දෑ හිතැති විද්වතුන්ගේ වගකීම සහ TNA කොටි රංචුව කසාපබ්බත ෴ අද ආණ්ඩුවේ ඇතැම් කටයුතු පිළිබඳ අපට සතුටු වෙන්න බැහැ. ඒවා අපට අද විවේචනය කරන්න වෙනවා. එස්.එල්.ගුණසේකර මහතා ආණ්ඩුව පිළිබඳ දිවයින පුවත්පතට විවේචනාත්මක අදහස් පළ කරලා තිබුණා.ඔන්න දැන් කියන්න පුළුවන් එස්.එල්.ගුණසේකර විපක්ෂයට කඩේ යනවා කියලා. ආණ්ඩුවෙන් මුකුත් නොලැබුණු නිසා දැන් බනිනවා කියලා. මොකද තමන්ගේ බඩ වෙනුවෙන් දේශපාලනය කරන එවුන් හිතන්නේ එහෙම. ඒ වගේ පර හැත්ත හැම තැනම නිසා සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ...
තමාරාට කැපිල්ලක්, ජිනීවා මෙහෙයුම අඩාලයි කසාපබ්බත ෴ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය තාමාර කුගනායගම් මහත්මිය මෑත ඉතිහාසයේ ලංකාව වෙනුවෙන් විශාලතම සේවයක් කළ නාතාපතිනිය ලෙස ඉතිහාසගත වී හමාරය. රට ගිනිගෙන දැවෙද්දි රට වෙනුවෙන් ඉටුවිය යුතු සිය තානාපති වගකීම් තඹයකට මායිම් නොකර යුරෝපයට වී සැප ගන්නා හරක් පට්ටියක් බවට පත්ව ඇති ලංකා තානාපති සේවයට මේ ද්‍රවිඩ කත පරමාදර්ශයකි. වයසට යාම, මැතිවරණයෙන් පරාදවීම, පවතින රජයේ ප්‍රබලයින්ගේ ඥාති හිතමිත්‍රාදීන් වීම සිය සුදුසුකම් ...
අහෝ වියන්ගොඩ නොදිටි මොක්පුර !!! කසාපබ්බත ෴ ගාමිණි වියන්ගොඩ තමා ඇතුළු සිය වර්ගයා අතර සිංහල බෞද්ධයා කෙරෙහි ඇති නොසන්සිඳෙන වෛරය පිරිමසා ගැනීමට ලියූ "සිංහල බෞද්ධ-හරක් මස් වෙනුවට බටහිර ක්‍රිස්තියානි හරක් මස් වැළඳීම" නම් ලිපිය ගැන මගේ අදහස් කිහිපයක් මීට පෙර මම කසාපබ්බතෙහි ලීවෙමි. ඔහු සිය ලිපියේ තව දුරටත් මෙසේ කියයි. "ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ දේශනාවට අනුව, ලංකාවේ සිංහල-බෞද්ධ ගවයාගේ මස් වෙනුවට බටහිර කිතුණු ගවයාගේ මස් අනුභවය, පාණාතිපාතා වේරමණී ...
ඔබතුමා වෙත දන්වා සිටින වගනම්... කසාපබ්බත ෴ ඔබතුමා වහාම සිවුර හැර වෙන කැමති ඇඳුමක් ඇඳගෙන පන්සලින් පිටවී යා යුතු බව මගේ අවංක අදසහයි. ඔබතුමා මුස්ලිම් ආගම් භක්තිකයෙකු ලෙස අරාබි රටක මෙසේ සිය ආගමට විරුද්ධව ප්‍රකාශයක් කළේ නම් මේ වන විට ඔබතුමා හිස ගැසුම් කා හමාරය. රටින් පැන ගියේ නම් හිසට මුදලක් නියම කොට හමාරය. යටත්විජිත සමයෙහි බුදු සසුන ආරක්ෂා කරගැනීම සඳහා ගණින්නාන්සේලා කළ කාර්යභාරය පිළිබඳ මා තුළ ...
පස්සේ ආ අඟ ලොකු වීමේ වරද !!! කසාපබ්බත ෴ මැකෝ සම්මානලාභි (ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය), දේශාභිමාන දේශ ශක්ති ජනරංජන (ජාතික සාම සම්මේලනය), ජනාභිමානී දේශමාන්‍ය ලංකාපුත්‍ර (ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකාය), ගෞරව සම්මානලාභි (සුරකිමු ලංකා මාතෘභූමි සංවිධානය), කොළොන්නාව ප්‍රධාන සංවිධායක (ශ්‍රීලනිප), සභාපති (ජාතික ජිම්නාස්ටික් සම්මේලනය, බස්නාහිර මේස පාන්දු සම්මේලනය, කොළඹ දිස්ත්‍රික් සැහැල්ලු පන්දු සම්මේලනය), ආරක්ෂක අමාත්‍යංශ ගරු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහ මග මරා ...
