ඔයාගෙ ආදර ජීවිතේ සම්පූර්ණද? One | Zero | Zero ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක්. ආදරේ කියන්නෙ ඊටත් වඩා අරුම පුදුම දෙයක්.ආදරේට බ්රේක් නෑ වගේම ජීවිතේට රිවස් නෑ.ඒත් මේ ආදරේටත් රිවස් නෑ නේද කියල මට වෙලාවකට හිතෙනව. මෙහෙමත් කියනවනෙ ජීවිතේකට ආදරයක් එකතු වුනොත් ඒ ජීවිතේ සම්පූර්ණයිලු.ජීවිතයක් සම්පූර්ණ වෙන්නෙ එතන හැමවෙලේම සතුට විතරක්ම තිබුනොත් විතරයි කියලයි මගේ හිතනම් කියන්නෙ.ඒත් ආදරේ කියන්නෙ හැම මොහොතෙම සතුට විතරක්ම තියෙන දෙයක් නෙවෙයිනෙ. අනිවාර්යෙන් කොයි මොහොතක ...
උපාසකම්මා... One | Zero | Zero ඇයට වයස අවුරුදු හැටක් පමන වන්නට ඇත. සිල් රෙද්ද සුලගේ යා නොදී ගුලි කරගත් ඇය බුදුන් වදින්නට වූවාය."සාදු... සාදු...""නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස....""හිත වාවන්නේම නෑ... ඔබ ආයේත් එන්නේ නෑ.. මම තාම දන්නේ මා ඔබේ කියා..."ගාථා තාලය බිදිමින් ඇයගේ ජංගම දුරකතනය නද දෙන්නට විය."හෙලෝ... කවුද මේ... තමුසෙට පිස්සුද ඕයි කෝල් අරන් කතා කරන්නේ නැත්තෙ.."ඇමතුම විසන්දි කෙරුනි.."බුද්ධං සරණ්ං ගච්චාමි..ධම්මං සරණ. ...
අවසන් හමුව One | Zero | Zero නුහුරු සිතුවිලි රාශියක් තොරක් නොමැතිව සිතට ගලා එයි. ඇයට මෙය කියන්නේ කෙලෙසදැයි මා නොදනිමි. නමුත් කෙසේ හෝ මෙය අද කිව යුතුය. නංගි මම මේ.....මම දන්නවා අයියෙ ඔයා කියන්න යන දේ...ඒ කොහොමද?මම ඔයාට කළේ ආදරේ අයියේ වෙන මුකුත් නෙමේ. ඔයාගෙ වෙනස් වීමත් ඒකට හේතුවෙත් මට හිතාගන්න පුළුවන්. ඒත් ඒ ගැන හොයලා, ඔයාට කරදර කරලා බලෙන් ඔයාව ළඟ තියාගන්න මට ඕනෙ නෑ. ...
විශ්වාසය.. One | Zero | Zero "මේ බලහං බං අද පත්තරේ තියෙන ප්‍රවෘත්තිය. තමන්ගේ ළමයා අසනීප උනාම ලෙඩේ දෙයියෝ හොඳ කරනකං කියලා ගෙදර තියාගෙන ඉඳලා. අන්තිමේ අසනීපේ හොඳටම වැඩි වෙලා ළමයා මැරිලා. අනේ හැබෑට මෙහෙමත් මෝඩ දෙමව්පියෝ ඉන්නවනේ හැබෑට." වසන්ත මාත් එක්ක ඔය කතාව කිව්වේ මීට මාස තුන හතරකට කලින්. දවස් තුනකින් විතර වසන්ත වැඩට නාව නිසා මං කෝල් එකක් ගත්තා. "මොකෝ බං මේ දවස් ටිකේ ...
