දුම්රිය අසේවයට විසඳුම ජනතා බදු මුදලින් කප්පම් ගෙවීම ද? කසාපබ්බත ෴ කොවිඩ් වසංගතයෙන් දෙවසරක් බැටකෑ රට සාර්ථක එන්නත්කරණයත් සමග නැවත හිස ඔසවමින් ඇත. පාස්කු ප්‍රහාරය සමග බිඳ වැටුණු සංචාරක කර්මාන්තය මෙන් ම අපනයනාභිමුඛ නිෂ්පාදන ඇතුළු සියලු නිෂ්පාදන ක්ෂේත්‍ර සිය සුපුරුදු රිද්මයට පැමිණෙන ලකුණු දක්නට ඇත. අපගේ අපනයන ආදායම කොවිඩ් වසංගතය මැද වුව පසුගිය වසරේ වාර්තා කර තිබුණේ ඉතිහාසයේ ඉහළතම අගයයි.වසංගතයක් සමග යළි පිබිදෙන රටට රටේ රාජ්‍ය අංශය සිය උපරිම දායකත්වයේ ඉන්ධන ...
මුරුත්තෙට්ටුවේ හිමි පවත කියා දෙන පාඩම..෴ කසාපබ්බත ෴ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ මම පුිය කරන චරිතයක් නෙමෙයි. නමුත් මම ඊට වඩා පිළිකුල් කරන චරිතයක් සමග වුණත් තැනට ඔබින විදිහට හැසිරෙන හැටි මට කොළඹ විශ්වවිද්‍යාලයෙන් කියල දුන්නා. පරිණතකම කියන්නේ තමන් අකමැති තමන්ට අකමැති අය එක්ක සුහදව ගනුදෙනු කරන ආකාරය කෙටියෙන් ලියන විදිහ කියල අද මට හිතෙනවා.මම ශිෂ්‍යයෙක් විදිහට අවුරුදු හතරක් වගේ ම ඇකඩමික් පර්යේෂකයෙක් විදිහටත් කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 10ක් වැඩ ...
ආනන්දගේ තෙල් හිඟය සහ රූපවාහිනී පුවත්... කසාපබ්බත ෴ තෙල් සංස්ථාවේ සේවය කර විශ්‍රාම ගිය ආනන්ද පාලිත පසුගිය මාස කිහිපයේ තෙල් හිඟයක් ඇති වන බවට බොරු කියා ජනතාව හතර වරක් පිරවුම්හල් අසල පෝලිම් ගැස්සවූයේය.ජනතාව ආණ්ඩුවට කුනු බැනුම් බනිමින් වාහනවලට තෙල් ෆුල් ටෑන්ක් ගසා ගෙන ගැලුම්වල ද පුරවා ගෙන ගෙදර ගියේ සියලු වැඩ අතහැර පැය ගණන් පෝලිම්වල තපිමිණි. මෙලෙස එකවර තෙල් අසාමාන්‍ය ලෙස මිලට ගැනීම නිසා මතු වන කෘත්‍රිම හිඟයක් ...
සඳහිරු සෑය සඳ හිරු පවතින තුරු ජාතියට දෙන පණිවිඩය කුමක් ද? කසාපබ්බත ෴ මහරජ ගැමුණු ආක්‍රමණිකයාට එරෙහිව දියත් කළ සටන මෙන් ම මහින්ද රාජපක්ෂ ද දියත් කළේ ප්රභාකරන් යොදා ගෙන බටහිර සහ ඉන්දියාව විසින් සිදුකළ ආක්‍රමණයට එරෙහි සටනකි. එළාර මෙන් ම ප්රභාකරන් ද පරාජයට පත් නොවන්නට අපේ රටේ ද ජාතියේ ද බුදු දහමේ ද ඉරණම විසඳෙන්නට ඉඩ තිබිණි. 2009 නන්දිකඩාල්වල දී පරාජයට පත් කළේ, යාපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, යාපෙන් නගරාධිපති ...
මන්ත්‍රී විශ්‍රාම වැටුපට වසර 10ක් අනිවාර්ය කළ ආණ්ඩුව ගෙදර යවනු..! කසාපබ්බත ෴ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා හිමි වන විශ්‍රාම වැටුප රුත 15000කින් ඉහළ නැංවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙයි.1971 මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අනුව වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපින් 1/3ක් හෝ 2/3ක් සමග ජීවන වියදම් දීමනාව විශ්‍රාම වැටුප ලෙස මන්ත්‍රීවරයෙකුට හිමිය. ඒ අනුව එම විශ්‍රාම වැටුප රු. 18 500කි. එයට ජීවන වියදම් දීමනාව ද එකතු කළ විට වැටුප රු. ...
