නොබිඳිය යුතු විශ්වාසය Management in Sinhala නායකයෙකු කෙරෙහි විශ්වාසය බිඳුනොත් ඒ නායකයා නො-නායකයෙකු බවට ඉක්මණින් පත් වන්නේ ය. සහකරුවෙක් සහකාරියක් ගැන ද එසේ ය. මිතුරෙකු මිතුරියක ගැන වුව ද අත්වන්නේ ඒ ඉරණම ය. ඔ්නෑම සම්බන්ධයක පදනම විශ්වාසය ය. ඒ නිසා පොදුවේ කාටත් තිබිය යුතු ගුණාංගය කුමක් දැයි ඇසුවොත් සැකයක් නැතුව නම් කළ හැක්කේ විශ්වාසය ය. විශ්වාසා පරමා ඥාතී යන බුදු වදන […] ...
ඉදිරිගාමී මිනිස්සු හා පසුගාමී මිනිස්සු Management in Sinhala ඔ්නෑම සමාජයක ඉදිරිගාමී මිනිස්සු මෙන් ම පසුගාමී මිනිස්සු ද සිටිති. එහෙත් ඇතැම් රටක ඉදිරිගාමී මිනිසුන් වැඩි ය. තවත් තැනක පසුගාමී මිනිසුන් වැඩි ය. එයට හේතුව සොයන්නට මත්තෙන් මේ දෙවර්ගය හඳුනා ගැනීම වැදගත් ය. ඉදිරිගාමී මිනිසුන් නව දෙයට බිය නැත. අභියෝග වලට බිය නැත. නව මං සොයා යෑමට ඔවුන් කැමති ය. නව ප්‍රදේශ ජය ගන්නට ඔවුන් […] ...
සූක්ෂම/ක්ෂුද්‍ර කළමනාකරණය (Micro-management) Management in Sinhala ඇතැම් කළමනාකරුවන් සියලු සේවකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ක්ෂුද්‍ර කළමනාකරණ නායකත්ව මාදිලිය ය. ඉතා විස්තීර්ණ උපදෙස් දීමට ඔවුන් කැමති ය. සෑම පුංචි දෙයක් ගැන ම උපදෙස් දීමට කැමති ය. ඔවුන් කියන ආකාරයට මිස, සමාන ප්‍රතිඵලයක් ලැබුණේ වුව ද (ඇතැම් විට වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ වුව ද), වෙනස් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාට ඔවුහු අකමැති ය. ඔවුන් යටතේ වැඩ […] ...
ජය ගත හැකි අවස්ථා තෝරා ගැනීම Management in Sinhala නිශාන්ත කමලදාස අපේ ජීවිතයේ ඉදිරියට යා හැකි අවස්ථා, “බකන් නිලා” ගෙන සිටියොත්, උදා වන්නේ කලාතුරකිනි. ඒ කලාතුරකින් උදා වෙන අවස්ථා ද අභියෝග වලට බිය නිසා අප මග හැර යන හැටි කලින් දවසක කතා කළෙමු. අප කීවේ එකවර ප්‍රතික්ෂේප කරන්නේ හෝ අනවශ්‍ය ලෙස හිතමින් කාලය ගත කරන්නේ නැතිව ඒවා බාර ගැනීමට නොබියව ඉදිරිපත් විය යුතු බවකි. […] ...
අවස්ථා ප්‍රයෝජනයට ගැනීම හා සොයා යෑම Management in Sinhala අප අතර සිටින බොහෝ දෙනෙකු තීරණයක් ගැන හිතන්නේ ප්‍රශ්නයක් පැන නැගුන විට ය. එහෙමට ප්‍රශ්නයක් නැත්නම් අප කැමති අත පය අකුළා ගෙන නිවී සැනසිල්ලේ සිටීමට ය. ඒ මග යෑමට අකමැති පිරිසක් ද සිටිති. ඔවුන්ට එහෙමට ප්‍රශ්නයක් නැතත් නිතර ඉන්නේ පරීක්ෂාවෙන් ය. ඒ අවස්ථාවක් උදා වේ දෝ යන විමසිල්ල ඇතුව ය. අවස්ථාවක් උදා වන්නේ නම් වැඩි […] ...
