අතීතය දෙස හැරී බැලුවා මං One | Zero | Zero සල්ලිම හොය හොයා නැවතීමක් නැතිව දුවපු, සාද සැණකෙළිවල ජීවිතේ දිය කරපු මම එක විරාමයක අතීතය දිහා හැරිලා බැලුවා.එතකොටයි මං ඔයාව දැක්කේ. මහගෙදර වැලේ තාමත් වනල තියෙන පාට පිච්චුණු මල් මල් චීත්තෙන් ඔයාගේ සුවඳ මට දැණුනා... සාලෙ බිත්තියෙ එල්ලලා තියෙන බොඳවෙලා ගිය පින්තූරෙන් එදා හිනාවම අදත් මම දැක්කා.. අනේ මම ඔයා ගැන හොයල බැලුව හොඳටම මදි අම්මේ...රිදී සුළඟට රුවල් බැඳගෙනදිවි සයුර ...
පාර වෙනස් කරමුද? One | Zero | Zero %අපි යන්නේ කොයි පාරේත්රිමා බාලෙ ගිය පාරේ....^ එහෙම කියද්දි සමහර අය කිව්වා ඒ පාර වැටිල තියෙන්නේ වළට කියලා... මහ හයියෙන් කිව්වට ත්‍රිමා, බාලෙ, වෙනුර, නිෂ්මි ගිය පාරේ ඇත්තටම ගියෙ කීයෙන් කී දෙනාද? එහෙම කෑගහපු හැමදෙනාම ඒ පාරෙම ගියා නම් අධ්‍යාපනේට උසස් අධ්‍යාපනේට මේ තරම් හෙන ගහල තියෙයිද?....%කපා කපා කෑලි කපා අප වළකනු සිතනු එපා....ලේ හැලුණත් පාරදිගේ අපේ ගමන අපි යනවා....^ ...
මව් සෙනෙහස One | Zero | Zero අලුත උපන් බිළිඳෙකුට, නව යොවුන් තරුණයෙකුට, මරණාසන්න මහල්ලෙකුට යන මේ හැමදෙනාටම තමන්ගෙ අම්මව දැනෙනවා. කාලයාගේ ඇවෑමෙන් අම්මගෙ රූපෙ ටිකෙන් ටික ක්ෂය වෙලා ගියත්, අම්මගෙ සෙනෙහස තව තවත් වැඩිවෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නෙ නෑ.කිරි පබළුවක් අතින් ගෙනපළමු වර මා පැමිණි දවසේරූපයෙන් මෙන් සෙනෙහසින්කිරි සයුර සේ දැකගතිමි ඇයපන්හිඳක් ගෙන ඇය බලන්නටදෙවැනි වර මා පැමිණි දවසේරූපයෙන් ඇය කලා වැව වැනිසෙනෙහසින් සත් සයුර වී ...
තනිනොතනි One | Zero | Zero ඉස්පිරිතාලෙ ගිය තාත්ත ආපහු එනකම් ඇඳිරි වැටෙන ජාමෙ දොරකඩට වෙලා හිටපු මැණිකට ගේ ඉස්සරහ තිබුණු එරමිණියා ගාල පෙනුණේ නමක් දන්නැති යෝධ සතෙක් තමන් දිහා බලන් ඉන්නවා වගේ. කකුල් වටේ දැවටි දැවටි හිටපු කළු පූසත් එළිපත්ත දිගේ යන්න ගියාම මැණිකට තනිකමක් දැනුණා. තනියම උයන්න බැරි උනත් මැණික පොල් ගාල, ලූනු මිරිස් කපලා, වළං හෝදල තිබ්බෙ තාත්තට ඇවිත් උයන්න පහසුවට.සැරින් සැරේ ගෙට ...
නැසෙනසුලු සංස්කාරයෝ One | Zero | Zero වරිච්චි බිත්තියේ හිදැසක් තුළ වූ හූනු බිත්තර තුන පිළිබඳව දිනපතා සොයා බැලීමට සෝම උනන්දු වූවාය. දිනෙක රාත්‍රියේ එක් බිත්තරයක් ගෙන කුප්පි ලාම්පුවේ එළියට අල්ලා බැලූ ඇය ඒ තුළ වැඩෙමින් සිටින කුඩා හූනු පැටියෙකු සිටිනු දුටුවාය. ලොකු හූනන් දුටුවිට පිළිකුලක් ඇති වුවද සෝමා මේ පුංචි හූනු බිත්තර පිළිබඳව ඇල්මකින් පසුවූවාය.එක් දිනක සෝමාට දැකගත හැකි වූයේ එම හූනු බිත්තර තුනෙන් දෙකක්ම බිම ...
