ඊ නිව්ස් කර්තෘගේ 7 දැනුම කසාපබ්බත ෴ ලංකා ඉ නිව්ස් යනු ඊළාම්වාදී වෙබ් අඩවියකි. මේ ඊළාම්වාදීන්ගේ රාජ්‍ය විරෝධය ආණ්ඩු විරෝධයක් ලෙස අවබෝධ කරගත් පක්ෂ විපක්ෂ දේශපාලන ජාත්යන්ධයෝ සිටිති. මොවුන් ඊට විරුද්ධ වන්නේ තම ආණ්ඩුවට එරෙහි වුවා යැයි සිතා ගෙන වන අතර පක්ෂ වන්නේ ආණ්ඩුවට විරුද්ධ වුවා යැයි සිතා ගෙන ය. එහි කතුවරයා යැයි කියන සඳරුවන් සේනාධීර නමැත්තා දැනට රටින් පළා ගොස් ඊළම වෙනුවෙන් තවමත් ලියන්නෙකි.ලංකාවට එරෙහිව ගෙන ...
විදෙස් කොටින්ගෙන් දෙමළ සන්ධානයට අප්‍රසාදය, එජාපයට ප්‍රසාදය කසාපබ්බත ෴ මෙතනදී එජාපය ගැන කතා කළ යුතු නැහැ. රවි, ජයලත් වගේ අය වැඩ කරන්නේ කා වෙනුවෙන් ද අද එජාපය පිනවන්නේ කවුද කියලා අපි දන්නවා. දැන් අනෙක් අයත් දැනගත්තා. රටේ හතුරෝ ප්‍රසාදය පළ කරන්නේ කාටද කියලා කිව යුතු නැහැනේ.දෙමළ සන්ධානයට බැණ වදින ටැමිල් ඩයස්පෝරාව එජාපයට මල් මිටක් පුදන්න අමතක නොකරන්නේ ඔවුන්ගේ මනදොළ සැපිරුවේ එජාපය නිසා. එදා 2009 ෆොන්සේකා වෙනුවෙන් උතුරු නැගෙනහිර ඡන්ද ...
සරසවිවලට ගන්නා කලා සිසුන් අඩු කරනවා – එස්.බී. කසාපබ්බත ෴ එස්.බී. දිසානායකගේ බොහෝ වැඩකටයුතු සහ අදහස් පිළිබඳ මට පැහැදීමක් නැහැ. ඒ වුණාට එයා එක්ක මට පෞද්ගලික ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා මම මේ අදහසට එකඟ වෙනවා.දැන් කැම්පස් එන්නේ ඉගෙන ගන්න නෙමේ රැකියාවට සුදුසුකම් හදාගන්න. 99%ක් සිසුන්ගේ එකම පැතුම ඩිග්‍රිය පෙන්නලා පැන්ෂන් තියෙන රජයේ රැකියාවක් ගන්න එක. නැත්නම් උසස් රැකියාවක් කරන එක. ඒ කියන්නේ උපාධිය කියන්නේ රැකියා සුදුසුකමක් තත්ත්වයට පිරිහෙලා.අනිත් ක්ෂ්ත්රවලට කෙසේ ...
උමාරියා එක්ක හැරෙන්නත් බැරි නන්දා...! - ලහිරු පෙරේරා කසාපබ්බත ෴ ලහිරු පෙරේරා පවසන පරිදි නන්දා මාලනීට උමාරියා සමඟ හැරෙන්නත් බැරිය. මව්බිම පුවත්පතේ එක් ලිපියක හෙඩිම එසේය. මේ තකතීරු කතාව ඇසූ විගස සිංහල ගීත ශ්රාවකයින් තුළ සාධාරණ කෝපයක් ඇති වීම යුක්ති සහගතය. නන්දා මාලනී සිංහල ගීත ක්ෂේත්රය වෙනුවෙන් විශාල සේවයක් කළ නිර්මාණකාරියකි. ඇය ගැයූ ගීත ප්‍රමාණය අතිවිශාලය. අප හුදෙකලාව සිටින විට නිතැතින් සිතට නැඟෙන තරමට ඇගේ ගීත ජන විඥානයට බද්ධ වී ...
මන්ත්‍රී පවුලත් රක්ෂණයට වසරකට ලක්ෂ 70ක් කසාපබ්බත ෴ මේ පාර ආණ්ඩුව ටිකක් දුර දිග හිතලා වගේ. මේ පාර්ලිමේන්ත්‍තුවේ ඉන්න සමහර එවුන් පවුල් පන්සල් පිටින් රක්ෂණය කරන එක හොඳයි. මොකද එවුන් කරන නොහොඹිනා වැඩ නිසා ජනතාව කවදා හරි මුන්ට ගහනවා පවුල් පිටින් පන්න පන්න.ඉස්සර කොටි හිටි නිසා 'මේ කාලකන්නි කොටියා ම කාපිය' කියලා ජනතාව ඉවස ගෙන හිටියා. මුන් රටේ උත්තරීතර තැනක හැසිරෙන්නෙත් උන්ගේ පුතාලා නයිට් ක්ලබ් ගිහින් හැසිරෙනවා වගේ.අනෙක ...
