ඩොලර් ගේන්න ඩීසල් දියවු...! කසාපබ්බත ෴ ඇඟළුම් කම්හල සේවය කරන පිරිසක් තමන්ගේ බසයට ඩීසල් ඉල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක විරෝධතාවක් කරනු දැක්කා. ඒ මිනිස්සු කියනවා අපි මේ විරෝධතාවට ගතකරන එක පැයකට රටට රු. ලක්ෂ 5ක ශ්‍රමය අහිමි වෙනවා කියලා.ඇත්තට ඉතා ම සොච්චම් මුදලකට ශ්‍රමය වගුරමින් මේ රටට ඩොලර් ටික ගෙනෙන ඇඟළුම් සේවය අත්‍යවශ්‍ය සේවයක් නොවී මේ රටට ජනතාවට ශාපයක් වෙච්චි රාජ්‍ය සේවයේ යම් යම් කොටස්වලට අත්‍යවශ්‍ය ...
රෝහල් අළුගෝසුවෝ... කසාපබ්බත ෴ පසුගියදා අසනීපව රෝහල්ගත වූ මාතර ප්‍රාදේශීය ලේකම් මාතර රෝහලේ කාර්ය මණ්ඩලය ශල්‍යාගාරයක සිරකළේ යැයි මාධ්‍ය වාර්තා කරයි.එයට හේතුව ලෙස මෙම සෞඛ්‍ය සේවක මහතුන් පවසා ඇත්තේ ප්‍රා.ලේ. තමන්ට ඉන්ධන ලබා නොදුන් බවය. මෙම නිලධාරිනිය එලෙස ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවේ අදාළ අසනීප තත්ත්වය උග්‍ර අතට හැරී ජීවිතක්ෂයට පත් වූයේ නම් අදාළ රෝහල් කාර්ය මණ්ඩලය එහි වගකීම ගන්නේ ද?මහජන බදු මුදලින් වැටුප් ...
අනුරට රට දෙනු..! කසාපබ්බත ෴ මුලින් ම රටේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ උත්තර නෑ, මහ පාරේ ප්‍රශ්නේ විසඳගන්න ඕන, මිනිස්සු ලෑස්ති නම් අපි ලෑස්තියි කිව්වා. ඊට පස්සේ විප්ලවකාරයෝ හනුමට ඇඳලා රට ගිනි තිබ්බා.දෙවනුව ජනාධිපති කැමති කෙකෙකුට රට භාර ගන්න කිව්ව ම "උඹත් එක්ක අපට බෑ, උඹ ගෙදර පලයන්, ඊට පස්සේ අපි රට හදන්නම්" කිව්වා. ඒ අදට හරියට ම මාසෙකට කලින්. ඊට පස්සේ සජිත් හැංගුණා:රනිල් අගමැති කළා.තෙවනුව ඊයේ ...
ඉන්දීය ප්‍රාන්තයක සිට... කසාපබ්බත ෴ පහුගිය දවසක ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ කියනවා ලංකාවේ ක්‍රීඩකයින් පිරිසක් ඉන්දීය ප්‍රාන්ත ක්‍රීඩා තරඟාවලියකට ගිහින් ඒ අනුව ලංකාව දැන් ඉන්දියාවේ ප්‍රාන්තයක් බව තහවුරුයි කියලා. ඒක සනාථ කරන්න ඉන්දීය ව්‍යවස්ථාවේ වගන්තියකුත් ඉංගිරිසියෙන් දේශනා කළා. ඊට පස්සේ කීවා ජනාධිපති මහ රෑ ලංකාව ඉන්දීය ප්‍රාන්තයක් කරන්න ගිවිසුමක් ගහල ද දන්නෑ වගේ ඇඟ වෙන කතාවක්. ඉතින් අපේ හාමුදුරුවෝ කවදාවත් බොරු නොකියන නිසාත් කවදාවත් සල් ගහ ...
