පිල්ලේයාන්ට ජනාධිපති උපදේශක තනතුරකට නුසුදුසු ඇයි? කසාපබ්බත ෴ ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන්ට ජනාධිපති උපදේශක තනතුරක් දීම පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ සරදමට හේතුවක් වී ඇත. ආණ්ඩු විරෝධීහු සහ රාජ්‍ය විරෝධීහු එලිපිට එය විවේචනය කළහ. කාටුන් ඇන්දෝය. ආණ්ඩු පාක්ෂිකයෝ ද ඊට හූ මිටි තබමින් එම විවේචන අනුමත කළහ. ඒ අර්ථයෙන් ගත් කල රටේ පක්ෂ විපක්ෂ බහුතරයකගේ අදහස ඔහු එම තනතුරට නුසුදුසු බවය. ඇත්ත. මේ වන විට ජනාධිපති උපදේශක තනතුර දේශපාලන අරමුණු මුදුන්පත් ...
කහ ඉරෙන් පාර පනින්න උගන්වන්න පොලිසියෙන් පන්ති - පුවතක් කසාපබ්බත ෴ නීතිය සැමට සාධාරණ විය යුතුය යන්න සම්මතයකි. නීතියේ දෙවඟන දෑස රෙදි කඩකින් වසා ගෙන තරාදිය දරා සිටිනුයේ එහෙයිනි. එහෙත් මේ වන විට නීතිය හැඳි දෙකකින් බෙදන්නට පටන් ගෙන තිබේ. ඒ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සහ කොන්දේසී විරහිත හිතවතුන්ට විශේෂ හැන්දකින් ද සාමාන්‍ය ජනතාවට සහ විපක්ෂයට සාමාන්‍ය හැන්ද ද වශයෙනි. එහෙයින් මේ අලුත් නීතිය ක්‍රියාත්මක වන විට ඇති විය හැකි කාරණායක් ගැන ...
බෙදුම්වාදයේ මුව විටෙහි සිට . . . කසාපබ්බත ෴ බෙදුම්වාදයේ ත්‍රස්තවාදී පෙරමුණ පරාජය කොට රට ලැබූ ජයග්‍රහණය එහි ප්රජාතන්ත්රවාදී පෙරමුණ ද පරාජය කොට විජයග්රහණයක් බවට පත් කිරීම අද රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි. ඒ පිළිබඳ රටට හිතැති විද්වතුන් විවිධ අවස්ථාවල අදහස් පළ කළ ද තවමත් ඒ පිළිබඳ සමාජය සංවේදී වූ බවක් නොපෙනේ. ආණ්ඩුව උතුරු-නැඟෙනහිර පළාත්වල යටිතල පහසුකම් වැඩි දියුණු කරනු මිස සාමාන්‍ය ජනතාවගේ හදවත් දිනා ගැනීමට සහ ඔවුන් බෙදුම්වාදී ...
එක ප්‍රශ්නයකට එක බිල්ලක් ඉල්ලන ආණ්ඩුවක් !!! කසාපබ්බත ෴ ඉස්සර අපේ ගම්වල යක්කු සිටියහ. උන් නිතර ගැමියන්ට වැහුණු අතර යද්දෙස්සෙකු පැමිණ මන්ත්‍ර කියා වැහුණු යකාට වහා ආතූරයාගේ ශරීරයෙන් පිටව යන්නැයි පවසයි. එවිට බෑ කියන යකාට කැමති වරයක් ඉල්ලන්නැයි කී කල ඌ මිනිස් බිල්ලක් ඉල්ලයි. එවිට "තොට මොන මිනිස් බිලිද බොල අල්ලලා බැඳලා මුහුදට දාන්න කලින් මං දෙන කුකුළ බිල්ලත් අරන් වහාම ආතුරයා අතහැර පලයන්" යැයි යක්දෙස්සා යකාට තරවටු කරයි. ...
ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාරට බහිමු! කසාපබ්බත ෴ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ව ජනතාව පාරට බස්සවන බවට ටිල්වින් සිල්වා ඊයේ මොර දුන්නේ ය. රාජපක්ෂ රජය ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන්නට යතැයි මම මුලින් සිතුවෙමි. බලය බෙදන බෙදුම්වාදය පෝෂණය කරන එවන් කටයුතුවලට ජනතාව විරුද්ධ විය යුතු ම ය. නැතහොත් ජනතා පරමාධිපත්‍යයට වැට බඳින සංශෝධන ගෙන එන්නට රාජපක්ෂ රජය අර අඳිතියි සිතුවෙමි. ජනතාවට කෙනෙක් ජනපති කළ හැකි වාර ගණන අඩු කිරීම වැනි ...
