ප්‍රමාද වූ තිළිණය One | Zero | Zero මා මිලදීගත් පෙම් සිහිවටනය ආදරවන්තයන්ගේ දිනයේදීම ඇය අතට පත් කළද ඇය මාහට පෙම් තිළිනයක් දෙන්නේ අදය. පෙම්වතුන්ගේ දිනය පසුව දින කිහිපයක්ම ගතවුවත් මාහට තිළිණයක් නොදීම ගැන මා ඇය කෙරෙහි උරණ වී සිටියෙමි. නමුත් එය ආදරණීය තරහවක් බව ඇය දැනසිටියාය.රටක් දිනූ රැජිනක සේ හිනාවෙමින් මවෙත පැමිණි ඈ දුඹුරු කවරයක් මා අත තැබුවාය."අනේ සොරි අයියෙ වැලන්ටයින් එකට දෙන්න බැරි වුණාට. මම ඕක ...
නැසෙනසුලු සංස්කාරයෝ One | Zero | Zero වරිච්චි බිත්තියේ හිදැසක් තුළ වූ හූනු බිත්තර තුන පිළිබඳව දිනපතා සොයා බැලීමට සෝම උනන්දු වූවාය. දිනෙක රාත්‍රියේ එක් බිත්තරයක් ගෙන කුප්පි ලාම්පුවේ එළියට අල්ලා බැලූ ඇය ඒ තුළ වැඩෙමින් සිටින කුඩා හූනු පැටියෙකු සිටිනු දුටුවාය. ලොකු හූනන් දුටුවිට පිළිකුලක් ඇති වුවද සෝමා මේ පුංචි හූනු බිත්තර පිළිබඳව ඇල්මකින් පසුවූවාය.එක් දිනක සෝමාට දැකගත හැකි වූයේ එම හූනු බිත්තර තුනෙන් දෙකක්ම බිම ...
ජීවිතේ ගැටගහන මන්තරේ One | Zero | Zero “කපුරුබෝල විසිපහක් දහයයි…”දුම්රිය වේදිකාව ඔස්සේ පැමිණි වෙලෙන්දා මා ඉදිරියේ නැවතුණා…“මහත්තයා කපුරුබෝල..?”“එපා..!”මුහුණට දමා ගැසු තනි වචනය ඔහුගේ කහට ගැසුණු දසන් වල වැදී ඉවතට විසිවුනේ එහි වූ අව්‍යාජ සිනාවට මඳකිනුත් හානියක් නොකරමින්…“කපුරුබෝල විසිපහක් දහයයි…”හඬගාමින් ඔහු මා පසුකර නික්මුණා…උදෑසන ලැබුණු ක්‍රෙඩිට් කාඩ් බිල හරහා සියවෙනි වරටත් නෙත් යැවූ මම එය සාක්කුවට රුවා ගත්තේ ඉලක්කම් ගණනක පඩිපත මාසික ණයතුරුස් හා සමබර කිරීමට සිතින් උත්සාහා ...
අසිපතක කඳුළු.... One | Zero | Zero ඉස්සර මම නිකම්ම නිකම් යකඩයක්. උඹයි මට පණ පොවලා, තලලා, මුවහත් කරලා ගත්තෙ. ඒ නරුම හේවාය මාව උදුරගන්නකොට උඹේ ඇස්වල තිබුණු කඳුළු ඌට පෙනුණෙ නෑ. අඩු තරමේ දොයිතුවක්වත් උඹට විසි කළා නම්...දැන් කියනවා උඹ රාජ්‍ය ද්‍රෝහියෙක්ලු. රාජ්‍ය ද්‍රෝහීන්ට ආයුධ හැදුවලු. කැත්තක් හදපුවාම හම්බෙන වී ටික ගන්නත් දෙකට නැමෙන උඹේ රාජ්‍ය ද්‍රෝහිකම මමනෙ දන්නේ. කිණිහිර ගිනියම් උනේ උඹේ හිතේ ගින්දරට කියලා ...
මගේ පෙම්වතා One | Zero | Zero කියුවත් ඔබට මම ආදරේ පණට වඩා ඔබ රිදවනවා ඒ බොරුවක් කියලා කියා රිදුනත් මගේ හිත ඔබගේ වදන් අසා ඔබ දන්නවා මා කීවේ ඇත්ත කියා දන්නවා ආදරෙයි ඔබ මා හට ඔබෙ පණට වඩා දැනුනු නිසයි මා මගෙ හිත පිදුවෙ එදා කොපමණ බාධා ආවද අපෙ ආදරෙට එදා මොන දේ වුනත් අදටත් ඔබ ලගයි මෙමා කවියෙන් කියන්නම් ආදරේ ඇති තරම ඔබ මගේ පණයි ...
