නුඹත් නීරෝ? One | Zero | Zero හීන මවපු සමන්තිගෙ අත් අකුරු ආදරේ බිඳුණු දවසෙ විසකරු සර්පයන් වුණා. ඉතින් මම ඒවා ගිනි තිබ්බා. සහනයක් දැනෙයි කියලා හිතලා ගත්ත මධු විතත් දුන්නෙ අපහසුවක්. කරගන්න දෙයක් නැතිව මම වීණාව අතට ගත්තා........ ආදරය ගිනි ගනීඇගේ රුව ඇති ඇගේ සුවඳැතිමා තැනූ රෝමයම අළු අතර සඟවමින්ආදරය ගිනි ගනී..........ඇගේ අත් අකුරු හැඩ විෂඝෝර සර්පයන්වෙළාගෙන මා සිරුර පෙළයි මා විස දළින්හෙළා උන් ගින්දරට රුපු ...
වෙනස් එකියක් One | Zero | Zero අතීතය අවි අමෝරා විත් හදවතට ඇන සැඟව ගිය දිනයෙක අවසන් හෝරා කිහිපයේ මම ගලා යන වේදනාවක් ගැන සිහි කරමි. මා හා බැඳී සිටි මා පමණක් සියල්ල එකවර දන්නා නම් කිහිපයක්ම ඇත. ඒ සියල්ලටම මා නොවනස්ව පෙම් කළ බව දනිමි. නමුත් මා ඔවුන්ගෙන් ආදරේ ලැබූයේ එක හා සමානව නොවේ. ඉන් එක් ඇත්තියක් ඉතා උච්ච වූවාය. රූපයෙන් අග නොවුණද ඇය ආදරය කිරීම ...
හිඟන්නෝ One | Zero | Zero “මහත්තයෝ මට පිලිකාවක්…” බස් රියට නැඟුනු හිඟන්නා මට ඇහිලම කටපාඩම් වුණු සුපුරුදු දේශනාව පටන්ගත්තා…“…මගේ පවුලටත් ඇදුම…” අතපාමින් පැමිණි ඔහු නැවතුනේ මට පසෙකින් වාඩිවී උන් මනුස්සයා සාක්කුවට අත දැමූ නිසයි…“මිනිහා අලි හොරෙක්… මම දන්න කාලේ ඉඳන් පිලිකාවක් කියලා සල්ලි ඉල්ලනවා...”මම ඔහුට කිව්වේ හිඟන්නා ගියාම…“හැමදාම රෑට අර බාර් එකෙන් කුණුවෙන්න බීලා ඉස්ටේශමේ නිදාගන්නේ… ඇදුමක් හැදෙන්න ඔය මිනිහට ඇති පවුලක් නෑ… අපරාදේ සල්ලි…”මම ...
මතක මල් සුවඳ One | Zero | Zero මලක් නොව නුඹ මට දිනෙක පරව යන මල් සුවඳක්ය සිතෙහි සදහටම රැඳෙන...... පරණ පොත් ගොන්නක් අවුස්සද්දි හදිසියෙන් දැකපු කවියක මුල් පද පෙළ තිබුණෙ එහෙම. ඒ කවිය මට දුන්න කෙනා මට ගොඩාක් ආදරේ කළා. ඒත් මම ආදරේ කළේ මට ගොඩාක් ආදරේ නොකළ කෙනෙක්ට. එයාට මම ගොඩාක් ආදරේ කෙරුවා. හරියට කවිය දුන්න කෙනා මට ආදරේ කෙරුවා වගේ. මම එයාට ගොඩාක් ආදරේ කරපු ...
