ආණ්ඩුව වට්ටන්න බටහිර ඔත්තු සේවයක් ශ්‍රීලනිප ප්‍රබලයන් මෙහෙයවයි-පුවතක් කසාපබ්බත ෴ මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දිහා ඇස් ඇර ගෙන බලා ගෙන ඉන්න ඕන. එතකොට තේරෙනවා කොහොමද රටකට විනාශය ළඟා වෙන්නේ කියලා. කැලේ නහන්න කැලේ ගහක් ඕන වගේ අපි විනාශ කරන්න අපේ එකෙක් ඕන. ඒ වගේම විදෙස් අත පෙවීම් සාධාරණීකරණය කරන්න අවශ්‍ය පසුබිම මේ රටේ හැදීමට කිසි ඉඩක් නොතැබීම ආණ්ඩුවේ වගකීම. ඒ කියන්නේ විපක්ෂයේ අයට බටහිර කුමන්ත්‍රණකාරයෝ කියලා හංවඩු ගහන්න මාධ්‍ය ...
ෆොන්සේකා නිදහස් කළ යුත්තේ ඇය? කසාපබ්බත ෴ ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා ගේනවා – ඇමරිකාවඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ නිරුවත මැනවින් පිළිබිඹු කළ අවස්ථාවකි මේක. මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය, මාධ්‍ය නිදහස වගේ විවිධ මාතෘකාවලින් සරසලා ලෝකයට වහං කරන මේ කැත හෙළුව කෙතරම් බිහිසුණු ද ත්‍රස්තවාදී ද අමන ද කියලා අවබෝධ කරගත යුතුයි.මේ රටේ නීතියට බලපෑම් කරන්න ඇමරිකාවට අයිතියක් නැහැ. ජනතාව ලබා දී ඇති පරමාධිපත්‍ය බලය ආණ්ඩුව අත්තනෝමතික ලෙස භාවිත ...
රජය දෙමළ ජනයාට වන්දි ගෙවිය යතුයි, හමුදා කඳවුරු ඉවත් කල යුතුයි - ආනන්ද සංගරී කසාපබ්බත ෴ කළ හොඳ පස්සෙන් ඒමට පටන් ගෙන තිබේ. අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ කීමට දැන් අපට සිදු වී ඇත. ප්රභාකරන් විසින් මේ වන විට මරා දමා වසර ගණනාවක් ගත විය හැකිව තිබූ මේ මිනිසා ආරක්ෂා කළේ සිංහල සෙබලු විසිනි. ඔහු කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන කාලයේ පවා නිල නිවාස සහ ආරක්ෂාව ලබාදීමට රජය පසුබට වූයේ නැත. දැන් ඔහු සිය ...
ටැටූ ළිය හෙවත් නයෝමි කෝල්මන් ගැන කතා බහක් කසාපබ්බත ෴ (පසුගිය ද සිය බාහුවේ බුද්ධ රූපයක් කොටා ගෙන මෙරටට පැමිණි නයෝමි කෝල්මන් පිටුවහල් කිරීම මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය. ඒ පිලිබඳ Chandana J. Hewawasam මිතුරා සහ මා අතර ෆේස් බුකියේ ඇති වූ කතා බහකට බහු ජන හිතසුව පිණිස මෙසේ කසාපබ්බතයෙහි පළ කරමු.)Chandana J. Hewawasam Sandun , Udalamatta , Nalinda , Asitha : Read this article first, then have a look the ...
වී වෙනුවට ප්ලේන් බාන වී ගබඩාව කසාපබ්බත ෴ ඊයේ දින මත්තල වී ගබඩාවට ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව වන ඇන්ටනොව් 225 ගුවන්යානයක් ගොඩ බා තිබේ. එම ගුවන්යානයට තෙල් සහ කාර්ය මණ්ඩලයට පහසුකම් ලබා දීම මගින් රුපියල් මිලියන 13ක විදේශ විනිමයක් රටට ලැබී තිබේ. මේ ලෝකයේ වී ගබඩාවක් එක් දිනක් තුළ ලද වැඩිම මුදල බවට කිසිදු සැකයක් නැත.මෙවැනි විදේශ විනිමයක් උපයන්නේ 2015 වසරේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ...