අලුත් තැනක් One | Zero | Zero එළඹෙන වර්ෂාවෙන් ආරක්ෂා වීමට නව වාසස්ථානයක් සොයාගත් පසු කළු කුහුඹු නායකයා සිය රැල ඇමතීය. ආදරණීය ජනතාවෙනි. අද අප අලුත් තැනකට පැමිණියා. ළඟ එන වර්ෂාවෙන් බේරී සිටීමට මෙතැන ඉතා සුදුසුයි. රැගෙන ආ කෑම සුරක්ෂිතයි. බිත්තර ආරක්ෂිතයි. නමුත් එන අතරමග අප අතර සිටියවුන් බොහොමයක් මියගියා. ඇතමුන් මගහැරුණා. ඔවුන්ද මතු දවසක මිය යන බව අපගේ අදහසයි. එනමුත් අහිමිවූවන් වෙනුවෙන් ලතැවී සිට පළක් නොවන ...
තනිනොතනි One | Zero | Zero ඉස්පිරිතාලෙ ගිය තාත්ත ආපහු එනකම් ඇඳිරි වැටෙන ජාමෙ දොරකඩට වෙලා හිටපු මැණිකට ගේ ඉස්සරහ තිබුණු එරමිණියා ගාල පෙනුණේ නමක් දන්නැති යෝධ සතෙක් තමන් දිහා බලන් ඉන්නවා වගේ. කකුල් වටේ දැවටි දැවටි හිටපු කළු පූසත් එළිපත්ත දිගේ යන්න ගියාම මැණිකට තනිකමක් දැනුණා. තනියම උයන්න බැරි උනත් මැණික පොල් ගාල, ලූනු මිරිස් කපලා, වළං හෝදල තිබ්බෙ තාත්තට ඇවිත් උයන්න පහසුවට.සැරින් සැරේ ගෙට ...
විශ්වාසය සමග නිදි වැදීම One | Zero | Zero වැඩි වියක් නොවූ ඒ මුහුණ මත අහිංසකකම මැනෙවින් දැකගත හැකිවුණා. මන්දගාමී සිපගැනීම් වලින් අනතුරුව ලෙහී ගිය සළු මතින් ලැජ්ජාවද ඉපිද තිබුණා.අපැහැදිලි සියුමැලි හඬින් ඇසුණු වදන් පෙළ තුළ සිතිය හැකි අයෙකුට සිතන්නට බොහෝ දේ රැඳී තිබුණා. නමුත් ඒ කිසිත් නෑසෙන නිර්දය සිතක් ආදරයේ අග්‍ර පල නෙළන්නට වෙහෙසුණා. අඳුරු තැනක සැඟවී සිටි කැමරා ඇසක් මේ සියලු දේ දෙස අනුකම්පා විරහිතව බලා සිටියා.නොපිපි ...
රැයට පෙම් බැඳ One | Zero | Zero තව පැය කිහිපයකින් හිරු උදාවන්නේ අඳුරත් මා විඳි විරහ රසයත් දෙකම එකවර මගෙන් උදුරා ගනිමිනි. ජීවත් වීම පිණිස රැකියාවකට යනු මිස මා සිත තුළ බලාපොරොත්තුවේ සේයාවක් හෝ නොමැති බව මට දැනේ. ඒ සියලු බලාපොරොත්තු එකමිටට ගෙන පාගා පොඩිකර දමා ඇය මහැර ගොස් දින බොහෝ කල්ය. දහවල රැකියාවත් සවස් කල අත්‍යවශ්‍ය කටයුතුත් සිදුකරන මා මැදියම් රැය උදාවන තුරු බලා හිඳිමි. ඒ ...
උඩුගං යාම One | Zero | Zero වැස්ස තුරන් වූ පසු ගෙවත්තෙහි වූ කුඩා දිය අගල අසලට පැමිණි දාස, දියේ ගිලුණු තල් පිත්තක් දිගේ ඉහළට රූටා යන ගොළුබෙල්ලෙකු දුටුවේය. දිය පහරට එරෙහිව ඌ යන ගමන ඔහුට කුතුහලයක් ගෙන දුන්නේය.එදෙස මදක් බලා සිටි දාස තල් පිත්තක් ගෙන ඌ යන මගට ඉහළින් දිය පාර හරස් කර තබා මොහොතකින් එය මුදාහැරියේය. එක්වරම පැමිණි වේගවත් දිය පහරට හසුව ගොළුබෙල්ලා පහළට ගසාගෙන ...