Untitled Post One | Zero | Zero මුහුදත් ගැහැණිය බඳුය.විටෙක නිශ්චලය.එවිට සුමුදු මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිසිලේ.විටෙක චණ්ඩය.එවිට නෞකාව වුවද එය තරණය කිරීමට නිර්භීත නොවේ. විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය කරයි. වැඩි කලබලයක් නැතිව හඬ නංවමින් සිටි.බැම්මේ ඉහලින් වාඩිවී මා සිටි අතර ඇය මට පියවරක් පහලින් තිබු බැම්මේ වාඩිවී සිටියාය.මගේ දෑත් ඇය සිර නොවී, මිදෙන්නට නොහැකි මෙන්ම අපහසුවක් නොවන පරිදි වෙලී තිබුණි.ඇය හිස මාගේ දකුණු බාහුවේ තබා,මදක් ...
ප්‍රථම ප්‍රේමේ One | Zero | Zero දුමී බබා කාලේ ප්‍රථම ප්‍රේමේ ඇති උනේ මොන්ටිසෝරියේ ඉන්නකොට.....! එයා දමයන්ති........! මුන ගැහුනේ නුගේගොඩ බෝගහ හරියේ තිබ්බ මොන්ටිසෝරියක. පරම පිවිතුරු ආදරයක් ඒක....! එයාව ඔංචිල්ලාවෙ තියලා තල්ලු කරන්න, කෝම්පිට්ටු හදන්න පොල් කටු හොයන්න, කෝම්පිට්ටු හදනකන් ලඟට වෙලා බාබා බ්ලැක්ශීප් කියන්න වගේ රාජකාරී තමයි දුමීට තිබුනේ.....!දුමීව වගේම තව බබාලා ගොඩක් එක පාර එක්ක යන්න එන්න පැවරිලා තිබුනේ ආරියවතී ආච්චිට. ආරියවතී ආච්චි එන්නේ ...
රාත්‍රී හුදකලාව One | Zero | Zero රාත්‍රී හුදකලාව අතීතයට යන්න පාර කියනවා. කොච්චර යන්නෑ කියල හිතුණත් තනිවුණු හැමවෙලාවකම හිත මාවත් දාලා අතීතයට යනවා. අතීතය ඇතුළෙ තියෙන්නේ ආදරේ. ආදරේ කෙළවර අහිමි වීම. ආදරේ කරන කාලේ සතුටු මතකයන් අද දුක්බර මතකයන් වෙලා. කොච්චර දුක්බර වුණත් ඒ මතකයන් සිහිපත් කරන්න හිතෙන්නේ මූණ කැත වෙනවා කියලා දැනදැනම කුරුලෑවක් කඩන්න හිතෙනවා වගේ. ඊට පස්සේ වේදනාව. වෙනස් කරන්න බැරි අතීතය ළඟ මොහොතකට ...
කාර්තිශා! One | Zero | Zero ගත දවනා ගිණි අව්වේකර්කශ වූ මහ පොළොවේඅරුම පුදුම ලෙසින් පිපුණරෝස පැහැති රෝස මලකිමටනම් නුඹකාර්තිශා…..ආමි ඇඳුම් දැක ඔරවනකොළඹ උන්ට සිහන සලනපුදුකුඩියිරිප්පු හන්දියේ හිඳතඹ පෑ දූවිල්ල මැද්දේමිදි විකුණනකාර්තිශා…..බිත්තියේ ඇති උණ්ඩ පාරසුළඟිල්ලෙන් හාර හාරඋකුලු මුකුළු සිනා බසින්“මාත්තියා… මාත් කොළඹ අරං යන්න” කියා නුවන් කොණින් බලාමගෙ හදවත නවතා ලූසුරඟන නුඹකාර්තිශා…..“එන්න මාත්තියා ගන්න මේවා”“යාපනේ තීන හොඳම ඒවා”කනට කරලා හොර රහසින්“මේ ගාණට මාත්තියාටමයි”ඇස් ලොකු කර මදෙස ...