උතුරට, නැගෙනහිරට දෙමළ බසින් වැඩකල හැකි පොලිස් නිළධාරීන්- වාසුදේව කසාපබ්බත ෴ මේ රටේ පල්ල හැලිච්චි කොමියුනිස්ට් මාක්ස්වාදීන් දෙස සමාජය වපරැහෙන් බැලීම පුදුමයක් නෙමේ. මොකද මේ රට බෙදා පාලනය කිරීමේ සුද්දාගේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනි යන්න උන් බෝ කරපු ඇම්බැට්ටයෝ ටික තමා මේ.හැබැයි උන්දැලා බෝතල් කළ වතුර නොබී අධිරාජ්‍යවාදයට බනිනවා රූපවාහිනියට ඇවිත්. දෙමළ ජනතාවට තමන්ගේ බසින් වැඩ කිරීමේ අයිතියට අපි ගරු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. ඒ නිසා රාජ්‍ය සේවයට ...
මට පරහක් නොවේ නුඹේ නළලේ තිලකේ !!! කසාපබ්බත ෴ පහුගිය සිකුරාදා ඓතිහාසික විවාහයක් කිලිනොච්චියේ දී සිදුවිය. ඒ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගබජා රෙජිමේන්තුවේ ඊ. එම්. ඩී. සඳරුවන් සහ හිටපු ළමා කොටි සෙබළියක වන චන්ද්‍රසේකරන් ෂර්මිලා අතර ය. ඒ වන විටත් ඇයි 18 වියැති තරුණියකි. යුද්ධය අවසන් වූයේ 2009 වසරේ ය. ඇය 2009 වසරේ කොටි හමුදාවට බඳවා ගත්තී නම් එවක වයස යන්තම් අවුරුදු 15කි. මේ අනුව ඇගේ ළමා කාලය බෙදුම්වාදී ...
ජාතිකවාදීන් සහ එහි විවේචකයින්ගේ අදහස් කසාපබ්බත ෴ නිර්මාල් රංජිත් දේවසිරි මහතාNalin Subasinghe Charitha Kariyawasam Namal Udalamatta වැනි අය මගේ දේශපාලන අභිලාෂ, එහි සීමා මායිම් යනාදිය පිළිබද අවසාන විනිෂ්චය දී ඇති බැවින් මට තවත් ඒ ගැන වාද විවාද කිරීමට දෙයන් ඇත්තේ නැත. කළ හැක්කේ හා එහෙමද කියා නිලං සිටීම පමණි. ඔබගේ දේශපානවය ගැන මට ඇති විවේචන මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බැවින් ඒවා සම්බන්ධව ඔබ තුළ සංවේදීතාවයක් ඇති ...
බස් ගැමුණු බොරු කියයි කසාපබ්බත ෴ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගරු සභාපති තැන්පත් ගැමුණු විජේරත්න මහතා මෙදා ටොම් පචයක් ඇද බා තිබේ. ලංගම, දුම්රිය, කාර්යාල සේවා රිය, පෞද්ගලික වාහන, ත්‍රීරෝද රථ ආදි විකල්ප සේවා නිසා මගී ජනතාව දිනකට ලක්ෂයක් පමණ සිය බස් සේවා අතහැර යන බව ය. කොටින් ම කියනවා නම් මගී ජනතාවගෙන් 49%ට පෞද්ගලික බස් සේවය එපා වී තිබේ. මෙය ටොම් පචයක් වන්නේ අන් දෙයක් ...
නැඟෙනහිර පාවාදීම ! කසාපබ්බත ෴ අතීසාරයට අමුඩය ගසනවා යන්නෙහි තේරුම යමක් පාලනය කිරීමට නිශ්ඵල ප්රයත්නයක් දැරීම යැයි අපට දළ වශයෙන් කිව හැකිය. ඉන්දියාව කිරි පොවා ඇති දැඩි කොට උතුරු නැගෙනහිර මුදාහළ ත්‍රස්තවාදය සමනය කිරීමට ඔවුන් විසින් ම අප මත බලෙන් පැටවූ පලාත් සභා ක්‍රමය ද එවැන්නකි. සුදු අලියෙකි. ඉතාම අවාසිදායක පිටියක ක්‍රිඩා කළ ද සබරගමුව, උතුරු මැද සහ නැඟෙනහිර පලාත් සභා තුනෙහි ඡන්දය අවසන් වූයේ ...
