කුණු අනිත්‍යයි One | Zero | Zero හෙට දින උදා වන අසිරිමත් පොහොය දිනේ සුදෝ සුදින් සැරසී පන්සල් යන්නට ඔබ සැරසේද?හෙට දිනයේ සිල් ගන්නා විට ඔබේ ඔසරිය අඳුරු පැහැ යැයි අනෙකුත් සිල්වතියන්ගේ අවඥාවට ලක් වේ යැයි ඔබ දුකෙන්ද?නැති කරන්න ඒ දුක.අදම 'පින්' රෙදි සෝදන කුඩු යොදා සෝදා ඔබේ සුදු ඇඳුම සුදෝ සුදු පැහැයෙන් දිදුලවාගන්න.අත්ථාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා හෙවත් තමන්ගේ විමුක්තිය සලසාගන්නේ තමාමය ලෙස බුදුරදුන් වදාල ...
ආ... ඒව එදාට විතරයි One | Zero | Zero ඔන්න එකමත් එක රටක හිටිය සුනිලුයි කමලුයි කියල යාළුවෝ දෙන්නෙනෙක්. දෙන්න ගජ යාළුවො. දෙන්නගෙම රස්සාවල් වුණත් හවුලෙ තමයි වුණේ.ඔන්න ඉතිං ඔය හවුල් අවුලක් නිසා දෙන්න තරහ වුණා. එදා ඉඳන් දෙන්න මූණවත් බැළුවෙ නෑ සෑහෙන්න කාලෙකින්.පහුගිය සිංහල අවුරුද්දට දෙන්න ආයෙමත් බදාගෙන වැළඳගෙන යාළු වුණා. අවුරුදු දවස් දෙකේම හොඳට බිව්වා. අවුරුද්ද පහු වුණා විතරයි මෙන්න දෙන්න ආයෙත් තරහ වෙලා.කමල් සුනිල්ට ආපු බිස්නස් ...
අපි හරක් මස් නොකෑ යුත්තේ ඇයි? One | Zero | Zero "කර්මයට බලපාන්නේ චේතනාවයි"ආච්චි අම්මා බණ අහනවා. මගේ සිතුවිලි ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.මාළු කාරයෙන් හාල් මැස්සෙක් මරන්නෙ ඇයි? හාල්මැස්සො කන මිනිස්සුන්ට විකුණලා සල්ලි හොයන්න. මස් කඩ කාරයා හරකෙක් මරන්නෙ ඇයි? හරක්මස් කන මිනිස්සුන්ට විකුණලා සල්ලි හොයන්න. ඒ කියන්නෙ චේතනාව එකමයි. එහෙනම් හරකෙක් මරණ පව සමානයි හාල්මැස්සෙක් මරන පව.එතකොට එක හරකෙක්ගෙන් සපිරෙන මස් අවශ්‍යයතාව පුරවන්න හාල් මැස්සෝ කීයක් විතර ඕනෙ වෙයිද? හ්ම්ම්ම්ම් ...
Untitled Post One | Zero | Zero "බ්‍රේකින් නිව්ස් ඇහුවෙ නැද්ද ? අන්න ප්ලේන් එකක් කඩං වැටිලලු" රොහාන්... නිහඬය. මා සිත ගැහෙන්නට පටං ගත්තේය. පාලක කුළුනේ සිටින සොයුරාට ඇමතුවෙමි. "අද උදේ එයාබෝන් ගිය එක තමා නංගි බය වෙන්න එපා රොහාන්ට කරදරයක් නැතුව ඇති. මං හොයල බලන්නම්." රොහාන්... දුරකතනයත් නිහඬය. "මීට සුළු මොහොතකට පෙර සිදු වූ ගුවන් අනතුරින් යානයේ සිටි සියළුම හමුදා නිලධාරීන් ජීවිතක්ෂයට පත් වී ඇති බව.... ...
