කඩ්ඩ තමා One | Zero | Zero විභාග ශාලාවෙන් පිටත එකම කසුකුසුවකි. තම තමන් ලියු පිළිතුරු සසඳමින්, ප්‍රතිථල අනුමාන කරමින් මිතුරු මිතුරියන් කතාබහේ යෙදෙද්දී හුදෙකලා මම තනිවම පඩිපෙල නැග ප්‍රධාන මාර්ගයට පිවිසුනෙමි. බස් නැවතුම කෙලවරක කසාවතින් සැරසුණු පැවිදි කෙනෙකි. මට පිටුපා සිටියේ මෙහෙනියක් බව හඳුනා ගැනීමට හැකිවිය. සිතට දැනුනේ කවරාකාර හැඟිමක් දැයි සිහිකරන්නට වෙහෙසෙන නමුත් තවමත් පැහැදිලි නැත. ඇය හා කතා කාරීමේ බලවත් උවමනාවකින් දැවීගියෙමි. නමුත් මින් ...
තාත්තාගේ ලව් ස්ටෝරිය One | Zero | Zero ගුණසේන අපේ තාත්තා. හැටගණන්වල කොළඹ වැඩකරද්දි යාළුවො එක්ක කළේ පත්තරවල මිතුරු හමුවෙන් කෙල්ලො සෙට් කරගන්න එක.ඔන්න ඔහොම ගුණසේනට ගාල්ලෙ කෙල්ලක් සෙට්වුණා. මාස කීපයක් තිස්සෙ ලියුම්වලින්ම වැඩේ තිතට ගිහින් කාලෙකදි දෙන්නට හම්බවෙන්න හිතෙනවා.ගාල්ලෙ ස්ටේෂන් එකේදි හමුබවෙමු කියලා දින වෙලාවලුත් එක්ක කලින් කතාවෙනවා. ගුණසේන කියන්නෙ එයා ගාලු එන්නෙ යාළුවෙක් එක්ක කියලයි.කතා කරගන්න දවසෙ තමන් එක්ක යන්න හිටපු යාළුවට හදිසි රාජකාරියක් වැටෙන නිසා ...
දීකිරට සාක්කි කියපු අය One | Zero | Zero සුදු හඳුන් වටිනා ඹෞෂධයක්. කිලෝවක මිල දාස්ගානක්, රත්නපාලගේ වත්තේ තිබුණු ගස් වලින් වැඩිහරියක් මේහේතුව නිසා හොරු කපාගෙන ගියා, ඉතිරි ගස් කිහිපයත් යන්නේ හොරුන්ගේම අතට කියලා දැනගෙන උන්නු රත්නේ ගස් ටික කපන්න කොත්තරාත්තුව දුන්නේ ප්‍රසිද්ධ හඳුන් ගැනුම් කරුවෙක්ට, ව්‍යාපාරය නීතියෙන් තහනම් නිසාම ගස් කැපුවේ රෑයාමේ. කපාදාපු ගස් ගෙනියන්න නියමිත දාට කලින්දා ගමට නන්නාදුනන කිහිප දෙනෙක් ඇවිත්, ගම්මු කලබල උනා, රෑයාමේ මොකක්ද ...
ඇඩිඩාස් නම හදුනා හැටි (ප්රබන්ධයකි) One | Zero | Zero මේක ඇඩිඩාස් අයිති ඇඩොල්ෆ් ඩැස්ලර් මහතා තමන්ගේ සපත්තු සමාගමට නමක් හොයා ගන්න බැරිව අතරමං වෙලා ඉන්දියාවට ගිහිං නමක් හදා ගත්ත හැටි. එතුමා ගියා ඉන්දියාවේ පාපන්දු තරගයක් බලන්න. ඔන්න එක කණ්ඩායමක් ප්‍රතිවාදී ගෝලය අසලට පන්දුව පාස් කරගෙන යනවා. එතකොට එළියේ ඉන්න ප්‍රේක්ෂකයෝ මහා හඬින් කෑ ගහනවා"අඩි - ඩා" කියලා. අනිත් කණ්ඩායම පන්දුව ගෝලය අසලට ගෙනිච්චත් ඇහෙන්නේ"අඩි - ඩා" කියලා. මේ වචන ...
කාලකන්නියෙක්ගේ හීන One | Zero | Zero හීන...දැන් ඒවත් මාත් එක්ක විහිලු කරනවා. මාවත් විහිලුවකට අරන්. වෙලාවකට හිතෙනවා මේ නිදාගෙන ඉන්නේ වෙන මොකෙක් හරි එකෙක්ද කියල.මුන් ඔක්කොම මට විරුද්දව පෙළ ගැහිලද කොහෙද. ඉරිසියාකාර යක්කු. මුන් මට විරුද්දව දර්ශන පෙන්නනවා. මුන් හදන්නේ මගේ මානසික මට්ටම වට්ටලා මට ප්‍රහාර දියත් කරන්න. ඒවා කොහෙද මාත් එක්ක.මට ලබා ගන්න බැරි දේවල් මට පෙන්නලා තව තව මාව වට්ටන්න හදන්නේ. මම දැන් ඕවට ...
