වැස්ස පටං අරං Monsoon Moon by Malcolm T Liepke නටන වැස්සක් යට නටන මිනිහෙක් දුටුවොත් ඔබ නටනවද ඔහු හා අඬනවද නැත්තං… හංගන්නෙ මොකටද අතෑරලන්න ඇත්තම වැහි නැති දිනෙක පුපුරණ සොඳුරු අකුණක් ලෙස නටාගෙන එන වැස්සට සිසිල දුන් ඇස් දෙක කාටවත් වැඩියෙන් දන්නව නේද ඔබ? වේදනාවෙන් උපදින ඔහු නටන රිද්මය උත්කර්ෂයක රඳවන කවි ලියා මොකටද? කට කමසිරියාව තැතිගැන්ම විතරද ආදරය මෙලැවුණු දුර්ග මඟ කෙළවර පොප්ලර මතක ...
එක්තරා නො එළඹුණු සිසිරයක Monsoon Moon Autumn to Winter by Simon Fairless ‘මං’ නමින් ඔබ දන්න ඒ සිහිනයට ඇස් පැළැන්දෙන දිනක් හමුවුණොත් හෙම පත් බරින් ගස් මුදන සිසිරෙ කෙළවර හිත් රිද්දගමු මතක, මතක නැති කර නන්නාඳුනන කෝපි පියස්සක් යට දුම් දමනසුළු කෝපි සිනහවන් මැද හිත රහත් වෙයි කියා හිතනවද ඔබ ඇස් පියන් නො සොල්ලන ඇස් කැළුම් ළඟ? සිසිරයට අවනතව හමන සුළඟද උණු කෝපි බඳුන ළඟ නතරවෙන ...
සීතා Monsoon Moon by Thomas Saliot කවුරු නුඹ රජරටින් පැහැරගෙන ආවාද සීතා මඟහැරුණු සිහිනයක දඬුමොණර වාහනේ සාදා රජරටින් නුඹ කවුරු පැහැරගෙන ආවාද සීතා? දැක ගන්න බැරි වෙච්ච හිනයක හිත පාර පාරා ගෙන්දගං අහස යට තිත්ත කවි හොයනවද සිතා කෝ කොහිද අනුරපුර ඒ පූජ නගරයෙද රාමා මේ කියන රාවණා කොළඹ නමු වෙන්න බෑ සීතා ලංකාපුරේ ඉතින් සංසාරෙ වගේ දුර ඈතා ඒ නමුදු මාදිවෙල සීත ...
හැම විහිළුවෙම කෙළවර Monsoon Moon Alone in a Crowd by Shana Molt විහිළුවට මං එහෙම කිව්වෙ ඇත්තටම ගත්තද? ඔබ හිටියෙ අඳුනන්නැති සෙනඟ ගොඩක් මැද විශේෂයක් නැති මුහුණක. මතක තියාගන්න ඔබට වුණත් පුළුවන්ද මේපල් ගසක තුරුපත් වෙන වෙනම? අත්තැරුණු තුරුපත් හම්බවෙන්නත් පුළුවනි අහම්බෙන් හරි දිරා නොගොසින් තිබුණොත්. කතාව පටන් ගන්නෙම තුරුපත අතට ගත්තම. මුහුණ ගැන ඉවරයි. දැන් ඔන්න හිනහව ගැන. ඔය හිනාවට තැනක් ලැබුණේ අතපහු වෙච්ච ...
මහාවංශික ඉතිහාසෙත් ඓතිහාසික ප්‍රබන්ධයක්ද? Monsoon Moon Woman Carrying A Bull by Vladimir Fokanov. මංජුල වෙඩිවර්ධනගේ ‘මගේ ආදරණීය යක්ෂණී’ පෘෂ්ඨීය වියමන සහ අර්ථකාරක ගුණයෙන්ද සෑහෙන සංදිග්ධතා පෙන්වන සංකීර්ණ නවකතාවක් බව මා වෙනත් තැනක ලියා ඇත. විශේෂයෙන්ම වෙඩිවර්ධන භාෂාව සහ අනෙකුත් ව්‍යුහීය අංග ගැට ගසන ආකාරය සාමාන්‍ය පාඨකයාට දනවන නුහුර ඇතැම්විට සාමාන්‍ය සුසාදිත- යථාර්ථවාදී නවකතා කියවන පාඨකයා කියවීමෙන් ඈත් කරන්නටද ඉඩ තිබේ. අනික් අතට මේ නවකතාවේ තේමාත්මකය සිංහල ...