විඳීම් මනඃකල්පිතයි... සංජයගේ සිහිනය හරවා දුටිමි. One | Zero | Zero මා රුව මෙලොව සොඳුරුමැයි සිතා අයා සිටින ඔහු දෑස් තුලින් රෝම කූපයක් පාසා ගලා යන රාගය නම් විදුලි ධාරාව පසිඳුරන් පිනන්නට දඟ දමා සැරසෙන සර්පයා අවදි කරවයි. වියරු සපාකෑම් වලින් දැනීම් නැත්තටම නැතිවූ මගේ දෙතොල් මත වාමාවර්තව පැදකුණු කල ඔහුගේ දබරැගිල්ල... එක් වරම මා තිසරුන් නහවන්නට ලං කල් ඔහු මුව... නොදැමුණු තරුණ මදයෙන් මගේ පිට පුරා සක්මන් සොයන ඔහුගේ නැඹුල් ...
කොල්ලො අඩන්නෙ නෑ One | Zero | Zero මේකෙ කිසි විද්‍යාවක් නම් නෑ..හැබැයි මේක මේ ඉවසන් ඉන්න බැරිම තැන ලියන්නේ..අහන අහන හැම එකාම කියන්නෙ ..."කොල්ලො අඩන්නෙ නෑ""නිකන් අඩල මෙතන කෙල්ලෙක් වෙන්න හදන්න එපා""කොල්ලෙක් උනාම සංවේදී වෙන්න හොඳ නෑ බන්..""ඔහොම ඉකි ගගහ අඬන්න ලැජ්ජ නැද්ද මිනිහො කොල්ලෙක් වෙලා""අපිටත් එක්ක ලැජ්ජයි.."බම්බුව තමයි...ඇයි යකෝ, කොහෙද මොන පොතේද ලියල තියෙන්නෙ සංවේදීකම කියන එක ශිෂ්ණය මතවත්, යෝනිය මතවත් රඳා පවතිනව කියල??? කොල්ලෙක් ඇඬුව ...
ඔබ හා මම One | Zero | Zero ලොවක් අවදි කරනැගෙන හිරුමඬල ඔබඅඳුරු අහසටඅරුණළු රැගෙන එනරන් රැස් දහරින් තුරු මුදුන් සිප සනසනනැවුම් මල් කැකුළුපුබුදුවා නළවන එකතු කර වැහි බිඳුපාට දේදුනු අඳිනසැඳෑ වළාකුළුරනින් සිත්තම් කරන ඔබේ කාන්තියෙන් නැහැවෙන පුංචිම තරුව මම රෑ අහසෙ කොනක හිඳ දීප්තිය විහිදුවනවියළි මහ පොළොවටඇද වැටෙන වැස්ස ඔබමලානික ගහ කොලහුස්ම පිඹ නැගිටුවනපිපාසිත තණ පත් අගපිණි බිංදු රඳවනඉරි තැලුණු මිහිකතසනහා ගිම් නිවනඇල දොල වැව් පොකුණුසුනිල් දියෙන් ...
බොරැ කාරයා One | Zero | Zero අදත් බොනවද?අනේ අද විතරක්.. Please...ඔය අද විතරක් කියන කීවෙනි වතාවද?අද විතරයි..හෙට නම් බොන්නෙම නෑ...ඔයාගෙ ඔය හෙට කවද්ද එන්නේ? මේ ආත්මෙදි එනවද?ඇත්තමයි සුදූ... Promiss..තව බොරැවට දිවුරන්නත් එනවා.. ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද ඔයාට?හරි. අදට විතරක්..අපරාදෙනේ ගෙනාපු එක..පුච්චන සල්ලි අපරාදෙ නැද්ද?මම ඔයාට ආදරේනේ...ඔයාට මට තියෙන ආදරේ මතක් වෙන්නේ ඔය වෙලාවට විතරයි.ඕන කෙහෙල්මලක් කරගන්න.මම යනවා නිදා ගන්න.–––––––––––––––––––––––––––––––––––––––––– ඔයා තරහින්ද ...?හ්ම්...හරි හෙට බොන් නෑ.. දැං එන්නකෝ ...
