සිවලෝගනාදන් විද්‍යා කවුද බන් ඒ? One | Zero | Zero විද්‍යා වෙනුවෙන් හඬ නැගූ බොහෝ දෙනෙකුට අද ඇයව අමතක වී ගොස්ය. ඇයට මතු නොව සියලු දෙනාට එය පොදු ධර්මතාවකි. වඩා වැදගත් වන්නේ ලක්මවු තුරුලෙන් සමුගත් විද්‍යා නොව තවමත් ලක් පොළව මත කෙලිදෙලෙන් දුව පනින දහස් ගණනක් වූ අහිංසක විද්‍යාවන්ය. අසැබි සලරූ බලා මොළ මළපහෙන් පුරවා ගත් අවිද්‍යාවෙන් ඇස් වැසුණු අසංවේදී කැනහිළුන්ගෙන් ඔවුන් රැකගැනීමට පියවර ගත යුතුය. එසේ නොවී තවත් විද්‍යාවක ...
වෙනස් එකියක් One | Zero | Zero අතීතය අවි අමෝරා විත් හදවතට ඇන සැඟව ගිය දිනයෙක අවසන් හෝරා කිහිපයේ මම ගලා යන වේදනාවක් ගැන සිහි කරමි. මා හා බැඳී සිටි මා පමණක් සියල්ල එකවර දන්නා නම් කිහිපයක්ම ඇත. ඒ සියල්ලටම මා නොවනස්ව පෙම් කළ බව දනිමි. නමුත් මා ඔවුන්ගෙන් ආදරේ ලැබූයේ එක හා සමානව නොවේ. ඉන් එක් ඇත්තියක් ඉතා උච්ච වූවාය. රූපයෙන් අග නොවුණද ඇය ආදරය කිරීම ...
ILYFIML One | Zero | Zero ILYFIML හැම sms එකක්ම අවසානෙ ඔයා මට මේ කොටස එව්වා. මුලින්ම එවපු සැරේ මම ඇහුවා,මොකක්ද මේ අවසානෙට තියෙන්නේපුළුවන් නම් කියන්නමුල් අකුරු තුන නම් I love you ඉතිරි ටික?ඔය තියෙන්නෙ I love you forever in my life, මම ඔයාට හාමදාමත් මගෙ ජීවිතෙන්ම ආදරෙයි කියලාඒ කිව්වා වගේම ඔයා මට ගොඩක් ආදරේ කළා. ඒත් මම ඔයාගෙන් වෙන්වෙලා ගියෙ මලක් ළඟට මොහොතකට ආපු හුළඟක් ...
අලුත් වැස්සක් One | Zero | Zero පැය ගාණක් වැටුණු වැස්ස පායලා. මම ජනේලෙ ඇරල එළිය බැලුවා. වැහි වලාකුළු තාමත් අහසෙන් යන්න සූදානමක් නෑ වගේ. වැහි වතුර ගලාගෙන ගිය පාරවල් මිදුලෙ ඇඳිලා. තැනක පුංචි බොර වතුර කඩිත්තක්. තවත් තැනක මතුවුණු පුංචි පුංචි ගල් කැට. තැනින් තැන හුළඟට වැටුණු කොළ. ඒ අතරෙ මිදුලට ඇවිත් ගිය කුරුල්ලෙකුගෙ පා සටහන් ඇඳිලා.මගෙ හිතත් මේ මිදුල වගේ කියලා මට හිතුණා. අනුරාධි මාව ...
ප්‍රථම ප්‍රේමේ One | Zero | Zero දුමී බබා කාලේ ප්‍රථම ප්‍රේමේ ඇති උනේ මොන්ටිසෝරියේ ඉන්නකොට.....! එයා දමයන්ති........! මුන ගැහුනේ නුගේගොඩ බෝගහ හරියේ තිබ්බ මොන්ටිසෝරියක. පරම පිවිතුරු ආදරයක් ඒක....! එයාව ඔංචිල්ලාවෙ තියලා තල්ලු කරන්න, කෝම්පිට්ටු හදන්න පොල් කටු හොයන්න, කෝම්පිට්ටු හදනකන් ලඟට වෙලා බාබා බ්ලැක්ශීප් කියන්න වගේ රාජකාරී තමයි දුමීට තිබුනේ.....!දුමීව වගේම තව බබාලා ගොඩක් එක පාර එක්ක යන්න එන්න පැවරිලා තිබුනේ ආරියවතී ආච්චිට. ආරියවතී ආච්චි එන්නේ ...
