පාර්වතීගේ මංගල රාත්‍රිය One | Zero | Zero සාද, සුභ පැතුම්, නැති උනත් ඇයව කැන්දගෙන ආවා.., ඒ ප්‍රේම සංවේදනා හොඳින්ම අඳුණන මා දන්නා හොඳම ගැහැණිය ඈ නිසා.., මා නිවසේ ඉදිරිපස දොර වසා එනවිටත් පාර්වතී.., ඔව් ඒ ඇගේ නම. පාර්වතී හිටියේ කණ්නාඩියෙන් තමාදෙස බලාගෙන. අපේ අප්පා කිව්වා මමත් දවසක මෙහෙම යන්න, මහත්තෙයෙකුගේ යටතේ මෙවුන්දම් විඳින්න වාසනාව ලැබෙයි. කියලා..,ඔයා මා ගාවට සල්ලි අරන් ආවේ නෑ රාජේෂ්..,ඔව්..! අවසානයේ මම කතා කලාමම ...
සිගරට්ටුවක් කල හදියක් One | Zero | Zero මම සිගරට් පාවිච්චිය ඇයි කියල කෙනෙක් මගෙන් ඇහුවා,එයා පෙන්නලා දුන්නා සිගරට් මාව මරන විදිය,අන්තිමට කොහොමද විඳවන්නෙත් කියලා..මම එයාට කිව්වෙ "කමක් නෑ නංගි ඔයිට වඩා මගේ මතක මාව ටික ටික මරනවා, මාව නැති කරනවා" කියලා!"ඒ උනාට ඔයා දෙවිදියකට මැරෙන්න ඕනෙ නෑනෙ? ඇයි ඔයා හිතිනුත් විඳවලා ශාරීරිකවත් විඳවන්නෙ? ඔයාට කවුරුවත් නැද්ද මේ දේවල් කියන්න ඔයාට ආදරය කරන කෙනෙක්?""මට ආදරය කරපු එක්කෙනාම තමා ...
ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ One | Zero | Zero දින තුනක් පුරාවට ළෙංගතුව ගෙවූ චාරිකාව නිමාව සනිටුහන් කරමින් තිබේ. විනෝද චාරිකාව පුරාවටම වැඩි වාර ගණනන් ගැයූවේ 'ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ' ගීතයයි. ඊට හේතුව වූයේ ඇගේ බලවත් ඉල්ලීමයි.මා ඇයට සමුදෙන්නේ කෙසේද? යළි ඇය මා හට හමුවේද?එහෙනම් බායි අයියේ..මේ නංගි..ඇයි?මම මේක ඇහුවට තරහ වෙන්න එපා. ආයෙ අපි හම්බෙයිද දන්නෙ නෑනෙ ඒකයි අහන්නෙ.මොකක්ද?තරහ වෙන්නෑ නේද?නෑ.. නෑ... කියන්නකෝ ඉක්මනට අම්මලා යන්න හදන්නේමේ....ඉතින්...මේ... ඇත්තටම ...
තිඹිරි ගෙය One | Zero | Zero බටහිර ඉවුරේ දුශ්කර ගම්මානයක මීට දශක ගනනාවකට පෙර දිනයකි, එවකට මා ජීවිතය උගනිමින් උන් ළදැරියකි. බැටළුවන් දක්කාගෙන තණ පිටියට ගොස් නැවත පැමිනෙමින් සිටියෙමි. කවදත් තුප්ත නිහැඬියාවක වෙලී තිබුණු නිවස දෙසින් වේදනාකාරී කෙඳිරියක් ඇසුණි. මද විවේකයන් ගනිමින් නොනවත්වා ඇසුනු කෙඳිරිය ආසා හිඳින්නට තරම් සිත සවිමත් නොවුනෙන් හඬ ඔස්සේ දිව ගියෙමි. “ඔහෙන් හිටපන්. ඇතුලට යන්න ඔනිනෑ..” අම්මාගේ කාමරයේ අසල උන් තාත්තා කෑගෑවේය. ...
