මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව One | Zero | Zero ටීවී එක කැඩෙන්න කලින් ඒක බැලුවෙ අම්මයි තාත්තයි විතරයි. තාත්ත ක්‍රීඩා. අම්ම කුකිං සහ ටෙලි. ටීවී එක නැති එකෙන් අම්මටයි ලොකුම පාඩුව. තාත්ත ෆෝන් එකෙන් යූටියුබ් ගිහින් එයාට ඕන ඒව බලනව. අම්මත් තාත්තගෙන් ෆෝන් එක ඉල්ලන් යූටියුබ් ඉගෙනගෙන එයාගෙ ප්‍රෝග්‍රෑම් බලන්න ගත්තා. ඒ වෙලාවට අම්මට ෆෝන් එක දීල තාත්ත ඉන්නෙ මූණ ඇඹුල් කරන්. ඉතිං පැයෙන් දෙකෙන් බැටරි බහින පරණ ෆෝන් ...
අම්මගෙ ආදරේ... One | Zero | Zero රෙදි ටික පුටුව උඩින් තියන්න. අතේ හෝදනව වගේ නෑ වොෂිං මැෂින් එකේ... මිදුලෙ කොල තියෙන්න හොඳ නෑ. ඔයාලගෙ යාළුවොනෙ වැඩිපුරම එන්නේ. උදේ හතරට නැගිටින එක මහ වැඩක්ද? මකුළුවන්ට මොකටද මානව හිමිකම්? අදට විතරක් සීනි දාල තේ බොන්නං... කුරුල්ලන්ට බත් ටිකක් තිබ්බද? අපි තරුණ කාලෙ ඕව ඕනතරං කාල තියෙනව. මං කාල ඉවරයි. ඔයාල කන්න. ගෙදර ඉන්න ටික වෙලාවෙත් ඕකට මූණ ඔබාගනෙ... ...
අයිති කරගැනීම One | Zero | Zero ඔහු ඇඳ මත වැතිර හිටියේ හිසත් කොට්ටයත් අතර දකුණත හොවාගෙන වමතින් පපුවේ මවිල් ගස් පිරිමදිමින්.සිතමින්...මේ හැඟීමට කියන්නෙ අයිති කරගැනීමේ ආසාව කියලා. ඒක අවසානයේ ඉතිරි කරන්නෙ දරාගන්න අමාරු වේදනාවක්. හදවත රිද්දන ඔළුව විකාර කරන සිහිය අවුල් කරන වේදනාවක්. ඒත් වේදනාවක් බව දැන දැනත් ඒ හැඟීම හඹා යන එක මනුස්ස ස්වභාවයද?බොහොම හුරු ඒ අත්දැකීම ඇයට කොහොම පැහැදිලි කරන්නද?නැතිනම් ඇය දැනටත් ඒ බව ...
වඳවීමෙන් ගැලවීමට... One | Zero | Zero "අන්තිමේ උඹ ආව නේද?"ගැඹුරු හඬක් තිබුණ මිනිහා ඉමාන්ගෙන් ඇහුවා. ඉමාන්ට තව දුරටත් වේදනාවක් නොදැණෙන පාවෙනසුළු සැහැල්ලු බවක් දැනෙමින් තිබුණා. ඔහු දිය පාර දිහාට හෙමින් ඇවිද්දා."උඹල නැත්තටම නැති වෙන්නෙ නෑ උන්ගෙ ගොදුරක් වුණානං...."මිනිහා දිගටම කියෙව්වා. ඔහු සතු වුණේ හිස් බැල්මක්. ඒ බැල්ම තුල ඔහු ලෝකයම තේරුම් අරගත් බව පෙණුනා."හරක්, කුකුල්ලු, ඌරො ඔක්කොම තව කාලෙකට නැති වෙලා යන්නෙ නෑ. උන් ජීවත් වෙන්නෙම ...
Untitled Post One | Zero | Zero මුහුදත් ගැහැණිය බඳුය.විටෙක නිශ්චලය.එවිට සුමුදු මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිසිලේ.විටෙක චණ්ඩය.එවිට නෞකාව වුවද එය තරණය කිරීමට නිර්භීත නොවේ. විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය කරයි. වැඩි කලබලයක් නැතිව හඬ නංවමින් සිටි.බැම්මේ ඉහලින් වාඩිවී මා සිටි අතර ඇය මට පියවරක් පහලින් තිබු බැම්මේ වාඩිවී සිටියාය.මගේ දෑත් ඇය සිර නොවී, මිදෙන්නට නොහැකි මෙන්ම අපහසුවක් නොවන පරිදි වෙලී තිබුණි.ඇය හිස මාගේ දකුණු බාහුවේ තබා,මදක් ...
