වැලි කැටයයි, තරු එළියයි One | Zero | Zero මගේ ජීවිතේට ඔයා ලස්සන තරු එළියක් වගේ.. මම ඒ එළිය විඳිනවා.. ඒත් ළඟට ගන්න අමාරුයි.. ගොඩක් ඈතයි.. ඒත් මම දන්නවා ඒ තරුව මගේමයි කියලා.. මුළු ලෝකෙටම ඒක විහිලුවක් වෙන්න ඇති. මම කවුද ඔයා කවුද.. ඔයා තරුවක් නම් මම වැලි කැටයක්..දිස්නේ දෙන තරුවක් එක්ක වැලිකැටයකටත් බැඳිමක් ඇති කර ගන්න පුළුවන් කියලා ඔයාවත් තාම දන්නේ නෑ.. ඒ කොහොමද දන්වාද.. ඈත ඉඳන් බබළන ...
ඔන්ලයින් වැඩකාරයෝ One | Zero | Zero උඹලා සේරම හෙට දවල්ට ඔන්ලයින් එන්න ඕනේ.ෆේස් බුක් එකේ සෆ්රාස්ලට දුවන්න ගේමක් සෙට් කරලා තියෙන්නේ මම.ගෙදරට වෙලා ජොබ් එකකුත් නැතුව ෆේස්බුක් එකේ එල්ලිලා ඉන්නවා කියලා ගෙදරින් හැමදාම බනිනවා රී ලෝඩ් වලට සල්ලි ඉල්ලන්න ගියාම.ණයට හරි රී ලෝඩ් එකක් දාන් වරෙන් බන් මන් ෆොටෝ එක ෂෙයා කලාම, උඹලා පට ගාලා කමෙන්ට්, ලයික් දාලා ෂෙයා කරපල්ලා........කොහොමද අරුන් තාම සද්දයක් නැහැ ෆේස්බුක් එකේ.අන්න ...
නාන තටාකයේ බණ්ඩා One | Zero | Zero බණඩා, රටේ ප්‍රධාන අමාත්‍යංශයක ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකි. මොනතරම් ඉහළ තනතුරක් දැරුවද ගැමියෙකු වූ මොහු බුලත් කෑමේ පුරුද්ද අත් නොහැරියේය. තමන් ගැමියෙකු වීම ගැන ආඩම්බර වූයේය.දිනක් බණ්ඩාට ඔහුගේ අමාත්‍යංශයේ කීපදෙනෙකුත් වෙනත් කාර්යාලයක කීපදෙනෙකුත් සමඟ විශේෂ වැඩමුඵුවකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා පිටත් වීමට සිදු විය.සියල්ලෝම ලන්ඩනයේ ප්‍රධාන පෙලේ හෝටලයකට සේන්දු වූහ. කතා කර ගත් පරිදි හොටලයේ නාන තටාකයට පැමිණ විනෝද ...
සිංගල් කුඩ යට ඩබල් වෙන හීන One | Zero | Zero වැස්ස දවස් වලට කොහුවල කලර් ලයිට් හරියට වැඩ නෑ. පාර පනින්න නීත්‍යානුකූලව බලාගෙන ඉන්න ඕනෙත් නෑ.මේ වගේ ටයිම් වලට ඇන්ටිලාගෙ මූණු ඉස්කෝල ටීචර් ආවෙ නැති පීරියඩ් එකක ඩෙස් උඩ නටන ළමයින්ගෙ මුහුණු තරම් සුන්දරයි. මෙහෙම වහිද්දියි ලංකාවේ පිරිමි ජනගහනයෙන් බාගයක් කුඩ පාවිච්චියක් නෑ කියලා පේන්නෙ. කෙල්ලන්ගෙ කුඩ අස්සෙ හිර වෙලා කොල්ලො දුක් විඳිනවා. ඔය අතරෙ ඉතින් පෙම්වතියක් හෙම ඉන්නවා නම්, ...