නුඹත් නීරෝ? One | Zero | Zero හීන මවපු සමන්තිගෙ අත් අකුරු ආදරේ බිඳුණු දවසෙ විසකරු සර්පයන් වුණා. ඉතින් මම ඒවා ගිනි තිබ්බා. සහනයක් දැනෙයි කියලා හිතලා ගත්ත මධු විතත් දුන්නෙ අපහසුවක්. කරගන්න දෙයක් නැතිව මම වීණාව අතට ගත්තා........ ආදරය ගිනි ගනීඇගේ රුව ඇති ඇගේ සුවඳැතිමා තැනූ රෝමයම අළු අතර සඟවමින්ආදරය ගිනි ගනී..........ඇගේ අත් අකුරු හැඩ විෂඝෝර සර්පයන්වෙළාගෙන මා සිරුර පෙළයි මා විස දළින්හෙළා උන් ගින්දරට රුපු ...
උඩුගං යාම One | Zero | Zero වැස්ස තුරන් වූ පසු ගෙවත්තෙහි වූ කුඩා දිය අගල අසලට පැමිණි දාස, දියේ ගිලුණු තල් පිත්තක් දිගේ ඉහළට රූටා යන ගොළුබෙල්ලෙකු දුටුවේය. දිය පහරට එරෙහිව ඌ යන ගමන ඔහුට කුතුහලයක් ගෙන දුන්නේය.එදෙස මදක් බලා සිටි දාස තල් පිත්තක් ගෙන ඌ යන මගට ඉහළින් දිය පාර හරස් කර තබා මොහොතකින් එය මුදාහැරියේය. එක්වරම පැමිණි වේගවත් දිය පහරට හසුව ගොළුබෙල්ලා පහළට ගසාගෙන ...
මිතුරු රුව One | Zero | Zero උක්කුවා නෙළුම් ගොල්ලේ වහන් වූයේ තදියම ඉවසාගනු බැරිම තැනය. ගොම්මන් කරුවල ඔහුගේ කෘත්‍ය තවත් පහසු කළේය. නමුත් සුළු මොහොතකින් දුටු දසුන උක්කුවාට සිය කටයුත්තද අමතක කළේය. ඒ සයිමාය. මීට අවුරුදු පහළොවකට කලින් වැවේ කට්ටි වළක ගිලී මිය ගිය සයිමාය. ගමේ සැලකිය යුතු පිරිසකට නූල් බැඳ තොවිල් නැටීමට හේතු වූ සයිමාගේ හොල්මනය. නමුත් උක්කුවා සයිමාගේ හොල්මන දකින්නේ මේ පළමු වතාවටය. තමාගේ ...
ආශා මාරුතය One | Zero | Zero පින්සාරි පන්සලට අවෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. පන්සලට ගොඩවෙනකොටම අතීත මතකයත් ඇගේ හිත ගොඩවුණා. මංගල පොඩි සාදු පූජා කරපු මල් උඩින්ම තියල මල් පූජා කරපු හැටි, පොඩි සාදු පස්සෙන් බුද්ධ පූජාව අරන් යද්දි වැලි මළුවෙදි උන්වහන්සෙගෙ අඩි උඩම පා සටහන් තියපු හැටි ඇයට මතක් වුණා.ආවාස ගෙයින් එළියට වඩින මංගල ලොකු හාමුදුරුවන්ගෙ පින්සාර මූණ දැකපු පින්සාරිට මතක් වුණේ දහම් පාසල් පොතක් ...
ආශා මාරුතය One | Zero | Zero පින්සාරි පන්සලට අවෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. පන්සලට ගොඩවෙනකොටම අතීත මතකයත් ඇගේ හිත ගොඩවුණා. මංගල පොඩි සාදු පූජා කරපු මල් උඩින්ම තියල මල් පූජා කරපු හැටි, පොඩි සාදු පස්සෙන් බුද්ධ පූජාව අරන් යද්දි වැලි මළුවෙදි උන්වහන්සෙගෙ අඩි උඩම පා සටහන් තියපු හැටි ඇයට මතක් වුණා.ආවාස ගෙයින් එළියට වඩින මංගල ලොකු හාමුදුරුවන්ගෙ පින්සාර මූණ දැකපු පින්සාරිට මතක් වුණේ දහම් පාසල් පොතක් ...
නොදත් තනුවක් One | Zero | Zero පොල් අතු වහල තත් භාණ්ඩයක් කොට ගත් අනෝරා වැස්ස වයන තනුව මේ කුමක්දැයි නොදන්නා නමුත් එහි යම් මිහිරි බවක් කුසුම්ට දැණුනි. කුඩා කල සිටම ඇය මේ හඬට ආශා කළද එවැනි මතකයක් සිහි නොකළේ එය දුරදිග ගොස් පෙර වැරැද්දක් සිහිවනු ඇතැයි සිතූ නිසාවෙනි. චීත්තයක් හිසේ සිට පෙරවාගෙන ලොකු කෙලී නිදනු දුටු කුසුම් සෙස්සන් දෙස නොබලාම උන් නිදන බව තීරණය කළාය. සිතෙහි ...
