වාත ගුගලා One | Zero | Zero ගුගලා මුලින්ම ආවේ ඒ කාලෙ තිබුණ හැම ඊ-මේලයකටම වැඩි ඉඩක් නොමිලේ දෙමින්ය. අපි ගොඩක් අය ඊ-මේල් එකවුන්ටෙකේ ගිගාබයිට් තුන හතරකට වඩා පාවිච්චි නොකරත් අපේ පෙරේතකම ගුගලාගේ මේල් ගැටේ උනේය.ඒ මේලය හදද්දී පරණ මේල් එකක්ද වෙරිෆයි කරන්නට දුන්නේය.පස්සෙ කාලෙක ගුගලා ටූ වේ වෙරිෆිකේෂන් කියා අටමගලක් හඳුන්වා දී අපේ මොබයිල් පෝන් අංකයද ඩැහැගත්තේය. අවුරුදු කීපෙක ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් ඉලව්වක් නිසා දැන් අපි යන ...
ආදරේට සමීකරණයක් One | Zero | Zero ඉස්සර කාලෙක තර්කයයි හේතුවයි හැර වෙන දෙයක් පිළිනොගත්ත කාලෙක මම ආදරේට සමීකරණයක් හෙව්වා. ඒ දවස්වල මම ආදරේ මානසිකව සහ කායිකව වෙන් කරල ඒ විචල්‍ය දෙක ආදරේ කියන ශ්‍රිතය තෘප්ත කරන පොදු සමීකරණයක් සැලසුම් කලා.දෙන්නෙක් අතර ගැලපීම් ආදරේ ශක්තිමත් වෙන්න කොයි තරම් බලපානවද කියල බලන්න මම ඒවත් සමීකරණයේ විචල්‍ය කලා.ම්හ්... ඒක එච්චර සාර්ථක වුණේ නෑ... දැන් මම දන්නව ආදරේ තර්කයට අහු ...
නිර්වාණයේ දොරකඩ හිඳිමි One | Zero | Zero බිම වැටිච්ච චොකලට් කොල වලට කූඹි එකා දෙන්න එන්න පටන් ගන්නකොට උඩට යන දුම් වලා අතරින් මට එයාගේ රූපේ මැවිලා පෙනුනා. ඒ කාලේ වෙච්ච සුන්දර, දුක්බර දේවල් මතක් වෙලා ඔළුව තවත් මත් උනා. ඒ දවස් වල දැනිච්ච නැති දුකක් දැන් දැනෙනවා, ඒක ඒ කාලේ දැනුනා නම් දැන් දුක නැතුව ඉන්න පුළුවන් කම තියෙන්න ඉඩ තිබ්බා. ඒත් ඒක එහෙම උනේ නැහැ. ...
පෙරේරා මහත්තයා සහ බත් පිඟාන One | Zero | Zero පෙරේරා මහත්තයා පරිපාලනේ අපේ අංශෙ ලොක්කා. ලොකු ගෙයක් තියෙනවා. වාහන දෙකක්ම තියෙනවා. ජේත්තුවට අඳින මිනිහා. හැමදාම කෑම ගේන්නෙ ගෙදරින්. කරපිංචක් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි පිඟානම කාලා ඉවර වෙනකං මාළු කෑල්ලට අතවත් තියන්නෙත් නෑ. බිත්තරයක් මස් කෑල්ලක් ගෙනාවත් එහෙම්මමයි. හැමදාම ඉතුරු කරගෙන ඉඳලා කන්නෙ අන්තිමටම.හැමදාම මේක දැකපු ශාන්ති මිසී දවසක් ඇහුවා ඔය ගැන.පෙරේරා මහත්තයා පොඩි කාලෙ හිටියෙ මෝදර මුඩුක්කු පේළියෙලු. ගෙවල් ...