මානව හිමිකම් පසුපස එන ආක්‍රමණය හමුවේ ගත යුතු මග කසාපබ්බත ෴ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ගෙන ආ යෝජනාව යන්තම් සම්මත කර ගන්න ඇමරිකාවට හැකි වුණා. ඇත්තට ම අවසානයේ බොහෝ රටවල් මේ යෝජනාවට පක්ෂ වුණේ විවිධ රාජතාන්ත්රක බලපෑම් සහ අභ්‍යන්තර දේශපාලන හේතු නිසා. ඉන්දියාව වුණත් එහෙමයි. යුරෝපා සංගමයේ රටවලුත් එහෙමයි.ඉන්දියාවට නැගී එන චීනය අබියස ආරක්ෂාවට සිටින ඇමරිකාව ද බෙදුම්වාදය දිශාවට යාමේ අවධානම ඇති තමිල්නාඩුව ද ආරක්ෂා කරගත යුතු වුණා. මධ්‍ය ප්‍රදේශ ...
යාපනයේ සරසවියේ සිංහල සිසුන් ලවා ප්රභාකරන්ගේ පින්තූරයට වන්දවලා කසාපබ්බත ෴ යාපනය අතීතයේ හැඳින්වූයේ නාගදීපය යනුවෙනි. දිවයිනේ උතුරේ ප්‍රදේශය වාසභූමිය කරගෙන විසූ සිංහලයෝ භාරත චෝල රාජ්‍යයේ බලපෑම් වැඩිවත් ම දකුණට ක්‍රමයෙන් රට මැදට සංක්‍රමණය වූහ. කලින් කල විවිධ ආක්රමණිකයින් උතුර පාලනය කළ ද ඒ දකුණේ ප්‍රධාන රාජ්‍යයට යටහත්වය. එසේ නොවන හැම විට ම ඊට පහර දීමට සිංහල රජවරු පසුබට නොවීය.එහෙත් යටත්විජිතවාදී ආක්‍රමණ සමග තේසවළාමේ නීතිය සම්පාදනය කර (1707) යාපනය දෙමළ නිජබිම ...
නිදහස් උළෙලට පසු වදනක් කසාපබ්බත ෴ පසුගිය දා වන නිදහස් උළෙල අනුරාධපුරයේ දී පැවැත්විණි. ඒ පිළිබඳ කෙටියෙන් මගේ අදහස් කිහිපයක් පළ කිරීම මේ කෙටි සටහනේ අදහසයි.කොළඹින් බැහැර පිට පළාත්වලට නිදහස් උළෙල ගෙන යාම මම අගය කොට සලකමි. මීට පෙර ද නිදහස් උළෙල නුවර මෙන් ම කතරගම ප්‍රදේශවල ද පැවැත්වූ බව මතකය.අනුරාධපුරය වසර 1500ක් පමණ අපේ අගනුවර වූ ඓතිහාසික නගරයකි. අපේ නූතන ශිෂ්ටාචාරයේ පදනම සැකසුණේ එහි ය. ...
අටපිරිකරත් හලාල් වීමට පෙර .... කසාපබ්බත ෴ ආණ්ඩුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳ විශේෂඥයා විමල් වීරවංශ පවසන පරිදි මුස්ලිම් අන්තවාදය හමුවේ සිංහලයින් නොසන්සුන් වීම ද ජාත්‍යන්තර කුමන්ත්රණයකි. මංගල සමරවීර පවසන පරිදි එය ආණ්ඩුවේ වැඩකි. නිමල් සිරිපාල පවසන පරිදි එය අන්තවාදයකි. මේ සියල්ලට හේතුව වේගයෙන් ව්‍යාප්ත වන මුස්ලිම් අන්තවාදය බව කීමට කිසිවෙකු නොමැත. එසේ කිසිවෙකු කිවහොත් ඌ ජාතිවාදියෙකි. අද සිංහලයා සිංහල වීම නිසාම කිසිදු හඬක් නොමැති නිවටයෙක් බවට පත්ව සිටී.උලමා ...
ආගමික අන්තවාදය හමුවේ අප යා යුතු මඟ කසාපබ්බත ෴ මේ වන විට සමස්ත ලෝකය පුරා ඇත්තේ ක්‍රිස්තියානී සංස්කෘතික ආධිපත්‍යයකි. එය ව්‍යාප්ත කරන්නේ ද ආරක්ෂා කරන්නේ ද ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපයයි. අධ්‍යාපනය සහ ජනමාධ්‍යය ඔස්සේ අප අඩු වැඩි වශයෙන් එහි ගොදුරු බවට පත්ව ඇත. කලක් අපේ සිතුම් පැතුම්, සිරිත් විරිත්, ආහාර, දේශපාලන දෘෂ්ටිය ආදී සියල්ල තීරණය කරන තත්ත්වයට මේ සංස්කෘතික ආක්‍රමණය ව්‍යාප්ත වී පැවති අතර දැන් එම ප්රවාහයට එරෙහිව ...