ලොක්කිගෙන් ලියුමක් One | Zero | Zero බුදුසරණයි! පොඩ්ඩී වෙත ආදරෙන් ලියමිආදරණීය පොඩ්ඩි,උඹට කොහොමද? අපි නම් හොඳින්. ඒක නෙමේ අපිටත් ආරංචියි උඹේ පලහිලව්ව. මාත් දැක්ක දවසක් දෙකක් උඹ කොල්ලත් එක්ක අත් අල්ලන් යනවා. මල්ලි නම් ලස්සනයි. උඹේ ඇස් වල ආදරේ පිරිල තියෙනව දැක්කම අපිටත් සතුටුයි. උඹත් ඉතින් කවදහරි ආදරේ කරන්නත් එපැයි. හැබැයි උඹ කොල්ලත් එක්ක රවුම් ගහනව වැඩියි කියල අම්ම කිව්වා.. කමක් නෑ පොඩ්ඩියෙ ආදරේ කරපන්. ඒත්...සිහිකල්පනාවෙන්. ...
කාක බෝධිය One | Zero | Zero කාක වසුරක මුහුව විත් තෙමංසල පවුර රැඳි ඇසතු බීජයසිමෙන්ති පොළවේ වූ ක්ෂුද්‍ර පෝෂණයත්, වැසි දියත් අහර කොටලෝකයට රිදී මුල් දිඟු කළේය......වෙර දරා පවුර බිඳ පැලුම් ඉරි දිගේ මුදුන් මුල ටිකෙන් ටික මහ පොළවටම ගෙනගියේය....යවුල් පහරට වැහැරුණත් තැනෙකහේ තිරසරව යමුල් ලා ගත්තේය...ඇවෑමෙන් හේ මහා බෝධියක් විය.. බැලු බැලුවන්ගේ සිත් පිනවමින් රන්වන් පත් ළෙලවන්නට විය.කෙනෙක් බුදු පිළිමයක් තැබුවේය. තවකෙක් බාරයක් ගැටගැසුවේය.%මහා අනුහස් ...
මව් ගසේ උපදෙසේ One | Zero | Zero ළමයිනේ බලාපල්ලා පිරුණු හඳ. අද තමා ඒ දවස. පෙති හොඳට දිග ඇරගෙන ඉඳපල්ලා. සුවඳ විහිදෝපල්ලා.මුලින්ම එන්නෙ වයසක උන්දෑ. උන්දැ උස අතුවලට ළං වෙන්නෑ. ඒ හින්දා පාත අතුවල අය හොඳට මූණ දීගෙන ඉඳපල්ලා. උන්දැගෙ වට්ටියෙ සීයකට විතර ඉඩ තියෙනවා. මාත් පුළුවන් තරම් අතු පාත් කරන්නම්. ඊළට එන්නෙ දුවයි පුතයි. එයාල නම් උස අතු පාත්කරල හරි කඩයි. එයාලත් දෙසීයකටවත් වග කියයි.මේ තමා ...
බස් තොරණ One | Zero | Zero දෙවිවරුන් මැද බුදුරදුන් වැඩවිහිදුවති රැස් නිවී දැල්වෙනඅසන් මහතුනි වෙසක් නොමැතිවබසයෙ දිදුලන වරුණ තොරණක....තිරිංග තද වෙයිතොරණ පත්තු වෙයි....ඇන්ඩ්‍රොයිඩ් දැහැනට සමවැදුණු හිමිනමකිඋන්වහන්සේගේඋරහිසට බර දී නිදනමිනිසෙකිපළමු කොටුවේ.....ආධාර කරති සැවොමලබාගනිති තුන්ඩුමුදල් දී....තිරිංග තද වෙයිතොරණ පත්තු වෙයි....මැදකොටුවෙ සිටන් යනමහලුන්, ගැබිනියන්, ආබාධිතයන්දැක දැකම නිදති සෙසු කොටු අසුන්වලබලවත්තු බවලත්තු.....තිරිංග තද වෙයිතොරණ පත්තු වෙයි....අවසනම කොටුවෙහිමදන නම් වූවෙනම ජාතකයක්ය.......තිරිංග තද වෙයිතොරණ පත්තු වෙයි....නග
එයයි මමයි One | Zero | Zero දසක් බලාපොරොත්තු මල් පලගන්වමින් මගේ යෝජනාවට ඈ කැමති වීමෙන් පසු මුල්වරට අප හමුවී, යන්නේ කොහේද කියා අරමුණක් නැතුව අපි දෙදෙනා ඔහේ ඇවිදිමින් සිටියෙමු.ඇයත් මමත් පියවර මැන්නේ ගිනි මද්දහනේ දූවිළි පිරුණු කොළඹ නගරයේ පාරක වුවත් මට දැනුනේ අපි ඇවිදින්නේ සීතල නුවර එළියේ උද්ද්‍යානයක් තුල හිමිදිරි උදෑසනක කියාය .මටත් නොදැනීම මම ඇගේ අතැඟිලි වලින් අල්ලා ගතිමි.අද කවද්ද?.....සඳුදා.....නැහැ....එහෙනම්....මම ඉස්සෙල්ලාම ඔයාගේ අතින් අල්ලපු දවස...ඇගේ ...