රතුපාට රැලි වැටුණු කවුළුදොරරෙද්ද Monsoon Moon By Mordechai Ardon ”එතන රතුපාට රැලි කර්ට්න් එකක් තිබුණා.” සජීවි ඔහු ගැන ඇගෙ අවසාන මතකය (ඇගේ සාක්ෂි සටහනෙනි) හුළංදා ඔය දිගේ ගලාගෙන එන කඳුළු අඳුරන්න චන්ද්‍රිකා වැව දියෙහි චන්ද්‍ර බිඹුවට මඳක් කන් දෙන්න ඇඹිලිපිටි අහස යට ආයෙමත් ආදරෙන් සිපගන්න එක අලුයමත් නැද්ද රතුපාට හීනයට සමුදෙන්න හාදුවක් පළන්දා ‘චමත්කා’ සිලිටි නළලත අඩදැණිව මා දෙපා මුල වැටී සුදු නෙලුම සිප යළි වැළඳ ...
ඒ ගුප්ත ගැඹුරු හුදෙකලාව Monsoon Moon Fireflies on Water by Yayoi Kusama සිතට නැඟෙන ඇතැම් දේ කුරුටු ගෑමට මා ඇබ්බැහි වූයේ කියවීමෙන් ලත් ආවේශයෙන් වුවද, ඒ තුළ දෘෂ්‍යමාන වූයේ ජීවිතයේ ම ප්‍රතිබිම්බය යි. හුදෙකලාවේ ගැඹුරු ගුප්තභාවය යි. හුදෙකලාවේ හිර ගෙට එළිය වෑහේ ඉඳ හිට කදෝපැණි මිතුරාණෙනි, මඟ හැරුණා ද මඟතොට – බත්තලංගුණ්ඩුව 44 පිටුව ...
අඳුරගන්නම බැරි අඳුරක Monsoon Moon © Rohitha Bashana Abeywardane අඳුරට මං කැමති කවි කැලැත්තෙන හින්දයි අඳුරගන්නම බැරි. ගන්න ඔය කවි රොඩුබොඩු අහකට ඇහිපිලි නඟන මැසිවිලි කරදරයි තනි ඇහැකට. ඔබට ඕනෙම නම් රිද්දන්න? රිද්දන්න…… මොන තරම් නම් දත් ද මද්දන්න. අසික්කිත හුළඟෙහිම වැදුණාම අතීතෙට රිදුණාම කඳුළු එන්නැති ඇහැට මොන තරම් සනීපද මඳහසක හිරගෙයින් මිදුණාම. කසි කබල් කවි මත හිස රැඳෙව්වට නින්ද යන්නැති එක මගෙ වැරැද්දද? මොකද ...
බකුසු නාදෙක කරදර Monsoon Moon Great Horned Owl by Rebecca Kinkead මුළු රෑම බුග් බුග් ගගා මළ ම වද දී හිමිදිරෙත් රිංගුවද පපුව මැද්දට එලාමෙක සැඟවී යන එන හැම මළ ඉළව්වෙම මඟුලෙම ‘ටීටරෙ‘, ‘බුකියෙ‘ මතු නොව සයිබරෙ පුරාවෙම සව්බර කකා කැරකෙන සව්කැඳ මැෂින් හොළවන බඹර චක්කර ඇස් දෙකත් පත්තුකරගෙන මන්තර තටු ලෙළෝගෙන අපි එළෝගෙන එන හැතිරී! ...