විද්‍යුත් ප්‍රේමයේ ආදීනව හෙවත් Good Morning Sweet Heart One | Zero | Zero ස්ටාෆ් රූම් එක කෙළවර ඇය හඬනවා.පෙම්වතාගෙන් Good Morning Message එක ඇවිත් නැති වේදනාවට.සියලු ගුරු යෙහෙළියො ප්‍රේමෝපදේශ දෙන්න වෙනදා වගේම ඇයව වට කරගෙන. පීරියඩ් එකට තව වෙලාව තියනවා. ඉතින් මමත් පාඨමාලාවට සවන් දුන්නා.ශානි- ඌව අතෑරපං. ඔහොම අය වැඩක් නෑනෙවින්දි- Sure වෙන කෙල්ලෙක් ඇති.මධු- එයාලාට තේරෙන්නෙ නෑ. අපිට Message එකක තියන වටිනාකමමල්මි- තමන්ගෙ ගෑණි වෙනුවෙන් තත්පර හතරක් දෙන්න බැරි මිනිහාගෙ වැඩේ මොකක්ද? ...
NO POLITICS One | Zero | Zero "මිනිසා දේශපාලන සත්වයෙකි" එහෙමයි දේශපාලන විද්‍යාවට ඉගැන්නුවේ, එතකොටආර්ථික විද්‍යාවෙදි, කුටුම්භ සහ ව්‍යාපාර අංශවල ක්‍රියාකාරකම් රජය එහෙමත්නැත්නම් දේශපාලන බලාධිකාරයේ ඍජු මැදිහත්වීම මත තීරණය වෙනවලු. ව්යාපාරඅධ්යනයට, කළමනාකරණයට, ගිණුම්කරණයට අනුව නම් භාහිර පරිසරයෙ වඩාත්තීරණාත්මකම, වැදගත්ම සාධකය දේශපාලනයලු.ඒ කතාවත් ඇත්ත. අද කාලෙ පාරකට තාර ටිකක් දාගන්න, පාලමක් බෝක්කුවක්හදාගන්න කොටින්ම එක වසරට ළමයෙක් දාගන්න පුළුවන්ද දේශපාලකයෙකුගෙ ලිපියක්නැතිව?හැමදේම දේශපාලනය මතම තීරණය වන මේ ධර්මද්වීපයේ ක්‍රියාශීලීම බුද්ධිමත්මතරුණ
පොඩි එකිගේ ආසාව.. One | Zero | Zero අල්ලපු ගෙදර අක්ක කම්පියුටරෙන් ෆිල්ම් බලනවා. එයාගේ මොන්ටිසෝරි යන පොඩි දූ මේසේ වටේ කැරකි කැරකි ඉන්නවා. අතේ මොකක්දෝ ගුලි කරගෙන..හිටී ගමන් සද්දයක් නෑ ..විනාඩියකට විතර පස්සේ අසනීප මුණක් හදං,"අම්මේ මට සනීප නෑ "අම්ම ගානක් නැතුව ''හා දූට බෙහෙත් බොන්න ඕන වෙලාද"දූ: "අම්මේ, බෙහෙත් තියෙන්නේ නිකං තියන්නද, ලෙඩක් ආවම බොන්න නේ"අම්ම: "ගුටි කන්නැතුව දෙනව ඔය පැනඩෝල් කාඩ් එක"ළඟ හිටපු මට හිනා..පස්සේ ...
වෙනස One | Zero | Zero සරත් මිලදීගත් අත් ට්‍රැක්ටරයේ වන්දනා ගමන අරඹා පැය කිහිපයකි, ගමන ආරම්භයේ සිටම සුරතල් පුතු පාසැලෙන් ඉගෙන ගත් නොයෙක් කවි ගායනා කල අතර දියණියද ඔහුගේ සහයට ඉදිරිපත් විය. තොර තෝංචියක් නැතුව තෙපලන බිරිඳගේ මියුරු වදන් රිය පැදවීමේ වෙහෙස නිවාලීය.සමරසිංහ මහතාගේ බිරිඳ සිටියේ තම අසුන ඉදිරියේ ඇති කුඩා තිරයේ විකාශනය වන හින්දි චිත්‍රපටියේ නළුවාගේ දුක බෙදාගනිමිනි. දියණිය ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය හරහා ලෝකය ...