ඇයි මේ සිංහයො සත්තු මරනවට විරුද්ධ ? කසාපබ්බත ෴ "පසුගිය දවසක හලාවත මුන්නේශ්වරම් කෝවිල පැත්තෙන් මහා කලාගොට්ටියක් ඇහුන මේ කාලගොට්ටියට මුල් වෙලා තිබුනේ වාර්ෂිකව මුන්නේශ්වරම් කෝවිල මගින් පවත්වන සත්ත්ව බීලි පුජාවකට එරෙහිව සැදැහැවත් සිංහල බෞද්ධ පිරිසකගේ උද්ඝෝෂයක්. පසුගිය වසරේද මෙවැනි කාලගොට්ටියක් කරල අධිකරණ නියෝග අරගෙන මෙම පුජාව නතර කරල තිබුනා. සත්ත්ව ඝාතනයට එරෙහිවිම හොද ක්‍රියාවකි. මෙතෙන තියෙන ප්‍රශ්නෙ මේ බීලි පුජාවට එරෙහි වෙන්නෙ පසුගිය යුධ සමයේ දස දහස් ගණන් ...
පොලිස් කොමිසම පුස්සක් – ඇල්ලේ ගුණවංශ හිමි කසාපබ්බත ෴ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කළ පොලිස් කොමිසම කිසිදු බලයක් නැති පුස්සක් බව ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. ඊට ඇති එකම බලය පොලිස් නිලධාරීන්ට එරෙහි පැමිණිලි විභාග කිරීමේ බලය පමණි.මේ අනුව 17 වැනි සංශෝධනය යටතේ පැවති ඉහළ පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම හා විනය පරික්ෂණ කිරීමට පැවති බලතල නැවත විධායකය වෙත රැගෙන තිබේ. ඒ බතල ගැනීමට සාකච්ඡා කරන බව ...
ශෂී-සන්නස්ගල කූට ලේඛන අවනඩුව කසාපබ්බත ෴ ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු කූට ලේඛන පිළිබඳ සමාජය තුළ කතා බහක් නිර්මාණය විය. ඒ "නහී වේරේන වේරානී" බණ පදයෙන් ආරම්භ කළ යහ පාලන ජනාධිපතිවරණ ව්‍යාපාරය ජයග්රහණයෙන් කෙළවර වීමත් සමඟ ගිනි කන්දක් පුපුරා ගියා සේ වෛරය, පළිගැනීම නමැති ලෝ දිය රට පුරා ගලන්නට වූ හෙයිනි. ජනාධිපතිවරණයට පෙර වේදිකාවේ මහින්දගේ ආණ්ඩුවේ සිටි හොරුන්, දූෂිතයින් අත් අඩංගුවට ගන්නා බවට සපථ ...
අධිවේගයත් මග මරුවන්ට පාවා දෙමුද? කසාපබ්බත ෴ මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින අධිවේගී මාර්ග ජාලය ඔස්සේ මගී ප්‍රවාහන කටයුතු කරනුයේ ලංගම සහ ඩී.එස්. ගුණසේකරගේ බස් රථ පමණි. මේ නිසා ජනතාවට කිසිදු බියක් සැකක් නොමැතිව ගමන් බිමන් යෑම සඳහා එම මාර්ග භාවිත කරති. කිසියම් වැඩි මුදලක් ගෙවා හෝ ජනතාව අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරනුයේ කාලය ඉතිරිවීම, ආරක්ෂාව, පහසුව වැනි කරුණු සලකාය. දැන් වසරකට වැඩි ...
"අපේ කාලේ මැතිසබේ ප්‍රාඥයා" ....? කසාපබ්බත ෴ අප යහ පාලන ආණ්ඩුව උදා වන තුරු දැන සිටියේ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ගැන පමණි. ඒ පානදුරාවාදය ඇතුළු පංචමහාවාද කරමින් මිෂනාරි දුර්මත පරාජය කර බෞද්ධ පුනරුද ව්‍යාපාරයට මුල්ගල් තැබූ ගුණානන්ද හිමි ය. යහ පාලන ආණ්ඩුව අපට මාදුළුවාවේ සෝභිත හිමි නම් වාදිභසිංහයාණෝ කෙනෙක් ද දයාද කොට තිබේ. උන්වහන්සේ චතුර හඬින් බටහිර සහ ඉන්දීය කුමන්ත්‍රණය වෙනුවෙන් හඬ නැඟූ සේක.අප යහ පාලන ආණ්ඩුව ...