පහනේ භූතයා! One | Zero | Zero ඕන්න එකෝමත් එක කාලෙක, (ඒ කිව්වේ පහන් ඇතිල්ලුවාම භූතයෝ මතු වෙච්ච කතා සේරම සිදුවෙලා ඉවර වෙච්චි කාලෙක) ජීවත් උනා මනුස්සයෙක්. එයාගේ නම ජෝසප්. ජෝසප්ගේ විනෝදාංශය උනේ පහන් එකතු කරන එක. දවසක් එයා හොයං ආපු පරණ පහනක් රෙදි කෑල්ලකින් පිහිදාන්න ගත්තා විතරයි ඒකෙන් මතු උනා භූතයෙක්.ඔබ මාව මේ පහනෙන් එළියට ගත්තට ඔබට කැමති ඕනෑම වරයක් ලැබෙනවා!ඕනෑම වරයක්? ඔව් ඕනෑම වරයක්!එහෙනං මම ...
තවත් එක් ඝාතනයක්...... One | Zero | Zero "අන්න තනියාඑලෝපිය ඔකාකොටපියව් ඔකටමරපියව් ඔකව""ඔව් යකෝමන් තනියා තමයිහැබැයි තොපි දන්නෑමන් තනි උනේකොහොමද කියලාබඩේ ඉද්දීම අප්පව මරලාදළ දෙකට තොපි කෙලියාඅම්මව වනජීවී උන්කුදලන් ගියාමන් දන්නවා බොලවුමේ මගේ අවසානෙ බව""මට පේනවාඈත ගිනි බටේ උස්ස ගත් උඹයමෙතන හොඬේ උස්ස ගත් මමයඈත අමු තිත්ත කියන් එන උඹයමෙතන දූලින් වැසී ගිය මමයමට ලඟින් එල්ලය මානා ගත් උඹයබොට ලඟින් කාල වර්ණ මමය""මට දැනෙනවාකුඹ ලඟින් වෙඩි උන්ඩයයඊට පිට ...
එලටම උගන්නන ගුරුවරයා ගින්දර පොරකි One | Zero | Zero අළුතෙන් පත්වීම් ලද අපේ මිතුරු ජයා වැටුනේ ග්‍රෑන්ඩ්පාස් පැත්තේ ඉස්කෝලෙකටය. ප්‍රින්සිපල් මූට අටේ පන්තියක් දී ඇත. පන්තිය පිස්සන් කොටුවක් වැනිලුය. උගන්නන දෙයක් එකෙක්වත් අහං ඉන්නේත් නැතිලුය. බැන්නත් වගේ වගක් නැතිලුය. බැරිමතැන දෙතුන් දෙනෙකුට තඩි ටොකු ඇන ඇත. ඒත් පලක් වී නැත.මූ දවසක් ඔරොප්පු මූඩ් එකෙන් පන්තියට ගොස් ඇත. මේසයට දඩාං ගා ගසා මේසය මත වාඩිවී ඇත."ඕයි..... නිස්සද්ද වෙනවල... බලනවල මේ ...
දෙවන මනමාලයා One | Zero | Zero කවුද මේ උදේ පාන්දරම වද දෙන්නෙ, තාම එලාම් එක වැදුනෙත් නෑ,මට ඔයාව පොඩ්ඩක් මීට් වෙන්න පුලුවන්ද? ඒ ඇයගෙන්ය,ඇය කතා කලේ සෑහෙන කාලෙකින්ය,එහෙත් මට වචන නොගැලපෙන සෙයකි,මම දැක්ක ඔයාව, ඔය වෙනස් වෙලා, කෙට්ටු වෙලා,මම නෑ.... ඔව් ටිකක්.....ඔයා මැරි කරන්නෙ නැද්ද?එය කිණිසි පහරකි.. එත් ගලයාමට තරම් තවත් රුධිරය මා සතුව නොතිබිණි,ඇයට මෙතරම් නපුරු වීමට පුලුවන්ද?ඔයා තරහද?නෑමම දෙයක් කියන්න එන්න කිව්වෙ,ආව..ඉතින් කියන්න අහගෙන ...
