කළු වළාවක රිඳී රේඛා... කසාපබ්බත ෴ අද මුළු රට ම දැඩි ආර්ථික අර්බුදයක. හැමෝම අනෙකා පිට වරද පටවමින් නිදහස් වෙන්න උත්සාහ කරනවා. නමුත් මේක අපි 1951 සිට ම ගෙවුම් ශේෂ හිඟයක් ඇති වන ආකාරයට දිගින් දිගට ම ණයට කෑමේ ප්‍රතිඵලය. අපනයනයට වඩා ආනයනය එදා ඉඳලම වැඩියි. 77 ඒක තීව්ර වුණා. ජනතාව එතෙක් පැවැති සරල ජීවන ක්‍රමය වෙනුවට සංකර අධිපරිභෝජනවාදී ජීවන ක්‍රමයකට ගොදුරු කළා. ක්‍රමයෙන් රාජ්‍යය දුප්පත් ...
ධම්මිකට බය ඇයි? කසාපබ්බත ෴ ධම්මික පෙරේරා පසුගිය මැතිවරණයේ ඡන්ද අපේක්ෂකයෙක් නොවූ නිසාත් ජාතික ලැයිස්තුවක ඔහුගේ නම නොමැති නිසාත් ධම්මික පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධියි කියල පාක්‍යසෝති සර්වනමුත්තු අධිකරණයට ගිහින්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඉහත කොන්දේසි සම්පූර්ණ කළ යුතු බවට ව්‍යවස්ථාවේ තියෙන බවක් මම දන්නේ නෑ. එහෙම කොන්දේසියක් ව්‍යවස්ථාවේ නැත්නම් ඒක ව්‍යවස්ථාව උල්ලංඝනයක් වෙන්නේ කොහොමද කියලත් මම දන්නෑ.නමුත් මේ කොන්දේසි දෙකම සම්පූර්ණ නොකළ අය ...
ගාලු මුවදොර මුඩුක්කුව... කසාපබ්බත ෴ දශක ගණනාවක් තිස්සේ ආණ්ඩු ගණනාවක් මහජන මුදලින් සුන්දර කළ අපේ රටේ ඉතා ම වටිනා සහ සුන්දර බිම් කඩක මෙලෙස මුඩුක්කු ඇටවීමට ඉඩදීම පිළිබඳ මම බලවත් ලෙස කනගාටු වෙමි. මෙය කිසිසේත් ප්රජාතන්ත්රවාදය නොව ඉන් ඔබ්බෙහි පවතින නරුමත්වයකි. අවනීතියට රට වන්නට ඉඩ දී බලා සිටීමකි. මෙය දැක සතුටු වන්නට හැක්කේ මේ රට ම මෙවැනි මුඩුක්කුවක් වනු දකිනට කැමැති මනසකට ම පමණි.නියපොත්තෙන් කඩා ...
රාජ්‍ය ත්‍රස්තවාදය කැලෑ නීතිය සහ රනිල් කසාපබ්බත ෴ එජාප නායක රනිල් රට පාලනය කිරීමේ දී අනුගමනය කළ බොහෝ ප්‍රතිපත්ති සමග මම එකඟ නැත. කෙසේ වුව ද ඉවක් බවක් නැතිව කල්ලි පිටින් රාජ්‍ය සේවයට බඳවා ගැනිම් නතර කිරීම අගය කරමි. ලංකාවෙි පස් වරක් අගමැති වූ රනිල් අද බලය අහිමි නිකන් ම මන්ත්‍රීවරයෙකි. ඒ මන්ත්‍රීකම ද රටෙන් ම එජාපයට ලැබුණු ඡන්ද ටිකට ලැබුණු ජාතික ලැයිස්තු අසුනය.එලෙස බලය අහිමි වීම ...
රටේ පාලන ව්‍යුහය තීරණය කළ යුත්තේ ජනතාව ද? වෘත්තීය සමිතියක් ද? කසාපබ්බත ෴ ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, පෞද්ගලික ඉන්ධන බෙදා හරින්නන්ගේ සංගමය වැනි වෘත්තීය සමිතියකි. වර්තමාන ආර්ථික අර්බුදය සහ එය පදනම් කරගෙන මතුව ඇති දේශපාලන අර්බුදය විසඳීමට යැයි කියා මෙම පිරිස උත්සාහ කරන්නේ ව්‍යවස්ථා අර්බුදයක් ද නිර්මාණ කරන්නය. රටේ විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුත්තේ ජනතා කැමැත්ත විමසා මිස එම වෘත්තීය සමිතිය නොවේ. ජනාධිපති ධූරය අහෝසි ...