සමාවෙයන් අයියෙ One | Zero | Zero ඒක හෙනගහන අපරාධයක්. ඒ වුණත් ඒක කළේ මගෙ අයියා වුණු උඹ. උඹ ඒ අපරාධෙ කරපු බව මම හොඳටම දැනන් හිටියා. ඒත් පොලීසියෙන් අහපු වෙලාවෙ මම ඒ අපරාධෙ කළා කියලා බොරු කිව්වෙ උඹ හිරේ යනවා බලන්න අකැමැති වුණු නිසා. ඇරත් උඹ එල්ලුම් ගහට ගියාම උඹේ පොඩි එකාට යන කල මොකක්ද? මමත් මීට කලින් ජරා වැඩ කරල තිබුණු නිසා පොලීසියෙ අවධානෙ ගන්න ...
උද්දච්චකම One | Zero | Zero නැවකට රේඩියෝ පණිවිඩයක් පැමිණෙයි."අමතන්න අමතන්න..""ඔව් අමතනවා අමතනවා..""කරුණාකර මේ නැව වමට හරවන්න. මෙය අනතුරු ඇඟවීමක්""අපට ඉදිරිය අපැහැදිලියි. ඒ නිසා කරුණාකර ඔබගේ නැව හරවාගන්න.""මා නැවතත් කියනවා. කරුණාකර ඔබගේ නැව වමට හරවාගන්න.""ඇයි මම හරවන්නේ. ඔබගේ නැව හරවාගන්න.""මා නැවතත් දැනුම් දෙනවා. කරුණාකර උපදෙස් පිළිපදින්න.""මේ නැව යුධ නැවක්. ආයුධ තියෙනවා. මේක හරවන්නෙ නෑ. ඔබේ නැව හරවාගන්න.""උපදෙස් පිළිපැද්දේ නැති නම් ඔබට විශාල විනාශයක් සිදුවිය හැකියි.""මොන මගුලකටද ...
ආදරේ හැටි One | Zero | Zero වෙනද වගේම අදත් ඔයාව හම්බ වෙන්න ආවේ ගොඩක් ආදරේ හිතේ තියාගෙන. තවමත් මගේ කියල අයිතියක් නැති, නමක් නැති, බැඳීමක්, ඔයාට දැනෙන්නේ නැති උනත් ඔයාගේ හිතුවක්කාර කොළු වැඩවලට නොවෙනස්ව ආදරේ කරන නිසාම වෙන්න ඇති මේ තරම් දුක.වෙනද වගේම මේ ගන්ගරමේ ඒ බංකුව උඩ ඔය උරහිසට ඔලුව තියාගෙන ඔය තොල් වල උණුහුමට නළලත රේඛා මැවෙන මේ සුන්දර ඉර ගිලෙන හැටි ඔහේ බලන ...
අත් One | Zero | Zero රක්ත වර්ණයෙන් පිරුණු දෙකොපුල්, සතුටින් ඉපිලීගිය මුව කමල .මනාව දිගටිව තබා වර්ණ ගල්වා තිබූ නියපොතු, පුලුන් රොදක් තරම් සිනිඳු ඒ අත් අහා කෙතරම් සුන්දරද ඇය.සුදුමැලි වූ ශෝකී මුහුණ .අවපැහැගැන් වී කොටටම කපා තිබූ නියපොතු, ඉලිප්පුනු නහරවලින් යුත් ඒ ගොරෝසු අත්.අත් ඒ අත්මම එක එල්ලේ ඇගේ අත් දිහා බලා සිටියෙමි. වසර පහළොවකට පෙර ඇයගේ තරම් සියුමැලි අතක් මම කවරදාකවත් නොදැක තිබුනෙමි. ...
බැස්කර්විල් බලු රැළක් One | Zero | Zero රකුසු වෙස් ගෙනමුඩුබිමට මානිතර එලවනආදි කල්පිත සත්වයෙකු ඇතමගේ සිහිනෙකකොටස් වශයෙන්දමා බය කරනඅඩ නින්දකින් වුව වැළපෙනමේ දරුණු සාපය නිම කරඅකමැතිද එන්න මා සිහිනෙටතූතන්කාමන්ටත් වඩා බලගතුඅයෙකි ඔබ නම් පෙම්වතමෙතරමින් මා බය කළයකා නොපෙනන අයුරු ඔබ හටසීනි බෝල කෑ විටඑහෙම වෙන බව කීවටමුඩු බිමේ ඒ යකු හටඑක දතක් වත් නැත මගේ මතකෙටබැස්කර්විල් දඩ බලු රැළක් මටගෙනැත් දෙන්නට හැකිනෙ ඔබ හටමගේ ඇද යටඑක්කො අයිනකපාක් ...