පයින් යන්න තහනම් කළ ආසියාවේ අයිස්චරිය..!!! කසාපබ්බත ෴ ඊයේ මාසික සාහිත්‍ය දේශනයට සවන්දීමට ජාතික පුස්තකාල ශ්රවනාගාරයට ගිය මම දේශන අවසානයේ සාකච්ඡා වාරය අතරතුර මිතුරෙකු ද සමඟ ඒ පිටුපස පිහිටි තුරඟ තරඟ පිටියට ගියෙමි. ඒ ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර 20/20 ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් තරඟයේ ආරම්භක අවස්ථාව දැකබලා ගැනීමටය. (එහි පුළුල් තිරයේ තරඟය බැලිය හැකිය.)අප තුරඟ තරඟ පිටියට ගියේ විශ්වවිද්‍යාලයේ සිට පුස්තකාලයට පයින් යනෙන කෙටි මග ...
හමුදාව අනවශ්‍යයි-ප්‍රදේශය සාමාන්‍ය අතට හැරිලා උතුරට දෙමළ පොලිස් නිලධාරීන් යොදවන්න රොබට් බ්ලේක්ගෙන් යෝජනාවක් - පුවතක් කසාපබ්බත ෴ බැලූ බැල්මට හරිම අවංක සාධාරණ යෝජනාවක්. ඒත් බ්ලේක් උන්නැහේ ආයේ වටයකින් රටට ගිනි අවුලන්න කරන යෝජනවක් මේක. මේක මාධ්‍යයට කීවේ බ්ලේක්ගේ කට වුණාට ඕක ඇත්තටම බෙදුම්වාදයේ හඬ. මේ රටේ පොලිසිය සියලු ජාතීන් නියෝජනය කළා. දෙමළ අය පොලිසියෙන් ඉවත්වුණේ කොටි තර්ජන නිසා. ඒ නිසා නැවත පොලිසියට දෙමළ අය බඳවා ගත යුතුයි.කොටි ත්‍රස්තයින් රට ගිනි තියන්න පටන් ගන්නා විට ලංකා හමුදාව 16000ක් ...
කොළඹ නරගයේ සිඟමනේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනේ - පුවතක් කසාපබ්බත ෴ මේ රටේ ඉන්න සම-හරක් නොදන්නවා වුණාට හිඟාකෑම නීතියෙන් තහනම්. ඒක ලංකාවේ දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් වෙලා තියෙන්නේ මේ සියලු හිඟන්නෝ වැටුප් ශ්‍රමිකයෝ වෙලා. ඒ කියන්නේ හිඟන මුදලාලිලා යටතේ සේවය කරන ශ්‍රමිකයෝ. අපි දෙන හැම රුපියලකින්ම වැඩි කොටස යන්නේ මේ හිඟන මුදලාලිට. ඒ අය යන්නේ ප්‍රාඩෝවලින්. කන්නේ හිල්ටන් ගලදාරිවලින්.මේක මහා පරිමාණ පතාළ බිස්නස් එකක්. ඒ නිසා මේක කොළඹ ට්‍රැපික් ලයිට් ...
වහා බොරදිය මාලු බෑම නතර කරනු! කසාපබ්බත ෴ අප වසර 30ක් තිස්සේ යුද්ධ කළේ කොටි ත්රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනතාව සමඟ නොවේ. එකල අපි සාමාන්‍ය දෙමළ ජනතාව ආරක්ෂා කරන අතර කොටි ත්රස්තවාදයට එරෙහි වීමු. 1983 සිදු වූ අවාසනාවන්ත සිද්ධියට පසු සිංහලයින් කුපිත කර ඔවුන් ලවා දකුණේ අහිංසක දෙමළ ජනතාවට ප්‍රහාරයක් එල්ල කොට ජාත්‍යන්තර අනුකම්පාව ඩොලර් කඳුවලට හැරවීමේ සහ මධ්‍යස්ථ දෙමළ ජනතාව ඊළම වෙත තල්ලු කිරීමේ අරමුණින් සිංහල ජනතාවට ...
ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන, මෙහෙයවීම හිටපු පූජකයෙකු විසින් - පුවතක් කසාපබ්බත ෴ මට නම් හිතෙන්නේ ලිංගික ආකර්ෂණය උපදින්නේ අපේ හිත්වල. ඒක කිසිම පුද්ගලයෙකුට පාලනය කළ හැකි දෙයක් නෙමේ. පල්ලියටවත් ලෝකය මවපු දෙවියන් වහන්සේටවත් පාලනය කරන්න බැහැ ඕක.ලිංගික ආකර්ෂණය අති බහුතරයකට විරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇති වෙද්දි සුලු පිරිසකට ඒක සමලිංගික අය කෙරෙහි ඇති වෙනවා. මේක හරිම ස්වභාවිකයි. ඒ වගේම සුළුතරය ඇතැම් විට විකෘතියක් විදිහට දැකීමත් ස්වභාවිකයි.ලෝකයේ සියලු දේ නිෂ්පාදනය වන්නේ හැමෝටම හුරු දකුණත ...