කාක බෝධිය One | Zero | Zero කාක වසුරක මුහුව විත් තෙමංසල පවුර රැඳි ඇසතු බීජයසිමෙන්ති පොළවේ වූ ක්ෂුද්‍ර පෝෂණයත්, වැසි දියත් අහර කොටලෝකයට රිදී මුල් දිඟු කළේය......වෙර දරා පවුර බිඳ පැලුම් ඉරි දිගේ මුදුන් මුල ටිකෙන් ටික මහ පොළවටම ගෙනගියේය....යවුල් පහරට වැහැරුණත් තැනෙකහේ තිරසරව යමුල් ලා ගත්තේය...ඇවෑමෙන් හේ මහා බෝධියක් විය.. බැලු බැලුවන්ගේ සිත් පිනවමින් රන්වන් පත් ළෙලවන්නට විය.කෙනෙක් බුදු පිළිමයක් තැබුවේය. තවකෙක් බාරයක් ගැටගැසුවේය.%මහා අනුහස් ...
නෙත් මානයෙන් මිදෙන්නෙමි..... One | Zero | Zero එහා පැත්තේ සීට් එකේ වාඩිවෙලා ඉන්න ලස්සන කොල්ලා දිහා තාරුකී උනන්දුවෙන් තුන්හතර පාරක්ම බලද්දි හංසට දැනුණෙ පුදුම දුකක්. හංසට තමන්ගෙ පපුව හිරවෙනවා වගේ දැනුණා. තමන් එක හිතින් ආදරේ කරන කෙල්ල තමන් ළඟ ඉදිද්දිම වෙන කොල්ලෙක් දිහා උනන්දුවෙන් බලනකොට මොන කොල්ලටද දුක හිතෙන්නෙ නැත්තේ කියලා හංසට හිතුණා. ඒත් ඒ ගැන අහල රණ්ඩු වෙන්න, තාරුකීට දුකක් දෙන්න හංසට හිතුණෙ නෑ.& හංස?*&ම්ම්...*& අර ...
පෑන් කේක් One | Zero | Zero බණ්ඩාරණායක ගුවන්තොටුපලේ සිට ගුවනට නැගුනු ඉතියෝපියන් එයාර්ලයින් ගුවන් සේවය බෙනින් බලා පියෑඹුවේය. ගුවනේ පැය පහකට වඩා පියාසර කිරීමත් ගුවන් සේවයේ අඩු මඟී සේවයත් ඔහුට පැය දහතුනක ගමන එපා කර තිබුණි. ඒ අතර දැඩි කුසගින්නෙන්ද පෙළුණු ඔහු එයද ඉවසා ගෙන සිටියේය.ඉන් ටික වේලාවකට පසු නොදැනුවත්වම ඔහුට නින්ද ගොස් තිබුණි. පැය කීපයකට පසු ගුවන් සේවිකාවක විසින් ඔහු ඇහැරවීය.එක් ගුවන් සේවිකාවක් කුඩා පිඟන් ...
ගමන් මල්ලක මිය ගියෙමි One | Zero | Zero මා මෙහි පැමිණියේ මියෙන්නට නොවේ. ජීවත් වන්නටය. ජීවිතය විඳින්නයට. එය මිථ්‍යාචාරයකැයි මා නොදැන සිටියෙමි. එය එසේ වුවද මට ඉන් පලක් නොතිබුණි. මා දුර ගෙවා පැමිණියේ අහිමි වූ ජීවිතය කිනම් අයුරකින් හෝ ලබන්නටය. නමුත් ජීවිතය තුළ තිබූ අහිමි වීමද අහිමි වෙමින් මා හට ජීවිතය අහිමි විය.මම මගේ ජීවිතය ඔහු තුළ ඇතැයි සිතුවෙමි. නමුත් මගේ ජීවිතයෙන් ඔහු සතුව තිබුණේ මාත්‍රයක් පමණි. එය ...
හෙට මගේ මංගල දිනයයි One | Zero | Zero හෙට මගේ මංගල දිනයයි. කවුළුවට බරදී සිටින මට පෙනෙන්නේ සැහැල්ලුවෙන් පාරේ යන කෙලි රංචුවකි. උන්ට මෙන් මටත් දවසක් තිබුණා මතකය.මා සිටින්නේ ගෙදරින් බොහෝ දුර නිලූ නැන්දාගේ ගෙදරය. නිලූ නැන්දාවත් නොසිටින්නට මම අද මෙලොව නොසිටිනු නොඅනුමානය. මගේ මංගල්‍යයට එක්වෙතොත් ඒ අම්මා පමණි. ඇයද නාවොත් පුදුම නොවෙමි. තාත්තා, අයියා, නංගී, අක්කා කිසිවෙකු නොඑනු ඇත. තාත්තාගේ මුහුණ යළි කිසි දිනෙක දකින්නට හැකිවේයැයි සිතන්නට ...