අලුත් වැස්සක් One | Zero | Zero පැය ගාණක් වැටුණු වැස්ස පායලා. මම ජනේලෙ ඇරල එළිය බැලුවා. වැහි වලාකුළු තාමත් අහසෙන් යන්න සූදානමක් නෑ වගේ. වැහි වතුර ගලාගෙන ගිය පාරවල් මිදුලෙ ඇඳිලා. තැනක පුංචි බොර වතුර කඩිත්තක්. තවත් තැනක මතුවුණු පුංචි පුංචි ගල් කැට. තැනින් තැන හුළඟට වැටුණු කොළ. ඒ අතරෙ මිදුලට ඇවිත් ගිය කුරුල්ලෙකුගෙ පා සටහන් ඇඳිලා.මගෙ හිතත් මේ මිදුල වගේ කියලා මට හිතුණා. අනුරාධි මාව ...
ලොක්කිගෙන් ලියුමක් One | Zero | Zero බුදුසරණයි! පොඩ්ඩී වෙත ආදරෙන් ලියමිආදරණීය පොඩ්ඩි,උඹට කොහොමද? අපි නම් හොඳින්. ඒක නෙමේ අපිටත් ආරංචියි උඹේ පලහිලව්ව. මාත් දැක්ක දවසක් දෙකක් උඹ කොල්ලත් එක්ක අත් අල්ලන් යනවා. මල්ලි නම් ලස්සනයි. උඹේ ඇස් වල ආදරේ පිරිල තියෙනව දැක්කම අපිටත් සතුටුයි. උඹත් ඉතින් කවදහරි ආදරේ කරන්නත් එපැයි. හැබැයි උඹ කොල්ලත් එක්ක රවුම් ගහනව වැඩියි කියල අම්ම කිව්වා.. කමක් නෑ පොඩ්ඩියෙ ආදරේ කරපන්. ඒත්...සිහිකල්පනාවෙන්. ...
පාට දෙකේ මනාලිය One | Zero | Zero මනෝජ් ගීතිකා දෙන්න කසාද බැන්ද. චාරිත්‍ර කිසි දෙයක් නැතත් හැමෝගෙම ආශිර්වාදෙන්, පොඩි වියදමකින්.පස්සෙ දවසක දෙන්නට ඕන වුණා වෙඩිං හෝම්කමිං පින්තූර ගන්න. ඉතිං ඇඳුම් කැඩුම් ලෑස්ති කරගෙන ස්ටූඩියෝවට ගියා.ගීතිකා ක්‍රීම් පාට සාරියක් ඇන්දා. මනෝජ් ලා නිල් කමිසෙට උඩින් කෝට් එක දාල කළු සපත්තු දැම්මා. දෙන්න ඒ විධියට වෙඩිං පින්තූරෙ ගත්තා.ඊට පස්සෙ ගීතිකා ඇන්ද රතු පාට සාරිය. එයාට හැඩ වෙන්න උදව් වෙලා ...
සල්මානු කහනුත් පනී One | Zero | Zero ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ අබමල් රේණුවක් නොදැන සිටියදී සල්මානු කහනුට ලංකාවට ආරාධනා ලැබුණේ ලංකාවේ කිංගෙනි. තමන්ට ලැබුණු අනගි අවස්ථාවක් මෙන්ම අතටද ගාණක් ලැබෙන වැඩක් බැවින් ඔහු දෙවරක් නොසිතා ලක්දිවට වැඩම කළේය.මුල් දවසේ ඇස් කණ්නාඩි බෙදා දුන් හෙතෙම පසු දින බත් පැකට් බෙදා දී වේදිකාවේ මහරාජ්කී සින්දාබාද් කීවේය.එහෙත් දින කීපයකදී ෆේස්බුකිය ඔහුගේ දෑස් විවර කළේය. ඔහුගේ සිරුර කහන්නටද විය. අසාධාරණයට අයුක්තියට ...