ඉන්දියන් කාරයෝ One | Zero | Zero යාළුවො දෙන්නෙක් බස් එකේදි සෙට් වෙලා ආගිය තොරතුරු එක්ක බර කතාවක්. “මොනව වුණත් ජිනීවා කේස් එකේදි ඉන්දියාව ලංකාවට කොකා පෙන්නුව එක හෙන චාටර් නේද බං?”"අනේ මමනං ඕව ගැන ඒ තරං උනන්දු නෑ බං. කොහොමත් අන්තිමට කොකා පේන්නෙ අපටනේ..."“එහෙම කියන්න එපා... උඹේ ජීවිතේ මෙහෙයවන දේශපාලනය ගැන සවිඥ්ඥාණික වෙයන්. දේශ ද්‍රෝහියෙක් නොවී...”“අනේ මන්ද.. මේ විඥ්ඥාණෙ නොතිබුණනං ඔන්න ඔහේ මුකුත් කල්පනා නොකර ඉන්න ...
ගැලවුම්කාරී One | Zero | Zero "උඹ දන්නවද කෙල්ලේ මං උඹට කොච්චර ආදරේද කියල, උඹ දන්නවද මං උඹට ආදරේ කලේ ඇයි කියල""ඔව් මං දන්නවා උඹ ආදරේ කලේ මගේ ලස්සන දිග ඇස් දෙකට, මගේ පුංචි කටට, දිගමදිග කොණ්ඩෙට.. මං හිතන විදිහට, තව..... යන එනවිදහට..... නේද?""බම්බුව....." උඹ හිතනවද මං උඹේ අවයව වලට ආදරේ කළා කියල. එතකොට උඹේහැසිරීමට....? විකාර... යන එනමන් නැතුව එක එකාගේ අතපල්ලේ වැටිලා උන්නු මම එදා ...
රොන්ග් නම්බර්!! One | Zero | Zero මැදියමේ දුරකතනය නාද විය.. නිදිබර හඬින්ම ඇමතුවෙමි."හෙලෝ..."එහා පිටින් ඇහුනේ ඉකිබිඳුමකි.“පවන්...... මම යනවා..... යන්නම යනවා..... මට අයිතියක් නැතිනම් ඔයාගේ වෙන්න මම කොච්චියට පැනලා මැරෙනවා” පසුබිමින් දුම්රියක හඬක්ද ඇසේ."එපා මැරෙන්න... එපා!!... අපිට පුළුවන් අපේ වෙන්න.." කලබලේට මම කිව් දේවල් ගැන මටත් පුදුමයි."පවන්!!! ඔයා ඔය ඇත්තමද කියන්නේ.. අපේ හැම ප්‍රශ්ණයක්ම ඉවරද.. කියන්න පවන්.""ඔව්.. ඉවරයි.. දැන් ඔයා යන්න ගෙදර... දැන්ම... අපි හෙට කතා කරමු..""යන්නම්... ...
සිරිපාල මුදලාලි One | Zero | Zero සිරිපාලයා රස්සාවක් නැතිව ගමේ රස්තියාදු ගහපු එකෙක්. ගමේ අයගෙ වතුවල පොල් කඩලා හම්බවෙන මුදලෙන් හවසට කසිප්පු වඩියක් ගහල බීඩියකුත් පත්තු කරගෙන ගම පුරා ගිය එකා.පස්සෙ ටවුමට ගිහින් අවුරුද්දක් දෙකක් ඉඳල ආවා. දියුණු වෙන්න මිනිහ කලේ ගමේ මිනිස්සුන්ව කොටවපු එක. වගාව ගැන එක එකාට ගතු කියලා. ගුණේරිස් තමයි මුලින්ම විල්සන්ගෙ කුඹුරට හරක් යවල ඒක පාළු කළේ. ඊට පස්සෙ විල්සන් ගුණේරිස්ගෙ කුඹුර ...
