කේෂාප් ගෝඨා සහ අපේ නිවටකම් කසාපබ්බත ෴ ප්රජාතන්ත්රවාදය කුමක්ද යන්න පිළිබඳ විවිධ යුගවල විවිධ අර්ථකතන ඉදිරිපත් වී තිබේ. 1861-1865 සමයේ ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ ඒබ්‍රහම් ලින්කන් පැවසුවේ ප්රජාතන්ත්රවාදය යනු ජනතාවට අයත්, ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් ක්‍රියාවට නංවන ආණ්ඩුක්‍රමයක් බවය. මේ අනුව ප්රජාතන්ත්රවාදය යනු ජනතා පරමාධිපත්‍ය පදනම් කරගත් පාලන ක්රමයකි. අපේ රටේ ද ක්‍රියාත්මක වන්නේ ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයකි.77 ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තිය අනුව ජනරජයේ පරමාධිපත්‍ය බලය ජනතාව කෙරෙහි ...
ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී! කසාපබ්බත ෴ භික්ෂූන් වහන්සේ භික්ෂු විනයට මෙන්ම ජීවත් වන රටේ නීතියට ද අනුගත විය යුතුය. එහෙත් අපේ රටෙි අද ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ ගොඩනැඟුණු සිංහල නීතිය නොව රෝම ලන්දේසි නීතියයි.ඒ නීති පද්ධතිය වසර සිය ගණනක් මෙරට භාවිත වුවද එය අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට අප අසමත් වී ඇත. අපේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වන පරිදි ඒ නීතිය අපේ කර ගැනීමට අප අසමත් ...
කර්නල් රත්නප්‍රිය උතුරෙන් උදුරා නොගනු! කසාපබ්බත ෴ උතුරේ ජනතාව කාකි ඇඳුමට දක්වන්නේ පුදුම බියක් බවත් ඒ ජනතාවට ශ්‍රී ලංකා හමුදාව පෙනෙන්නේ ආක්රමණික ස්ත්‍රී දූෂක මිනිමරුවන් පිරිසක් බවත් දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ සමාජගත කර තිබූ මතයයි. ඒ අනුව හමුදාව උතුරින් ඉවත් කිරීම, ඉතිරි හමුදාව බැරැක්කවලට සීමා කිරීම, මහජන සබඳතා කටයුතුවලින් ඉවත් කිරීම ආදිය යහපාලන ආණ්ඩුව මහා ප්‍රජා සත්කාර ලෙස සිදු කළේය. ඔවුන් සංහිඳියාව ලෙස දුටුවේ එයයි. සුනන්ද දේශප්‍රිය ...
අඹර හිමිගේ කතා වස්තුව කසාපබ්බත ෴ ජනවාරි 8 අපේ රටට යහපාලනය පිරුණු සාධාරණ සමාජයක් දිනාදීමට සටන් බිමේ පෙරමුණේ සටන් කළ අඹර හිමි පිළිබඳ මේ රටේ බහුතර ජනතාව තුළ මෙන්ම මා තුළ ද ඇත්තේ අසීමාන්තික ගෞරවයකි. භක්තියකි. ඒ ගෞරවය කෙතෙක් ද යත් රට්ටු එහිමියන්ගේ දෙමාපියන් පවා නිතර සිහිකරති.එවැනි පසුබිමක උන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත් එක්තරා මිත්‍යාදෘෂ්ටික පිරිසක් අර්ජුන් ඇලෝෂියස් නම් නීලකාස සොර දෙටුවකුගෙන් අල්ලස් ගත්තේ යැයි බොරු ...
ජවිපෙ විස්ස අවසාන ඊළාම් තුරුම්පුව ද? කසාපබ්බත ෴ කිසිවකු සීදේවි යැයි කියා මූදේවිට වරක් දෙරවක් රැවටීම ඒ හැටි අරුමයක් නොවේ. එහෙත් දවල් වැටුණු වළේ රෑ වටෙන්නා සේ නැවත නැවත රැවටෙන්නේ නම් එය මහ ඛේදවාචකයකි. මෙවැනි තත්ත්වයකට රටක ජනතාව වැටුණ කල ඒ රට දිනෙන් දින අගාධයට යනු මිස ගොඩ ඒමක් නම් නැත. අද අපෙ රට හමුවේ ඇත්තේ එවැනි ඛේදවාචකයකි. 2015 යහපාලනය යන සර්ව පිත්තල වචනවලට මුවා වී විදෙස් බලවේග ...