පොත් ලිස්ට් එක One | Zero | Zero "ශමාල්, ඉස්කෝලෙන් පුතාගේ පොත් ලිස්ට් එක එවලා......!""නෙත්මි, අපි හවසට ගිහින් ගමු, මොනවද ගන්න ඔනේ....?""අවුරුදු දෙකක්ම පුතා iPad එක පාවිච්චි කරානේ, අළුත් සොෆ්ට්වේයාර් දැන් ඒකෙ වැඩ කරන්නෙ නෑ. ලිස්ට් එකෙත් තියෙනවා ලේටස්ට්ම එක ගන්න කියලා.....""වෙන මොනවද...?""ඊලඟ අවුරුද්දේ ඔක්කොම පාඩම් පොත් ටික...., ඒවා එන්නේ බ්ලූ-රේ ඩිස්ක් වල, විද්‍යාව, සමාජ අධ්‍යනය, ගණිතය වගේ ඒව ටිකත් ගන්න වෙනවා......!""අනික ශමාල්, පුතාට දැන් තියෙන ඩේටා ප්ලෑන් ...
අසෝබන ආමන්ත්‍රණය One | Zero | Zero එයා මට කතා කළේ 'මල් පෙත්ත' කියලා.මම එයාට කිව්වෙ 'කුඩාදිය පාර' කියලා.අපි අත් පටලගෙන හෙවන වෙච්චපාරවල් දිගේ කාලයක් තිස්සෙ ඇවිද්දා.මෙහෙම ඇවිදිනකොට අපේ සපත්තු ගෙවෙනවා කියලා හොයාගත්තෙ එයා.අපි ඒක පාර අයිනෙ ගහක් කෙටුවා අනිත් අයටත් දැනගන්න එක්ක.හැමෝම කිව්වෙදැන් ඇවිදින එක නවත්තලා වාඩිවෙලා ඉන්න පුරුදුවෙන්න කියලා.අපි වාඩිවුණා.නුලකින්ඇගිලි බැදගත්තා.දැන් එයා මට කියන්නෙ 'මල්'කියලා.මම කිව්වෙ 'දිය පාර' කියලා.එකපාරටම තවත් කුඩා මල් පෙත්තක්සහ කුඩා දිය ...
බැඳි පෙමක අරුම One | Zero | Zero මගේ මුලූ ජීවිතේමමුලු ජීවිතේමවෙනස් වුනාඔයා නිසා.ඔව්ඒ ඔයා නිසාම තමයිඔයයි දැංමගේ ජීවිතේ.මට වෙන කවුරුත් නෑ.ඔයාම විතරයි.ඔයාම විතරයිමට හැමදේම..හැමදාම...ඒත් ඔයාටඑහෙම නෙවේ.ඔයාට,ඔයාගෙ ජීවිතේට"මාව ලැබීම",කියන එක,ඔයාගෙ ජීවිතේටතවත් එක දෙයක් ලැබීමක්විතරක්වෙන්න ඇති.ඒක වෙන්න ඇතිමේ දේවල්මට එක විදියකටත්ඔයාට වෙනස්ම විදියකටත්දැනෙන්නෙ.ඒ වචන ටික සමහර විටකොල්ලෙක් කියන දෙයක් වගේවෙන්න පුලුවන්.ඒත් දැං කියන්නෙ"කෙල්ලෙක්".ඒ නිසා සමහර විට මේකෙකිසි වටිනාකමක්නැතුව ඇති.නිකන්වචන ටිකක්වෙන්න ඇති.මොකද,ඔයාඒක කියවල,මට කිව්වෙ"මට තේරුන් නෑ" කියල.
හඳට ගල් ගහමු One | Zero | Zero Effort යනු කුමක්ද? සරලව ගත්තොත් ආයාසය නොඑසේනම් තමන්ගේ උපරිම හැකියාව පෙන්වීමට ගන්නා උත්සහය. ආයාසය මැනීම සඳහා ඔබ සතු ගුනාංග දෙකක් වැදගත් වේවි.capability හෙවත් හැකියාවcapacity හෙවත් ශක්තියතමන්ගේ උපරිම ආයාසය පෙන්වීමට කල හැකි උපරිම දෙය කැමක්ද? .උදාහරණයක් ලෙස, ඔබට කොපමණ දුරකට ගල් කැටයක් වීසි කල හැකිද?උස් ගසක දල්ලටවලාකුලක් සමීපයටලයිට් කණුවක මුදුනටඋස් ගොඩනැගිල්ලක මුදුනටනැහැ. ඔබේ උපරිම ශක්තිය මැනිය යුත්තේ ඒ කිසිම ආකාරයකින් නෙවෙයි.වීසි ...