රාජ්‍ය සේවය රටට බරක් කියල බැසිල් බොරු කිව්ව ද? කසාපබ්බත ෴ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය රටට බරක් බව පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. මේ පිළබඳ අද වන විට සමාජයේ සංවාදයක් මතුව තිබේ. සමහරු පවසන්නේ මැති ඇමැතිලා ද රටට බරක් බවය. රාජ්‍ය සේවය රටට බරක් නිසා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කර අලුතින් රාජ්‍ය සේවයට බැඳෙන අයට විශ්‍රාම වැටුප ද අහිමි කිරීමට කටයුතු කළ යහපාලනාණ්ඩුවේ සුජාත පුත්‍රයාණෝ අද රාජ්‍ය සේවය ...
චීන පොහොර සමාගම මට්ටු කරන විදිහ මෙන්න...! කසාපබ්බත ෴ කෘෂිකර්ම අමාත්‍යාංශය රසායනාගාර වාර්තා 51ක් වෙනස් කර ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 81,000ක් ගොවීන් අතර බෙදා දී ඇති බව 2020 විගණකාධිපති වාර්තාව මගින් හෙළි වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම වාර්තා සකස් කළේ කවුද ඒවා වෙනස් කළේ කවුද ශ්‍රී ලංකා ශාක නිරෝධායන ආයතනයට එහිලා පැවරෙන වගකීම කුමක් ද යන්න පිළිබඳ විමර්ශනයක් කළ යුතුය.ප්‍රමිතියෙන් තොර මහ පොළොවට විෂ එකතු කරන ...
නැවතත් මාවිල්ආරු වසයි...! කසාපබ්බත ෴ අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් ලබා ගැනීමේ සටන හෙවත් 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්රණයේ දෙවන කොටස ගුරු වැටුප් සටනය. එහි අරමුණ ද සමාජයට එරෙහි විය නොහැකි පන්නයේ ඉතා ම සාධාරණ ඉල්ලීමක් ඉදිරියට දමා ජනතාව ගොනුකර එය ආණ්ඩු විරෝධයක් වෙත ක්‍රමානුකූලව යොමු කිරීමය. මම මුල සිට ම මේ අනතුරු ඇඟවීම කළෙමි.රූකඩ ගුරු සංගම් නායතයින් කරන්නේ හිස් මාස්ටර්ස් වොයිස් අනුව ...
දුරකතන අංක හිමිකම.... කසාපබ්බත ෴ දුරකතන අංකයේ අයිතිය එහි හිමිකරුට ලබා දෙමින් තමන්ට උවමනා ඕනෑ ම දුරකතන සේවා ජාලයක සේවාව ලබා ගැනීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසීම ඉදිරිගාමී ක්‍රියාවකි. මෙය ඉන්දියාවෙි සිදුව ඇත්තේ දශකයකට පමණ පෙරය.එය කිසියමි දුරකතන ජාලයකට ග්රාහකයා බැඳ තබා ගෙන සූරාකෑමේ අනියම් හිමිකම අහෝසි කරයි. ඒ සමග ම දුරකතන සේවා සපයන සමාගම්වලට ද ගුණාත්මක සේවාවක් සපයන අතර තරඟකාරී අයකිරීම් වෙත යාමට ද සිදුවෙයි.කෙසේ ...
ගෑස් මිලේ නොකියූ කතාව.... කසාපබ්බත ෴ ගෑස් මිල ඉහළ ගියේ යැයි විපක්ෂ කණ්ඩායම් අමන්දානන්දයට පත්ව බුකියේ ජයපැන් බොති. ඒ ගෑස් මිල ඉහළ යාම නිසා ජනතාව පීඩාවට පත්වීමේ සතුට බෙදාගන්නා හැටිය. ඔවුන් සිතන්නේ ගෑස් මිල ඉහළ ගිය විට ජනතාව ආණ්ඩුව පෙරළා සජිත් ජනාධිපති කර පිහිටුවන ආණ්ඩුව මගින් අනුර නැවතත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත්කරනු ඇතැයි කියා විය යුතුය.මේ වන විට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අධික ලෙස ඉහළ ...