පැරිස් මිමෝසා හෙවත් වසන්තයේ වේදනාව Monsoon Moon Forsythia by Sookja Rho අහස් විමානෙට මේ කුළු රොද බඳින වසන්තයට එන්නට හරි මඟ කියන දහස් දසදහස් ගණනින් වැළඳගෙන පැරිස් මිමෝසා අතපය දිග හරින අත්ත බිඳුණ කල ජීවන ඉළව්වේ ෆ්රැන්ක කොළ වලට පේ‍්‍රමය හිළව්වේ කවුද ඔබම මිස හදවත හෙළෙව්වේ වත්ත එරන්වන් නටඹුන් වළව්වේ ඇස් අගින් ගලන් එන්නෙම අපහාස රත්තරන් දිළෙයි හොඳටම ළඟපාත අත් වලින් දරන් ඉන්නට බැරුවාද කොච්චරක් බරද සුළඟට ...
පඨිතයන් අතර අවකාශයක්: මංජුල වෙඩිවර්ධන ගේ “බත්තලංගුණ්ඩුව”, හෝමර් ගේ “ඔඩිසි” හා ජේ.එම් කට්සෙයර් ගේ “ෆෝ” Monsoon Moon My Soul to Keep: Victoria Pinney මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව කථා අවකාශය සැලකීමේදී නිතැතින්ම මනසට ආ පඨිතයන් දෙකකි, හෝමර්ගේ ඔඩිසී සහ ජේ.එම් කට්සෙයර්ගේ ෆෝ. දූපත් තුනක කේන්ද්‍ර තුනක් අරමුණු කොට තුන් ආකාරයකට වියෙන මෙම පඨිතයන් සමපාත වන හා එකිනෙක විනිවිද යන අවස්ථා ගණනාවක් දැකිය හැක. තම ලමාවියෙහිදිම තමාගෙන් වෙන්වුනු පියා සොයා ඉතාකාවලින් පිටත්වන තරුණ ටෙලිමාකස් ගේ ප්‍රතිබිම්භය තමාගේ ජීවිතයෙන් දුරස්ථ වී ...
සනී නම් වූ අධ්‍යාත්මික උපස්ථාදායකයාට Monsoon Moon වේටරවරයා; රොබට් හෙන්රිගේ සිත්තමක් ‘පර්ලින්‘ එකට පාළුද? අඩ අඳුර යට අල බැදුම ළඟ ශුද්ධ සිංහල ගීත රැව්දෙන පර්ලින් එකට පාළුද? ටොනික් පියනක් පෙරලි පෙරලී අතීතයෙ හිඳ පඩි බහී ලිඳෙන් කිසිදා ගොඩ එන්න බැරි ජින්ම පප්පෙකු ඇල්කොහොල් සිහිනෙක කහී දොරින් දොර ‘ෆ්‍රෙන්ච් ප්‍රයිස්‘ බැදෙනා රටකට උඹ අරන් එන අල බැඳුම් වල සුවඳ එන්නේ කොහොමද? දොඩනු හැකියෙන් කටමැත ගල් වල ය හදවත ...
චූටි නම් වූ විසල් මිනිසා Monsoon Moon © Willem de Kooning චූටි චූටි හීන වලට චූටි ඉඩක් හොයාගන්න චූටි දෙනෙත් පියාගන්න චූටි වෙලාවක් මදිවිද චූටි……………………? චූටි කුරුල්ලන් අතරේ චූටි චූටි සටන් පාඨ චූටි හොටින් මුදාලන්න චූටි උගුරෙ හිරි ඇරපන් චූටි…………………….. චූටි පියාපත් තුරුලට චූටි සිඟිත්තිය අරගෙන චූටි හිනා පොදි ගහගෙන චූටි කැදැල්ලෙන් බැහැපන් චූටි…………………….. චූටි හදවතින් ඉහිරෙන ‘චූටි‘ කවක හඬ වෙනුවෙන් චූටි පපුව පිරිම
වසන්ත අයියා ගිහින්ද…..? Monsoon Moon පැට්‍රීෂියා වෙලාස්කස් දු මේරාගේ සිත්තමක් වසන්තයට මඟ කිය කිය පැරිස් මිමෝසා හිනැහුණ වසන්ත සුළඟෙහි පාවී වසන්ත අයියා ගිහින්ද…..? පැරිස් අහස ළං වෙනකොට විසල් කුලුණ සසැලෙන හැටි සැහැල්ලුවෙන් කියාදුන්න වසන්ත අයියා ගිහින්ද…..? අනන්තය ළඟට කැඳවා සුසුම් කපොල්ලක රඳවන ඉන්ද්‍රජාල කතා කිව්ව වසන්ත අයියා ගිහින්ද….? වයින් බිඳු පිරී ඉතිරෙන වසන්තමය සිහින බඳුන බිඳෙන්නට නොදී රැකගත් වසන්ත අයියා ගිහින්ද…? ඇසින් උසුලගන්නට බැරි වසන්තය ...