HTML ජීවිත One | Zero | Zero කව්දෝ කියල තියනවලු ජීවිතේ ගංගාවක් වගේ කියල, වෙලාවකට නිදහසේ ඔහේ ගලන තවත් වෙලාවක චණ්ඩ දිය රැලි නගන තවත් වෙලාවක කදුපල්ලම් වලින් සුන්දර දියඇලි මවන....රෙද්ද තමයි... එහෙම ජීවිත කොහෙද තියෙන්නෙ..? නැගිටපු වෙලාවෙ ඉදන් මොකක්ද එක කැඩිච්ච කඩියා වගේ එහෙ මෙහෙ දුවන, Lectures, Tutorial, Practical වලින් දවස ඔහේ ගෙවාදමන ගංගාවල් තියෙන්නෙ මොන ලෝකෙද? මම කියන්නෙ ජීවිතේ HTML පිටුවක්, ටැග් එකකින් පටන්ගෙන ඒකෙන්ම ...
ඔබා මාමේ... ඔබ එහෙම මිනිහෙක්! One | Zero | Zero ජීවිතේ අත්දැකීම් එක්ක මිනිහෙක් ඵල බර වෙනවා. හැබැයි නියම මිනිහෙක් කවදාවත් එහෙම වුණා කියල පිම්බෙන්නෙ නෑ. එයා තව තවත් මිනිස්සු දිහාවට බර වෙනවා. හරියට ඵල බර වෙද්දි ගස් වල අතු පහලට නැමෙනවා වගේ.එහෙම මිනිස්සු ජීවිත කාලෙදිම ලබපු අත්දැකීම් එක්ක බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ වින්දනය කරන අය. බ්ලොග් අවකාශෙත් එහෙම මිනිහෙක් හිටියා. හැමෝටම හිනාවෙලා කතා කරපු ඔහු කමෙන්ටුවක් ඇතුලෙත් පතුරු යන්න හිනාවුණ ...
අනාගත මුණුබුරා One | Zero | Zero "ඉස්සර අපේ රටේ හිටියා පුතේ C.W.W.W. කන්නන්ගර කියලා මහත්තයෙක්. මේ මහත්තයා හැම ළමයෙකුටම එක සමාන විදිහට අධ්‍යාපනය දෙන්න ඕන කියලා හඬක් නැගුවා. අන්න ඒ මහත්තයාට පින් සිද්ද වෙන්න ඒ දවස්වල අපි ඉගෙන ගත්තා පුතේ තඹ සතයක් ගෙවන්නේ නැතුව. ඒ කාලේ ගුරුවරු අපිට උගන්නපු අකුරක් අකුරක් ගානේ ඉගැන්නුවේ කිසිම ගුරු පඬුරක් ගන්නේ නැතුව. හොඳට ඉගෙන ගත්තු ළමයා සල්ලි නැතත් ඉහළට ගියා ...
පැවිද්දෙක් දුටිමි One | Zero | Zero දුම්රිය සෙමින් සෙමින් ස්ටේෂමට සේන්දු විය. දුම්රිය තුළට වැදුනු මා දෙනෙත් සෙවූයේ ආසනයකි. ඉදිරිපසම හිස්ව තිබුණු අසුනක මා අසුන් ගත්තෙමි.ඉදිරි පස අසුනේ මට මුහුණලා සිටියේ තම දෑස් බිමට නැඹුරු කර ගත් පැවිද්දෙකි. තැන් තැන් වල අණ්ඩ දමා තිබුණු සිවුරත්, විවර්ණ වුණු කුඩයත්, පාවහන් පවා නොපැලඳ සිටි උන්වහන්සේගේ මුහුණින් විහිදුනේ පුදුමාකාර කාන්තියකි. මුළු ශරීරයෙන්ම අමුතුම දිස්නයක් විහිදුණි. දකිනාවුනගේ නෙත් සිත් ආකර්ශණය ...