අයිති කරගැනීම One | Zero | Zero ඔහු ඇඳ මත වැතිර හිටියේ හිසත් කොට්ටයත් අතර දකුණත හොවාගෙන වමතින් පපුවේ මවිල් ගස් පිරිමදිමින්.සිතමින්...මේ හැඟීමට කියන්නෙ අයිති කරගැනීමේ ආසාව කියලා. ඒක අවසානයේ ඉතිරි කරන්නෙ දරාගන්න අමාරු වේදනාවක්. හදවත රිද්දන ඔළුව විකාර කරන සිහිය අවුල් කරන වේදනාවක්. ඒත් වේදනාවක් බව දැන දැනත් ඒ හැඟීම හඹා යන එක මනුස්ස ස්වභාවයද?බොහොම හුරු ඒ අත්දැකීම ඇයට කොහොම පැහැදිලි කරන්නද?නැතිනම් ඇය දැනටත් ඒ බව ...
පොඩි එකිගේ ආසාව.. One | Zero | Zero අල්ලපු ගෙදර අක්ක කම්පියුටරෙන් ෆිල්ම් බලනවා. එයාගේ මොන්ටිසෝරි යන පොඩි දූ මේසේ වටේ කැරකි කැරකි ඉන්නවා. අතේ මොකක්දෝ ගුලි කරගෙන..හිටී ගමන් සද්දයක් නෑ ..විනාඩියකට විතර පස්සේ අසනීප මුණක් හදං,"අම්මේ මට සනීප නෑ "අම්ම ගානක් නැතුව ''හා දූට බෙහෙත් බොන්න ඕන වෙලාද"දූ: "අම්මේ, බෙහෙත් තියෙන්නේ නිකං තියන්නද, ලෙඩක් ආවම බොන්න නේ"අම්ම: "ගුටි කන්නැතුව දෙනව ඔය පැනඩෝල් කාඩ් එක"ළඟ හිටපු මට හිනා..පස්සේ ...
ILYFIML One | Zero | Zero ILYFIML හැම sms එකක්ම අවසානෙ ඔයා මට මේ කොටස එව්වා. මුලින්ම එවපු සැරේ මම ඇහුවා,මොකක්ද මේ අවසානෙට තියෙන්නේපුළුවන් නම් කියන්නමුල් අකුරු තුන නම් I love you ඉතිරි ටික?ඔය තියෙන්නෙ I love you forever in my life, මම ඔයාට හාමදාමත් මගෙ ජීවිතෙන්ම ආදරෙයි කියලාඒ කිව්වා වගේම ඔයා මට ගොඩක් ආදරේ කළා. ඒත් මම ඔයාගෙන් වෙන්වෙලා ගියෙ මලක් ළඟට මොහොතකට ආපු හුළඟක් ...
මායාවක සිරගතව One | Zero | Zero “උඹට මොනවද ඕනි කියපං”“අනුහස් අයියාව”“හික්ස්.......... පිස්සි ඒකව හම්බ වෙන්නෑනේ වෙන දෙයක් කතා කරපංකෝ, එයා නැතුව වෙන මොනවද ඕනි?”“එයා නැතිව මට වෙන මුකුත් එපා , මම ඉල්ලන්නේ ඉරයි හදයි තරුයි නෙවෙයි”“ඉතින් ඔය මොනව උනත් එකයි නේ” “ඒ ඉර හරි හඳ හරි තරුවක් හරි උනානම් මට අහිමියි කියලා ඉවසන් ඉන්නවා”“ලැබෙන්නැත්තං මොනව කරන්නද උඹට කියලා හදන්න බෑ කෙල්ලෙ උඹට හැදෙන්න උවමනාවකුත් නෑ අනේ ...
