සිංහලයිනි, විජයග්‍රහණය නො කෙළසවූ! කසාපබ්බත ෴ ජාතියට අභය දානය දිනාගත් මැයි 18 වන දිනය බෙදුම්වාදී ආණ්ඩුව නො සමරන බව සහතිකය. ඒ වෙනුවට දැන් උතුරේ මහවිරු සමරු පැවැත්වෙයි. එම මහ විරු සැමරුම් නුදුරේදීම ජනපති අගමැති ප්‍රධානත්වයෙන් කොළඹ පැවැත් වුවද මම නම් පුදුම නොවෙමි. එක් අතකින් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් ෆෙඩරල් පාරේ ඊළමට මග කියන ආණ්ඩුව රට එක්සේසත් කළ රණ විරුවන් බොරුවට හෝ සැමරීම ඔවුන්ට කරන නින්දාවකි. එහෙයින් ...
මහින්ද ජවිපෙ සහ සයිටම් දේශපාලනය කසාපබ්බත ෴ ඕනෑම දේශපාලන පක්ෂයක් බලය ලබා ගැනීමට උපක්‍රම තෝරයි. එහෙත් ඒ රටට යහපතක් කිරීමෙනි. ජවිපෙ කොටසක් අනෙක් දේශපාලන පක්ෂ ලෙස ම රටට යහපතක් කර බලය ලබා ගැනීමට වඩා උත්සාහ කරන අතර එහි කොටසක් දිගට ම රට උගුලක සිරකර බලය ලබා ගැනීම වඩා පහසු මාර්ගය බව විශ්වාස කළේය. ප්‍රධාන පක්ෂ දෙකෙන් රටට වඩාත් අහිතකර පක්ෂය හෝ නායකයා යැයි තමන් සිතන පුද්ගලයා බලයට ...
ජවිපෙ ගිල්ල GMOAලා කසාපබ්බත ෴ ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ආණ්ඩුව එට්කා ගිවිසුම ගසා රට ම ඉන්දියාවට විකිණීමට යන විට ඉන්ද්‍රඛීලයක් සේ ජනතාව සමග නැඟී සිටි ප්රබලතම වෘත්තීය සමිතිය රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි (GMOA). ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ආණ්ඩුව ඊට කෙතරම් බිය වීද යත් සේවා ගිවිසුමෙන් හීන් සීරුවේ වෛද්‍ය සේවාව ඉවත් කර පාදයක් පිටුපසට තබා ආරක්ෂක පියවරක් වෙත ගියේය. එහෙත් GMOA කියා සිටියේ තම සේවාව ගිවිසුමෙන් ඉවත් කළ ...
බෝධිසත්ව ගුණෝපේත රනිල්තුමා... කසාපබ්බත ෴ රනිල්තුමා දාන පාරමිතාව පුරන මතු බුදු වන බෝධිසත්වයෙක් වෙන්න බැරිද? උන්නාන්සේ 2001 උතුර කොටියාට දොර දන් දීලා ඊළාම් දාන පාරමිතාව සපුරගන්න හැදුවා.දෙව්දත් පරපුරේ ජහමන මාර සේනාව 29 පාරක් උන්නාන්ෙසේගේ දැහැන බිඳින්න හැදුවත් එතුමා නෙමෙයි ඊළාම් පාරමිතාව සපුර ගන්න ඇති මහ වීරිය අතෑරියේ.2016 නැවත ඊළාම් පාරමිතාව පුරන්න වීරිය වඩන අතර දකුණේ හම්බන්තොට වරායයි අක්කර 15000යි චීනේට දන්දීලා චීන දාන පාරමිතාව පුරන්න ...
ජනතාවගේ ඉඩම් ඇත්තේ උතුරේ විතරද? කසාපබ්බත ෴ උතුරු නැඟෙනහිර ආරක්ෂක මර්මස්ථාන අනාරක්ෂිත කරමින් හමුදා කඳවුරු එකපිට එක හකුළා ඒ ඉඩම් ජනතාවට බෙදාදුන් යහපාලන පාණ්ඩුව හම්බන්තොට අක්කර 15000ක් චීනාට විකුණන්නේ ඒවා ජනතාවලේ ඉඩම් නොවන නිසාද? ඒවා කුරුඳුවත්තේ රනිල් හාමුගේ නින්දගමේ ඉඩම්ද? නැත්නම් සජිත් අප්පොගේ නින්දගමේ ඉඩම්ද? එසේත් නැත්නම් අමනවීරගේ ඉඩම්ද? ...