මගේ කුමාරි. One | Zero | Zero හැමදාම පරක්කුයි. කවදාවත් වෙලාවට එන්නේ නෑනේ. ඇයි වදේ දැන් කී දවසක් බොසාගෙන් බැනුම් ඇහුවද? බොරු කියනව කියලා හැමදාමත් මෙහෙම බොරු කියන්න පුලුවනෑ.....ඊයෙත් පැයක් පරක්කු වෙලා ගිහින් රතු ඉර ගහලා. ඔයාට ඇයි මං විඳින දුක ගැන ගානක් නැත්තේ? ඔෆිස් එකේ ගොඩක් පිරිමි අය එයාලගෙ ඈයොත් එක්ක හරිම සතුටෙන් උදේට ඇවිල්ලා හවසටත් තුරුල්වෙලා ඒ ආදරෙන්ම යනවා. මටත් අනික් පිරිමින්ට වගේ වගේ සල්ලි ...
අර ඔයාගෙ හස්බන්ඩ් ද? One | Zero | Zero දෙන්න කොහෙදිද පාර්ටියකදි අඳුන ගත්ත, ආදරෙන් කොහොම වුනත් රාගෙන් වෙළුන. එදා රෑ නැවතුනෙ කෙල්ලගෙ ඇඳේ….රෑ තිස්සෙ මහන්සි වෙලා දෙන්නට පාන්දර යාමෙ නින්ද ගියා. කොල්ල නැගිට්ටම දැක්ක කෙල්ලගෙ ඇඳ ගාව තිබුන මේසෙ උඩ, පිරිමියෙකුගෙ රාමු කොරපු පින්තුරක්. කොල්ලට දැන් අස්පෙට් වැඩේට.කෙල්ලගෙන් ඇහුව “අර ඔයාගෙ හස්බන්ඩ් ද ?” කියල. කෙල්ල තව ටිකක් කොල්ලට තුරුල් වෙලා “නෑ ඩාලින්” කිව්ව.“එහෙනං ඔයාගෙ බෝය් ෆ්‍රෙන්ඩ් ද”කෙල්ල ...
රොන්ග් නම්බර් One | Zero | Zero "ඔයා මට ඊයෙත් කතා කරනව කියල කතා කරේ නෑනෙ. හරීඊඊඊ නරකයි. මම කොච්චර වෙලා ෆෝන් එක ළඟට වෙලා බලන් හිටියද..""කොහෙ කතා කරන්නද? ඔයාලගෙ තාත්තා ආන්සර් කරොත් මම මොනා කියන්නද?""අපේ තාත්තට බයයිනේ.. (සමච්චල් සිනා)""මම? පිස්සුද? ඔයාට ප්‍රශ්නයක් උනොත් කියලයි බය""නෑ එහෙම නෑ. ඔයා හවස ගෙදර ෆෝන් එකට කතා කරන්නකො හොඳේ..""ම්ම් බලමුකො. තාත්තා ගත්තොත්?""තාත්තා ගත්තොත් ඔයා වැරදි නොම්බරේකට කතා කරා වගේ මොනාහරි ...
ධර්මේට්රික්ස්! One | Zero | Zero මේට්‍රික්ස් චිත්රපටියෙ කියවෙන මේට්‍රික්ස් එක මිනිස්සුන්ට පෙන්වන මායාවක්. ඒක ඇතුලෙ මිනිස්සුන්ගෙ සියළු ප්‍රශ්ණ වලට විසඳුම් තියෙනව. මිනිස්සුන්ට තමන්ගෙ ඇත්ත ජීවිතේ ගැන කිසිම හැඟිමක් නැතිවම මේට්‍රික්ස් එක ඇතුලෙ පවතින්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන් ස්වායක්ත පද්ධතියක්! ඒ නිසාම ඒක ඇතුලෙ ඉන්න කෙනෙක්ට ඒකෙ තියෙන ප්‍රශ්ණ තේරෙන්නෙ නෑ. ඒක ප්‍රශ්ණ කරන්න නොතේරෙණ තරමටම මිනිස්සු ඒ මායාවට අහුවෙලා.ඇත්තටම මිනිස්සු කියන්නෙ යන්ත්‍රවලට බලය සපයන බැටරි කියල ...