සිංගල් කුඩ යට ඩබල් වෙන හීන One | Zero | Zero වැස්ස දවස් වලට කොහුවල කලර් ලයිට් හරියට වැඩ නෑ. පාර පනින්න නීත්‍යානුකූලව බලාගෙන ඉන්න ඕනෙත් නෑ.මේ වගේ ටයිම් වලට ඇන්ටිලාගෙ මූණු ඉස්කෝල ටීචර් ආවෙ නැති පීරියඩ් එකක ඩෙස් උඩ නටන ළමයින්ගෙ මුහුණු තරම් සුන්දරයි. මෙහෙම වහිද්දියි ලංකාවේ පිරිමි ජනගහනයෙන් බාගයක් කුඩ පාවිච්චියක් නෑ කියලා පේන්නෙ. කෙල්ලන්ගෙ කුඩ අස්සෙ හිර වෙලා කොල්ලො දුක් විඳිනවා. ඔය අතරෙ ඉතින් පෙම්වතියක් හෙම ඉන්නවා නම්, ...
කලචරල් සෙන්ටර් පොයින්ටර් අංකල් One | Zero | Zero ඒක ලොකු ආයතනයක්. එතැන ඉන්නවා අවුරුදු හැටක විතර නිතර හිනාවෙන සිකිරිටි අංකල් කෙනෙක්. ඊයෙ හවස නිල් පාට සල්වාර් එකක් ඇඳපු අවුරුදු විස්සක විතර හීනැදෑරි ගෑණු ළමයෙක් අංකල්ව පහු කරගෙන යන ගමං එතැන ටිකක් නැවතුණා.“අංකල්, ඕස්ට්‍රේලියන් එම්බසියට යන්නෙ කොහොමද?“ ඇය ඇහුවා.“මේ පාරෙන් හැරුණාම ඉන්දියන් කල්චර් සෙන්ටර් එක“ අංකල් කිව්වා. මම ඔල්මොරොන්දම් වුණා. ඒත් සිනාසුණු දැරිය, ඇස් ඉදිරියේ තිබූ ඕස්ට්‍රෙලියන් එම්බසිය දෙස ...
1000ක් දේවල් One | Zero | Zero ඔයාව මුලින්ම දැකපු දවසේ, මගේ හිතේ 1000ක් සිතුවිලි උපන්නා.අපි මුලින්ම කතාකරපු දවසේ, මම 1000ක් හීන දැක්කා.ඔයාගෙන් කැමැත්ත අහපු දවසේ, ඔයා මට 1000ක් දේවල් කියුවා.ඔයා මගේ වෙන්න කැමති වුන දවසේ, මගේ ඉහේ මල් 1000ක් පිපුනා.අරූ එක්ක පාක් එකේ ඉන්නවා අහුවුන දවසේ, ඔයා 1000ක් නිදහසට කරුණු කියුවා.මාව අතෑරලා ගිය දවසේ, මම ඔයාගෙන් 1000ක් ප්‍රශ්න ඇහුවා.ඊලග දවසේ, හීන 1000ක් බිදුනු නිසා මම හොදටම ...
උත්සාහය VS වාසනාව One | Zero | Zero එකමත් එක රටක හිටපු රජ කෙනෙකුට ඕනේ උනාලු වැඩිපුරම වටින්නෙ උත්සාහවන්තයද, වාසනාවන්තයද හොයාගන්න. ඉතිං කොහොමදෝ ක්‍රමේකට රටේ හිටපු වැඩිපුරම උත්සාහවන්තයයි වාසනාවන්තයයි හොයාගෙන කාමරේක හිරකරලා පොලවේ ටිකක් යටට වෙන්න කැවුම් මල්ලක වල දැම්මලු. ඒ හැම කැවුමෙම බුරියේ මැනිකක් හැංගුවලු. වෙන්න ඕනෙ විදියටම උත්සාහවන්තයා දමාගෙන පොලව හාරලා කැවුම් මල්ල හොයාගෙන වල ඇතුලෙම ඉදගෙන කන්න පටන්ගත්තලු. වාසනාවන්තයා එලියෙ ඉදගෙන අමාරුවෙන් කංකෙදිරි ගාන නිසා ...