බොළඳ කොල්ලා One | Zero | Zero එක රටක පෙම්යුවලක් ආදරෙන් හිටියලු, දවසකකෙල්ල කොල්ලව දාලා ගියාලු. කොල්ලා පිස්සුවෙන් කෙල්ලව හෙව්වලු.. ඒත් බැරි උනාලු.. කෙල්ලහොඳ රස්සාවක් කරගෙන හොඳින් සතුටින් හිටියලු, හැබැයි කොල්ලා, තමන්ගේ අයට, තමන්ටම, දුක්දිදි ජීවිතේ අරමුනු අමතක කරලා.. ආදරේ කරන අයටගරහලා.. දලා ගිය කෙල්ලෙක් වෙනුවෙන් විඳවනවලුගොඩාක් පස්සේ කාලෙක... කෙල්ල හොඳ කෙනක්වබැඳලා සතුටින් ඉන්නවලුකොල්ලා..1. කාත්කවුරුත් නැතිව තනියම ඉන්න බෑ කියලා..මූදට පනින්න ගියාලු...2. සේරම එකතු වෙලා අංගොඩ එක්කරන් ...
සිවලෝගනාදන් විද්‍යා කවුද බන් ඒ? One | Zero | Zero විද්‍යා වෙනුවෙන් හඬ නැගූ බොහෝ දෙනෙකුට අද ඇයව අමතක වී ගොස්ය. ඇයට මතු නොව සියලු දෙනාට එය පොදු ධර්මතාවකි. වඩා වැදගත් වන්නේ ලක්මවු තුරුලෙන් සමුගත් විද්‍යා නොව තවමත් ලක් පොළව මත කෙලිදෙලෙන් දුව පනින දහස් ගණනක් වූ අහිංසක විද්‍යාවන්ය. අසැබි සලරූ බලා මොළ මළපහෙන් පුරවා ගත් අවිද්‍යාවෙන් ඇස් වැසුණු අසංවේදී කැනහිළුන්ගෙන් ඔවුන් රැකගැනීමට පියවර ගත යුතුය. එසේ නොවී තවත් විද්‍යාවක ...
රෝස මල One | Zero | Zero මම මමය. ඔහු කවියෙකිය. අනෙකා විචාරකයෙකි. අප සිටින්නේ රෝස පඳුරක් ළඟය.මමරෝස මලක්කවියාසඟවා කටුපෙන්වා තටුහිනැහෙනඅපූරුවවිචාරකයාරෝස මල රුදුරු කටු සඟවා සුමුදු පෙති ලොවට පෙන්වා සිටියි. මිනිස් සමාජය තුළද එවැන්නෝ සිටිති. සිත් තුළ ඇති වෛරය කුහකකම වැනි නුගුණ සඟවා ඔවුහු සොඳුරු සිතැත්තන් සේ සිනහවෙති.මමරෝස මල කන දළඹුවෙක්කවියාපෙන්වුවද බඹරුන්ට තෙදබලඅසරණය නිර්දය දළඹුවෙකු ළඟවිචාරකයාරෝස මල සුළඟට වැනී ඹබරුන් සමනලයන්ට තේජස් පෙන්වති. නමුත් නිර්දය දළඹුවෙකු ළඟ ...
ඒ කෙල්ල One | Zero | Zero ඔව් මමයි ඒ කෙල්ල විහිලුවට පද හදපු පද වලින් පදමට හැදුන හිත හොද කමට අත පාපු මෝඩ කෙල්ල බොරුව ඇත්ත කරන ඇත්ත බොරු කරන මුලාවට රැවටුන කෙල්ල කප්පරකට හීන මවලා හීන අතරේ පණ අදින මල් මල් ලෝකේ ගල් වලින් ගුටි කාපු කෙල්ල රොන් ගන්න ආපු බබරගේ විස වැදිලා මැරුනු විස විසෙන් නැති කරපු පොළොවේ පෑගෙන කෙල්ල පාරේ දිගේ ඉබාගාතේ ඇවිදින ...