අලි කෙන්ද One | Zero | Zero මේ බලපන් මගේ අළුත් මුද්ද.නියමයිනේ. මොකද්ද බන් ඔය මැදින් කළු පාටට තියෙන කෙන්දක් වගේ එක? උඹට මතකද කාලෙකට කලින් පත්තරේ ගියා හබරණ කැලේ හිටපු මහ භයානක තනි අලියෙක් ගැන. ඌ ඒ පැත්තේ මිනිස්සු බර ගානක් මරලා තියෙනවා. හේන් වලට පැනලා මහ විනාශ කලා ඒ දවස් වල. අන්න ඒ අලියා පණපිටින් ඉන්නකොට උගේ වලිගෙන් ගලෝපු මවිල් වගයක්. මේක දාගෙන ඉන්න වෙලාවට ...
හැමදාම තියේනම් ෂෝක් නේද අම්මෙ? One | Zero | Zero වරෙල්ලා මේ කහට ඩිංග බීලා නටාපල්ලා.සි..ර්යාවතී....... සිරියාතියේ...ම..ටත්.. ඩිංගක්...අම්මට ලුණු කැඳ ඇති.හ්ම්හ්..ඊයෙ මං.. හීනයක් දැක්කා...මෙහෙ දානයක් තිබුණා බං...අපරාදෙ මාස ගානක් කන්ඩ ඇති බං අපටමට මේං මීට වැඩිය කන්ඩ බැරිවුණා හ්ම්හ්... හැති බං...හ්ම්... හෙටනං උඩහ නෙළන්ඩ යනවා. දෙසිය පනහක් හම්බුවෙයි.අම්මේ... අම්මේ....!අනේ... අම්මේ...!!ඕනෙ දෙයක් තියෙනවනම් කියන්ඩ සිරියාවතී.මරණාධාරෙන් කරල දෙනව මහත්තයා....මොකද වුණේ?කන්ඩ බැරිවුණා....අපේ නැන්දම්මටත් ඕකනෙ. සස්ටජන් ටික බීගන්ඩ බැරිවුණා.මොනව වුණත් වාසනාවන්ත මරණයක්.එකතැන්
ආදරයද මේ..... One | Zero | Zero සඳ...ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා.....මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්...මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි.... ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ.... ඔයාට මොනවා හරි උනොත් මන් මැරෙනකම් ඔයා එක්ක ඉන්නවා..... ඔයාව මගේ ඇස් දෙක වගේ ජීවිත කාලෙම බලාගන්නවා.....ඔයාගේ සතුට තමයි මගේත් එකම සතුට....... මන් අද හවසට පොඩ්ඩක් එළියට යනවා.....ඒ මොකටද.....අද අපි පොඩ්ඩක් සෙට් වෙනවා..... යාළුවෙක් ගේ ...
ඇඩිඩාස් නම හදුනා හැටි (ප්රබන්ධයකි) One | Zero | Zero මේක ඇඩිඩාස් අයිති ඇඩොල්ෆ් ඩැස්ලර් මහතා තමන්ගේ සපත්තු සමාගමට නමක් හොයා ගන්න බැරිව අතරමං වෙලා ඉන්දියාවට ගිහිං නමක් හදා ගත්ත හැටි. එතුමා ගියා ඉන්දියාවේ පාපන්දු තරගයක් බලන්න. ඔන්න එක කණ්ඩායමක් ප්‍රතිවාදී ගෝලය අසලට පන්දුව පාස් කරගෙන යනවා. එතකොට එළියේ ඉන්න ප්‍රේක්ෂකයෝ මහා හඬින් කෑ ගහනවා"අඩි - ඩා" කියලා. අනිත් කණ්ඩායම පන්දුව ගෝලය අසලට ගෙනිච්චත් ඇහෙන්නේ"අඩි - ඩා" කියලා. මේ වචන ...