අරගලයේ අරමුණ සහ මහ මොළකරුවෝ...! කසාපබ්බත ෴ මේ වන විට ඇත්තේ රට යථා තත්ත්වයට පත්වීමට එරෙහි විරෝධතාවකි. එය ආරම්භ වන්නේ රටට ප්‍රමාණවත් ඉන්ධන සහ ගල් අඟුරු තොග ලැබීමත් සමගය. තෙල් බවුසර පිටින් සැඟවීම, තෙල් බවුසර් හරවා යැවීම, තෙල් බවුසර්වලට පහර දී ඉන්ධන ප්‍රවාහනය වැළැක්වීම, බවුසර්වලට ගිනි තැබීමට උත්සාහ කිරීම, මාර්ග වසා දැමීම කිසිසේත් මේ රටේ ජනතාව දුකින් මුදා ගැනීමට කරන සටන් නෙවේ.ඒවා ජනතාව තව තවත් පීඬාවට පත් ...
ජනතාවගේ ගෙවල්වල වගේ ම පාලකයින්ගේ මන්දිරවලත් විදුලිය කපනු...! කසාපබ්බත ෴ මේ අපි ගෙවන්නේ ඉතා ම දුෂ්කර කාලයක්. දවසේ වැඩ කරන කාලයෙන් විශාල කොටසක් විදුලිය නෑ. රටේ තෙල් ගෑස් හිඟයක්. ජනතාව පෝලිම්වල. මේ වෙලාවේ විදුලි කප්පාදුව ජනපති මැදුර, මන්ත්‍රී නිවාස සහ පාර්ලිමේන්තුව වගේ තැන්වල සිදු නොවන බව ප්‍රකාශ වෙනවා. මේ ප්‍රකාශ පවා ජනතාව තුළ කෝපය වෛරය අවුළුවන බව ආණ්ඩුව තේරුම් ගැනීම වැදගත්.රෝහල්, වෙළඳ කළාප ආදිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා නොවන සියලු ස්ථාන ...
මිල්කො ආයතනය පිටිකිරි ගහන්නේ කාගේ උවමනාවට ද? කසාපබ්බත ෴ මේ අවස්ථාවේ මිල්කො ආයතනය පිටිකිරි නිෂ්පාදනය වෙනුවෙන් දියර කිරි, කල්කිරි, රසකළ කිරි, මුදවපු කිරි, අයිස්ක්‍රීම් නිෂ්පාදනය නතර කිරීම හෝ අඩු කිරීම විශාල වරදකි. මේ නිසා පාරිභෝගික ජනතාව අතර මහත් ජනප්‍රිය හයිලන්ඩ් අයිස්ක්‍රීම් වෙළඳපොළ වෙනත් පිරිසක් අතට පත් වනු ඇත. ආයතනයට ලාභ ගෙනා අයිස්ක්‍රීම් නිෂ්පාදනය මේ උත්සව සමයේ අතහැර දැමීම ආයතනයේ විනාශයට මිස යහපතට හේතු වන්නේ නැත.අනෙක් අතට ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ...
අධිභාර බද්ද ගැන බොරු කියන්නේ කවුද? කසාපබ්බත ෴ වාර්ෂිකව රු. බිලියන 2000ට වඩා බදු අය කළ හැකි ආදායම් උපයන විශාල සමාගම් හෝ පුද්ගලයන් හෝ සඳහා එක වරක් සඳහා පමණක් අයක කරන වූ 25%ක අධිභාර බද්දක් 2022 අයවැය මගින් යෝජනා කර සම්මත කර ගැනිණි.මෙම බද්දට සේවක අර්ථ සාධක අරමුදල (ETF) සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල (EPF) ද යටත් වන බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් දැඩි ...
චමුදිත නාටකයේ පිටපත කාගේ ද? කසාපබ්බත ෴ වරෙක ගානියා බැරිස්ටර් නම් කාන්තාවක් තමන් විසින් තමන් ම පැහැර ගෙන ස්විස් එම්බසි නාඩගම රඟපෑවාය. තවත් වරෙක රාජිත සේනාරත්න ලක්ෂ 15 බැගින් ගෙවා කුළියට ගත් සුදු වෑන් කිඹුලන් දෙදෙනෙකු යොදා ගෙන තවත් නාඩගමක් රඟපෑවේ ය.තවත් අවස්ථාවක විපක්ෂ ක්‍රියාධරයෙකු දොස්තර පියා පන්සල් පල්ලි රෝහල්වල බෝම්බ තබමින් රටේ ජාතික ආරක්ෂාව දුර්වල බවට සමාජ මතයක් නිර්මාණය කිරීමට රඟපෑමක් කළේ ය.තවත් අවස්ථාවක බැඳුම්කර සමාගමේ ...