නොදත් තනුවක් One | Zero | Zero පොල් අතු වහල තත් භාණ්ඩයක් කොට ගත් අනෝරා වැස්ස වයන තනුව මේ කුමක්දැයි නොදන්නා නමුත් එහි යම් මිහිරි බවක් කුසුම්ට දැණුනි. කුඩා කල සිටම ඇය මේ හඬට ආශා කළද එවැනි මතකයක් සිහි නොකළේ එය දුරදිග ගොස් පෙර වැරැද්දක් සිහිවනු ඇතැයි සිතූ නිසාවෙනි. චීත්තයක් හිසේ සිට පෙරවාගෙන ලොකු කෙලී නිදනු දුටු කුසුම් සෙස්සන් දෙස නොබලාම උන් නිදන බව තීරණය කළාය. සිතෙහි ...
Girls Vs Bus තියරිය One | Zero | Zero “ගෑණු ළමයි පාරේ යන බස් වැනිය, එකක් වැරදුනොත් අනිකේ යා හැකිය.” බලන්න මේ කියමන අහල තියෙනවද කියල. මේක තියරියක් නම් අපිට මේ තියරිය ගොඩනගන්න වෙන්නෙ උපකල්පන 2ක් මත. 1. ගෑණු ළමයා = බස් එක 2. දවසක් = ජීවිත කාලය කොහොම උනත් ඒක ඇත්තක්ද කියල තීරණය වෙන්නෙ ඔබ බස් එකට ගොඩ වෙන්න හදන තැන මතයි.කොළඹ පැත්තෙ නම් පාරවල් වල එක බස් ...
ගින්න... One | Zero | Zero ගණ අඳුර පීරමින්අනන්තය තෙක් ඇදුණුනිසල ඇස් හෙලන එමහිස් බැල්ම කියයි ඔබේසිතේ සිර වූ ගින්න...රාත්‍රියේ නිහඩ බවතුනී කරමින් හෙලනසුසුම් පොඳ කියයි ඔබේසිතේ සිර වූ ගින්න...වියලී ගිය මහ පොලවතෙමන්නට තැත් කරනඑකක් පසු පස ඇදෙනකඳුලු බිඳු කියයි ඔබේසිතේ සිර වූ ගින්න...අසරණ වූ ඔබේ සිතසනසවන්නට තනනමා සිතත් ගොළු කරයි ඔබේසිතේ සිර වූ ගින්න...මේ සියළු ලබැඳියන්යලි දිනෙක මේ සසරේහමුව යලි වෙන් වෙලායලි මවයි ඔබේසිතේ සිර ...
වැඩ කෑල්ලෙන් වැඩක් නැත One | Zero | Zero Unknown Number Calling....හෙලෝ... ..... හෙලෝ කව්ද කතාකරන්නෙ?ඔයා කොට්ටාවෙද?නෑ වැරදීමක් වෙලාඑහෙනම් කොහෙද ඔයා?මං හිතන්නෙ වැරදීමක් වෙලා. අංකෙ හරිද බලන්න.ඔයා කොහෙද කියන්නකොකතාකරන්න ඕනි කෙනාගේ නම කියන්න කරුණාකරල. මං හිතන්නෙ වැරදීමක් වෙලා. අංකෙ හරිද බලන්න.නෑ ඔයාටයි කතාකරන්නෝනි.මාව දන්නවද? තමුන් කව්ද?දන්නෑ දැනගන්න ආසයි.(හිතෙන්...) හිටපන් උඹට දනවන්න මං කව්ද කියල මේක කට් කරල.Received calls > Unknown Number ...
කාන්තා විමුක්තිය... One | Zero | Zero එක ග්‍රහලෝකයක් තිබ්බා. එහෙ කාන්තාවන්ට තිබ්බේ පිරිමින්ට සමතැනක්. පිරිමි ගැහැණු කියලා කාටවත් විශේෂ සැලකිලි තිබ්බේ නෑ. ඒ රටේ ගෑණු හිටියේ හරිම දුකෙන්.මොකද... ගෑණු කෙනෙක්ට පොරකාලා නඟින බස් එකක ලේසියෙන් වාඩි වෙලා යන්න ලැබුණේ නෑ. ඉස්කෝල වල රණ්ඩු වලදී එහෙම ගෑණු ළමයි පිරිමින්ගෙන් ගුටිකාලා රෝහල් ගත කළ අවස්ථා බොහොම වැඩියි. ළමයි හම්බ උනාය කියලා එයාලට විශේෂ නිවාඩු තිබ්බේ නෑ. ඒවා ලැබුණේ ...