සිංහල, දෙමළ ජනතාවට අසාධාරණයක් නොවන ලෙස බලය බෙදන්න සූදානම් - පුවතක් කසාපබ්බත ෴ එක්කෝ මේ කාලකන්නි ආණ්ඩුවට පිස්සු. නැත්නම් අපට පිස්සු. බෙදුම්වාදීන්ට ස්වයං පාලනය දුන්නා නම් මේ රටේ අවුරුදු 30 තිස්සේ යුද්ධයක් ඇති වෙන්නේ නෑ.රටේ සිංහල දෙමළ දහස් ගණනකගේ ජීවිත විනාශ වෙන්නේ නෑ. දළඳා මාළිගාව ඇතුලු රටේ මිල කළ නොහැකි සම්පත් විනාශ වෙන්නේ නෑ. අත පය නැතුව රටේ තරුණයින්ට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ නෑ. කොටින් ම ප්රභාකරන් කෙනෙක් නෑ.ඕක 1948 නිදහස හිඟද්දි බෙදා ...
6%ට පසු වදනක් කසාපබ්බත ෴ විය යුතු ලෙසම 6% සටන පරාජයෙන් කෙළවර විය. ඇතැමුන්ට එවන් සටනක් තිබුණු බවක් හෝ දැන් මතක නැත. තත්-කාලීන බොහෝ සමාජ දේශපාලන සංස්කෘතික ප්රවණතා පිළිබඳ ලියන මා රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම සහ දජානි 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම වෙනුවෙන් ආරම්භ කළ සටනට සම්බන්ධ නොවුණේ ඇයි ද යන්න සහ ඒ පිළිබඳ අදහස් පළ නොකළේ ඇයි ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබේ. ...
TNA ඉල්ලීම් දෙසම්බර් 31ට පෙර දිය යුතුයි – රනිල් කසාපබ්බත ෴ TNA ඉල්ලීම් ඉටු කරන්න මේ ආණ්ඩුව බැඳිලා නැහැ. ඒ වගේ ම ජාත්‍යන්තරයේ ඉල්ලීම් ඉටු කරන්නත් මේ ආණ්ඩුව බැඳිලා නැහැ. හැබැයි මේ ආණ්ඩුව පත් කළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න ආණ්ඩුව වග බලා ගත යුතුයි.මේ රටේ ඈත පිටිසර සිංහල මිනිස්සුන්ට මුහුණ පාන්න වන ප්‍රශ්න ම අඩු නැතිව ඈත පිටිසර දෙමළ මිනිස්සුන්ටත් තියෙනවා. ආණ්ඩුව ඒ ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුයි. රටේ සිංහල දෙමළ භේද ...
උගත් පාඩම් කොමිසමෙන් යුද ජයග්‍රහණ පාවා දීලා – ෆොන්සේකා කසාපබ්බත ෴ උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිසම යටතේ අප ලද යුද ජයග්‍රහණය පාවා දී ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ. එතුමා ප්‍රථම වතාවට “අපේ ජයග්‍රහණය” කියලා බහු වචනයෙන් කතා කිරීම විශේෂ ලක්ෂණයක්. කෙසේ වුදද TNA සහ කොටි, විදෙස් NGO සහ දැන් උන්ගේ පදයට කස්තිරම් අල්ලන ජවිපෙද මේ කොමිසම නිශ්ඵල බව කියා තිබිණි. කොමිසම නොබෝදා විවේචනය කළේ හිටපු යුද වීරයාය. "චැනල් 4 නාලිකාවේ ...
විශ්ව විද්‍යාල ආරක්ෂාවට යළිත් ‘මාෂල්වරුන්’ - පුවතක් කසාපබ්බත ෴ ඇත්තටම පහුවෙලා හරි මොලේ පෑදිච්ච එක ලොකු දෙයක්. අද වෙන කොට විශ්වවිද්‍යාල ආරක්ෂක සේවය කියන්නේ මහලු මඩමක්. සමහර ආරක්ෂක නිලධාරී සියාල ආච්චිලා ගෙදර ඇදේ තියා ගෙන ඇප උපස්ථාන කරන්න ඕන වයසේ අය. යකඩ ගේට්ටුව තල්ලු කරද්දි දුක හිතෙනවා මේ මිනිස්සු. මේ මිනිස්සු කොහොමද විශ්වවිද්‍යාල ආරක්ෂා කරන්නේ. ළමයින්ගේ විනය ආරක්ෂා කරන්නේ.හම්පඩ කලිසම් ඇඳලා කිළිටි කමීස යට කරලා සෙරෙප්පු දාලා එකම පිස්සුවක්. ...