තෙල් පෝලිම් ගැටුම් සැලසුමක් ද? කසාපබ්බත ෴ පෙරේදා අතුරුගිරිය පිරවුම්හල අසල පොලිසිය සමග ගැටුමට මුල් වූයේ එහි ඉන්ධන ලබා ගැනීමට සිටි අයකු නොව පිටතින් පැමිණි පුද්ගලයකු බව සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි අයකු මාධ්‍යයට කියනවා. මාස්පොත පිරවුම්හල අසල ගැටුම නිර්මාණය කළ පුද්ගලයා එහි හැසිරෙන ආකාරය මට එකවර ම සිහිපත් කළේ කූඹියෝ ටෙලි නාට්‍යය.ඔහුගේ දෙබස් හැසිරීම් සියල්ල තෙල් ලබා ගැනීමට පෝලිමේ සිට වෙහෙසට පත්ව සිටින සාමාන්‍ය ජනතාව ...
රට දිනන තුරු බලා සිටින පරපුරක්...! කසාපබ්බත ෴ අපට සමාජයේ රැලි හදන එක රැලි හැදෙන එක නවත්තන්න බෑ. හැබැයි අපට එකතු වුණොත් රටට හිතකර රැලි හදන්න, ඒවා උස්සන්න වගේ ම රටට එරෙහි රැලි පරාද කරන්නත් පුළුවන්. ඒකට හොඳ උදාමරණයක් මේ පින්තූරය."මැච් බලන්න කළු ඇඳගෙන කළු පටි බැඳගෙන ගිහින් ගෝඨාගෝහෝම් කියපල්ලා" කියල කුහක දේශපාලනය ක්‍රිකට් පිටියට ගෙනැත් රැල්ලක් හදන්න ගිය අය රට වෙනුවෙන් හැදුණු මහා රැල්ලට පරාද වුණා.අනුර ...
රැලි.. කසාපබ්බත ෴ රැල්ලට යන්න එපා, රැල්ල භයානකයි කියලා දැන් කතාවක් යනවා. නමුත් සමාජයේ රැලි හැදෙන එක මාධ්‍ය ඒවා උස්සන එක කාටවත් නතර කරන්න බෑ. යහපාලන රැල්ල, ගෝඨා රැල්ල විතරක් නෙමෙයි, කොටි පරදන සටනත් සමාජ රැල්ලක ප්‍රතිඵලයක් තමයි. ඒකට අපි වෙනුවෙන් අපි වගේ ලොකු කැම්පේන් ගියා.මෑතක ආව ණය නොගෙවන රැල්ල, ගෝහෝම්ගෝඨා රැල්ල වගේ රැලිවලින් රට බංකොලොත් වෙලා ගෙවල් ගිනි තියල විනාශයක් වුණා.හැම රැල්ලම ...
අර්බුද හදන්නෝ.... කසාපබ්බත ෴ කොවිඩ් වසංගතය පාලනය කර ගනිමින් රට නොවසා ආර්ථික ක්‍රියාවලිය කෙසේ හෝ ඉදිරියට ගෙන යා යුතු බව අප අවධාරණය කළ සමයේ ආචර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඊට එරෙහිව පෙනී සිටියේය. එදා රට වසා දමා ආර්ථිකය අකර්මන්‍ය කිරීම වෙනුවෙන් පෙනී සිටි ඔහු පමණක් නොව අනුර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස හෝ ස්වයං ලොක්ඩවුන් එකකට යන බවට තර්ජනය කළ පිරිස හෝ අද තමන් එදා සමාජගත ...
පල්ලේකැලේ ජනතා නැගිටීම! කසාපබ්බත ෴ ඊයේ පල්ලේකැලේ ක්‍රිකට් තරඟය සඳහා සූදානම් වෙද්දි එතන ගැටුමක් හදන්න පිරිසක් උත්සාහ කළ බව මාධ්‍ය වාර්තා කළා. මෙතන දී පොලිස් රාජකාරියට බාධා කළ විශ්වවිද්‍යාල සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට අරන්.කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්, පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයින්, මේ පුතාලා ටික මෙතනට ආවෙි ආයෙමත් රට ගිනි තියන්න පොටක් පාද ගන්න බව පැහැදිලියි. මෙතන ගැටුමක් ඇති වෙලා ...