වර්ජකයින්ට ජනතාවට දෂ්ට කිරීමට ඉඩදිය යුතු ද? කසාපබ්බත ෴ රෝහල් වැඩ වර්ජන කල්ලිය මේ වන විට ඔවුන්ට පඩි ගෙවන මේ රටේ ජනතාව පිටුපස එළව එළවා දෂ්ට කරමින් සිය ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කරමින් ඇත. කොවිඩ් නිසා ඇද වැටුණු රටේ අනේක අගහිඟකම්වලින් පීඬා විඳින ජනතාව රෝහලට යන විට එතැත වැඩ වර්ජනයකි. වරෙක වෛද්‍යවරුය. තව වරෙක සුළු සේවකයෝ ය. තව වරෙක හෙදියෝ ය. අනතුරුව පරිපූරක සේවා ය. මෙලෙස වර්ජනය කරමින්, මාර්ග වසමින් විරෝධතා ...
රාගමින් එළියට පනින නවක වධ ත්‍රස්තවාදය... කසාපබ්බත ෴ රාගම වෛද්‍ය පීඨ ගැටුම සඳහා මූලික වී ඇත්තේ නවක වධ සිද්ධියක් බව මේ වන විට අනාවරණය වී තිබේ. මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් නොදියුණු ගෝත්‍රික ම්ලේච්ඡ නවක වධය තුරන් කිරීමට නොහැකි වීම පිළිබඳ අප ජාතියක් ලෙස ලැජ්ජාවට පත්විය යුතුය.තම පවුල් පසුබිම, පෙනුම ආදිය පදනම් කරගත් හීනමානය සහ ඊනියා සමාජවාදී මාක්ස්වාදී විෂබීජ මනස්ගත වීම නිසා හට ගන්නා වෛරය පදනම් කරගත් තිරිසන් හැඟීම් ...
වැඩ වර්ජන තහනමට එරෙහි විය යුතු ද? කසාපබ්බත ෴ රේගුව, වරාය, ජල සම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව ආදිය රටේ ආර්ථික මර්මස්ථාන වර්ජනයට කිසිදු ඉඩක් ලබා නොදිය යුතු බවත් ඒවා හමුදාව පොලිසිය මෙන් ව්‍යවස්ථාව මගින් ම වර්ජනය කළ නොහැකි ආකාරයට නීති සම්පාදනය කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය අලී සබ්රි පසුගියදා ප්‍රකාශ කළේ ය.වැඩවර්ජනය කිරීම කම්කරු අයිතියක් බවත් එම අයිතිය උදුරා ගැනීමට කටයුතු කිරීමට සූදානම් වුවහොත් දස ලක්ෂ සංඛ්‍යාත ...
පාර්ලිමේන්තු කැන්ටිමේ බරත් ජනතාව දරන්න ඕන ද? කසාපබ්බත ෴ ජනතා සේවයට යන මැති ඇමැතිවරුන්ට ඉතා ම සහන මිලක් යටතේ පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්න දෙනවා. ඒ වගේ ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් අමුත්තන්ටත් ඒ පහසුකම ලැබෙනවා. මන්ත්‍රීවරයෙකුට එක් වේලක් සඳහා අමුත්තන් 5 දෙනෙකු පමණ රැගෙන ආ හැකි බවත් කියනවා.මේ සඳහා අවුරුද්දකට රු. ලක්ෂ 1200ක් පමණ වැය වෙන බව අවුරුදු කිහිපයකය පෙර වාර්තා වුණා. පසුගියදා පැවැති වැඩමුළුවක දී මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක් සඳහා රු. ...
බෙල්ලන්විලට පන්සලට බෝම්බේ තිබ්බේ ඇයි...? කසාපබ්බත ෴ ඕෂල හේරත්ගේ තාත්තා බොරැල්ල පල්ලියට, නාරාහේන්පිට ඉස්පිරිතාලෙට වගේ ම බෙල්ලන්විල රජ මහා විහාරයටත් බෝම්බ තිබ්බේ ජාතික ආරක්ෂාව යහපාලනාණ්ඩුව කාලේ වගේම දුර්වලයි කියන මතය සමාජගත කරන්න නෙමෙයි. ජීවිත කිහිපයක් බිලි ගෙන රටේ මහජන කැළඹීමක් ඇති කරල, වාර්ගික ගැටුමක් නිර්මාණය කරන්නත් නෙමෙයි. රට අරාජික කර බලය ඩැහැගන්න බලා ඉන්න අවස්ථාවාදීන්ට ඒ ගැටුමින් සුරුට්ටු දල්වා ගෙන ගොඩ යන්න තල්ලුවක් දෙන්නත් නෙමෙයි. බෝම්බ පුපුරුවමින් ...