රෝස මල One | Zero | Zero මම මමය. ඔහු කවියෙකිය. අනෙකා විචාරකයෙකි. අප සිටින්නේ රෝස පඳුරක් ළඟය.මමරෝස මලක්කවියාසඟවා කටුපෙන්වා තටුහිනැහෙනඅපූරුවවිචාරකයාරෝස මල රුදුරු කටු සඟවා සුමුදු පෙති ලොවට පෙන්වා සිටියි. මිනිස් සමාජය තුළද එවැන්නෝ සිටිති. සිත් තුළ ඇති වෛරය කුහකකම වැනි නුගුණ සඟවා ඔවුහු සොඳුරු සිතැත්තන් සේ සිනහවෙති.මමරෝස මල කන දළඹුවෙක්කවියාපෙන්වුවද බඹරුන්ට තෙදබලඅසරණය නිර්දය දළඹුවෙකු ළඟවිචාරකයාරෝස මල සුළඟට වැනී ඹබරුන් සමනලයන්ට තේජස් පෙන්වති. නමුත් නිර්දය දළඹුවෙකු ළඟ ...
ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ One | Zero | Zero දින තුනක් පුරාවට ළෙංගතුව ගෙවූ චාරිකාව නිමාව සනිටුහන් කරමින් තිබේ. විනෝද චාරිකාව පුරාවටම වැඩි වාර ගණනන් ගැයූවේ 'ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ' ගීතයයි. ඊට හේතුව වූයේ ඇගේ බලවත් ඉල්ලීමයි.මා ඇයට සමුදෙන්නේ කෙසේද? යළි ඇය මා හට හමුවේද?එහෙනම් බායි අයියේ..මේ නංගි..ඇයි?මම මේක ඇහුවට තරහ වෙන්න එපා. ආයෙ අපි හම්බෙයිද දන්නෙ නෑනෙ ඒකයි අහන්නෙ.මොකක්ද?තරහ වෙන්නෑ නේද?නෑ.. නෑ... කියන්නකෝ ඉක්මනට අම්මලා යන්න හදන්නේමේ....ඉතින්...මේ... ඇත්තටම ...
ප්‍රමාද වූ තිළිණය One | Zero | Zero මා මිලදීගත් පෙම් සිහිවටනය ආදරවන්තයන්ගේ දිනයේදීම ඇය අතට පත් කළද ඇය මාහට පෙම් තිළිනයක් දෙන්නේ අදය. පෙම්වතුන්ගේ දිනය පසුව දින කිහිපයක්ම ගතවුවත් මාහට තිළිණයක් නොදීම ගැන මා ඇය කෙරෙහි උරණ වී සිටියෙමි. නමුත් එය ආදරණීය තරහවක් බව ඇය දැනසිටියාය.රටක් දිනූ රැජිනක සේ හිනාවෙමින් මවෙත පැමිණි ඈ දුඹුරු කවරයක් මා අත තැබුවාය."අනේ සොරි අයියෙ වැලන්ටයින් එකට දෙන්න බැරි වුණාට. මම ඕක ...
රැයට පෙම් බැඳ One | Zero | Zero තව පැය කිහිපයකින් හිරු උදාවන්නේ අඳුරත් මා විඳි විරහ රසයත් දෙකම එකවර මගෙන් උදුරා ගනිමිනි. ජීවත් වීම පිණිස රැකියාවකට යනු මිස මා සිත තුළ බලාපොරොත්තුවේ සේයාවක් හෝ නොමැති බව මට දැනේ. ඒ සියලු බලාපොරොත්තු එකමිටට ගෙන පාගා පොඩිකර දමා ඇය මහැර ගොස් දින බොහෝ කල්ය. දහවල රැකියාවත් සවස් කල අත්‍යවශ්‍ය කටයුතුත් සිදුකරන මා මැදියම් රැය උදාවන තුරු බලා හිඳිමි. ඒ ...
අවසන් හමුව One | Zero | Zero නුහුරු සිතුවිලි රාශියක් තොරක් නොමැතිව සිතට ගලා එයි. ඇයට මෙය කියන්නේ කෙලෙසදැයි මා නොදනිමි. නමුත් කෙසේ හෝ මෙය අද කිව යුතුය. නංගි මම මේ.....මම දන්නවා අයියෙ ඔයා කියන්න යන දේ...ඒ කොහොමද?මම ඔයාට කළේ ආදරේ අයියේ වෙන මුකුත් නෙමේ. ඔයාගෙ වෙනස් වීමත් ඒකට හේතුවෙත් මට හිතාගන්න පුළුවන්. ඒත් ඒ ගැන හොයලා, ඔයාට කරදර කරලා බලෙන් ඔයාව ළඟ තියාගන්න මට ඕනෙ නෑ. ...