උග්‍ර වාදියෝ One | Zero | Zero එකෙක් උග්‍ර මෛත්‍රීවාදියෙකි. අනෙකා උග්‍ර මහින්දවාදියෙකි. ඔවුහු තර්ක කර ගත්හ. බැණ ගත්හ. අනෙකාගේ අපේක්ෂකයාට ගැසිය හැකි තරම් මඩ ගැසූහ. ඒ වචන අතර පොදු සමාජයේ අකැප යැයි සැලකෙන වචනද යහමින් අන්තර්ගත විය. පිටතින් බලා සිටියෙකුට මේ නම් ජන්මාන්තර වෛරක්කාරයන් යැයි සිතෙන තරමට ඔවුහු බැණගත්හ.නමුත් ඔවුන් දෙදෙනා නිතරම පාහේ සිටියේ එක්වය. තේ එකක් බොන්නට පවා ගියේ එකටමය.මේ පිළිබඳ උනන්දු වූ අයෙක් මෙසේ ...
දේශපාලන විසඳුම One | Zero | Zero බලාපොරාතුත් පරිදි මෝසම් වැසි නොලෑබි යාමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල මේ දින වල පවතින නියඟය හේතුවෙන් ගොවි ජනතාව බොහෝ සෙයින් අපහසුතාවයට පත්ව සිටී. මේ පිළිබඳ අප කල විමසීමකදි ගොවි මහතුන් කියා සිටියේ තමාට රජයෙන් හෝ කිසිඳු සහනයක් නොලැබෙන බවයි. අපි යල මහ දෙකෙන් ජීවත් වෙන මිනිස්සු අපිට ගොවි තැන් නැතිනම් ජීවත් වෙන්න වෙන විදියක් නෑ. අපි බලාගෙන ඉන්නේ රජයෙන් දේශපාලන ...
සන්තෝශයේ ත්‍රිකොණමිතිය One | Zero | Zero ආදරය රාගයද නොවේරාගය යනු අදරයම නොවේරාගය විශ්වාසයත් නොවේනමුත් රාගය විශ්වාසය මත රඳා පවතීඅදරය යනු විශ්වාසයම නොවේඅදරයේදී රාගය ඇතිවේරාගය ඇතිවන්නේ විශ්වාසය මතිනිනමුත්විශ්වාසය රාගය නිසාම ඇති නොවේසතුට නිසාම ආදරයට පැවැත්මක් නැතරාගයෙන් තොර ආදරය බොහෝ දුර දෙයකිනමුත් සතුට ආදරය මතින් ඇතිවේසන්තෝශය ඇතිකිරීමට ආදරයට හා රාගයට පමණක්ම නොහැකියසන්තෝශය ඇතිකිරීමට රාගයට හා විශ්වාසයටම පමණක්මද නොහැකියසන්තෝශය ඇතිකිරීමට ආදරයටම හා විශ්වාසයට පමණක්මත් නොහැකිය රාගයෙහි පමණක්ම හැසිරීමෙන් ජීවිතය ...
එලෝලු කයිය........ One | Zero | Zero නිමිත්ත : දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ තිස් දහසක් විකුණා ගැනිමට නොහැකිව කුණු ගොඩට විසිකර දමයි.කන්න නැතිව දුප්පත් උන් වේලෙනවාලොක්කො එකතුවී සුර සැප වලඳිනවාසොක්කො සැමට කන බත් පත වරදිනවාඅහෝ අපිත් මේ විදිහට විඳවනවාඑදාවේල කන්නේ හරි අමාරුවෙන්බස් රථයේ යන්නේ දුක් මහන්සියෙන්එලවලු අහෝ මේ විදිහට වීසි කරන්ගොවියන් යන්නෙ සුසුමක් හදවතේ දරන්තක්කලි මෑකරල් වම්බටු වට්ටක්කාදඹුලු පොලට ගෙනවිත් ගොයියෝ වික්කාලාබ ගන්න ...