පුන්නක්කු බී නිදා ගැනීමේ කරුමය ! කසාපබ්බත ෴ තෙල් මිල අඩු කරන්න පාරට බැහැපු පිරිසකට පොලිසිය කඳුලු ගෑස් ගැහුවා. අවම බලය පාවිච්චි කරලා කඳුළු ගෑස් ගහපු නිසා ඇන්තනීගේ ඔලුව පසාරු කර ගෙන ගිය කඳුළු ගෑස් උණ්ඩයක් අනිත් පැත්තෙන් මතු වුණා. පොලිසියට කිසිම අයිතියක් නෑ මේ විදිහට මිනිස්සු මරන්න. මේ ආණ්ඩුව බලයට ගෙනාවේ මිනිස්සු ජීවත් කරන්න මිසක් මරන්න නෙමේ. ආණ්ඩුව වහාම මේ මිනි මරුවන් අල්ලා දඬුවම් කළ යුතුයි. අර ...
අයියෝ ජවිපෙ කසාපබ්බත ෴ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු නොදී චෝදනා එල්ල කළ එකාගේ ඇඟිල්ලේ වැරදි කියමින් නාහෙන් හැඬීම හෝ දිවයින කියවන්න එපා කියමින් පෝස්ටර් ගැසීම මගින් ඒම පක්ෂයේ නිවැරදි උපක්‍රම තේරීමේ හැකියාව මොනවාට කියා පායි. මෙවැනි තහනම් නියෝග ඔස්සේ පාලනය කළ හැක්කේ සිය පක්ෂයේ මොළ සේදු කාඩරයින් පමණි. දිවයින විසින් විශාල මුදලක් වියදම් කර ලබා ගත යුතු ප්‍රචාරයක් නොමිලේ ...
සජිත්, සුජීව, චතුර, තමන්ගේ තරම දැන ගෙන කල් අරිනු! කසාපබ්බත ෴ මහා මැතිවරණයට කලින් මහින්ද රාජපක්ෂට හැකි නම් තමන් සමඟ තරඟ කර ජය ගන්නැයි අභියෝග කළ එජාප මන්ත්‍රීවරු තිදෙනෙක් පිළිබඳ මට මතක ය. පළමු වැන්නා සජිත් ප්‍රේමදාස ය. ඔහු කීවේ තමන්ට බයේ මහින්ද කුරුණෑගලට පළා ගිය බව ය. එසේ කී සජිත් ලබා ගත්තේ මනාප ඡන්ද 112 645ක් පමණි. නාමල් රාජපක්ෂ මනාප ඡන්ද 127 201ක් ලබා ගෙන තිබිණි. විළිලැජ්ජාවට කාරණය තම අසුන ...
ආඬි හත්දෙනාගේ ජවිපෙ! කසාපබ්බත ෴ මේ රටේ UNP උගතුන් ප්‍රධාන විපක්ෂය කළ යුතු බව කී ජනතා විමුක්ති පෙරමුණට සිදුව ඇත්තේ මාර සන්තෑසියකි. මොවුන් කැට තබා දිවුරා කීවේ ජනතා විමුක්ති පෙරමුණ ආසන 25ක් දිනාගනු ඇති බව ය. එහෙත් ප්‍රතිඵල නිකුත් වූ විට මට සිහියට ආවේ ආඬි හත් දෙනාගේ කැඳ හැලියේ කතාව ය. අවසානයේ ඡන්දය දෙන බව කී කිසිදු UNP ආඬි උගතෙකු JVP එකට ඡන්දය ලබා දී ...
පළාත් සභා ඡන්දයේදී ඔබ ගතයුතු මඟ කසාපබ්බත ෴ නැවත පළාත් සභා ඡන්දයක් පැමිණ තිබේ. එහි සමස්ත ප්‍රතිඵල පසුගිය මැතිවරණවලට වඩා වෙනස් නොවනු ඇත. විපක්ෂය කෙතරම් මොර දුන්නද බටහිර රාජ්‍ය කෙතරම් සූක්ෂම මෙහෙයුම් දියත් කළ ද ජනතාවට තවම ආණ්ඩුව එපා වී නොමැත. විවිධ දුර්වලතා තිබුණ ද නාහේ වැරැද්දට මූණ කපා ගැනීමට ජනතාව සුදානම් නැත. එහෙයින් මේ පළාත් සභා ඡන්දය ද ආණ්ඩුව පහසු ලෙස ජය ගනු ඇත. දිනාගත් සාමය විනාශ ...