සමනල්ලු One | Zero | Zero ජයමංගල ගී හඬ මැද්දේ මංගල පෝරුව අසල රෑදී සිටීම මානසික විඩාවකි. ඔහු මා පසෙකින්ය, අද ඔහුගේත් මගේත් සිව් අවුරුදු ප්‍රේමය නිමා වේ. ඒ විවාහයකිනි. නමුත්.. පෝරුවේ චාරිත්‍ර නිම කල වහා දැඩි හදිසියක් මවා පාමින් හෝටලයේ වැසිකිලිය දෙසට දිවගියමි. කැඩපත ඉදිරියේ පෙනෙන මගේ දෙනෙත් කඳුලු බරවී තද රත් පැහැවී තිබිනි. ඒවාට නිදහසේ ගලායාමට ඉඩ දිය යුතුය. සරසවිය පුරාවට අප ඇවිද ගිය ...
කොහොම කියන්නද One | Zero | Zero මට ඔයාට කියන්න දෙයක් තියනවා. මේක ඔයාට නොකියම හිතේම තියන් ඉන්න ගොඩාක් උත්සාහ කළා. ඒත් මට තවත් ඉන්න බෑ වගේ දැනෙනවා. මං අද ඒක ඔයාට කියනවා. ඒත් ඒක කිව්වම ඔයා මං ගැන මොන විදියට හිතයිද දන්නැහැ. කෙල්ලෙක් කොල්ලෙක්ට මුලින්ම ආදරෙයි කියන එක අසාමාන්‍යයි වගේ දැනෙනවා තමයි. ඒත් හැඟීම් තියෙන්නෙ පිරිමි අයට විතරක් නෙවෙයි කියල ඔයා විශ්වාස කරනව නේද? ඔයාව නොදැකම මං ඔයාට ආදරය කරන්න අරන්. මේක බලල මට ...
අලි කෙන්ද One | Zero | Zero මේ බලපන් මගේ අළුත් මුද්ද.නියමයිනේ. මොකද්ද බන් ඔය මැදින් කළු පාටට තියෙන කෙන්දක් වගේ එක? උඹට මතකද කාලෙකට කලින් පත්තරේ ගියා හබරණ කැලේ හිටපු මහ භයානක තනි අලියෙක් ගැන. ඌ ඒ පැත්තේ මිනිස්සු බර ගානක් මරලා තියෙනවා. හේන් වලට පැනලා මහ විනාශ කලා ඒ දවස් වල. අන්න ඒ අලියා පණපිටින් ඉන්නකොට උගේ වලිගෙන් ගලෝපු මවිල් වගයක්. මේක දාගෙන ඉන්න වෙලාවට ...
වැලන්ටයින්ස් ඩේ... One | Zero | Zero "මචං අර දේවි එකේ කෙල්ල කනත්ත ළඟ හෝල්ට් එකට එනවා කියලා මෙසේජ් එකක් දාලා තිබුණා බං. අතේ සතේ නෑ, අම්මාගෙන් ඉල්ලුවාම බස් එකට මිසක වැඩිපුර සතයක් දෙන්නෙ නෑ කිව්වා. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ“අගනුවර ප්‍රධාන පෙළේ පාසලක කොලු ගැටයන් දෙදෙනෙකුගේ බරපතල ප්රශ්නයකි."හම්ම්ම්...... හරි මචන් මම කියන්නම් අපි යමු කනත්තට."තම සගයා පත් වී ඇති බරපතල ප්රශ්නය වටහා ගත් අනෙකා කමල් වන ...
ආදරේට සමීකරණයක් One | Zero | Zero ඉස්සර කාලෙක තර්කයයි හේතුවයි හැර වෙන දෙයක් පිළිනොගත්ත කාලෙක මම ආදරේට සමීකරණයක් හෙව්වා. ඒ දවස්වල මම ආදරේ මානසිකව සහ කායිකව වෙන් කරල ඒ විචල්‍ය දෙක ආදරේ කියන ශ්‍රිතය තෘප්ත කරන පොදු සමීකරණයක් සැලසුම් කලා.දෙන්නෙක් අතර ගැලපීම් ආදරේ ශක්තිමත් වෙන්න කොයි තරම් බලපානවද කියල බලන්න මම ඒවත් සමීකරණයේ විචල්‍ය කලා.ම්හ්... ඒක එච්චර සාර්ථක වුණේ නෑ... දැන් මම දන්නව ආදරේ තර්කයට අහු ...