වඳින්නම් සර් කනක් ඇහිලා යන්න දෙන්න . . . කසාපබ්බත ෴ අපේ රටේ බහුතරයක් ජනතාව පෞද්ගලික වාහනයක් භාවිත කිරීමට තරම් ආර්ථික මට්ටමකට නොමැත. ඇතැමුන්ට වාහන ගතහැකි වුව ද ඉන්ධන වියදම දරාගත නොහැකිය. එහෙයින් බොහෝ දෙනා පොදු ප්‍රවාහන සේවා එනම් බස් දුම්රිය භාවිත කරති. මේ සේවා භාවිත කරන අයට මුහුණ පෑමට සිදුවන අප්‍රසන්න අත්දැකීම් බොහෝය. ඒ අතරින් එකක් නම් නිදහසේ කන්දොස්කිරියාවක් නොමැතිව ගමනාන්තයට යාමට ඇති නොහැකියාවයි. ඒ ලංකාවේ සියලු ම පෞද්ගලික බස්වල ...
උඩුගං පිහිනන හසීම් අම්ලාට මල් මිටක් ...! කසාපබ්බත ෴ දකුණු අප්‍රිකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හසීම් අම්ලා මුස්ලිම් ජාතිකයෙකි. ඔහු සිය ජාතික කණ්ඩායමට අනුග්‍රහය දක්වන බියර් කොම්පැනියේ ලෝගෝව නොපළඳියි. ඒ මත්ද්‍රව්‍ය ප්‍රචාරණය සිය ආගමට පටහැනි නිසාය. මේ නිසා ඔහුට සෑම මසකම ඩොලර් 500ක් සිය ක්‍රිකට් ආයතනයට දඩ ලෙස ගෙවීමට සිදුව තිබේ. ඔහු දඩ ගෙවනු මිස බියර් ලෝගෝව නම් නොපළඳියි. මේ නිසා ඩොලර් මිලියන ගණනකට මිල නියම වූ IPL තරඟාවලියට පවා ...
උතුරට විග්නේශ්වරන් බස්නාහිරට හිරුණිකා කසාපබ්බත ෴ (ෆේස්බුක්හි පිලිප් ශාන්ත නම් මා මිතුරාගේ කුඩා සටහනක් පිළිබඳ ඇති වූ කතාබහක් බහුජන හිතසුව පිණිස මගේ බ්ලොග් අඩවියේ පළ කරමි.)Philip Shantha-දෙමළ විමුක්තිකාමීන්, බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, ජාතිවාදීන්, ලිබරල්වාදීන් එකතු වෙලා දෙමළ සංධානයක් විදිහට උතුරට තරග කළානෙ. උතුරෙ මිනිස්සු තෝරා ගත්තෙ විග්නේශ්වරන්ව.ඒ වගේම සිංහල විමුක්තිකාමීන්, බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, ලිබරල්වාදීන් එකතුවෙලා බස්නාහිරට තරග කළානෙ. බස්නාහිර මිනිස්සු තෝර ගත්තෙ හිරුණිකාව.ෂෝයි නෙ.Lakshan Wickrema විග්නේශ්වරන් පෙනී සිටින්නේ දෙමළ ...
බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීම කසාපබ්බත ෴ එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ බැතිමතුන් වන මගේ මිතුරන්ගේ කිහිප දෙනෙකු නිතර ම පාහේ සිය පරාජිත දේශපාලන මානසිකත්වය ප්‍රදර්ශනය කරන එක්තරා කැත විදිහක් තිබේ. ඒ වර්තමාන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සසඳන පදනම් විරහිත අතාර්කික වල්පල් සහිත ඡායාරූප ෆේස්බුක් පිටුවල අභිරුචියෙන් පළ කිරීමය.2009 සරත් ෆොන්සේකාට ආදරය නිසා නොව මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමේ ...
ශ්‍රී පවන් අගවිනිසුරු වීමට ජාතිකවාදීන් විරුද්ධ ද? කසාපබ්බත ෴ දෙමළ ජාතිකයෙකු වන කේ. ශ්‍රී පවන් මහතා මේ රටේ අගවිනිසුරු ධූරයට පත්ව තිබේ. මේ ආණ්ඩුව හිටපු අගවිනිසුරු ඉවත් කළ ව්‍යවස්ථා විරෝධි යහ පාලනයටම ඔබින විළි ලැජ්ජා නැති අශිෂ්ටත්වයට මම එරෙහි වෙමි. ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම පසුගිය රජයේ අවශ්‍යතාව අනුව සිදු වුව ද එය ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඔස්සේ සිදු කිරීමට තරම් විනයක් ඔවුන්ට තිබිණි. රටට ඒ විනය ප්‍රමාණවත් නැති හෙයින් ගෙන ...