යාපනේ පුස්තකාලය ගිනි තැබුවේ කවුද? කසාපබ්බත ෴ අපි පොත් 97 000ක් සමග යාපනය පුස්තකාලය ගිනි තැබීමට තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් වූයෙමු යැයි ධර්මසිරි බණ්ඩානායක මහතා සෝපාහාසයෙන් පවසා තිබේ. ඔහු මේ කියන්නේ යාපනට පුස්තකාලය ගිනි තැබුවේ සිංහලයා බවය. 2500 වසරක අභිමාණවත් ඉතිහාසයක් සහිත ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි කියන සිංහලයා එවැනි නීච ක්‍රියාවක් කිරීමට තරම් අශිෂ්ට බවය.එහෙත් කලාකරුවකු, උගතකු තබා සාමාන්‍ය නූගත් සිංහලයකු පවා දළඳා මාළිගාවට ගැහුවේ දෙමළා යැයි කියන්නේ නැත. ...
කිත් නෝයර්ට ගැහුවේ ගෝඨාද? කසාපබ්බත ෴ යුද හමුදාව හමුදාපතිගේ පෞද්ගලික බූදලයක් නොවේ යැයි නේෂන් පත්තරේ කර්තෘ කිත් නෝයර් ලිපියක් ලීවා යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු පැහැර ගෙන ගොස් පහර දෙන්නේ ඇයි?එම පැහැර ගැනීම කළේ ගෝඨභය නම් එවකට විපක්ෂ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී කිත් නොයර් පැහැර ගත්තේ හමුදාපති සරත් ෆොන්සේකාගේ කණ්ඩායම යැයි කීවේ ඇයි?එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා ද එම චෝදනාවම කළේ ...
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ ඇයි? කසාපබ්බත ෴ 13 වන ව්‍යස්ථා සංශෝධනය සහ පළාත් සභා පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ අවස්ථාවේ එය විභාග කර තීන්දුව ලබා දීමට අගවිනිසුරු එස්. ෂර්වානන්ද ඇතුළු විනිසුරුවරුන් නව දෙනකු සහභාගී වී තිබේ. අගවිනිසුරු ඇතුළු විනිසුරුවන් පස් දෙනෙකුගේ මතය වී ඇත්තේ එමගින් රට ෆෙඩරල් ස්වරූපයකට යොමු නොවන බවයි.එහි දී ඔවුන්ගේ මූලික තර්කය වූයේ පළාත් සභාවලට ලැබෙන විධායක බලතල ට ෆෙඩරල් නොවන බවය. ඉතිරි විනිසුරුවරුන් 4 ...
වී වෙනුවට ප්ලේන් බාන වී ගබඩාව කසාපබ්බත ෴ ඊයේ දින මත්තල වී ගබඩාවට ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව වන ඇන්ටනොව් 225 ගුවන්යානයක් ගොඩ බා තිබේ. එම ගුවන්යානයට තෙල් සහ කාර්ය මණ්ඩලයට පහසුකම් ලබා දීම මගින් රුපියල් මිලියන 13ක විදේශ විනිමයක් රටට ලැබී තිබේ. මේ ලෝකයේ වී ගබඩාවක් එක් දිනක් තුළ ලද වැඩිම මුදල බවට කිසිදු සැකයක් නැත.මෙවැනි විදේශ විනිමයක් උපයන්නේ 2015 වසරේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ...
විශ්වාසභංගය සහ අනාගතය කසාපබ්බත ෴ සිරිසේනගේ ශ්‍රීලනිපයේ 45ක් විතර පිරිස අතරින් 22ක් විතර විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කළේ නෑ. ඒ කියන්නේ විශ්වාසභංගයට පක්ෂ වුණේ නෑ. විරුද්ධ වුණා.රනිල් තමන්ට පක්ෂ වුණු අයට වගේම විරුද්ධ නොවී පක්ෂ වුණු අයටත් ස්තූති කළා. ඊට පක්ෂ වුණේ 16 දෙනයි. ඒ අය කළේ සිරිසේනගේ මතයට එරෙහිව යාම. සිරිසේන අවසාන මොහොත දක්වා හොරගල් අහුලලා කීවේ ඡන්දයට මුහුණ නොදී රනිල් රකින්න කියලා. ඒ නිසා ...