තහනම් සෙවන One | Zero | Zero දොයිද?නෑ තාම..දොයි මත නැද්ද?ටිකක්… බයි කෑවේ නැද්ද?තා ටිකකින්..හ්ම්ම්…හ්ම්ම්ම්ම්ම්…බක්ස්… හ්ම්ම් හ්ම්ම් කියන්නෙ?මම නෙමෙයි ඔයානෙ බක්සි..ඒක නෙමෙයිමොකද්ද?වැඩක් කියනවා කිව්වනේ..මොකද්ද? මට මතක නෑනෙකියන්නකො අනේ..ම්ම්ම්.. කෝ බලන්න මතක් කරලා.. එක්කොපස්සෙම කියන්නම් මතක් කරලනරකයිඇයි?ඔයා ඊයෙ කිව්වෙත් ඕකමනෙ, පෙරේදත්..අද කිව්වෙ නැත්තං ආයේ කතා කරන්නෙ නෑ.. තරහම තරහයිඒක තමා මං කියන්නෙ නැත්තෙඇයි?ඔයා තරහවෙයි කියලතරහ වෙන්නෙ නෑ, කියන්නඇත්තමද?සත්තමයි..හ්ම්ම්..කියන්නකෝඔන්න කිව්වා එහෙනං..කියන්නමට.. ඔයා ගැන.. ආදරේ හිතුනා.. ගොඩාක්..
ෆේස් බුක් ප්‍රේමය. One | Zero | Zero "බන්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ පොත් ප්‍රදර්ශණය නැරඹීමට හා පොත් මිලදී ගැනීමට විශාල පිරිසක් අවට සැරිසරමින් සිටියහ. විනෝජ් උසස් පෙළේ ඉගෙනුම ලබනා කොලුගැටයෙකි. ඔහු තම මිතුරාත් සමඟ එතැනට විත් සිටියේ මූණු පොතින් හමුවූ තම අලුත් පෙම්වතිය මුණ ගැසීමටය.වේලාව තත්පරයෙන් තත්පරය ලං විය. ඒ අතර සුන්දර කෙල්ලන්ගේ මුහුණු පෙනී නොපෙනී ගියේය."හෙලෝ ඔයා විනෝජ් නේද?" යැයි පමනට වඩා ශරීරයෙන් විශාල කළුම කළු කෙල්ලක් ඔහුගෙන් ...
වසත් නික්මන One | Zero | Zero පුරුද්දට මිසක් කැමැත්තෙන් නොආපු තවත් එක වසන්තයක්. ජනේලෙ කෙලින්ම තියෙන්නෙ පේර ගහ. උස පේර අත්තක පැණි කිරිල්ලියක්. ඊට ගොඩක් පහළ අත්තක ගේ කුරුල්ලෙක්. පැණි කිරිල්ලි පහළ අත්තට එන්නයි ගේ කුරුල්ලා උඩ අත්තට යන්නයි හේතුව උන්ගෙ ආදරේද? ඒත් ගේ කුරුල්ලෙකුගෙයි පැණි කිරිල්ලියකගෙයි කූඩුවක් ගැන මම කතන්දරේකවත් අහලා නෑ. කළු පූසා පේර ගහේ ඇතිල්ලෙන්නෙ උන් ගැන හාංකවිසියක්වත් නොදැන. ඒත් බය වැඩිකමට පැණි ...
1000ක් දේවල් One | Zero | Zero ඔයාව මුලින්ම දැකපු දවසේ, මගේ හිතේ 1000ක් සිතුවිලි උපන්නා.අපි මුලින්ම කතාකරපු දවසේ, මම 1000ක් හීන දැක්කා.ඔයාගෙන් කැමැත්ත අහපු දවසේ, ඔයා මට 1000ක් දේවල් කියුවා.ඔයා මගේ වෙන්න කැමති වුන දවසේ, මගේ ඉහේ මල් 1000ක් පිපුනා.අරූ එක්ක පාක් එකේ ඉන්නවා අහුවුන දවසේ, ඔයා 1000ක් නිදහසට කරුණු කියුවා.මාව අතෑරලා ගිය දවසේ, මම ඔයාගෙන් 1000ක් ප්‍රශ්න ඇහුවා.ඊලග දවසේ, හීන 1000ක් බිදුනු නිසා මම හොදටම ...
ආශා මාරුතය One | Zero | Zero පින්සාරි පන්සලට අවෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. පන්සලට ගොඩවෙනකොටම අතීත මතකයත් ඇගේ හිත ගොඩවුණා. මංගල පොඩි සාදු පූජා කරපු මල් උඩින්ම තියල මල් පූජා කරපු හැටි, පොඩි සාදු පස්සෙන් බුද්ධ පූජාව අරන් යද්දි වැලි මළුවෙදි උන්වහන්සෙගෙ අඩි උඩම පා සටහන් තියපු හැටි ඇයට මතක් වුණා.ආවාස ගෙයින් එළියට වඩින මංගල ලොකු හාමුදුරුවන්ගෙ පින්සාර මූණ දැකපු පින්සාරිට මතක් වුණේ දහම් පාසල් පොතක් ...