හරි කඩයි. එයාලත් දෙසීයකටවත් වග කියයි.මේ තමා ...
ආශා මාරුතය One | Zero | Zero පින්සාරි පන්සලට අවෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. පන්සලට ගොඩවෙනකොටම අතීත මතකයත් ඇගේ හිත ගොඩවුණා. මංගල පොඩි සාදු පූජා කරපු මල් උඩින්ම තියල මල් පූජා කරපු හැටි, පොඩි සාදු පස්සෙන් බුද්ධ පූජාව අරන් යද්දි වැලි මළුවෙදි උන්වහන්සෙගෙ අඩි උඩම පා සටහන් තියපු හැටි ඇයට මතක් වුණා.ආවාස ගෙයින් එළියට වඩින මංගල ලොකු හාමුදුරුවන්ගෙ පින්සාර මූණ දැකපු පින්සාරිට මතක් වුණේ දහම් පාසල් පොතක් ...