Untitled Post One | Zero | Zero ඔවුන් කාමරයෙන් පිටව ගියේ විදුලි පහන නිවාගෙනය.මේසය අසල වැටි සිටි මිනිසා කෙඳිරියක් නංවමින් උඩුබැලි අතට හැරෙන්නට විය.උණ්ඩ කිහිපයකින් පසාරු වී ගොස් ඇති ත සිරුරේ ප්‍රාණය වැඩි වෙලාවක් රැඳී නැති බව ඔහුට දැනුණි.හෙතෙම ජැකට්ටුවේ දකුණු සාක්කුවට අත දමා බැලිය.තැලුණු සිගරට් පැකට්ටුවට අත යැවූ විට එහි යම්තමින් පොඩිවූ සිගරට්ටුවක් සුරක්ෂිතව ඇති බව දැනුනි.සැනසුමට පත්ව එය මුවේ රුවාගෙන අනෙක් සාක්කුවෙන් ලයිරටය ගෙන දැල්වීමට ...
මං අකමැති බෝනික්කන්ට. One | Zero | Zero ඉස්සර මං කැමතිම බෝනික්කන්ට. හැබැයි අපේ අක්කා ආසා වීරයන්ට. අක්කා හැම හවසකම මාව ළං කරගෙන වීරයො ගැන ලස්සන කතන්දර කියාදෙනවා. අන්තිමේදි අක්කාට කතන්දරයක වගේ වීරයෙක් හම්බුණා. දුෂ්ටයො එක්ක යුද්ධ කළා. හපන්කම් කළා. අක්කා ඒ ගැන සතුටු වුණා. හැබැයි වීරයා ටික කාලෙකින් අතුරුදහන් වුණා. සමහරවිට තවත් යුද්ධයක් ඇති. ඒ වුණත් වීරයා අතුරුදහන් වුණ දුකට අක්කාට වමනෙ යන්න ගත්තා. ඒ නිසා අම්මා ...
යනෙන පෙම් සිත් සොරා ගත්තී.... One | Zero | Zero ජීවිතය යනු කුමක්ද? එයට ඔබට අර්ථකථනයක් දිය හැකිද? පුද්ගලයා සමාජය තුළ ජීවත් වීමේදී එකිනෙකාට වෙනස් අයුරින් තම ජීවිතය පවත්වා ගනී. කාන්තාව සේම පිරිමියාද එසේය. තම ජීවිතවල අරමුණු, පරමාර්ථ, අභිමාර්ථ, අවශ්‍යතා, වුවමනා, මේ සියල්ල එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් විය හැකිය. එවැනි සමාජයක් තුළ තම ශරීරය වෘත්තියක් බවට පත් කරගත් තම ජීවිතයෙන්ද වන්දි ගෙවන කාන්තාවෝ ද අද සමාජයේ බහුලව සිටිති.සුදු මලක් ඇත කටු ...
බලන් යද්දී අපිත් පට්ටම ආතල් එකක් බන්.... One | Zero | Zero අපේ සමාජෙ ඉන්න සමහර මිනිස්සු දිහා බලනකොට පුදුමත් හිතෙනවා බන්. සමහර වෙලාවට අපි ජීවත් වෙන්නෙ මේ වගේ සමාජෙකද කියලා අපිටම ලැජ්ජ හිතෙනවා. කුඩයක් ගෙනියන්නැති මිනිස්සු අන්තිමට වැස්සට දොස් කියනවා වගේ තමයි ගොඩක් මිනිස්සු තමන්ගේ වැරදි, වහාගන්න අනිතු වුන්ට දොස් කියන්නේ. සමහරු අතේ කීයක් හරි තියෙනව නම් තමන් කවුද කියලත් අමතක කරයි බොහෝ වෙලාවට වැඩකරන්නේ. අතේ සල්ලි නැති වුණාම තමයි ආයෙ ...
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි… One | Zero | Zero ආදරය කරන ප්‍රේමවන්තියන්, ආදරයෙන් පැරදුණු ආදරවන්තයන්, තමන්ගේ කරන් ආදරය කරලා තමන්ටත් හොරෙන් තව කෙනෙකුටත් තුරුළුවෙලා ඒ ආදරයෙන් රැවටිලා විඳවන, පොරොන්දම වේලාවල් නමැති දෙමවුපියන් ඉදිරියේ තම ආදරය අවසන් කිරීමට සිදුවුවත්, තම ආදරය ප්‍රකාශ කිරීමට නොහැකිව විඳවන නැත්නම් තමන් ආදරෙයි ඒත් වෙනකෙකුගේ වූ ආදරයක්.මෙහෙම සිය දහස් වාරයක් තම හිතෙන් විඳවන අය කෙතෙක් ඇත්ද? ඒ ආදරය අමතක කරන්න බැරුව සමහර විට ඇස්වල කඳුළු ...