රටින් හාල් ගෙනැත් රට ස්වයංපෝෂිත කරයි කසාපබ්බත ෴ යහපාලන ආණ්ඩුව මත්තල වී ගබඩාවක් කරලා මුලපිරුවේ රට ස්වයංපෝෂිත කරන්න කියලා එදා මෝඩ බයියලාට තේරුණේ නැහැ. පුලතිසි ගොවි පුතා හෙට අනිත්දා හාල් මෙට්‍රික් ටොන් 10000ක්ම රටින් ගෙනැත් රට ස්වයංපෝෂිත කරනවා.බලපල්ලා කුරුඳුවත්තේ හාමු දුරදිග දැකලා මත්තල වී ගබඩාවක් හැදුවෙි නැත්නම් කොහේද හාල් ගබඩා කරන්නේ කියලා. එහෙම වුණා නම් හැමදාම උදේට ඉන්දියාවට, පාකිස්තානෙට මල්ල අරන් ගිහින් දවසට සෑහෙන්න හාල් ගෙනැත් තමයි රට ...
කෝටිපති නැව්පති සෙනරත් සිටාණෝ කසාපබ්බත ෴ එතුමා මැදමුලනේ මරා මෙන් උපතින් ම හිඟන්නකු නොව පරම්පරාවෙන් ම ධන කුවේරයෙකි. නැව් හිමියෙකි. මී කුණක් විකුණා ලද තුට්ටුවෙන් සාර මසක් තුළ රන් මසු ලක්ෂ දෙකක් උපයා ගෙන පොහොසතෙකු වූ චුල්ල සිටාණෝ මෙතුමාගේ පරපුරේ ඉතිහාසගත ලේඛනවල සඳහන් වන ආදිතම මුත්තනුවෝ ය."යාල්පාන වෛපව මාලෙයි" නම් දෙමළ කෘතිය අනුව වසර දහස් ගණනකට පෙර පටන් එතුමාගේ මුතුන් මිත්තෝ නැව් හිමියෝ ය. සයුර(=නා)ට මැණික(=රත්න)ක් ...
ආණ්ළඩුවට මා අපචාරවලට වැට බැඳීමට අවශ්‍යයද? කසාපබ්බත ෴ යහපාලන ආණ්ඩුවට ඉස්ලාම් ෂාරියා ළමා අපචාරයට එරෙහිවන්න කිසිම වුවමනාවක් නැහැ. තව අන්තවාදී ඡන්ද ටිකක් වෙනුවෙන් මුස්ලිම් ළමයෙක් අවුරුදු 12දි නෙමෙයි අවුරුදු 6දී විවාහයට සුදුසුයි කියලා වුණත් කීවොත් පුදුම විය යුතු නැහැ.අලි හිංසනයට විරුද්ධව පන්සල්වල නිදහසේ ඉන්න අලි කුදලං ගෙහුන් පින්නවල දම්වැල් දාලා බැඳලා රකින ආණ්ඩුව ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න යුරෝපා සංගමයෙන් නියෝග ලැබෙන තෙක් බලා සිටීම විහිළුවක්.අනෙක් අතට මේ අවස්ථාවේ ...
ළමා අපයෝජන වැදගත් විදිහට රකින හැටි... කසාපබ්බත ෴ මේ වෙලාවේ ඉස්ලාම් ෂාරියා නීතිය අනුව මේ රටේ මුස්ලිම්ලාට අවුරුදු 12 සිට ළමා අපයෝජනයට ඇති නීත්‍යානුකූල අවස්ථාව අභියෝගයට ලක්වෙලා.ඒ යුරෝපා සංගමය ආණ්ඩුවට GSP+ දෙන්න කොන්දේසියක් විදිහට මේ ළමා අපචාරයට ඇති නිත්‍යානුකූලභාවය ඉවත් කරලා විවාහ වීමේ වයස 16 දක්වා වැඩි කරන ලෙස කොන්දේසියක් පැනවීම නිසා.දැන් මේ ළමා අපයෝජනයට ඉඩදෙන්න කියලා බුද්ධිමත්තු විදිහට අපට කියන්න බෑ. එතකොට ළමයි, සුළු වාර්ගිකයන් ගැන වැදිබණ ...
සැමට ෂාරියා නීතිය... කසාපබ්බත ෴ රටක පැවතිය යුත්තේ එක නීතියකි. එහෙත් මුස්ලිම් ෂාරියා නීතියට අනුකූල කාන්තාවන්ගේ අවම විවාහ වයස් සීමාව වන අවුරුදු 12 අවුරුදු 16 දක්වා ඉහළ දැමීම නිසා එම සුළු වාර්ගික ජන කොටසේ සිත් මල් තැලිය හැකිය.එහෙයින් ආණ්ඩුව කළ යුත්තේ සෙසු සිංහල සහ දෙමළ කාන්තාවන්ගේ අවම විවාහ වයසද අවුරුදු 12 දක්වා පහත හෙළීමය. එසේම 5 වසර ශිෂ්‍යත්ව විභාගය විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය බවට පත්කළ යුතුය.ළමා ...