සාක්කිය One | Zero | Zero ස්වාමීණී මේ මිනිහා මාව මැරුවා. උරහිසෙනුත් තාම ලේ ගලනවා.යුෂ්මතී කියන්නෙ තමන්ව මේ මිනිහා මැරුවා කියලද?ස්වාමීණී, මං ඒක තමයි කීව්වෙ.මැරිලා නම් කතා කරන්නෙ කොහොමද?හත්වලාමයි. මං මැරිලයි කියලද තමුන්නාන්සෙ කියන්නෙ?මේ මොකද මගේ ඇග පුරාම ලේ? මට මොකද වුණේ?තමුන් යකාගෙ කතාවක්නෙ කියන්නෙ. මං දන්නෙ කොහොමද?අනික ඔහේම නේද දැන් කිව්වෙ ඔහේ මැරිලා කියලා?හැරෙනවා බලන්න අනික් පැත්තට.කෝ ස්වාමීණී මගේ දිග කොණ්ඩෙ? කවුද ඒක කපා ගත්තෙ?දැන් ...
එහෙම කිව්වා!! One | Zero | Zero “මම ආස නැහැ මිස් බදාදා ක්ලාස් එකට යන්න ඒකට වෙනුරිත් එනවා එයා එක්ක මගේ ප්‍රශ්ණයක් තියෙනවා” දවසක් දිලාන් එහෙම කීව්වා.“බලන්න මිස් මට හොඳ බුට් එකක් ලැබුනා.. නිමාශාගෙන් මම එයාට ගොඩක් ආදරේ කලා මට දුකයි... අද ක්ලාස් යන්න බෑ” ඊයේ එහම කිව්වා“අන්න දිලාන් ලක්ෂිකාට ලයින් දානවලු” මිතුරියක් එහෙම කිව්වා“අද වෙනුරිගේ උපන්දිනේ එයාට දිලාන් තෑග්ගක්වත් දීලා නෑහැ මිස්... මැසේජ් එක්ක එවලා විශ් ...
(ෆ්‍රී)රැඩිකල්වාදය One | Zero | Zero මගේ මිත්‍රයෙක් ලඟදි රැඩිකල් වෙලා."මචන් මාත් හිතුවා කොන්ඩෙයි රැවුලයි වවන්න.""ඒ මොකටද? ""එතකොටනෙ රැඩිකල් ලුක් එක එන්නෙ. දැන් බලපන් චේ ගුවේරා, පිදෙල් කස්ත්‍රෝ ඊට පස්සේ ලෙනින්. ඔක්කොම රැවුල තියන පොරවල් නේ. රැඩිකල් මිනිස්සු. කෙල්ලොත් කැමති උන්ට තමයි. ""එතකොට වික්‍රමසිංහලා, ආරියරත්නලා, රැඩිකල් නෙමෙයිද බන්?""පිස්සුද බන් උන්ට කිසිම රැඩිකල් ලුක් එකක් නෑනේ. උන් හරි ගූඪ චරිත.""හරියට විරාගයේ අරවින්ද වගේ? ""ඒ කවුද බන්? මම ...
රොබෝ ආවේශය One | Zero | Zero මං හිටියේ ඊයේ යුද්දෙකඔප්ටිමස් ප්‍රයිම් දැන් හරි උස ගියඒත් සෙන්ටිනල් ඊටත් වඩා උසපපුතුරේ යකඩ පට්ටම්උරහිසේ කැපෙන කඩුපෘථිවියේ හරි ජරමරඅහස් පාලමෙන්හඳේ වුන් පොළොවට පනිනඅපිට ඕනෑ මේ පොළොවගර්ජනා කරමින් ඉල්ලා සිටිනසෑම් විට්විකී හරි පෙම්බරකාලි ස්පෙන්සර් හිත කරකවනමේ මහා සටන් මැදඔවුනොවුන් සිපගන්නසයිබර්ත්රෝනියාවෙන්සාම හමුදා එවනහඳේ මායමකට රැවටඑහිම නතරවනමෙගාත්රොන් දැලිපිහි කරකවනඒ පිහියෙන්ම මිනිසුන්ට කිරි කවනඔප්ටිමස් ප්‍රයිමයා අත නැති වුණතූතූ කර දැමූවාහරි උස සෙන්ටිනල් තෙමමේ සියලු ...