බොදු බල සේනාව විදෙස් කුළී සේනාංකයක් ද? කසාපබ්බත ෴ ජාතිකවාදීන් සහ ඒ හා සමාන අදහස් දරන්නන් පවසන පරිදි බොදුබල සේනාව විදෙස් කුලී සේනාංකයකි. බටහිර එකම අරමුණ මහින්ද බලයෙන් පහකිරීමය. ඒ සඳහා ඔවුන් මෙතෙක් පිටත සිට සිදු කළ සියලු කුමන්ත්‍රණ අසාර්ථක වී තිබේ. එහෙයින් මෙවර අලුත් උපක්‍රමයක් තෝරා ඇත. ඔවුන්ගේ නව උපක්‍රමය පිටතින් නොව ඇතුළතින් පිපිරීමක් ආරම්භ කිරීමය. සිංහල මුස්ලිම් කෝලාහලයක් නිර්මාණය කර ඒ ඔස්සේ බටහිර විරෝධි මුස්ලිම්වරු මහින්දගෙන් ඈත්කිරීමය. ...
තුන් සිංහලය එක් සේසත් කළ රාත්‍රිය ... !!! කසාපබ්බත ෴ ඒ සිහිනය නැවත සැබෑ කර ගන්නට අපට වසර 18ක් පෙරුම් පිරීමට සිදුවිය. ලෝක කුසලාන 4ක් අසලට පැමිණ නැවත හැරී යන්නට සිදුවිය. කෙසේ වුව ඒ සියල්ල අතීතයට එක් කර ඊයේ රාත්‍රී සිහිනය සැබෑ කර ගතිමු. ඩැරන් සාමි අනුව නම් ඒ දෙවියන්ගේ කැමැත්තයි. තරඟය ආරම්භ කරන මොහොතේ මා සිටියේ තුරඟ තරඟ පිටියේ ක්‍රීඩාගාරයේය. මුළු නගරයම සැණකෙළි වෙස් ගෙන තිබිණි. ක්‍රීඩාංගණයේ දැවැන්ත තිරය ...
ඉතිහාසය නිවැරදි කෙරේ, රාජ ද්‍රෝහීන් ජාතික වීරයන් වේ කසාපබ්බත ෴ එවකට පැවැති සුදු ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීමේ චෝදනාවට දේශප්‍රේමීන් 177 දෙනෙකුට රාජද්‍රෝහී චෝදනාව එල්ල විය. 1948 අප නිදහස ලැබුවද මෙතෙක් පහළ වූ කිසිදු ආණ්ඩුවකට එම වරද නිවැරදි කිරීමට නොසිතිණි.සුද්දා ද්‍රෝහී ලේබලය අලවන්නේ යමෙක්ද ඔහු සිය රටට ආදරය කරන පුද්ගලයෙකි. සුද්දාගේ සම්මාන වනාහි සුද්දාට ගැතිකම් කිරීම නිසා ලැබෙන මස් කටුවකි. නැතහොත් කපන්න බැරි අත සිඹීමකි. අපේ රටේ නම් පළමු වර්ගයේ සම්මාන ...
රතුපස්වලින් ෆොන්ටෙරා වෙත ... කසාපබ්බත ෴ කටේ පිට්ටුද? මොකද කතා නැත්තේ? රතුපස්වල සිදුවීම අපි හෙළා දකිමු. ඒ පිළිබඳ වගකිව යුත්තේ ආණ්ඩුව බව අපි නැවත කියමු. නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දෙයක් පොරවෙන් කපන තැනට ගෙන ආවේ ආණ්ඩුවයි. ඒ අවස්ථාවේ මේ රටේ ජනතාවට දිවි හිමියෙන් ආදරය කරන ආණ්ඩු විරෝධී, රාජ්‍ය විරෝධී, බෙදුම්වාදී කල්ලි එකපෙළට ජනතාව වෙනුවෙන් කෑ ගැසූහ. හමුදාවට පලු යන්න බැන්නෝය. ඇන්කර්, මැලිබන් ඇතුලු පිටි වර්ගවල DCD ...
මාගම්පුර කිරි කළයට ගොම ලෑම කසාපබ්බත ෴ පසුගිය දා මාගම්පුර ජාත්‍යන්තර වරාය විවෘත කිරීම ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහත් උත්කර්ශවත් ලෙස සිදු විය. මේ කාර්ය අප මීට දශක කිහිපයකට පෙර කළ යුතු ව තිබුණත් අය අපේ ජාතියෙන් මග හැරී ගිය රටේ සංවර්ධන සංග්‍රාමයේ යෝධ පියවරක් බව කිව යුතු නැත. මේ මහා කාර්යයට උර දුන් සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු ය. නායකත්වයේ සිට ලොරි රථ ...