ආවා ව්‍යාපාරය රැකගමු! කසාපබ්බත ෴ විනෝදන් හෙවත් ආවා විසින් සාමාජිකයින්ගේ 12 දෙනෙකුගෙන් ආරම්භ කළ ආවා ගෘප් එකේ මේ වන විට සාමාජිකයින් 500ක් පමණ සිටින සාර්ථක ව්‍යාපාරයක් බව වාර්තාවෙයි.සන්නා, දේවා, ප්‍රකාශ් නම් නායකයින් තිදෙනා මුහුදු මගීන් ආයුධ තුනක් ගෙන්වා ගෙන භාවිත කරති. ඔවුන් සමග තවත් කුඩා මැර කල්ලි නවයක් කටයුතු කරන අතර බ්‍රසීලයේ නිෂ්පාදිත තියුණු කඩු ඔවුහු භාවිත කරති.ආවා ව්‍යාපාරය මේ වන විට ඝාතන 12ක් සිදුකර ...
අර්ජුන් නිර්මලයි කසාපබ්බත ෴ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැය කිහිපයකට පෙර සද්ගුණවත් හිටපු මහ බැංකු අධිපතිතුමා සිංගප්පූරු පොලිසියට බාරවෙයි.එතුමා ලංකා පොලිසිය භාරනොවුණේ එතුමාට ඒ ගැන විශ්වාසයක් නැති නිසාය. හොරුන්ට සිංගප්පූරුවේ කිසිදු බුරුලක් නැති බව දැන දැනම සිය සුපිරිසිදු බව ලෝකය හමුවේ තැබීමට එතුමා නිර්භයව සිංගප්පුරු පොලිසියට භාරවිය.රනිල් මැතිඳුන් හොලු ආරක්ෂා කරන බව කී මෝඩ බයියන්ට දැන් ඉතින් කට උත්තරත් නෑ. සිය පතිවත පෙන්වීමට ...
චීනය ඇමරිකාව පසුකර යාම කසාපබ්බත ෴ ඇමරිකාව 1872 බ්‍රිතාන්‍යය පරයා ලෝක ආර්ථික බලය දිනා ගන්නවා. ඒ බලය චීනය 2040 දිනාගන්නා බවට තමයි මත පළවුණේ. නමුත් ඒක 2016 වෙද්දි යථාර්තයක් වෙලා.. හිතුවාට වඩා ඉක්මණට ලෝක ආර්ථික බලය අාසියාවට ලැබෙයි. ආර්ථික බලය යනු දේශපාලන සහ යුද බලයයි. මේ ඇරඹෙන්නේ ලංකාවේ සිටින උපන්ගෙයි බටහිර ගැතියන් තව තවත් විහිළුවක් බවට පත්වන යුගයයි..චීනය ඇමරිකාව පසුකිරීම ...
නීතිය සමානව ක්‍රියාත්මකද? කසාපබ්බත ෴ පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට හෝ රියකට දකුණේදී පොලිසිය වෙඩි තැබූ අවස්ථාවක ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේද?මහින්ද පාලන සමයේ රතුපස්වල, මීගමුව ආදී ප්‍රදේශවල ජනතාව සහ රාජ්‍ය ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලදී මිනිසුන් මරා දැම්මේ මහින්ද බව ප්‍රකාශ කළ අය මෙදා යාපනයේ දෙමළ තරුණයින් දෙදෙනා මරා දැම්මෙි රනිල් බව කියන්නේද? (එදා මහින්ද මෙන් මෙදා රට පාලනය ...
අපේ හාම්පුත්තු නීතිය රකින හැටි කසාපබ්බත ෴ මත් ද්‍රව්‍ය ගෙන, පොලිස් අණ නොතකා, අපරික්ෂාරී ලෙස යතුරු පැදිය ධාවනය කොට වෙඩි කා තාප්පයක ගැටී මිය ගිය යාපනේ තරුණයින්ගේ මරණ නිසා ලංකා පොලිස් නිලධාරීන් අත්අඩංගුවේය..අපට යහපාලනය, ප්රජාතන්ත්රවාදය, මාන අයිතිවාසිකම්, සමානාත්මතාව කියාදෙන, ළඟට විත් පිටට තට්ටු කර වෙල් ඩන් සිරිසේන කියන සුදු ඇමරිවෛ් නිරායුද කළු තරුණයෙකුට වෙඩි තබා මරාදැමු සුදු පොලිසිය නම් ඊට වැරදිකරුවන් නොවේ.සුදු පොලිසියේ වර්ගවාදී පරයින්ට එරෙහිව විනය ...