සැමට ෂාරියා නීතිය... කසාපබ්බත ෴ රටක පැවතිය යුත්තේ එක නීතියකි. එහෙත් මුස්ලිම් ෂාරියා නීතියට අනුකූල කාන්තාවන්ගේ අවම විවාහ වයස් සීමාව වන අවුරුදු 12 අවුරුදු 16 දක්වා ඉහළ දැමීම නිසා එම සුළු වාර්ගික ජන කොටසේ සිත් මල් තැලිය හැකිය.එහෙයින් ආණ්ඩුව කළ යුත්තේ සෙසු සිංහල සහ දෙමළ කාන්තාවන්ගේ අවම විවාහ වයසද අවුරුදු 12 දක්වා පහත හෙළීමය. එසේම 5 වසර ශිෂ්‍යත්ව විභාගය විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය බවට පත්කළ යුතුය.ළමා ...
බටහිර උවමනාව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙරළීමයි – තමාරා කුගනායගම් කසාපබ්බත ෴ උප්පැන්නයේ සිංහල යැයි හණ ගසා ඇති සුනන්ද දේශප්‍රිය, සඳරුවන් සේනාධීර, වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, මංගල සමරවීර, ජයලත් ජයවර්ධන වැනි ජාති භ්‍රෂ්ටයින් හා සසඳන කල තමාරා කුගනායගම් නමැති මේ දෙමළ කාන්තාව විහාරමහාදේවි, සෝමා දේවි පරපුරේ නියම සිංහල කාන්තාවකි. සිංහලයා යනු පණ්ඩුකාභය රජ දවස සියලු ගෝත්‍ර එක් වී එක්සේසත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් (අද වචනවලින් නම් ඒකීය ශ්‍රී ලංකාව) සපථ කළ පිරිස හඳුන්වන ...
රට ගිනි තබන තවුහිද් ජමාද් තහනම් කරනු! කසාපබ්බත ෴ මෑතකාලීන සිංහල මුස්ලිම් කෝලාහලවලට මූලික හේතුව මේ අන්තවාදී තවුහිද් ජමාද් කල්ලියේ නොමනා ක්රියාකළාපයයි. පසුගිය දා මාදම්ප ප්‍රදේශයේ දහසක පමණ මුස්ලිස් කාන්තාවන් පිරිසක් මේ කල්ලියට එරෙහිව වීදි බැස්සාහ. ඊයේ රාත්‍රි සයින්දමරුදු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සහ මේ කල්ලිය අතර ගැටුමක් හට ගෙන තිබේ. මේ සියලු ගැටුම්වලට හේතුව සාම්ප්‍රදායික මුස්ලිම් ගම්බිම්වල අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය පල්ලි ඉදි කරමින් ද අන්තවාදය දේශනා කරමින් ද ...
ජනපති කේවට්ට රංචුව ආනන්ද කුමාරස්වාමිට නිගරු කිරීම. කසාපබ්බත ෴ මේ වන විට ජනාධිපතිතුමා වට කොට ගෙන සිටින්නේ නියම කේවට්ට රංචුවක් බව එතුමාගේ නමින් ලංකාවේ හදන බෝක්කු, වැසිකිළි, බෝල් පිට්ටනි නම් කිරීමෙන් පැහැදිළි වේ. මෙමගින් මහින්ද රාජපක්ෂ නමැති රටට නිදහස දිනාදුන් මිනිසාගේ නාමයට කරන අවමානය නිග්‍රහය කියා නිම කළ නොහැකිය. මී පැණි වුවත් නිතර බොන විට තිත්ත වේ යැයි කියමනක් තිබේ. දැන් ජනපති නම ද එසේ මය. සිය නම අමරණීය ...
නරක ආක්රමණිකයා සහ හොඳ ආක්රමණිකයා... ! කසාපබ්බත ෴ 8%ක් වන මුස්ලිම් ජනතාව වෙනුවෙන් උලමා සභාව සමස්ත ජාතියට හලාල් කැවීම පිළිබඳ පසුගිය වසරේ දැවැන්ත ජනතා විරෝධයක් මතු විය. ඒ හමුවේ ඇතැම් ආයතන ස්වේඡාවෙන් ම හලාල්කරණයෙන් ඉවත් වූ අතර 2013 මාර්තු 18 වෙනිදා උලමා සභාව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වුයේ හලාල් සහතික ක්‍රමය එතැන් සිට නතර කරන බවය. එහෙත් එහිදී සිදුවූයේ හලාල් සඳහා මුදල් අය කිරීම නතර කිරීම ...