මරණය තළුමරමු! One | Zero | Zero පසුගිය දවසක කාර්යාලයේදී ඇසුණු දෙබස් කීපයකි. අන්න ඉන්ටනෙට් එකේ දාල තියෙනවා. ඔයාල බැළුවෙ නැද්ද? ඊයෙ ටීවි එකෙත් පෙන්නලා. අපි අනිත් චැනල් එකනෙ බැලුවෙ. ඒ ඔරිජිනල් එක නෙවෙයිලු. වෙන එක්කෙනෙක්ගෙ එකක්ලු. බලන්න පුළුවන්ද? ලේ විසිවෙනවද? එහෙනං මට බෑ අනේ... අපෝ එහෙම අවුලක් නෑ. චූටියට පේන්නේ. බෙල්ල දං ගෙඩියක තියලද ගහන්නේ? රජ කාලෙ වගේ... නිකංම දණ ගස්සල තමයි ගහන්නේ. හරියට පේන්නෙ නෑ ...
අපිට පිස්සු ඕයි One | Zero | Zero දඩස්!සුපර්මෑන් යනවාවගේ දැනුනා මිලිතප්පර ගානකටමම ඇස් ඇරියේ නෑ, ආතල් වැඩිකමට.ඒත්එක්කම ආර්නෝල්ඩ්ගෙන් මූණට පාරක් වැදුණා වගේ දැනුනාමම නෙවෙයි ඇස් ඇරියේ, මූණ පුරා පැණි බේරෙනවා දැනුණා.පොඩි කරපු ඇස් අස්සෙන් මට චායාවල් යනවා පෙනෙන්න ගත්තා..,එකපාරටම..,මොකෙද්ද මූ.., කියලා අහනකොට...,හොරෙක්, වංචා කාරයෙක්,අර අතේ පච්චේ හැටි?මුට පිස්සු..!ටක්කෙටම මූ පොන්සියෙක්, බලන්නකෝ රෝසපාට සර්ට් එකේ හැටිමුට පිස්සු..!අක්කේ මූ කුඩ්ඩෙක් "පේන්නැද්ද තොල්"හ්ම්ම් කලුයි නේ..?මුට පිස්සු..!මෙයා වැටුනේ පාර මාරුවෙන්න ගිහිල්ලාලුතමුසෙට ...
වාත ගුගලා One | Zero | Zero ගුගලා මුලින්ම ආවේ ඒ කාලෙ තිබුණ හැම ඊ-මේලයකටම වැඩි ඉඩක් නොමිලේ දෙමින්ය. අපි ගොඩක් අය ඊ-මේල් එකවුන්ටෙකේ ගිගාබයිට් තුන හතරකට වඩා පාවිච්චි නොකරත් අපේ පෙරේතකම ගුගලාගේ මේල් ගැටේ උනේය.ඒ මේලය හදද්දී පරණ මේල් එකක්ද වෙරිෆයි කරන්නට දුන්නේය.පස්සෙ කාලෙක ගුගලා ටූ වේ වෙරිෆිකේෂන් කියා අටමගලක් හඳුන්වා දී අපේ මොබයිල් පෝන් අංකයද ඩැහැගත්තේය. අවුරුදු කීපෙක ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් ඉලව්වක් නිසා දැන් අපි යන ...
සීයා One | Zero | Zero දුම්රිය කොටුව සිට මොරටුව බලා ධාවනය වෙමින් තිබුණි. එහි එක් අංගනයක හතර පස් දෙනෙකුට වඩා නොසිටියෙමු. කොනක ශාන්ත පෙනුමින් යුතු සීයා කෙනෙකු වාඩි වී සිටියේය. ඔහු නැගිටවිත් කීපදෙනෙකුගෙන්ම මුදල් ඉල්ලා සිටියත් කවුරුවත් ඔහුට මුදල් නොදුන්හ. කාර්යාලයට යාමටයි ගෙදර ඒමටයි හැර මා අතේද එතරම් මුදලක් නොතිබුණු බැවින් මාද බිම බලා ගතිමි.දුම්රිය වේගයෙන් මුහුදු බඩ මාර්ගය දිගේ ඇදී යයි. මාද සුපුරුදු පරිදි ...