උග්‍ර වාදියෝ One | Zero | Zero එකෙක් උග්‍ර මෛත්‍රීවාදියෙකි. අනෙකා උග්‍ර මහින්දවාදියෙකි. ඔවුහු තර්ක කර ගත්හ. බැණ ගත්හ. අනෙකාගේ අපේක්ෂකයාට ගැසිය හැකි තරම් මඩ ගැසූහ. ඒ වචන අතර පොදු සමාජයේ අකැප යැයි සැලකෙන වචනද යහමින් අන්තර්ගත විය. පිටතින් බලා සිටියෙකුට මේ නම් ජන්මාන්තර වෛරක්කාරයන් යැයි සිතෙන තරමට ඔවුහු බැණගත්හ.නමුත් ඔවුන් දෙදෙනා නිතරම පාහේ සිටියේ එක්වය. තේ එකක් බොන්නට පවා ගියේ එකටමය.මේ පිළිබඳ උනන්දු වූ අයෙක් මෙසේ ...
අසිපතක කඳුළු.... One | Zero | Zero ඉස්සර මම නිකම්ම නිකම් යකඩයක්. උඹයි මට පණ පොවලා, තලලා, මුවහත් කරලා ගත්තෙ. ඒ නරුම හේවාය මාව උදුරගන්නකොට උඹේ ඇස්වල තිබුණු කඳුළු ඌට පෙනුණෙ නෑ. අඩු තරමේ දොයිතුවක්වත් උඹට විසි කළා නම්...දැන් කියනවා උඹ රාජ්‍ය ද්‍රෝහියෙක්ලු. රාජ්‍ය ද්‍රෝහීන්ට ආයුධ හැදුවලු. කැත්තක් හදපුවාම හම්බෙන වී ටික ගන්නත් දෙකට නැමෙන උඹේ රාජ්‍ය ද්‍රෝහිකම මමනෙ දන්නේ. කිණිහිර ගිනියම් උනේ උඹේ හිතේ ගින්දරට කියලා ...
විශ්වාසය සමග නිදි වැදීම One | Zero | Zero වැඩි වියක් නොවූ ඒ මුහුණ මත අහිංසකකම මැනෙවින් දැකගත හැකිවුණා. මන්දගාමී සිපගැනීම් වලින් අනතුරුව ලෙහී ගිය සළු මතින් ලැජ්ජාවද ඉපිද තිබුණා.අපැහැදිලි සියුමැලි හඬින් ඇසුණු වදන් පෙළ තුළ සිතිය හැකි අයෙකුට සිතන්නට බොහෝ දේ රැඳී තිබුණා. නමුත් ඒ කිසිත් නෑසෙන නිර්දය සිතක් ආදරයේ අග්‍ර පල නෙළන්නට වෙහෙසුණා. අඳුරු තැනක සැඟවී සිටි කැමරා ඇසක් මේ සියලු දේ දෙස අනුකම්පා විරහිතව බලා සිටියා.නොපිපි ...
සිගරට්ටුවක් කල හදියක් One | Zero | Zero මම සිගරට් පාවිච්චිය ඇයි කියල කෙනෙක් මගෙන් ඇහුවා,එයා පෙන්නලා දුන්නා සිගරට් මාව මරන විදිය,අන්තිමට කොහොමද විඳවන්නෙත් කියලා..මම එයාට කිව්වෙ "කමක් නෑ නංගි ඔයිට වඩා මගේ මතක මාව ටික ටික මරනවා, මාව නැති කරනවා" කියලා!"ඒ උනාට ඔයා දෙවිදියකට මැරෙන්න ඕනෙ නෑනෙ? ඇයි ඔයා හිතිනුත් විඳවලා ශාරීරිකවත් විඳවන්නෙ? ඔයාට කවුරුවත් නැද්ද මේ දේවල් කියන්න ඔයාට ආදරය කරන කෙනෙක්?""මට ආදරය කරපු එක්කෙනාම තමා ...
වෙනස සහ ආදරයක One | Zero | Zero කොච්චර හොඳට ආදරෙන් හිටපු කපල් එකක්ද අර? දිවෙන් දිව ගාගෙන හිටපු උන් දැන් අඳුනන්නැති එවුන් වගේ. දකින කොටත් පුදුමයි.හ්ම්ම්.. මාත් දැක්කා. කෙල්ලට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා කවුද කොල්ලට කේලමක් කියලලු. ඒත් කෙල්ලට එහෙම එකක් තිබිලා නෑ. ඕකට දෙන්නා රණ්ඩු වෙලා. අවසානේ සම්බන්ධෙ නතර වෙලාම ගිහිල්ලා.මට මතකයි දෙන්න හම්බෙනකොටයි ආපහු යනකොටයි නලලට කිස් කර ගන්නවා.හ්ම්ම්.. ගොඩක් ඔය දෙන්නට ජෙලස් එකේ හිටියෙ. ...