අර්බුදය අපට උගන්වන වැදගත් පාඩමක් Management in Sinhala පූර්විකාව රට තුළ තියෙන්නෙ කුණාටුවක් හමා ගියා වගේ ම තත්වයක්. ඉදිරුණු ගස් හැම තැන ම. ඉදිකිරීම් ක්ෂේත්රය කඩා වැටිල. සෙසු බොහෝ ක්ෂේත්‍ර පවා තුවාල වෙලා. දැනට පණ ගහමින් නැගිටින බවත් පෙනුනත් සංචාරක ව්‍යාපාරයත් තුවාල වුනු ඒවා අතරින් එකක්. හැම තැන ම බලාපොරොත්තු කඩ වීම් පේන්න තියෙනව. අවිනිශ්චිතතාවය රජයනවා. ඒත් ජීවිතය ගෙනි යන්න වෙනව. තුවාල මුළුමණින් […] ...
නින්ද ගම් Management in Sinhala නින්ද ගමක හරි හමන් නීතියක් නැත. ඇත්තේ රදළ ස්වාමියා පනවන නීති ය. නීතිය පනවන්නේ ඔහු ය. නීතිය පසිදලන්නේ ඔහු ය. නීතිය කඩන්නන්ට දඩුවම් කරන්නේ ඔහු ය. කොටින්ම නීතිය ඔහු ය. ඔහුගේ වචනය වත්මන් සන්දර්භය ඇතුළේ චක්‍රලේඛන වන්නේ ය. එපමණක් නොවේ. නීතිය කැඩීමේ බලය ඇත්තේ ද ඔහුට ය. ඒ අර්ථයෙන් ගත්විට නීතිය පමණක් නොව නොනීතිය ද […] ...
නායකයෙකුට හැංගෙන්නට බැරි ද? පසු බසින්නට බැරි ද? Management in Sinhala මෙම සටහන දේශපාලන සංසිද්ධියක් පසුබිම් කර ගෙන ලියන්නේ වුව ද මෙයින් මතු කරන්නට හදන්නේ කළමනාකරුවෙකුට, සමාජ විද්‍යාව හදාරන්නෙකුට හා සාමාන්‍ය පුරවැසියන්ට ද වැදගත් විය හැකි කරුණු කාරණා ය. මේ දිනවල මුහුණු පොත රත් වී තිබේ. ඒ අනුර කුමාර ප්‍රහාරයෙන් බේරීමට සැඟවුනාය යන ප්‍රවෘත්තිය සමගින් ය. ජාජබ ට විරුද්ධ පාර්ශව එය අනුරට ද ජාජබ ට ද […] ...
රැල්ලට ගසා ගෙන යන පරඩැල් Management in Sinhala මිනිස් ස්වභාවය (ඇත්තට ම කියන්නේ නම් සමස්ත ජීවින්ගේ ස්වභාවය) වන්නේ හැකිතාක් ශක්තිය අඩුවෙන් වියදම් කිරීම ය. අප බොහෝ දෙනෙකුට නොසිතුනාට සිතන එකට ද විශාල ශක්තියක් වැය වේ. ඉතින් නොසිතා ඉන්නට හැකි නම් අප කැමති ය. ඒත් නොසිතා ඉන්නට බැරි ය. ඒ නිසා අප කරන්නෙ අවම ලෙස සිතීම ය. ඒ සඳහා අප කරන්නේ ෂෝට් කට් සෙවීම […] ...
නව ජනපතිගේ පළමු පියවර – කළමනාකරුවෙකුගේ ඇසින් Management in Sinhala නව ජනාධිපති විසින් දැනට පියවර ගණනාවක් ගෙන ඇති නමුත් අප කැමති පළමු පියවර ලෙස මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරගලකරුවන් සම්බන්ධයෙන් ගත් හමුදාමය පියවර සැලකීමට ය. එය සෞම්‍ය වචන වලින් කියන්නේ නම් අරගලකරුවන් ඒ වන විට අත්පත් කර ගෙන පදිංචි වී සිටි ජනාධිපති මන්දිරයෙන් ඔවුන් ඉවත් කිරීම පිළිබඳව ය. අප ඒ සම්බන්ධ පසුබිම මුලින් විමසමු. ඊට පසුව […] ...