බිග් මැච් One | Zero | Zero ආනන්ද නාලන්ද ගුටි බැට හුවමාරුව පසුදින උදයේත් රුපවාහිණි තිරයේ දිස් විය.'නංගා මේ ටිවී එක ඕෆ් කරලා දාන්න.'ජිතේන්ද්‍ර තම නැගණියට කීවේය.'මචං අරුං අපේ එවුන්ට ගහලා, ඕක නිකං අතෑරලා බෑ අපිත් දෙන්න ඕනේ රිටන් එක.'බිග් මැචයේ තුන්වන දිනය අවසානයේ ක්‍රීඩා පිටිය අහියස මාර්ගයේ මහා ගාලගෝට්ටියකි. එය වැලැක්වීමට ගිය පොලීසියටත් විශේෂ පොලිස් බලකායටද ගුටි වර්ෂාවකින් පිලිතුරු ලැබිණි. 'අම්මෝ'තඩි පොල්ලක් තම හිස මතට පතිත ...
අපිට පිස්සු ඕයි One | Zero | Zero දඩස්!සුපර්මෑන් යනවාවගේ දැනුනා මිලිතප්පර ගානකටමම ඇස් ඇරියේ නෑ, ආතල් වැඩිකමට.ඒත්එක්කම ආර්නෝල්ඩ්ගෙන් මූණට පාරක් වැදුණා වගේ දැනුනාමම නෙවෙයි ඇස් ඇරියේ, මූණ පුරා පැණි බේරෙනවා දැනුණා.පොඩි කරපු ඇස් අස්සෙන් මට චායාවල් යනවා පෙනෙන්න ගත්තා..,එකපාරටම..,මොකෙද්ද මූ.., කියලා අහනකොට...,හොරෙක්, වංචා කාරයෙක්,අර අතේ පච්චේ හැටි?මුට පිස්සු..!ටක්කෙටම මූ පොන්සියෙක්, බලන්නකෝ රෝසපාට සර්ට් එකේ හැටිමුට පිස්සු..!අක්කේ මූ කුඩ්ඩෙක් "පේන්නැද්ද තොල්"හ්ම්ම් කලුයි නේ..?මුට පිස්සු..!මෙයා වැටුනේ පාර මාරුවෙන්න ගිහිල්ලාලුතමුසෙට ...
ආතල් One | Zero | Zero මචන් මට මේක මාර ආතල්.ඔය මොකද්ද? ඔය වගේ දේවල් වලට ආතල් ගන්න උඹට ලැජ්ජ නැද්ද? ඕකෙන් නෙමෙයි මේකෙන් ආතල් ගනින්.ඕවායින් මට ආතල් නැහැ, මට ආතල් මේකෙන්.එහෙම කොහොමද උඹ, උඹට ඕනේ ඕනේ දේවල් වලින් ආතල් ගන්නේ.ඉතින් මන් ආතල් ගන්න ඕනේ, මට ආතල් දේවල් වලින් නේ.එහෙම බැහැ. උඹ ඔය වගේ දේවල් වලින් ආතල් ගන්නවා දැක්කම මට ආතල් නැති වෙනවා.ඉතින් හරි, උඹ නෙමෙයි ...
වස්සානයට පෙර One | Zero | Zero 'මොකක්ද බං ඒ සද්දේ? කවුදෝ කෙඳිරි ගානව වගේ, ගෑණු කටහඬක්!'අවාරේ සිරි පා වඳින්න, කුරුවිට පාරෙන් යන නඩයකට කැලෑව තුළ තිබුණු පුංචි පන්සලකින් මේ ශබ්දය ඇසුණි. ඉන් එකෙක් පන්සලේ කාමරය තුළට එබිකම් කර බැලුවේය. ඒ දුටු දෙයින් ඔහුගේ ගතත් සිතත් සලිත විණි.'ගමේ පන්සලෙත් මෙහෙමත් හාමදුරුවරු, මදැයි වන්දනා ගමනක් ඇවිල්ලා දැක ගත්ත දේ'තවමත් මැදි වයසේ සිටි ඔහුගේ ගතින් දහඩිය රූරා වැටුණි. අඳනකඩය ...