මරු පිල්ලිය කසාපබ්බත ෴ උතුරේ ප්රභාකරන් සහ සුමන්දිිරන් බෙදුම්වාදයේ ඍජු හා වක්‍ර පිල්ලි වන්නේ යම් සේ ද දකුණේ රනිල් සහ සිරිසේන බෙදුම්වාදයේ ඍජු සහ වක්‍ර පිල්ලි වෙයි.උතුරේ බෙදුම්වාදයේ ත්‍රස්ත පිල්ලිය පරාජය කළ අපට එහි ප්රජාතන්ත්රවාදී පිල්ලිය පරාජය කළ නොහැකි විය. ඒ එය ත්‍රස්ත පිල්ලියට ද වඩා භයානක බැවිනි. ඊටත් වඩා ඒ භයානක බව රටට ලෝකයට ඒත්තු ගැන්වීම අපහසු බැවිනි.ඍජු පිල්ලිය නැති රටේ දැන් ඒ ...
බෝයිලස් විභාග සූරයෝ කසාපබ්බත ෴ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වී තිබේ. A සමාර්ථ 9ක් ලබා ගත් පිරිස 9960කි. පළමු ස්ථාන හයක් ද දෙවන ස්ථාන ද නවයක් ද වාර්තා වී තිබේ. මේ සිසුන් සඳහා බොහෝ දෙනා සුබ පැතුව ද මට මේ පිරිස ගැන ඇත්තේ කනගාටුවක් සහ අනුකම්පාවකි. මේ අතරින් සාතිශය බහුතරයක් සිය ළමා කාලය මුළුමනින් ම අහිමි වූ විභාග සඳහා ද ඇති දැඩි කළ බෝයිලස් ...
සිංහලයාගේ කරුමක්කාර චක්කරේ කසාපබ්බත ෴ අප ජාතියක් ලෙස සිද්ධියෙන් සිද්ධියට ප්‍රතිචාර දැක්වීමට ආසන්නතම සිද්ධියට අනුව ප්‍රතිචාර දැක්වීමට නැඹුරු වූයේ කවදා ද සිට ද යන්න කිව නොහැකිය. කෙසේ වුව ද කිසියම් සිද්ධියක් හෝ ආසන්න සිද්ධිය අළලා දුරදිග නොබලා ප්‍රතිචාර දැක්වීමට තරම් සිංහලයා වහා කලබල වන ළග පිකප් වන ජාතියක් නිසා ම අපට ඉතිහාසය පුරා සිදුව ඇත්තේ අවාසිමය.අපට 1813-14 වන විට සිතෙන්නේ අපේ රජු (එකල අප සිතුවේ ...
ඉවසීම හැර විකල්පයක් නැත කසාපබ්බත ෴ පෙබරවාරි 10 වෙනි දින සිට මේ රටේ සිදුවන බොහෝ දේ එදා ජනතාව ලබා දුන් තීන්දුව කෙසේ හෝ කනපිට පෙරලීමට සිදුකරන සැලසුම්ගත කුමන්ත්‍රණ බව පෙනේ. එතෙක් කල් රටේ සිදුවූ සියල්ල දෙස හොඳ අවදියෙන් බලා සිට පෙබරවාරි 10 වෙනිදා සිය තීන්දුව ප්‍රකාශ කළ ජාතිය අවදි කිරීමට වසර කිහිපයක් බොරුවට නිදා සිටි බලවේග සුදානම් වීම, අම්පාරේ වඳ බෙහෙත් නාටකය මෙන්ම තෙල්දෙණියේ ඝාතනය ද ...
වඳ බෙහෙත් කොත්තු කෑමට පෙර කසාපබ්බත ෴ ආණ්ඩුව විසින් සිය මැතිවරණ පරාජය වසා ගැනීමට සහ ඉදිරි මැතිවරණවල දී ලැබීමට නියමිත අන්ත පරාජයේ ඉරණම වෙනතකට හරවා ගැනීමට අම්පාරේ වඳ බෙහෙත් නාඩගම කරළියට ගෙන තිබේ.මුස්ලිම් ආක්‍රමණය පිළිබඳ ලෝකයේ මෙන්ම මෙරට ජනතාව අතර පවතින සාධාරණ සැකය සහ බිය ආණ්ඩුව විසින් ඒ සඳහා ප්‍රයෝජනයට ගන්නා ආකාරය දැකිය හැකිය. තුනපහවලට සප්තකුප්ප මිශ්‍ර කිරීමට සහ සිංහල කාන්තාවන්ට බලහත්කාරයෙන් වඳ සැත්කම් කිරීමට ඇතැම් මුස්ලිම් ...