පොදු ප්‍රවාහන සේවය – චෝදනා වෙනුවට යෝජනාවක් Management in Sinhala පස්ස බිම ඇනිලාවත් අලුත් දේ අපේ සිත් වල පහල වෙන්නේ නැත්තේ අපේ කරුමයට ය. පොදු ප්‍රවාහන සේවයට විසඳුමක් නැති වීම හේතුවෙන් අප පුද්ගලික වාහන වල “සාඩම්බර” හිමිකරුවන් බවට පත් කරනු ලැබ මේ වන විට ඒවායේ “ශෝචනීය” සිරකරුවන් බවට පත් වෙමින් තිබේ. අද පවතින විනිමය අර්බුදයට ප්රමුඛ පියවර විය යුත්තේ පොදු ප්‍රවාහනය නිසි ලෙස සංවිධානය කිරීම […] ...
ගෝඨාභය රාජපක්ෂ, නෙල්සන් මැන්ඩෙලා හා අධිකාරී බලය Management in Sinhala නායකයෙකුට බලය අවශ්‍ය ය. අත්‍යවශ්‍ය ය. එහෙත් බලය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. එයට හරියට ම හරි යන උදාහරණයක් ලංකාවෙන් අපට ලැබෙන්නේ ය. ලංකාවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද බලය ඉල්ලා සිටියේ ය. අති මහත් බහුතර ජනතාවක් (69 ලක්ෂයක්) ඔහුට බලය ලබා දීමට එකතු වූහ. ඊට පසු ඔහුට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ද අවශ්‍ය විය. එය […] ...
රටේ අර්බුදය ජය ගැනීමට රාජ්‍ය සේවයට කළ හැකි දේ Management in Sinhala අපට ඛණිජ තෙල් අර්බුදයක් තිබේ. හෙට අනිද්දා යුක්රේන් යුද්ධයත් සමග එය තවත් දරුණු වනු ඇත. රාජ්‍ය සේවය තුළ කරන සුළු ප්‍රතිසංස්කරණ කීපයක් මගින් මේ අර්බුදයට විශාල ම නොවුනත් සුළු මට්ටමේ සහනයක් ඇති කළ හැකි ය. ඒ රාජ්‍ය ආයතන වලට පැමිණෙන්නේ නැතිව ඒවායින් සේවය ලබා ගැනීමට මහජනයාට හැකි වන පරිදි තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම හරහා ය. […] ...
පුපුරවනු ලැබුවේ ගැස්, ලිප් හා කුස්සි පමණක් නොවේ. ඒ සමග සන්නාමයන් ද ය. Management in Sinhala අප කුඩා කල වෙළඳ පොලේ විකුණු ඔ්නෑම සහල් වර්ගයක වී, ගල් හා කළු ඇට තිබුනේ ය. වී හා කළු ඇට අතින් ඇහිඳිය යුතු ය. එය එකල තිබූ උකුණන් හා ලේඩි ඇහිදීමේ ක්‍රියා පිළිවෙලට සමාන එකක් විය. මේ ක්‍රියා පිළිවෙලවල් දෙකම අද පරම්පරාවට ආගන්තුක ය. එහෙත් ඒ දෙකම බොහෝ වෙහෙස ගෙන දෙන ක්‍රියාවන් ය. ඇස් දිගින් […] ...
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත Management in Sinhala අප අතර ඇතැම් දෙනෙකුට බොහෝ වැඩ කළ හැකි වුව ද බොහෝ දෙනෙකු කැමති වන්නේ තමන්ට ම ආවේණික වූ, තමන් වඩාත් සසල කරන, තමන් වඩාත් උනන්දුවෙන් කරන වැඩ කිරීමට ය. එයට හේතුව අප එක් එක් කෙනාගේ මොළය හා ශරීරය සැකසී ඇත්තේ වෙනස් ආකාර වලින් බැවිනි. සමහර අය නවෝත්පාදනයට කැමති ය. කිසි දෙයක් එහෙමකට නැති තැනක යමක් එහෙම පිටින් […] ...