මහා භාණ්ඩාගාරයේ අලුත්ම ලේකම් - නුවන් කුලසේකර? One | Zero | Zero පරතරය අවම කිරීම ගැන මේ දවස් වල ඕනෑ තරම් කථා වෙනවා. අය-වැය පරතරය, ඇති-නැති පරතරය. මේ කියන්න යන්නේ එදා කරපු අරුම පුදුම පරතරය අවම කිරීමක්. මේක උනේ ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එදා පැවැත්වුනු ක්‍රිකට් තරගයේදි. කුලසේකර ගහන්න පටන් ගන්නකොට.බෝල 85 ලකුණු 155 පරතරය 70. ඊට පස්සේබෝල 80 ලකුණු 142 පරතරය 62,බෝල 75 ලකුණු 129 පරතරය 54,බෝල 70 ලකුණු 112 පරතරය ...
උඹලාගේ කඩේ සම්බෝල One | Zero | Zero ඇය හෙල බස හසුරන්නේ නුහුරටය, පාසැලේදී මා ඇසුරු කරන එකම තැනැත්තිය වූ ඇය ඉතාමත් චතුර ලෙස ඉංග්‍රීසි බස හසිරුවාය. ඇතැම් විට ඇයගේ කතාව මට කරදරයක්ද විය.දිනක් දිවා අහාර වෙලාවේදී ඇය චතුර ලෙස ඉංග්‍රීසි බසින් මා හා රස කතාවක් කීවාය.මම පුංචි කාලේ අපේ අල්ලපු ගෙදර සිංහල කඩයක් තිබුනා, දවසක් අම්මා මාව කඩේට යැව්වා බඩු වගයක් ගේන්න, මම කඩේට ගිහින් ඇහුවා උඹලාගේ ...
ද ආදරේ? මටද ආදරේ? One | Zero | Zero මම කාලයක් තිස්සෙ හිතින් ආදරය කරපු කෙල්ලත් එක්ක මම අන්තිමේදී යාලු වුනා...ඒත් සම්බන්ධය තිබුනෙ හරියටම මාසදෙකයි දවසයි!දවස් දෙකකට පස්සෙ අවුරුදු 5 ක ලව් එකක් කරගෙන යන කොල්ලෙක් මට කිව්ව..."යාලු වෙනවනම් යාලු වෙයන් උඹ ආදරය කරන නෙමෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් එක්ක නැත්නම් කවදාවත් හරියන්නෙ නම් නෑ"ඊට අවුරුදු 3 යි මාස 5යි දවස් 23කට පස්සේ...මට ආදරය කරන කෙනෙක් අන්තිමේදි මට හම්බ ...
ආදරය,වර්තනය හා ක්ෂිතිජය One | Zero | Zero ආදරය, මේ පුදුමාකාර වචනයෙ පොට වරද්ද ගත්ත එවුන් කොච්චර ඇද්ද. තමන් ආදරය කරපු එකා තමන්ව දාල ගියා නම්, ඌ හින්ද තම අනාථ වෙලත් නැත්නම් උගෙ කකුල් බදාගෙන ආදරය ඉල්ලන්න ඕන නැහැනෙ. ජීවිතය හින්දි ෆිල්ම් එකක් නෙමෙයි. උඹල තනිවෙලා විඳින දුක ඌට දැනිල මහ වැස්සක කුඩයක් ඉහලන්නෙ නැහැ උඹට. ළිඳේ වැටුන මිනිහා ගොඩ එන්න ඔනෙ ළිං කටින්මයි. ළිඳ ඇතුලට වෙලා අඬ අඬ ...