ශිෂ්‍යත්ව අසාධාරණය... කසාපබ්බත ෴ රටේ සුළු පිරිසකට වරප්‍රසාද ලබා දීමේ අරමුණින් කටේ කිරි සුවඳ යන්නත් කලින් බහුතර දරුවන් අසමතුන් කරන අතර සියලු දරුවන්ගේ ළමා කාලය ද අහිමි කරන ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව ද මට ඇත්තේ කිසිසේත් ප්‍රියමනාප හැඟීමක් ද නොවේ. මෙම විභාගය ඇතුළු සියලු විභාගවලින් රටට සිදුවන හානිය අවසන් කළ හැක්කේ තරඟ විභාග නොමැති අධ්‍යාපන ක්‍රමයක් රටට හඳන්වා දීමෙනි. එහි දී මුලින් ම අහෝසි කළ ...
ප්‍රේමය වෙනුවෙන් රටට බෝම්බ ගැසීම... කසාපබ්බත ෴ ඕෂල හේරත්ගේ පියා බොරැල්ල පල්ලියට බෝම්බ තබා ඇත්තේ 1970 ගණන්වල සිය විවාහයට උදෑසන දේව මෙහෙයක් නොදුන් නිසා ය. නාරාහේන්පිට රෝහලේ බෝම්බයක් තබා ඇත්තේ සිය බිරිඳට ප්‍රතිකාර කළ එම රෝහලට කෘතගුණ සලකා ප්‍රසිද්ධියක් ලබා දීමට ය. විශ්‍රාමික වෛද්‍යවරයෙකු බව කියන මෙම පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටි ඕෂල හේරත්ගේ පියා ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ...
ජනේලයේ පැන උපාධිය ගත් අනුරගේ වික්‍රමය...! කසාපබ්බත ෴ තිස්ස ජනනායක විසින් අරවින්ද දිසානායක නොහොත් අනුර දිසානායක පිළිබඳ සිදුකරන ලද හෙළිදරව්වක් නිසා ජවිpay බැතිමතුන් පිරිස සුරතාන්තයට පත්ව සිටිති. ජනනායක පවසන්නේ, අනුර දිසානායක කිසිදු දවසක විශ්වවිද්‍යාල දේශන සඳහා සහභාගී නොවූ බවත් දහවල නිදාගෙන රාත්‍රීයට දේශපාලනය කළ නිශාචරයකු වූ හෙතෙම විභාග ආසන්නයේ දී කිසිවෙකුගෙන් ලබා ගන්නා ගන්නා සටහන්වල ෆොටෝ කොෆි පාඩම් කර විභාග සමත් වූ බවත්ය. ඔහු නේවාසිකාගාරයට ජනේලයෙන් පැන පැමිණීමට ...
මිල්කො සභාපති එළවා දැමිය යුතු ද? කසාපබ්බත ෴ තෙෂාර ජයසිංහ වෙනුවට රේණුක පෙරේරා ලිට්‍රො සභාපති කිරීම වගේ ම ලසන්ත වික්‍රමසිංහ වෙනුවට රේණුක පෙරේරා මිල්කො සභාපති කිරීමත් ප්‍රඥාවන්ත තීන්දු නෙමෙයි. රටේ ගෑස් අර්බුදයක් තිබුණ නිසා කලබලෙට කොරස් කටෙත් අත දා ගන්න බැරි වෙනවා වගේ ලිට්‍රො සභාපති මාරුව නම් අත්වැරදීමක් වෙන්න පුළුවන්. නමුත් මිල්කෝ ආයතනය? එය මේ වන විට ඉතා ම හොඳින් ක්‍රියාත්මක වන ආයතනයක්.මිල්කො ආයතනය යහපාලන කාලේ අවසන් වසර ...
නික්ම ගිය නීලාවන් ගැන.. කසාපබ්බත ෴ නීලා වික්‍රමසිංහ මා වඩාත් ආකර්ෂණීය වන, මට වඩාත් දැනෙන කට හඬ හිමි ගායිකාව ය. ඒ, ගුවන්විදුලියෙන් අප ඇසූ ඇගේ මුල් කාලීන ගැඹුරු හඬට නොව කාලයක් තිස්සේ ගීත ගායනා කිරීමෙන් සුසර වූ ඉසියුම් මධුරතර හඬට ය. සිලිං බිලිං, බලා හිඳිමි, දස්කොන් සකිසඳ වැනි ගීතවල මට ඇසෙන්නේ ඒ මධුර හඬය. ඈ නික්ම යන්නට පෙර ද මම මේ පිළිබඳ කිහිප වරක් ලියා තැබීමට ...