ලෝක බොරුව One | Zero | Zero අපේ අම්මා මට කියන හැම දේම එයා මම කාලේ එයා ඒ විදිහටම කරලාම තියෙනවාද? අපේ තාත්තා ලෝකේ මෙහෙමයි ඉන්න ඕනේ කියලා මට කිව්වට, එයා ඒ විදිහටම ඒ කාලේ හිටිය කියල කාට හරි ෂුවර් එකටම කියන්න පුලුවන්ද? අපේ සර් කියන බයිලත්, එයා කරලා පෙන්නනන්නේ අපි ඉස්සරහදී විතරයි කියලා, මමයි සර්රුයි දෙන්නමත් දන්නවා.... අනික මේ ඔක්කොම කියන දේවල් ඒ විදිහටම කලේ නෑ ...
බස් තොරණ One | Zero | Zero දෙවිවරුන් මැද බුදුරදුන් වැඩවිහිදුවති රැස් නිවී දැල්වෙනඅසන් මහතුනි වෙසක් නොමැතිවබසයෙ දිදුලන වරුණ තොරණක....තිරිංග තද වෙයිතොරණ පත්තු වෙයි....ඇන්ඩ්‍රොයිඩ් දැහැනට සමවැදුණු හිමිනමකිඋන්වහන්සේගේඋරහිසට බර දී නිදනමිනිසෙකිපළමු කොටුවේ.....ආධාර කරති සැවොමලබාගනිති තුන්ඩුමුදල් දී....තිරිංග තද වෙයිතොරණ පත්තු වෙයි....මැදකොටුවෙ සිටන් යනමහලුන්, ගැබිනියන්, ආබාධිතයන්දැක දැකම නිදති සෙසු කොටු අසුන්වලබලවත්තු බවලත්තු.....තිරිංග තද වෙයිතොරණ පත්තු වෙයි....අවසනම කොටුවෙහිමදන නම් වූවෙනම ජාතකයක්ය.......තිරිංග තද වෙයිතොරණ පත්තු වෙයි....නග
පාර වෙනස් කරමුද? One | Zero | Zero %අපි යන්නේ කොයි පාරේත්රිමා බාලෙ ගිය පාරේ....^ එහෙම කියද්දි සමහර අය කිව්වා ඒ පාර වැටිල තියෙන්නේ වළට කියලා... මහ හයියෙන් කිව්වට ත්‍රිමා, බාලෙ, වෙනුර, නිෂ්මි ගිය පාරේ ඇත්තටම ගියෙ කීයෙන් කී දෙනාද? එහෙම කෑගහපු හැමදෙනාම ඒ පාරෙම ගියා නම් අධ්‍යාපනේට උසස් අධ්‍යාපනේට මේ තරම් හෙන ගහල තියෙයිද?....%කපා කපා කෑලි කපා අප වළකනු සිතනු එපා....ලේ හැලුණත් පාරදිගේ අපේ ගමන අපි යනවා....^ ...
ලෝක විනාසේ වෙන්න හේතුව... One | Zero | Zero මුළු ලෝකෙම විනාස වුනොත්,මැරෙන මිනිසුන්ට අහපහු මිනිස් භවයක උපදින්න විදිහක් නැහැ, ඇයි මිනිස්සු විදියට උපදින්නලෝකේ තියෙන්න ඕනිනේ.ඒ කියන්නේ, මැරෙන මිනිස්සුන්ට තිරිසන් භවයක් උපදින්න විදිහකුත් නැහැ.අපායවල් තියෙන්නේ පෘතුවියේ මැදලුනේ.ඉතිං ලෝකේ විනාස වෙනවනම්,ඒ අපායවල් ඔක්කොම විනාස වෙන්න ඕනි.එතකොට මැරෙන අය අපායවල් වල ඉපදෙන්න විදිහකුත් නැහැ.ප්‍රේත, කුම්භාණ්ඩ කියන ලෝකතියෙන්නේ පෘතුවිය මතුපිටලු.එතකොට මැරෙන මිනිස්සුප්රේතයෝ, කුම්භාණ්ඩයෝ වෙලා උපදින්නෙත් නැහැ. මුළු ලොකේම විනාස වුනත්,දෙව් හා බඹ ...