වඳවීමෙන් ගැලවීමට... One | Zero | Zero "අන්තිමේ උඹ ආව නේද?"ගැඹුරු හඬක් තිබුණ මිනිහා ඉමාන්ගෙන් ඇහුවා. ඉමාන්ට තව දුරටත් වේදනාවක් නොදැණෙන පාවෙනසුළු සැහැල්ලු බවක් දැනෙමින් තිබුණා. ඔහු දිය පාර දිහාට හෙමින් ඇවිද්දා."උඹල නැත්තටම නැති වෙන්නෙ නෑ උන්ගෙ ගොදුරක් වුණානං...."මිනිහා දිගටම කියෙව්වා. ඔහු සතු වුණේ හිස් බැල්මක්. ඒ බැල්ම තුල ඔහු ලෝකයම තේරුම් අරගත් බව පෙණුනා."හරක්, කුකුල්ලු, ඌරො ඔක්කොම තව කාලෙකට නැති වෙලා යන්නෙ නෑ. උන් ජීවත් වෙන්නෙම ...
බලන් යද්දී අපිත් පට්ටම ආතල් එකක් බන්.... One | Zero | Zero අපේ සමාජෙ ඉන්න සමහර මිනිස්සු දිහා බලනකොට පුදුමත් හිතෙනවා බන්. සමහර වෙලාවට අපි ජීවත් වෙන්නෙ මේ වගේ සමාජෙකද කියලා අපිටම ලැජ්ජ හිතෙනවා. කුඩයක් ගෙනියන්නැති මිනිස්සු අන්තිමට වැස්සට දොස් කියනවා වගේ තමයි ගොඩක් මිනිස්සු තමන්ගේ වැරදි, වහාගන්න අනිතු වුන්ට දොස් කියන්නේ. සමහරු අතේ කීයක් හරි තියෙනව නම් තමන් කවුද කියලත් අමතක කරයි බොහෝ වෙලාවට වැඩකරන්නේ. අතේ සල්ලි නැති වුණාම තමයි ආයෙ ...
බස් එකත් විලාසිතා ගාරයක් One | Zero | Zero ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ හීල්ස් වලට ඇවිත් තටූනීට් එකට යන්න සිතූබැලු බැලු අත ෆෝන් කටූමේ.......බස් එකත් විලාසිතා ගාරයක්වත්සුණු වත උලා....පැත්තක වැඩිවෙලාකෝළමක් වගේඒත්කෝළමක් නෙමේමේ අපේ ජීවිතේ.....සිත් වශී කරයිබස් එකේ රූ මවන්නියෝදපනේ වැටෙයිබස් රියේ අනංගයෝ...ඇහේ ඇනෙයි කොණ්ඩ කටූහීල්ස් වලට ඇවිත් තටූමේ.......බස් එකත් විලාසිතා ගාරයක්විලවුන් මුසු වෙලාසිහිය විකල් වෙලා...පිස්සුවක් වගේඒත්පිස්සුවක් නෙමේමේ අපේ ජීවිතේ.....සිත් වශී කරයිබස් එකේ රූ මවන්නියෝදපනේ වැටෙයිබස් රියේ අනංගයෝ...නීට් එකට යන්න ...
සිරිමත ගැමුණුව One | Zero | Zero සිරිමත ගැමුණුවඅපි මහජනතාවසර්කස් වැඩ හොඳ හැටි දත්තනි කකුලෙන් පාපුවරු තරණය කරජනේලවල දෙ අතින් එල්ලෙනපේලි සීයකට වුණත් ගාල් වනඑළු රැළකි අපිමේ මහජනතාවදුක් නොවන් සිරිමතඔබ බැබළිය යුතුය තුටින්කන්තෝරු නම් මොනවාදපයින් වුව යා හැකි නොවඩීසල් ලීටරයක් බීගත් විටඅපි මහජනතාවසියලු සර්කස් දත්දුන්නක් මෙන් සිරුර නවමිකොන්දොස්තර උතුමාණනියන්න මැදින් ටිකට් කඩන්මාරු සල්ලි මක් වෙනවදතියා ගන්න තියා ගන්නඅපි වාගෙද ඔය මහතුන්සාධාරණ අයම නොවෙදකොච්චර නම් වැඩ ඇතිවදසිරිමත ගැමුණුවපිසදාගන් ...