ජාතියේ ආඩම්බරකාර බාප්පලාගේ කතාව කසාපබ්බත ෴ ජනපති මහින්ද රාජපක්ෂ වරක් තමා හඳුන්වා ගත්තේ පරපුරක සාඩම්බර පියා ලෙස ය. තිස් වසරක් ඇදී ගිය යුද්ධය කෙළවර කොට රටේ ප්‍රගතිය උදෙසා අඩුපාඩු යටතේ වුව යම් වැඩපිළිවෙළක් ඔහු ක්‍රියාවට නඟන හෙයින් ඒ හැඳින්වීම ගැන අපට උරණ වන්නට කාරණයක් නැත. එහෙත් ඔහුගේ නිශ්ශංක මල්ල ප්‍රතිපත්තිය නම් මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බැව් කිව මනා ය. ඉන් ඔහුගේ ප්‍රතිරූපයට හානියක් මිස වන ...
කකුළු පැටවුනි, කෙලින් පලයව්! කසාපබ්බත ෴ විමල් වීරවංශගේ පාක්ෂිකයින්ට පහර දුන් පොලිසියට ගුටි කෑවුන් විසින් පෙරලා පහරදීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජවිපෙ පොලිසියේ රාජකාරියට බාධා කළවුන් වහා ම අත් අඩංගුවට ගත යුතු යැයි කීවේ ය. එදා පොලිසිය කිසිදු වග විභාගයකින් තොරව පහර දුන්නේ තමන්ට නොවන නිසාත් තමාගේ අංක එකේ හතුරා ලෙස සලකන්නාට නිසාත් ජවිපෙ වහා ම පොලිසිය වෙනුවෙන් පෙනී සිටියේ ය.ඉතිහාසයේ හැමදාම ආණ්ඩුවේ මුර බල්ලන් ...
මෙදා කැබිනට්ටුව මැදවච්චියේ රැස්වෙයි කසාපබ්බත ෴ තිස් වසරක් කොටි ග්‍රහණයේ පැවති උතුරු නැගෙනහිර ඊනියා දෙමළ රාජ්‍යයේ අගනුවර ලෙස හැඳින්වූයේ කිලිනොච්චියයි. කොටි වනසා වසරක් ගෙවුණු තැන, කිලිනොච්චිය හෙවත් ඊනියා කොටි අගනුවර ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලංකා රජයේ කැබිනට් මණ්ඩලය රැස්වීම අතිශය වැදගත් පණිවිඩ ගණනාවක් ලොවට ලබාදෙයි.එකක් මේ රටින් සහමුලින් ම ත්‍රස්තවාදය අතුගා දමා අවසන් බව එනම් මේ වන විට සමස්ත රටේ ම ආරක්ෂාව තහවුරු කර ඇති බව පළමුවැන්න ය. ...
මරණය නම් නිවටකමයි කසාපබ්බත ෴ ගිය වසරේ මැයි මස ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ මොහොත වන විට සමස්ත රට දෙකඩ බෙදී තිබිණි. එක් පැත්තක ලංකා රජය, ලක් හමුදාව, දේශමාමක බලවේග, රටේ අති බහුතර ජනතාව සහ අපේ ඇතැම් මිත්‍ර රටවල් විය. අනෙක් පස කොටි සහ කොටි මිතුරු හවුල විය. නෝර්වේ ප්රමුඛ බටහිර රටවල්, එක්සත් ජාතීන්, ටීඑන්ඒ, රනිල්, රවි, කිරිඇල්ල ප්රමුඛ එජාපය, ලංකා ඉනිව්ස් වැනි වෙබ් අඩවි, සුනන්ද ...
ලංකාව ඉරාකයක් නොවන්නට නම්! කසාපබ්බත ෴ ඉරාකයේ පරමාණු අවි ඇතැයි කියා ඒ රට ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කිරීම කළේ ඇමරිකාව විසිනි. ඊට පසු 2002 ඉරාකය ආක්‍රමණය කළ අතර මෙතෙක් පරමාණු අවි සොයා ගෙන නැත. එහෙත් අභිමාණවත් ශිෂ්ටාචාරයක් ලොවට අහිමි විය. ලක්ෂ 6ට වඩා ජනතාවක් මරා දැමිණි. සදාම් හුසේන් එල්ලා මරා දැමුවේ ය. අද රටේ බෝම්බයක් නො පිපිරෙන දවසක් නැත. මුළු රට ම විශාලා මහ නුවරකි. තැන තැන ...