රිවර්ස් කරනා ආණ්ඩුවේ ගැසට් අපට උගන්වන පාඩම් Management in Sinhala කොතරම් ප්‍රවේශමෙන් කළේ වුව ද, ලබා ගත හැකි සියලු දත්ත හා තොරතුරු ද ලබා ගෙන තීන්දුවක් ගත්තේ වුව ද, එවැන්නක් වැරදීමට ඉඩ කඩක් තිබේ. එවැනි නිසි විමසීමකින් තොරව තීරණයක් ගත් විට එවැන්නක් වැරදීමේ ඉඩ කඩ, ඒ නිසා ම, අතිශයින් ඉහළ ය. ඇතැම් අවස්ථාවක ආවේගයන්ගෙන් මෙහෙයවනු ලැබීම නිසා එවැනි විමසීමක අවශ්‍යතාවය පිළිගන්නා, ඒ ගෑන දැනුම් තේරුම් […] ...
නායකයෙකුගේ චරිත ලක්ෂණ Management in Sinhala රජයේ උසස් තනතුරුවලට පත් කිරීම් සම්බන්ධයෙන් රට තුළ සංවාදයක් ඇති වී තිබේ. රජයේ පමණක් නොව ඔ්නෑම ආයතනයක නායකයෙකු පත් කිරීමේ දී සෙසු සියලු කරුණු අභිබවා සැළකිය යුත්තේ ඔහුගේ චරිත ලක්ෂණයන් ය. අප කල්පනා කරන ලෙස ට නායකයෙකු හැටියට සාර්ථකව ආයතනයක් මෙහෙයවීමට අවශ්‍ය ප්රමුුුඛම චරිත ලක්ෂණ අවම වශයෙන් හතක් තිබේ. ඒවා අපි මෙසේ දක්වමු. අත්හදා බැලීම් […] ...
ජාතිය ඇමතීමේ වැරදුණු තැන් හරහා සන්නිවේදනය ඉගෙනීම Management in Sinhala ජනාධිපති තුමා කෙටි කාලයක් තුළ දෙවැනි වතාවටත් (2021 අගොස්තු 21 දා) ජාතිය ඇමතුුුවේ ය. පළමු වතාවේ සිදු වූ තාක්ෂණික වැරදි රැසක් ඉවත් කර ගැනීමට මෙවර ඔහුට හැකි වී තිබිණි. පළමු දවසේ රාත්‍රී කළ ඇමතීම පටිගත කර තිබුනේ මහ දවල් එලියේ ය. අවට පරිසරය හා නිතර වෙනස් වුනු රූප රාමු කතාවට එලියක් වනු වෙනුවට බාධකයක් ලෙස […] ...
කෝවිඩ් කළමනාකරණය ඉදිරිපත් කරන කළමනාකරණ පාඩම් Management in Sinhala කෝවිඩ් වසංගතය කළමනාකරුවන්ට ඉගෙනුම සඳහා විශාල ඉඩහසරක් සපයන්නේ ය. කළ යුතු ආකාරයටත් වඩා නොකළ යුතු ආකාරය පිළිබඳ පාඩම් ලංකාවේ කෝවිඩ් කළමනාකරණය ඔස්සේ උගත හැකි ය. මේ එවන් එක් පාඩමකි. කෝවිඩ් පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් තීරණ වැරදි යැයි පිලිගන්නා ආණ්ඩු හිතේෂියෙකු ද ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට පොටක් පාදා ගන්නේ ය. ඒ ඊට ප්රතිපක්ෂව යමක් කළේ නම් […] ...
රජයේ කාර්යාලවල පසුගාමිත්වයට හේතු Management in Sinhala රජයේ කාර්යාලවල පසුගාමී ක්‍රමවේදයන් පිළිබඳව හා ඇතැම් නිලධාරීන්ගේ සිතීමේ නොහැකියාව ගැන උදාහරණ සහිතව ලියන ලද සටහනකට ලැබුණු එක් වටිනා ප්‍රතිචාරයක් වූයේ එසේ වී ඇත්තේ කුමන හේතු නිසා ද යන්න විමසිය යුතු බව ය. එය විසඳුම් අපේක්ෂා කරන කෙනෙකුගේ අවධානය ලැබිය යුතු ඒ නිසා ම මග හැරිය නොහැකි වටිනා කරුණකි. මේ සටහන ඒ හේතු විමසීමට ය. […] ...