ජාත්‍යන්තරය හා හැප්පී වැඩක් නෑ, කතාකර බේරාගන්න – කිරිඇල්ල කසාපබ්බත ෴ රටට කෙළවෙනවා නම් එජාපය ආණ්ඩුවට පූර්ණ සහාය ලබා දෙන බව අපි දන්නවා. එදා යුද්දේ කරද්දිත් ඒක නවත්තලා නෝර්වේ මග පෙන්වීම මත සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරමින් සාමයට යන්න කියලා කියපු එවුන්ට මොනවාද කියන්න බැරි. මේ ආණ්ඩුවේ එවුන්ට වඩා කිරිඇල්ලලා හොඳට දන්නවා මේ ආණ්ඩුවේ ආයුෂ තීරණය වන්නේ දේශප්‍රේමි බලවේග ආණ්ඩුව සමග සිටීම හෝ නොසිටීම මත කියලා. ඒ නිසායි නියම නිලේ අල්ලලා ...
අන්තවාදී ආගම් පතුරුවමින් සිටි විදේශිකයන් 161ක් පිටුවහල් කෙරේ. පුවතක් කසාපබ්බත ෴ විවිධ දුෂ්කර ප්‍රදේශවල ඉස්ලාම් භක්තිකයින් අතර අන්තවාදී අදහස් ප්‍රචාරය කළ රංචුවක් වහාම රටින් පන්නා දැමීමමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ඔව් හොඳ වැඩක් මේක. කාටවත් අන්තවාදී ආගමික මතවාද කූට උපාය මාර්ගවලින් ජනතාවගේ හිස්වලට පොම්ප කරන්න ඉඩ දියයුතු නෑ. හැබැයි මේක ඉස්ලාම් ආගමට විතරක් එල්ල වෙච්චි තර්ජනයක්ද? මීට වඩා දරුණු තර්ජනයකට අද වෙද්දි දුෂ්කර ප්‍රදේශවල ජීවත් වෙන අහිංසක බෞද්ධයින් මුහුණ දී නැද්ද? ...
චීනය ඇමරිකාව පසුකර යාම කසාපබ්බත ෴ ඇමරිකාව 1872 බ්‍රිතාන්‍යය පරයා ලෝක ආර්ථික බලය දිනා ගන්නවා. ඒ බලය චීනය 2040 දිනාගන්නා බවට තමයි මත පළවුණේ. නමුත් ඒක 2016 වෙද්දි යථාර්තයක් වෙලා.. හිතුවාට වඩා ඉක්මණට ලෝක ආර්ථික බලය අාසියාවට ලැබෙයි. ආර්ථික බලය යනු දේශපාලන සහ යුද බලයයි. මේ ඇරඹෙන්නේ ලංකාවේ සිටින උපන්ගෙයි බටහිර ගැතියන් තව තවත් විහිළුවක් බවට පත්වන යුගයයි..චීනය ඇමරිකාව පසුකිරීම ...
කෝටිපති නැව්පති සෙනරත් සිටාණෝ කසාපබ්බත ෴ එතුමා මැදමුලනේ මරා මෙන් උපතින් ම හිඟන්නකු නොව පරම්පරාවෙන් ම ධන කුවේරයෙකි. නැව් හිමියෙකි. මී කුණක් විකුණා ලද තුට්ටුවෙන් සාර මසක් තුළ රන් මසු ලක්ෂ දෙකක් උපයා ගෙන පොහොසතෙකු වූ චුල්ල සිටාණෝ මෙතුමාගේ පරපුරේ ඉතිහාසගත ලේඛනවල සඳහන් වන ආදිතම මුත්තනුවෝ ය."යාල්පාන වෛපව මාලෙයි" නම් දෙමළ කෘතිය අනුව වසර දහස් ගණනකට පෙර පටන් එතුමාගේ මුතුන් මිත්තෝ නැව් හිමියෝ ය. සයුර(=නා)ට මැණික(=රත්න)ක් ...
ක්‍රිස් නෝනිස් අමතක ද? කසාපබ්බත ෴ සජින් වාස් ගුණවර්ධනගේ අශිෂ්ට ක්‍රියාදාමය නිසා ආචාර්ය ක්‍රිස් නෝනිස් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරයෙන් ඉවත් වුණා. නෝනිස් ඉතා ම දුෂ්කර කාලයක රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් වගකීම් ඉතා ම හොඳින් ඉටුකළ රාජ්‍ය තාන්ක්රිකයෙක්. ඒ සිද්ධිය සිදු වුණු සමයේ නම් විපක්ෂය වගේ ම විවිධ සමාජ ක්‍රියාධරයන් නෝනිස්ට සිදු වූ අසාධාරණය පිළිබඳ කතා කළා; කම්පා වුණා අපට මතකයි.නමුත් දැන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරය සඳහා ...