අපේ ආදරය One | Zero | Zero අදුරු මගෙ සිත් අහසමඑලිය කලා ඔබ නොසිතුව විලසටදහසක් සුන්දර හීන ගොඩක් මැදඅපෙ ලොව තනන්න පැතුම් පතමි මම නොදකින මුත් ඔය රුව මා නිතරමසිතින් ඔබේ ලග තමයි සෑමවිටඉදහිටලා හෝ හමුවන විට අපදවස ගෙවෙනවා පුදුමයි නොදැනිම මා කියනා ලද බොලද වදන් ගැනඔබ හිනැහීලා විහිලු කරන විටදුකින් මනෙතු තෙමෙනා විට හනිකටමා සනසන හැටි කොතරම් සොදුරුද ආවත් බාධක කොතරම් අපහටදරා ගනිමු අපි ආදරෙ හින්දමආලය ...
(අ) නුවණැති පුරෝහිතයා One | Zero | Zero එකෝමත් එක රටක හිටපු රජතුමෙකුට රට තොට සංචාරය කරනකොට සිරිපතුලෙමඩ ගෑවෙන එක ලොකු ප්‍රශ්ණයක් උනාලු. ඒත් ඉතින් සංචාරය නතර කරන්නත් බෑනෙ, රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්ලුනෙ. මේකට විසඳුමක් විදිහට රජතුමා යෝජනා කලාලු රටේ හැමතැනකම බුමුතුරුණු අතුරන්න. ඒත් නුවණැති පුරෝහිතය කිව්වලු රජතුමාගෙ කකුලෙ මඩ ගෑවෙන එකනෙ ප්‍රශ්නෙ, ඉතින් රජතුමාගෙ කකුල් වැහෙන දෙයක් හැදුවනම් හරිනෙ කියල. ඔය විදිහටලු සපත්තු ඇතිඋනේ.ඒ අතීත කතාව, ඒ ...
උමතු කත One | Zero | Zero පාන්දරම වැඩට යන්න බස් ස්ටෑන්ඩ් එකට ආපු මට දැනුණෙ තද සීතලක්. ගොරෝසු රෙද්දක් පෙරවන් බිම නිදන් ඉන්න මේ උන්දැ කොහොම මේ සීතල දරන් ඉන්නවද? පිස්සි පිස්සි කියලා හැමෝම උන්දැට ගැරහුවට බුදුදහමට අනුව පෘතග්ජන අපි හැමෝටම පිස්සු. මටත් බැඳීම් වෙනුවෙන් වෙහෙසෙන්න නොවුණ නම් මේ උන්දැගෙයි මගෙයි ලොකු වෙනසකුත් නෑ.තුසර පිනි බිඳු හඬ නගාසීතලේ ගීතය ගයන්නේබස් නැවතුමේ රළු පෙරවුමේ කවුද මේ නිදි ...
ඔයා..... One | Zero | Zero ඇත්තටම දැන් ඔයා ලග ඉන්නෙ මම මුලින් දැකපු අහිංසක කොල්ලා නම් නෙමෙයි.1.හැම කොල්ලම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් පෙන්නන්නේ තමන්ගේ ඇත්තම ස්වරූපය නෙමෙයිද?2.කෙල්ල කොල්ලව දාලා යන්නේ නැති බව දැන ගත්තම කෙල්ලගේ අගය අඩු වෙනවද?අද ඔයා ගැන හිතද්දි මට හිතුන ප්‍රශ්න ටිකක් තමයි මේ. මට කියන්න තියෙන්නේ, කොල්ලා වරදක් කලාම රණ්ඩු නොවී ආදරෙන් තේරුම් කරලා දෙනව නම් ඒ කෙල්ල අවංකයි. ඒ ...