බුදු දහට හිමි තැන අහිමි කරන හැටි කසාපබ්බත ෴ බුදුදහමට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීම මෙරටින් බුදුදහම අතුගා දැමීමේ එක් පියවරකි. එය කළ හැකි ක්‍රම දෙකකි.1. බුදුදහමට සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බව කියැවෙන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස් කිරීම.2. එම වගන්තිය වෙනස් නොකර වෙනත් වගන්ති ඔස්සේ සෙසු ආගම්වලටද බුදුදහමට ව්‍යවස්ථාවෙන් හිමි තැනට සමාන තැනක් ලබාදීම.මේ ක්‍රම දෙකෙන්ම සිදුවන්නේ බුදුදහමට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ප්‍රමුඛත්වය අහිමි කිරීම බව මෝඩ ...
අන්තරේ කොලුවාට කසාපබ්බත ෴ යාපනේ විශ්වවිද්‍යාලයේ සිංහල සිසුවාගේ ඔළුව පළපු කොටියා දවසක් බන්ධනාගාරයට නොගොහින් එම්.සුමන්තිරන් කොළඹ හිටං යාපනේ ගිහින් නිදහස් කරලා විශ්වවිද්‍යාලේ වාහනේකින්ම අරන් යද්දි ඒක හරිම සාමාන්‍ය ශිෂ්‍ය ගැටුමක් නිකන් ඩාතිවාදේ වපුරන්න එපා කියපු පෙරටුගාමි අන්තරේ ගල් මූසලයා අදත් මයික් එකට හුස්ම නොගෙන කෑ ගහනවා.පොර අද කියනවා පොලිසිය වෙඩි තියලා උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් මැරුණා, හැබැයි මේක උතුරේ වුණා කියලා අපි කට වහගෙන ...
බටහිර මාධ්‍ය සහ ස්වාධීනත්වය කසාපබ්බත ෴ බටහිර මාධ්‍ය හරිම ස්වාධීනයි, මධ්‍යස්තයි තියලා හිතන ඒවා පරමාදර්ශ කියලා හිතලා වඳින පුදන ලංකාවේ බූරු වහන්සේලාට ඒවායේ පවතින දැඩි එහෙත් සූක්ෂ්ම පක්ෂපාති බව සාමාන්‍ය අවස්ථාවක තේරුම් ගන්න බැහැ.හැබැයි මේ වේලාවේ නම් ටිකක් පහසුයි අඳුනගන්න මොළේ වැඩකරනවා නම්. BBC, CNN හෝ The Gardian වගේ මාධ්‍යයක් බැලුවා නම් පේනවා බටහිර මාධ්‍යයේ ස්වාධීන සීතාම්බර සළුව මොන තරම් බොරුවක්ද කියලා.ඔවුන් බටහිර සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය ...
ලිබියාව පස්සේ පන්නන ලංකාව කසාපබ්බත ෴ ලිබියානු නායක ගඩාෆි සිය රට අප්රිකාවෙි ඉහළම ජීවන තත්ත්වයක් සහිත රට බවට පත්කළේය. එය එකල අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය නම් විය. ගඩාෆි සිය රට වැසියාට ලබාදුන් පහසුකම් වර්තමාන බොහෝ බටහිර රාජ්‍ය වැසියන්ට පවා නොලැබෙයි.ඇමරිකානු ඩොලරය සහ යුරෝව සමග තරග කළ හැකි රත්තරන් පදනම් කරගත් නව මුදල් ඒකකයක් අප්‍රිකාවට සහ ලෝකයට හඳුන්වා දීමේ ගඩාෆිගේ යෝජනාව සියල්ල කනපිට පෙරළීය. ඉන් පසු බටහිර මාධ්‍ය ත්රස්තවාදයට ...
වෙඩික්කාරයෝ කසාපබ්බත ෴ අපේ පොලිසියේ එවුන්ට පුළුවන් එක වෙඩි උණ්ඩෙන් දෙන්නෙක් මරන්න. යාපනේ තරුණයින් දෙදෙනාගේ මරණ පරීක්ෂණය අනුව යතුරුපැදිය පැදවූ තරුණයාගේ ශරීරයේ වෙඩි උණ්ඩය තිබුණේ. ඒ කියන්නේ පිටුපස වාඩිවෙලා ගිය තරුණයාගේ සිරුර හරහා ඔහුත් මරාගෙන ගිහින් යතුරුපැදිය පැදවූ තරුණයාත් මරාලා දැම්මා කියන එකනේ.දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පොලිසියට මෙහෙම වෙඩි තියන්න පුළුවන් නම් හමුදාවට කොහොම වෙඩි තියන්න පුළුවන් ඇත්ද? මං නම් හිතන්නේ යුද්දේ ...