ජාතික ගීය One | Zero | Zero ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අවසානයේදී ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය. එහි සතුට සැමරීම සඳහා කාර්යාලයේ සේවකයින් සියළුම දෙනාට පසු දින උදයේ දහයට කාර්යාල භූමියට පැමිනෙණ ලෙස වසර ගනණක් ඕස්ට්‍රේලියාවේ හැදී වැඩුණු කළු සුද්දකුගෙන් ඊ මේල් පණිවිඩයක් ලැබුණේය.දහයට විනාඩි පහක් තියා කාර්යාල සේවකයින් විශාල ප්‍රමාණයක් කාර්යාල භූමිය තුළ එක් රැස්ව සිටියහ. මෙය දුටු කළු සුද්දාට තම දෑස් පවා අදහාගත නොහැකි විය. ඔහුගේ සතුට ...
විමලෙ One | Zero | Zero පත්තරේ බලද්දි මට ඇස් අදහගන්න බැරිඋනා.බන්ධුසේනයා විමලෙට එකතැන් වෙන්න ගහල.විමලෙ, සද්දන්තයාකඩවසම් හාදයමගේම ලෙයින් උපන් දරුවෙක් වගේ.මම දිවුවා.. විමලෙ බලන්න.හිඟන්නෙක් වගේ බූරු ඇදක දපලා.. කට පැත්තට ඇදවෙලා.. ඇඟ වැහැරිලා...මගෙ බඩ පපුව දාල පිච්චිලා ගියා.“ම..හ..ත්තයො...”විමලෙගෙ කට කොනකින් කෙළ බේරෙනව. මිනිහ දෑත් එකතුකොට මට වඳින්න උත්සාහකරනව..“ම..ගෙ ගෑනිවයි දරුවවයිවත් බේරගන්න.....”මම දිවුවා කුස්සියට...මැණිකා කරුවලේම කුස්සියෙ මුල්ලෙ ඉකි බිදිනව..පොඩි එකාජංගිය උස්ස උස්ස මා ගාවට ආව.“මට සමාවෙයල්ල... ...
ළමයි One | Zero | Zero ආයිබෝවන් ටීච....ආයුබෝවන් වාඩිවෙන්න.ටීච මං පිටපත් ලිවීම් දෙකක් ලිව්වා...ටීච මං අච්චු පොතේ වැඩ කළා...ටීච මං සංඛ්‍යානාම පිටු දෙකක් ලිව්වා...ආ හොඳයි මට ගෙදරවැඩ පොත් දීලා දැන් වාඩිවෙන්න...දැන් ගන්න මිශ්‍ර අභ්‍යාස පොත්...ටීච ප්ලේන් එකක්...දුවමු දුවමු ඉක්මනට...ළමා....යි1. ළමයා: ටීච ඒක ප්ලේන් එකක් නේද?2. ළමයා: නෑ ඒක හෙලිකොප්ටරයක්. නේද ටීච...3. ළමයා: ටීච ඒක අපේ ඉස්කෝලෙ පිට්ටනියට බාන්න පුළුවන්ද?4. ළමයා: මේකට බාන්නැහැ ඒක බාන්නෙ ලොකු ඉස්කෝලෙ ...
බූරු අධ්‍යක්ෂගේ සිහින රූප රාමු One | Zero | Zero ඔන්න මුලින්ම පේන්නෙ රතු, ලේ නහර ඉදිමුණ ඇහැක්... තිරය පුරාම...දර්ශනය ක්‍රමයෙන් සූම් අවුට් වෙනවා... දැන් ඇස් දෙකම... යක්ෂ මූණක් තියෙන මිනිහෙක්...මිනිහ හති අරිනවා... කටින් කෙල බේරෙනවා....කැමරාව ටිකෙන් ටික මිනිහගෙන් ඈතට යනවා...මිනිහ ඉන්නෙ සුදු අත්දිග කමිසයක් ඇඳගෙන... ඒක පුරා ලේ... සුදු සරමෙත් ලේ. ඒක කැහැපටකවාගෙන කරේ දාන සාළුවත් ඉන වටේ බැඳගෙන...මිනිහගෙ අතක ලේ පෙරෙන කඩුවක්...කැමරාව ඈතට... මිනිහ ඉදිරියෙ අතපය, බෙලි කපල ...