වැලන්ටයින් උඹත් ආවේ One | Zero | Zero වල්ඩ් කප් පැරදුනා නේ, ඉසෙඩ් අකුරකුත් හිර උනේ, අර මේජර් කෙනෙකුත් ගුටිකෑවේ, සෝනු නිගමුයි ජෝන් සිකාඩයි ඉස්ටැන් කෙලීත් ආවේ, ඇයි සුමන ගෝමස් අක්කත් මෙහෙ ආවේ, විභාගේ ප්‍රශ්නත් පිට උනේ, ඒ අස්සෙනේ ෆෝන් වලට මයිටාවොත් ආවේ, ඇයි පාට පාට වැහි හිටන් වැස්සනෙ, කොහොම හරි ලෝක විනාසේත් ආවනේ, නයෙක් උසාවිත් ගියේ, දක්ෂිණ අධිවේගේ කැන්ටිමකුත් ඇරියනේ, චන්ද්‍රිකාත් උඩ ගියේ, පාර්ලිමේන්තුවේ මෙනු එකත් වෙනස් ...
අත් One | Zero | Zero රක්ත වර්ණයෙන් පිරුණු දෙකොපුල්, සතුටින් ඉපිලීගිය මුව කමල .මනාව දිගටිව තබා වර්ණ ගල්වා තිබූ නියපොතු, පුලුන් රොදක් තරම් සිනිඳු ඒ අත් අහා කෙතරම් සුන්දරද ඇය.සුදුමැලි වූ ශෝකී මුහුණ .අවපැහැගැන් වී කොටටම කපා තිබූ නියපොතු, ඉලිප්පුනු නහරවලින් යුත් ඒ ගොරෝසු අත්.අත් ඒ අත්මම එක එල්ලේ ඇගේ අත් දිහා බලා සිටියෙමි. වසර පහළොවකට පෙර ඇයගේ තරම් සියුමැලි අතක් මම කවරදාකවත් නොදැක තිබුනෙමි. ...
කෝච්චිය One | Zero | Zero පාසල නිමවි මරදාන ඉස්ටේසමට එක් රොක් වෙන දඟකාර යුවතියන් ගෙනුත් කොලුගැටයන් ගෙනුත් මුලු ස්ටේසමම පිරී ගොසිනි. තැන් තැන් වල ආදරය කරනා පුංචි කොලු, කෙලි පැටික්කියන්ය. තවත් තැනෙක විහිලු තහලු කරගන්නා තරුණියන් රොත්තකි. තවත් තැනෙක ගැහැණු ළමයින්ට බැලම හෙලනා කොලුගැටයන්ය.'පස්වන වේදිකාවට දැන් පැමිනෙණ දුම්රිය කලුතර බලා පිටත් වේ. එය කලුතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.'යකඩ කටින් කියවුනු ඒ හඬ ...
සුජාත දියණි One | Zero | Zero කම්මුල් දෙපස රත්පැහැවී ඇති බවට නලල මත හීනියට මතුවුනු දාඩිය බිඳු කියා පෑවේය! එකවර බොහෝ දෙනෙකුගේ අවදානයට ලක්වීම කෙතරම් නුහුරු හැඟිමක්දැයි දැන් මා දනිමි! එහෙත් ජීවිතයට ගතයුතු කොලුම තීරණය හමුවේ මෙලස මහ පොලොවට දෙනෙත් යොමා සිටීමෙන් අවාසිය මා හටම බව මා දනිමි! මම හොරැහින් ඔහු දෙස බැලීමි, අරුමයකි! ඔහුගේ හොරය මට හසුවිය, කෙලින් නොබලන ඔහු දුරකතන කැමරාවේ මාගේ සිරි විඳියි! ...