ආයෙත් අපි ආදරෙන් One | Zero | Zero මං හිතන් හිටිය වැරදී"ඒක එහෙම නෙවෙයි"ඔව් ඇත්තටමඑහෙම නෙවෙයි.ඒත් සමහරවිටඒක දැංමෙහෙම වුන නිසා..සිද්ධ වෙන්නත් පුළුවන්කොහොම වුනත්දැං මම දන්නවමට දැනෙනවඔයත් මට ආදරෙයි කියල..සමහරවිට මටත් වඩා..ඇත්තටම ඒ ආදරේමටත් වඩා වෙන්න ඇති.මම ඔයාටම මං ගැන තීරණයක් ගන්න කිව්වමඔයාට අඬන්න තරම් දුක හිතුනයි කියන්නෙඑහෙමම වෙන්න ඕනි..මම වැරදියටයි හිතල තියෙන්නෙ..සමහරවිට මමම නෙවෙයි"අපි" වෙන්නැතිඅපි අපි ගැන වැරදියට හිතාගෙන ඉන්න ඇතිඒක නිසානෙමෙහෙම දේවල් සිද්ධ වුනේආයෙත් මෙහෙම දෙයක් වෙන්නෙ ...
මම මිය ගිහින් One | Zero | Zero පාළු සීතල රෑක අදුරු වලකුළු අතරේ දිව ඉහිල ගිය අපේ හුස්ම පොඳ. මීදුම් පටල වල තැවරුනු සුසුම් රැළි... ඔය තුරුලෙන් දැණුනු උණුසුම.. ගෙල පුරා දිව ගිය ඔය දෙතොල් පහස. ඔය කෙස්රැළි පුරා දිවගිය මගේ දැඟිලි ඇයි රතු පාට.... හිනැහි හිනැහි උන්න ඔය ඇසුත් උඩදාගෙන.අපිට ප්‍රයෝග පෙන්වන බයිසිකල් රෝදයට යටවුනු ඔබේ දෙපා මම දැක්කේ දැන්. ඊයේ වෙගන් කැරකෙන රොදේ නතර කරන්න ...
අපේ සමහරුන්ගේ බ්ලොග් කෙරුවාව.... One | Zero | Zero එකෙක් හිටස් දහස පසුකර ඇත ඒකට පෝස්ට් එකකි. තවත් එකෙක්ගේ බ්ලොග් එකට තුන් මාසෙකි. එයට තව පෝස්ට් එකකි. මෙන්න එක අක්කා කෙනෙක්ගේ බව්වා ගෙදර ගෙනත් අදට අවුරුද්දක්ලු. ඒකට තව පෝස්ට් එකකි. ඔන්න තව අයියා කෙනෙක්ගේ නැන්දගේ දුවගේ තුන්වෙනි උපන්දිනේ අදලු. එකට තවත් පෝස්ට් එකක්. තව එකෙක්ට යාළුවෝ කට්ටිය ෆේස්බුක් එකේ මඩක් ගැහුවලු. ...
වෝකි ටෝකි One | Zero | Zero දැකල තියෙනව නේද පොලිස් අංකල්ලා ගාව තියෙන වෝකි ටෝකි? ඒක ඩුප්ලෙක්ස් පණිවුඩ හුවමාරු ක්‍රමයක්. එක වෙලාවකදි එක්කෙනෙක්ට විතරයි කතා කරන්න පුළුවන්.ඔයාලගෙ ෆෝන් එකෙනුත් ලේසියෙන්ම ඒ වගේ වෝකි ටෝකියක් හදාගන්න පුළුවන්.උවමනා වෙන්නෙ ෆෝන් එකයි (චයිනීස් එකක් නම් නියමයි) කතා කරන්න කෙනෙකුයි විතරයි.ඉස්සෙල්ල මේ පෝස්ට් එක ඔයාට කතා කරන්න ඕන කෙනාටත් පෙන්නන්න.ඊලඟට එයාට කෝල් එකක් ගන්න.එයා ආන්සර් කරද්දි ඔයා ෆෝන් එක කණ ...