ආන්තික කල්ලි අතට ගිය පළාත් පාලනය කසාපබ්බත ෴ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීමේ දී සිදුව ඇති බරපතළ වැරදි නිසා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 200ක් පමණ අහිමි වී ඇතැයි එම පක්ෂයේ නායකයන් මැතිවරණ කොමිසම මුණ ගැසුණු බව ද එම කොමිසමේ සාමාජිකයකු එම වරද පිළිගත් බව ද පසුගිය දා ප්‍රකාශයට පත්විය.එහෙත් මෙම මැතිවරණ ක්‍රමය විකෘති කිරීම ඔස්සේ ජයග්‍රාහී පක්ෂයට සිදු කර ඇති හානිය ඉන් ඔබ්බට යන ...
උතුරේ ජනමතය සහ පොහොට්ටුව කසාපබ්බත ෴ උතුරේ ද දකුණේ ද වාසය කරන දෙමළ වර්ගවාදීන් පවසන පරිදි අපේ රටෙන් වෙන් වී වෙනම රටක් ගොඩනැගීම උතුරේ ජනතාවගේ එකම අරමුණය. 13 බලාත්මක කිරීම, ෆෙඩරල්, සන්ධීය සහ සහ සන්ධීය මාර්ග ඔස්සේ ඒ ඊළම වෙත යාමට මග අවුරන්නේ සිංහල ජාතිවාදියෝය. ඒ වර්ගවාදීන්ගේ කඳවුර පොදුජන පෙරමුණය.මෙවර මැතිවරණයේ දී එම පෙරමුණට උතුරේ කිසිවකු ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් ඔහු බෙදුම්වාදයට එරෙහි අයකු විය යුතුය. ...
ජවිපෙ අවතාර සහ පිල්ලි කසාපබ්බත ෴ "ලංකා දේශපාලනයේ අවතාරයක් සැරිසරයි; ඒ ජවිපෙය" කියලා ජවිපෙට ගම දෙන්න කියන ආචාර්ය නිර්මාල් නොබෝදා ෆේස්බුක් සටහනක් තබා තිබෙනු දුටිමි. ඒ අතර ජවිපෙ ඡන්දයෙන් පැරදී ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා තිබුණේ මහ බැංකු අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම සම්බන්ධව වගකිව යුත්තේ ජනාධිපතිවරයා බවය.මේ කතා දෙකම ජවිපෙ වර්තමාන තත්ත්වය පිළිබිඹු කරන පැහැදිලි කැටපත් දෙකකි. අර්ජුන් මහේන්ද්‍රන් නමැති සිංගප්පූරුකාාරයා ...
දලයි ලාමා මලාලා යූසුෆ් සහ ෆොන්සේකා කසාපබ්බත ෴ බටහිරයෝ තමන්ට වාසියක් නැතිව කිසිවකුට සලකන්නේ නැත. කොටින්ම නිසරණධ්යාශයෙන් උදව් නොකරති. මීය කඩන්නේ අත ලෙවකන්න නොවේ. දලයි ලාමා මෙන්ම මලාලා යූසුෆ් ද අද අපට කියා දෙන්නේ ඒ පාඩමය. ඔවුහු දැන් බටහිර වුවමනාව ඉටු කරන බටහිර නියෝජිතයෝය. බටහිර රටවල් කන්න බොන්න ඉන්න හිටින්න දෙමින් විශාල සිවිල් බලයක් ආරෝපණය කොට බලපෑම් සහගත චරිත ලෙස ඔවුන් ඇතිදැඩි කරන්නේ තමන්ට අවශ්‍ය විට ප්‍රකාශ නිකුත් ...
මුරලිගේ නම කටු ගෑම කසාපබ්බත ෴ සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නමින් නම් කර තිබූ පල්ලේකැලේ ජාත්‍යන්ත ක්‍රිකට් ක්‍රීඩංගණයේ නම මේ වන විට වෙනස් කර ඇති බව මුරලිදරන්ගේ පියා මහ නායක හිමියන් බැහැ දැක පවසා තිබේ. මේ කටයුත්තට මුරලිගේ පියා මැදිහත් වන තුරු අපට මැදිහත් වීමට නොහැකි වීම පිළිබඳ අප මුරලිගෙන් පමණක් නොව ඔහුගේ පියාගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය.මේ ඉතාම කනගාටුදායක කාරණයකි. රට බේරාගත් ආබාධිත රණවිරුවන්ට මහ ...