අනුර හොරු ඇල්ලූ හැටි.... කසාපබ්බත ෴ අනුර දිසානායක යූටියුබ් ජනාධිපති වුණ සලකුණ වැඩසටහනේ දී මහා හෙළිදරව්වක් කළා. ඒ කතාව එයා ම කියන විදිහට සැකෙවින් මෙහෙමයි.ඒ 2004 ආණ්ඩුවේ අනුර කෘෂිකර්ම ඇමැතිකම දරන කාලේ. ඊට කලින් රනිල්ගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා කාලේ සැකසූ වාරි ව්යාපෘතයක් ආණ්ඩු පෙරළිය නිසා රනිල්ලට කරගන්ක බැරිවෙනවා ඉතින් මේ සම්පූර්ණ කළ ව්‍යාපෘති යෝජනාව අනුර ළඟට එනවා ඇමැති අත්සන ගන්න.මේක ජයිකා ව්‍යාපෘතියක්. සම්පූර්ණ ...
6% සටන සහ වැඩි ගුරුපඩි සටන... කසාපබ්බත ෴ "ගුරු වැටුප් විෂමතාව දුරලනු! අධ්‍යාපන අයිතිය සුරකිනු!" තේමාවෙන් නැවතත් අාරම්භ කර ඇත්තේ 200-2015 රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ආරම්භ කළ "අධ්‍යාපනය සඳහ ද.ජා.නි. 6%ක් වෙන් කරනු!" පන්නයේ කුමන්ත්රණයකි. අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන්කිරීම අතිශය අසීරු කාරණයක් වන්නේ යම් සේ ද 1994 සුබෝදිනී වාර්තාව අනුව ගුරු වැටුප් නැංවීම ද අතිශය අසීරු කාරණයකි. ඊටත් වඩා භයානක යෝජනාවකි. මේ ...
පොළොන්නරුවේ සිරාගේ පූජනීය වැව....! කසාපබ්බත ෴ පොළොන්නරුවේ සිරිසේන මොනා වුණත් පට්ට ඩෑල්ලෙක. පරාක්‍රම සමුද්‍රේ ඉහත්තාවේ වැව් රක්ෂිතේ ගල් කොරියක් දානවා. වැව් තාවුල්ලේ දහම් කොළුවට ගෙයක් හදනවා. ඩඩ්ලි මලයා වැව් තාවුල්ලත් අල්ලලා අරලිය හෝටලේ වැට ගහනවා. දැන් පරාක්‍රම සමුද්‍රේ නිකං සිරිසේන පවුලේ බූදලයක් වගේ.ඊට පස්සේ රොෂාන් රණසිංහ මැදිහත් වෙලා වාරිමාර්ගේ, පුරාවිද්‍යාවේ, නාගරික සංවර්ධනේ, නගර සභාවේ අනුමැතිය අරගෙන බර වාහනත් දුවන වැව් බැම්මේ ඇවිදින මංතීරුවක් හදන්න යනවා.මේ ...
නාවික හමුදාව කුරුසියේ ඇන ගැසීම... කසාපබ්බත ෴ වැලිගම්පිටිය, වත්තල, බෝපිටිය සහ රාගම දේවස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇතැයි ද ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද නාවික හමුදාව අදාළ දේවස්ථාන වෙත දැනුම් දී තිබේ. ඔවුන් මෙය පවසා ඇත්තේ කිසියම් පාර්ශ්වයක් වෙතින් ලද බුද්ධි තොරතුරක් පදනම් කරගෙනය. මෙවැනි බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීම තහවුරු කිරීම මෙන් ම නැවත අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීම දීර්ඝ ක්‍රියාවලියක් වන අතර තමන් වෙත ...
ආණ්ඩුවේ මිල පාලන තීන්දුව කොයිබට ද? කසාපබ්බත ෴ අපේ රටේ නිෂ්පාදනය නොකරන පිට රටින් ආනයනය කරන භාණ්ඩවල මිල තීරණය කළ යුත්තේ ලෝක වෙළඳපොළ මිල ගණන් යටතේ ය. ආණ්ඩුව මැදිහත් විය යුත්තේ ලෝක වෙළඳපොළේ මිලට සාපේක්ෂව කිසිවෙකු ඉහළ මිලට භාණ්ඩ අලෙවි කර අසාධාරණ ලෙස ලාභ උපයන්නේ නම් ය. එසේ ම ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව භාණ්ඩ මිල ඉහළ නොනංවා බලහත්කාරයෙන් වෙළඳපොළ පාලනයට උත්සාහ කිරීම ප්‍රායෝගික ...