වංසෙ One | Zero | Zero මහාවංශෙ පරිච්ඡේද 37න් 11ක්ම තියෙන්නෙ දුටුගැමුණු රජතුමා ගැනලු. ඇත්තද? ඒ මොකද ඒ? එතුමනෙ ලංකාවෙ ඉතිහාසෙ සම්පූර්ණයෙන්ම වෙනස් කලේ. ඒ වගේම ගොඩක් ධාර්මික වැඩ කලේ. ඒකයි ඒ. දුටුගැමුණු රජතුමා එහෙම කලා කියල කොහෙද තියෙන්නේ? ඇයි මහාවංශෙම තියෙනවනෙ ඉතිං. බොරූ..... බොරු නෙවෙයි ඇත්ත. මහාවංශෙ බොරු කියලද කියන්නේ? හ්ම්... වෙන්න ඇති. හැබැයි ඔය එළාර රජතුමත් ධාර්මික රජෙක්ලු. පෝයට සිල් ගත්තලු. වහු පැටියෙක්ව කරත්තෙට අහු කරල මැරුව කියල එයාගෙ පුතාවත් ඒ ...
අළුත් කෝණය One | Zero | Zero උද්ධමනෙත් එක්ක වැඩි වුණ බස් ගාස්තුව දරාගන්න එක රටේ වැඩ කරන ජනතාවට ලොකු ප්‍රශ්ණයක් වුණා.බදු සහන ලැබිලත් ලැම්බො ගිණි ගණන් නිසා ඒක විසඳුමක් වුණෙත් නෑ.බස් ගාස්තු අඩු කරන්න කියල වර්ජන කල්ලි සේරම වටරවුමකට එකතු වෙලා බෙරිහන් දුන්නා.රටේ ලොක්ක හැම ප්‍රශ්ණයක් දිහාම අළුත් කෝණෙකින් බලන ආර්ථික කටයුතු ඇමතිව වර්ජකයන්ට උත්තර බඳින්න පිටත් කලා.ආර්ථික ඇමති මේ ප්‍රශ්ණෙත් අළුත් කෝණෙකින් බැලුවා.''අපි දන්නවා තමුන්නාන්සෙලට ...
මල් සීය One | Zero | Zero වචන සීයක් ලියන්නයි හිතුණේ.කොළයකුත් පෑනකුත් අතට ගත්තා.දැන් මං මොනවද ලියන්නේ? හිතමින් මතකෙට මොනවහරි එනකන් කොළේ උඩ හරියෙන් පොඩි රවුමක් ඇන්දා.රවුම වටේට පෙති දාලා ඒක මලක් කළා.ඊළඟට ඒකෙ ත්‍රිමාන ලක්ෂණ මතුවෙන්න පාට කළා.පෙති වල සුමට ගතිය ගන්නයි මං ගොඩක් වෙහෙසුණේ.තව පොහොට්ටුවකුයි කොළ කීපයකුයි දාලා ඊළඟට ඒක මල් ඉත්තක් කළා.නැවත නැවතත් මල් කීප තැනකම ඇන්දා.මුළින් පෙති පහේ මල්. ඊළඟට අටපෙති, දාස්පෙති වගේ ...
බලාපොරොත්තුවකින් තිතක් වුණත්.... One | Zero | Zero තවත් අලුත් පොත් ප්‍රදර්ශනයක් එනවා.එදාට තවත් අලුත් පොත් ගොඩකුත් ඇවිත් තියේවි. මහා ජන ගඟක් ඒවි.ඒ මහා පොත් කන්දරාවෙන් සමහරු ගන්නෙ කැමතිම එක පොතක් විතරක් වෙන්නත් පුළුවන්.එහෙනම් ඒක ඔතනින්ම ගන්න ඕනිද? එහෙම අයත් ඇයි පොත් ප්‍රදර්ශනේට එන්නෙ?නෑ එදාට ඒ බිමට පය තිබ්බත් මොකක්දෝ මිහිරක් හිත පුරා ගත පුරා දුවනවා. ඒකයි එන්නෙ.ඉස්සරනම් එයත් මා එක්ක ගියා.මේ සැරේ එයා එන්නෙ නැති වුණත් මං ...