මට කලින් පිපි මලක් වේ One | Zero | Zero සීමා මායිම් කියන්නේ ප්‍රේමයට අනිවාර්ය දෙයක්. කුලය, මුදල, වයස, ජාතිය, ආගම වගේ ගොඩක් සීමා මායිම් ප්‍රේමය හමුවට එනවා. ඒත් මේ හැම සීමාවක්ම හැම මායිමක්ම බිඳගෙන සෑබෑ ආදරයක් නම් ඇති වෙනවමයි. නමුත් ඒ ආදරය ඇති වුණත් ඒක හැම වෙලාවෙම සඵල වෙනව කියල හිතන්න අමාරුයි. ප්‍රකාශිත අප්රකාශිත ආදර කතා ගොඩක් ඒ අතර තියෙනවා. වියපත් බඹරෙකුට පුංචි රෝස මලකට පෙම් කරන්න බැරිද? ඒ ...
ඔබ සමරන සතුට නිවැරදිද? One | Zero | Zero තරුණ්‍යය ජීවිතයේ වැදගත්ම කාලපරාසයයි. එනම්, ඔබ මේ ගතකරන කාලය තුළ සතුට වෙනුවෙන් විවිධ දෑ සිදුකිරීමට පෙළඹී තිබේ. නමුත් ඔබ ජීවිතයේ සතුට සොයන්නේ නිවැරදි මාවතකද යන්න ගැටලුවකි. අද සමාජයේ තරුණ පිරිස් සිතට සතුටක් දැනුණු විට හෝ ඕනෑම දෙයක් සැමරීමට තම හිතමිත්‍රයන් සමග මත්වතුර, මත්ද්‍රව්‍ය පානය හා විවිධ දුරාචාර කටයුතුවල යෙදෙති. එයින් ඔබේ සිතට සතුටක් ලැබේද? යන්න ප්‍රශ්නයක් මතුවෙයි. ඇත්තටම එතුළින් ලැබෙන ...
බස් එකත් විලාසිතා ගාරයක් One | Zero | Zero ඇහේ ඇනෙයි කොණ්ඩ කටූ හීල්ස් වලට ඇවිත් තටූනීට් එකට යන්න සිතූබැලු බැලු අත ෆෝන් කටූමේ.......බස් එකත් විලාසිතා ගාරයක්වත්සුණු වත උලා....පැත්තක වැඩිවෙලාකෝළමක් වගේඒත්කෝළමක් නෙමේමේ අපේ ජීවිතේ.....සිත් වශී කරයිබස් එකේ රූ මවන්නියෝදපනේ වැටෙයිබස් රියේ අනංගයෝ...ඇහේ ඇනෙයි කොණ්ඩ කටූහීල්ස් වලට ඇවිත් තටූමේ.......බස් එකත් විලාසිතා ගාරයක්විලවුන් මුසු වෙලාසිහිය විකල් වෙලා...පිස්සුවක් වගේඒත්පිස්සුවක් නෙමේමේ අපේ ජීවිතේ.....සිත් වශී කරයිබස් එකේ රූ මවන්නියෝදපනේ වැටෙයිබස් රියේ අනංගයෝ...නීට් එකට යන්න ...
කඳුළුවලට වටිනාකමක් අවැසිද? One | Zero | Zero විවිධ හේතු නිසා ඔබේ සිත ගොඩක් රිදුම් දෙන අවස්ථා අතීතය මෙන්ම වර්තමානයේද තියෙන්න පුළුවන්. එය ඔබට දරා ගැනීමට නොහැකි තරම් සිත් පතුල තුළ තැන්පත්ව ඇති අවස්ථාද තිබෙනවා. එම අතීතය ආවර්ජනය කිරීමේදී ඔබට නොදැනීම ඔබගේ නෙත් අගින් කඳුළු කැට වැහැරෙනු බව නම් නොඅනුමානයි.නමුත් තමන්ගේ කියලා හිතෙන කෙනෙක් ගාව ඇඬුවත් පිට කෙනෙක් ඉස්සරහ කවදාවත් ඔබේ සිතේ ඇති දුක කියා අඬන්න එපා. අපේ ...
රාත්‍රී හුදකලාව One | Zero | Zero රාත්‍රී හුදකලාව අතීතයට යන්න පාර කියනවා. කොච්චර යන්නෑ කියල හිතුණත් තනිවුණු හැමවෙලාවකම හිත මාවත් දාලා අතීතයට යනවා. අතීතය ඇතුළෙ තියෙන්නේ ආදරේ. ආදරේ කෙළවර අහිමි වීම. ආදරේ කරන කාලේ සතුටු මතකයන් අද දුක්බර මතකයන් වෙලා. කොච්චර දුක්බර වුණත් ඒ මතකයන් සිහිපත් කරන්න හිතෙන්නේ මූණ කැත වෙනවා කියලා දැනදැනම කුරුලෑවක් කඩන්න හිතෙනවා වගේ. ඊට පස්සේ වේදනාව. වෙනස් කරන්න බැරි අතීතය ළඟ මොහොතකට ...