වසංගත දෙකක්... කසාපබ්බත ෴ ලංකාව අද දැඩි ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒකට හේතුව කොවිඩ් විතරක් නෙමෙයි, 2015 ඉඳල මේ රට ගිලගත් යහපාලන වසංගතයත් එ්කට හේතුවක්. ඇත්තට ම රටේ ආර්ථික වැටෙන්නේ 2015 ඉඳලා.එතෙක් 7% ඉක්මවා ආසියාවේ ඉහළ ම ආර්ථික වර්ධනයක් වාර්තා කළ රටේ ආර්ථික වර්ධනය 2%ට වැටුණේ යහපාලන වසංගත කාලේ. පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය වැටුණේ යහපාලන වසංගත කාලේ.ලෝකය කොවිඩ් එක්ක පළමු වසංගතයට මුහුණ දෙන කොට ...
වසංගත දෙකක්... කසාපබ්බත ෴ ලංකාව අද දැඩි ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒකට හේතුව කොවිඩ් විතරක් නෙමෙයි, 2015 ඉඳල මේ රට ගිලගත් යහපාලන වසංගතයත් එ්කට හේතුවක්. ඇත්තට ම රටේ ආර්ථික වැටෙන්නේ 2015 ඉඳලා.එතෙක් 7% ඉක්මවා ආසියාවේ ඉහළ ම ආර්ථික වර්ධනයක් වාර්තා කළ රටේ ආර්ථික වර්ධනය 2%ට වැටුණේ යහපාලන වසංගත කාලේ. පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය වැටුණේ යහපාලන වසංගත කාලේ.ලෝකය කොවිඩ් එක්ක පළමු වසංගතයට මුහුණ දෙන කොට ...
මවුලවි නීතීඥයා සහ කොමිසම.... කසාපබ්බත ෴ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ දී නීති විරෝධී විදිහට ඥානසාර හාමුදුරුවන්ගේ සාක්ෂිය වීඩියෝ කළ මවුලවිගේ නම පින්තූර ඔහු උලමා සභාව නියෝජනය කරන බව උලමා සභාවේ ඔහු දරන තනතුර රටටම කියන්න මාධ්‍ය පස්ස ගැහුවේ නෑ. ඒක හොඳයි. එයාලා හුරතල් කරන්න ඕන නෑ. උලමා සභාව ඒ ගැන කනගාටුවට පත්වීම, එයලගේ මවුලවි ගැන ස්වාධීන විමර්ශනයක් කිරීම, මවුලවි ඒ විමර්ශනය අහවර වෙනකල් තාවකාලිකව... ඔව් ...
දිවුලපිටියේ අශූචි වැඩේ... කසාපබ්බත ෴ දිවුලපිටියේ බුදු පිළිමෙට අසූචි ගැහුවේ බුදු දහමට වඩා පක්ෂය අදහන ටොයියෙක් වීමට ඇති ඉඩකඩ වැඩිය. මෙවැනි අශික්ෂිත වැඩ කළ හැක්කේ අන්තවාදියෙකු නොව පෙර කී ආකාරයේ නරුමයෙකුට ම ය. මේ පිළිබඳ අවට cctv දර්ශන සහ වෙනත් සාක්ෂි ඇසුරින් සැබෑ තොරතුරු හෙළි කිරීමට කටයුතු කළ යුතුය. එසේ ම මුස්ලිම් අයකු මෙය කළේ යැයි ගෙන යන විරෝධයට සැබෑ තොරතුරු හෙළිදරව් කරගන්නා තුරු ප්‍රතිචාර ...
ද්විත්ව පුරවැසි නීතිය ප්‍රායෝගිකද? කසාපබ්බත ෴ යහපාලන ට්‍රෝජන් අශ්වයා වෙසින් 2015 මේ රටේ පාලන බලය ඩැහැගත් කුමන්ත්රණකාරයින් තමන්ට තර්ජනයක් වන රාජපක්ෂ පවුල සටන් බිමෙන් ඉවත් කිරීමේ අරමුණ පෙරදැරිව ගෙන ආ පටු ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ අපට කාලය මිඩංගු කිරීමට සිදුවීම ද ඛේදවාචකයකි.ද්ව්ත්ව පුරවැසියන්ට මේ රටේ පාලන තන්ත්රයට එකතු විය නොහැකි බවට 19 යටතේ ව්‍යවස්ථාවට වගන්තියක් එකතු වන්නේ ම ගෝඨා බැසිල් අභියෝගය ඉවත් කර ගැනීම සඳහා ම ය. ...