හෙට මගේ මංගල දිනයයි One | Zero | Zero හෙට මගේ මංගල දිනයයි. කවුළුවට බරදී සිටින මට පෙනෙන්නේ සැහැල්ලුවෙන් පාරේ යන කෙලි රංචුවකි. උන්ට මෙන් මටත් දවසක් තිබුණා මතකය.මා සිටින්නේ ගෙදරින් බොහෝ දුර නිලූ නැන්දාගේ ගෙදරය. නිලූ නැන්දාවත් නොසිටින්නට මම අද මෙලොව නොසිටිනු නොඅනුමානය. මගේ මංගල්‍යයට එක්වෙතොත් ඒ අම්මා පමණි. ඇයද නාවොත් පුදුම නොවෙමි. තාත්තා, අයියා, නංගී, අක්කා කිසිවෙකු නොඑනු ඇත. තාත්තාගේ මුහුණ යළි කිසි දිනෙක දකින්නට හැකිවේයැයි සිතන්නට ...
නෙත් මානයෙන් මිදෙන්නෙමි..... One | Zero | Zero එහා පැත්තේ සීට් එකේ වාඩිවෙලා ඉන්න ලස්සන කොල්ලා දිහා තාරුකී උනන්දුවෙන් තුන්හතර පාරක්ම බලද්දි හංසට දැනුණෙ පුදුම දුකක්. හංසට තමන්ගෙ පපුව හිරවෙනවා වගේ දැනුණා. තමන් එක හිතින් ආදරේ කරන කෙල්ල තමන් ළඟ ඉදිද්දිම වෙන කොල්ලෙක් දිහා උනන්දුවෙන් බලනකොට මොන කොල්ලටද දුක හිතෙන්නෙ නැත්තේ කියලා හංසට හිතුණා. ඒත් ඒ ගැන අහල රණ්ඩු වෙන්න, තාරුකීට දුකක් දෙන්න හංසට හිතුණෙ නෑ.& හංස?*&ම්ම්...*& අර ...
සල්මානු කහනුත් පනී One | Zero | Zero ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ අබමල් රේණුවක් නොදැන සිටියදී සල්මානු කහනුට ලංකාවට ආරාධනා ලැබුණේ ලංකාවේ කිංගෙනි. තමන්ට ලැබුණු අනගි අවස්ථාවක් මෙන්ම අතටද ගාණක් ලැබෙන වැඩක් බැවින් ඔහු දෙවරක් නොසිතා ලක්දිවට වැඩම කළේය.මුල් දවසේ ඇස් කණ්නාඩි බෙදා දුන් හෙතෙම පසු දින බත් පැකට් බෙදා දී වේදිකාවේ මහරාජ්කී සින්දාබාද් කීවේය.එහෙත් දින කීපයකදී ෆේස්බුකිය ඔහුගේ දෑස් විවර කළේය. ඔහුගේ සිරුර කහන්නටද විය. අසාධාරණයට අයුක්තියට ...
උමතු කත One | Zero | Zero පාන්දරම වැඩට යන්න බස් ස්ටෑන්ඩ් එකට ආපු මට දැනුණෙ තද සීතලක්. ගොරෝසු රෙද්දක් පෙරවන් බිම නිදන් ඉන්න මේ උන්දැ කොහොම මේ සීතල දරන් ඉන්නවද? පිස්සි පිස්සි කියලා හැමෝම උන්දැට ගැරහුවට බුදුදහමට අනුව පෘතග්ජන අපි හැමෝටම පිස්සු. මටත් බැඳීම් වෙනුවෙන් වෙහෙසෙන්න නොවුණ නම් මේ උන්දැගෙයි මගෙයි ලොකු වෙනසකුත් නෑ.තුසර පිනි බිඳු හඬ නගාසීතලේ ගීතය ගයන්නේබස් නැවතුමේ රළු පෙරවුමේ කවුද මේ නිදි ...
අලුත් තැනක් One | Zero | Zero එළඹෙන වර්ෂාවෙන් ආරක්ෂා වීමට නව වාසස්ථානයක් සොයාගත් පසු කළු කුහුඹු නායකයා සිය රැල ඇමතීය. ආදරණීය ජනතාවෙනි. අද අප අලුත් තැනකට පැමිණියා. ළඟ එන වර්ෂාවෙන් බේරී සිටීමට මෙතැන ඉතා සුදුසුයි. රැගෙන ආ කෑම සුරක්ෂිතයි. බිත්තර ආරක්ෂිතයි. නමුත් එන අතරමග අප අතර සිටියවුන් බොහොමයක් මියගියා. ඇතමුන් මගහැරුණා. ඔවුන්ද මතු දවසක මිය යන බව අපගේ අදහසයි. එනමුත් අහිමිවූවන් වෙනුවෙන් ලතැවී සිට පළක් නොවන ...