ඒ කෙල්ල One | Zero | Zero ඔව් මමයි ඒ කෙල්ල විහිලුවට පද හදපු පද වලින් පදමට හැදුන හිත හොද කමට අත පාපු මෝඩ කෙල්ල බොරුව ඇත්ත කරන ඇත්ත බොරු කරන මුලාවට රැවටුන කෙල්ල කප්පරකට හීන මවලා හීන අතරේ පණ අදින මල් මල් ලෝකේ ගල් වලින් ගුටි කාපු කෙල්ල රොන් ගන්න ආපු බබරගේ විස වැදිලා මැරුනු විස විසෙන් නැති කරපු පොළොවේ පෑගෙන කෙල්ල පාරේ දිගේ ඉබාගාතේ ඇවිදින ...
සමාවෙයන් අයියෙ One | Zero | Zero ඒක හෙනගහන අපරාධයක්. ඒ වුණත් ඒක කළේ මගෙ අයියා වුණු උඹ. උඹ ඒ අපරාධෙ කරපු බව මම හොඳටම දැනන් හිටියා. ඒත් පොලීසියෙන් අහපු වෙලාවෙ මම ඒ අපරාධෙ කළා කියලා බොරු කිව්වෙ උඹ හිරේ යනවා බලන්න අකැමැති වුණු නිසා. ඇරත් උඹ එල්ලුම් ගහට ගියාම උඹේ පොඩි එකාට යන කල මොකක්ද? මමත් මීට කලින් ජරා වැඩ කරල තිබුණු නිසා පොලීසියෙ අවධානෙ ගන්න ...
වසත් නික්මන One | Zero | Zero පුරුද්දට මිසක් කැමැත්තෙන් නොආපු තවත් එක වසන්තයක්. ජනේලෙ කෙලින්ම තියෙන්නෙ පේර ගහ. උස පේර අත්තක පැණි කිරිල්ලියක්. ඊට ගොඩක් පහළ අත්තක ගේ කුරුල්ලෙක්. පැණි කිරිල්ලි පහළ අත්තට එන්නයි ගේ කුරුල්ලා උඩ අත්තට යන්නයි හේතුව උන්ගෙ ආදරේද? ඒත් ගේ කුරුල්ලෙකුගෙයි පැණි කිරිල්ලියකගෙයි කූඩුවක් ගැන මම කතන්දරේකවත් අහලා නෑ. කළු පූසා පේර ගහේ ඇතිල්ලෙන්නෙ උන් ගැන හාංකවිසියක්වත් නොදැන. ඒත් බය වැඩිකමට පැණි ...
මතක මල් සුවඳ One | Zero | Zero මලක් නොව නුඹ මට දිනෙක පරව යන මල් සුවඳක්ය සිතෙහි සදහටම රැඳෙන...... පරණ පොත් ගොන්නක් අවුස්සද්දි හදිසියෙන් දැකපු කවියක මුල් පද පෙළ තිබුණෙ එහෙම. ඒ කවිය මට දුන්න කෙනා මට ගොඩාක් ආදරේ කළා. ඒත් මම ආදරේ කළේ මට ගොඩාක් ආදරේ නොකළ කෙනෙක්ට. එයාට මම ගොඩාක් ආදරේ කෙරුවා. හරියට කවිය දුන්න කෙනා මට ආදරේ කෙරුවා වගේ. මම එයාට ගොඩාක් ආදරේ කරපු ...
ගමන් මල්ලක මිය ගියෙමි One | Zero | Zero මා මෙහි පැමිණියේ මියෙන්නට නොවේ. ජීවත් වන්නටය. ජීවිතය විඳින්නයට. එය මිථ්‍යාචාරයකැයි මා නොදැන සිටියෙමි. එය එසේ වුවද මට ඉන් පලක් නොතිබුණි. මා දුර ගෙවා පැමිණියේ අහිමි වූ ජීවිතය කිනම් අයුරකින් හෝ ලබන්නටය. නමුත් ජීවිතය තුළ තිබූ අහිමි වීමද අහිමි වෙමින් මා හට ජීවිතය අහිමි විය.මම මගේ ජීවිතය ඔහු තුළ ඇතැයි සිතුවෙමි. නමුත් මගේ ජීවිතයෙන් ඔහු සතුව තිබුණේ මාත්‍රයක් පමණි. එය ...