සිංහල දිසාපති එපා – දෙමළ ජාතික සන්ධානය කසාපබ්බත ෴ මන්නාරමට සිංහල දිසාපති කෙනෙකු එපා යැයි බෙදුම්වාදීහු උඩුබුරති. මේ පිළිබඳ අපට නම් එතරම් පුදුමයක් නැත. මන්නාරම වැනි බහුතර දෙමළ ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක සිංහල දිසාපතිවරයෙකු ගොස් ඒ ජනතාව වෙනුවෙන් සිය රාජකාරිය මැනවින් ඉටු කළ හොත් සිංහල ජනතාව පිළිබඳ සාමාන්‍ය දෙමළ ජනතාව මත මේ බෙදුම්වාදී රැළ පටවා ඇති ප්‍රලාප බිඳ වැටෙනු ඇත. ඊළම පිළිබඳ සිහින පුස් වනු ඇත. සාමාන්‍ය ජනතාව මනාපය ...
මාලකට මල් මිටක් . . . කසාපබ්බත ෴ කොළඹ හෝටලයක රථ ගාලේ වැටී තිබී අසුලා ගත් රිවෝල්වරයක් සහ ජංගම දුරකථනයක් ඇමති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම් ද පුතා ද වන මාලක සිල්වා මහතාගේ රියදුරු මහතා විසින් පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ. මේ සද්කාර්ය එම රියදුරා විසින් කරන ලද්දේ ඔහුගේ හාම්පුතාගේ මඟ පෙන්වීම අනුව බව කිවයුතු නොවේ. එහෙයින් අපි මාලක සිල්වා මහතාට අපේ ප්‍රණාමය පුද කරමු. මේ රටේ සාමාන්‍ය ...
කර්නල් රත්නප්‍රිය උතුරෙන් උදුරා නොගනු! කසාපබ්බත ෴ උතුරේ ජනතාව කාකි ඇඳුමට දක්වන්නේ පුදුම බියක් බවත් ඒ ජනතාවට ශ්‍රී ලංකා හමුදාව පෙනෙන්නේ ආක්රමණික ස්ත්‍රී දූෂක මිනිමරුවන් පිරිසක් බවත් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ සමාජගත කර තිබූ මතයයි. ඒ අනුව හමුදාව උතුරින් ඉවත් කිරීම, ඉතිරි හමුදාව බැරැක්කවලට සීමා කිරීම, මහජන සබඳතා කටයුතුවලින් ඉවත් කිරීම ආදිය යහපාලන ආණ්ඩුව මහා ප්‍රජා සත්කාර ලෙස සිදු කළේය. ඔවුන් සංහිඳියාව ලෙස දුටුවේ එයයි. සුනන්ද දේශප්‍රිය ...
මෙවර තරඟ කළොත් දිනන්නේ මහින්දමයි. - රනිල් වික්‍රමසිංහ කසාපබ්බත ෴ තමන් සමඟ මහා මැතිවරණයට එන්නැයි රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂට අභියෝග කර තිබේ. රනිල් පවසා ඇත්තේ අභියෝගය භාර ගතහොත් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද ලබා ගත් ඡන්ද ලක්ෂ 58, මෙවර ලක්ෂ 50 දක්වා අඩු කරන බවය. මුළු රට ම එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා එක ම තනතුරක් වෙනුවෙන් පවත්වන බොහෝ විට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර ද්වන්ධ සටනක් බවට පත්වන ජනාධිපතිවරණයක දී අපේක්ෂකයෙකු ...
මාලකට මල් මිටක් . . . 2 කසාපබ්බත ෴ කොළඹ හෝටලයක රථ ගාලේ වැටී තිබී අසුලා ගත් රිවෝල්වරයක් සහ ජංගම දුරකථනයක් ඇමති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම්තුමා ද පුතා ද වන මාලක සිල්වා මහතාගේ රියදුරු මහතා විසින් පොලිසියට ගෙනැවිත් භාර දී තිබේ. ඒවා හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට අයත් බව පසුව වාර්තා විය. මේ සද්කාර්ය එම රියදුරා විසින් කරන ලද්දේ ඔහුගේ හාම්පුතාගේ මඟ පෙන්වීම අනුව බව කිවයුතු නොවේ. එහෙයින් අපි ...