සැළසුම්සහගත අහම්බයකින් කැමිලියා මලක් හමුවෙන අකීකරු සුළං දහරකට කීකරුකම ගැන හිතෙන්නට බැරිද? Monsoon Moon සිත්තම © එළිසබෙත් බ්ලේලොක් ‘‘මල් සුවඳ නොවිමසයි සුළඟ යන මඟ !’’ -කැමිලියා කවෙකිනි සුළඟ යන මඟ දැන සුවඳ ළයෙහිම තදකර වේදනාවෙන් මිය යන මල් ඇස ගැසී නැතිවද…..! ඔව් ඇතැම් දවසක ඉන්ද්‍රජාලික මොහොතක සසල කර අතු ඉති පැතු සුළඟ එනු ඇති බැඳි ඇකුරෙක රැඳුණු ශ්රැද්ධාවෙහි බැඳුණු එවිට යට කී සුසුවඳ එ නිමල ළයෙන් නික්මෙන විකසිත මලෙක ...
සැළසුම්සහගත අහම්බයකින් කැමිලියා මලක් හමුවෙන අකීකරු සුළං දහරකට කීකරුකම ගැන හිතෙන්නට බැරිද? Monsoon Moon එළිසබෙත් බ්ලේලොක්ගේ සිත්තමක් ‘‘මල් සුවඳ නොවිමසයි සුළඟ යන මඟ !’’ -කැමිලියා කවෙකිනි සුළඟ යන මඟ දැන සුවඳ ළයෙහිම තදකර වේදනාවෙන් මිය යන මල් ඇස ගැසී නැතිවද…..! ඔව් ඇතැම් දවසක ඉන්ද්‍රජාලික මොහොතක සසල කර අතු ඉති පැතු සුළඟ එනු ඇති බැඳි ඇකුරෙක රැඳුණු ශ්රැද්ධාවෙහි බැඳුණු එවිට යට කී සුසුවඳ එ නිමල ළයෙන් නික්මෙන විකසිත මලෙක ළය එදා රැකගත් සුවඳම සුළඟෙහි වෙලෙනු ...
නටරාජ් Monsoon Moon ඔයාට මතකද එතන තිබුණ නටරාජ් රූපෙ -ඇය එවූ අවසන් ලියුමෙන්- පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද අසමබර කඳුළු මත විසිර යනු මඳහාස තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන ...
නටරාජ් Monsoon Moon ඔයාට මතකද එතන තිබුණ නටරාජ් රූපෙ -ඇය එවූ අවසන් ලියුමෙන්- පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද අසමබර කඳුළු මත විසිර යනු මඳහාස තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන ...
නටරාජ් Monsoon Moon ඔයාට මතකද එතන තිබුණ නටරාජ් රූපෙ –ඇය එවූ අවසන් ලියුමෙන්- පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද අසමබර කඳුළු මත විසිර යනු මඳහාස තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන නටරාජ ...
නිදිකුම්බා මල Monsoon Moon Sunrise with Tree by JOHN COSTANZA(Oil on Canvas on Board 10″x12″) කුරුලු දරුවන් ඉකිලන අරුණු දොරනඩ ඉඳගෙන අහස් ඉදිකඩ පැනගෙන හිරුන් එන මඟ බලනෙමි! විදුලි මළබෙර හඬවන කළු වලා අවි අරගෙන ඉදිකඩ යකුන් සේ ඇති කල හිනාවී එන්ට බැරිවද හිරුනි. පැතුම් මල් පොඩි මැළවෙන සෝකී දෙනෙත්හරවමි ඩෝසර හොඬෙන් ඉදිරුණ රබර යායම විනිවිද……..සීරුවට……….. සිය දහක් හිරු අනුරූ ...