කළු වළාවක රිඳී රේඛා... කසාපබ්බත ෴ අද මුළු රට ම දැඩි ආර්ථික අර්බුදයක. හැමෝම අනෙකා පිට වරද පටවමින් නිදහස් වෙන්න උත්සාහ කරනවා. නමුත් මේක අපි 1951 සිට ම ගෙවුම් ශේෂ හිඟයක් ඇති වන ආකාරයට දිගින් දිගට ම ණයට කෑමේ ප්‍රතිඵලය. අපනයනයට වඩා ආනයනය එදා ඉඳලම වැඩියි. 77 ඒක තීව්ර වුණා. ජනතාව එතෙක් පැවැති සරල ජීවන ක්‍රමය වෙනුවට සංකර අධිපරිභෝජනවාදී ජීවන ක්‍රමයකට ගොදුරු කළා. ක්‍රමයෙන් රාජ්‍යය දුප්පත් ...
ධම්මිකට බය ඇයි? කසාපබ්බත ෴ ධම්මික පෙරේරා පසුගිය මැතිවරණයේ ඡන්ද අපේක්ෂකයෙක් නොවූ නිසාත් ජාතික ලැයිස්තුවක ඔහුගේ නම නොමැති නිසාත් ධම්මික පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධියි කියල පාක්‍යසෝති සර්වනමුත්තු අධිකරණයට ගිහින්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඉහත කොන්දේසි සම්පූර්ණ කළ යුතු බවට ව්‍යවස්ථාවේ තියෙන බවක් මම දන්නේ නෑ. එහෙම කොන්දේසියක් ව්‍යවස්ථාවේ නැත්නම් ඒක ව්‍යවස්ථාව උල්ලංඝනයක් වෙන්නේ කොහොමද කියලත් මම දන්නෑ.නමුත් මේ කොන්දේසි දෙකම සම්පූර්ණ නොකළ අය ...
ගාලු මුවදොර මුඩුක්කුව... කසාපබ්බත ෴ දශක ගණනාවක් තිස්සේ ආණ්ඩු ගණනාවක් මහජන මුදලින් සුන්දර කළ අපේ රටේ ඉතා ම වටිනා සහ සුන්දර බිම් කඩක මෙලෙස මුඩුක්කු ඇටවීමට ඉඩදීම පිළිබඳ මම බලවත් ලෙස කනගාටු වෙමි. මෙය කිසිසේත් ප්රජාතන්ත්රවාදය නොව ඉන් ඔබ්බෙහි පවතින නරුමත්වයකි. අවනීතියට රට වන්නට ඉඩ දී බලා සිටීමකි. මෙය දැක සතුටු වන්නට හැක්කේ මේ රට ම මෙවැනි මුඩුක්කුවක් වනු දකිනට කැමැති මනසකට ම පමණි.නියපොත්තෙන් කඩා ...
රාජ්‍ය ත්‍රස්තවාදය කැලෑ නීතිය සහ රනිල් කසාපබ්බත ෴ එජාප නායක රනිල් රට පාලනය කිරීමේ දී අනුගමනය කළ බොහෝ ප්‍රතිපත්ති සමග මම එකඟ නැත. කෙසේ වුව ද ඉවක් බවක් නැතිව කල්ලි පිටින් රාජ්‍ය සේවයට බඳවා ගැනිම් නතර කිරීම අගය කරමි. ලංකාවෙි පස් වරක් අගමැති වූ රනිල් අද බලය අහිමි නිකන් ම මන්ත්‍රීවරයෙකි. ඒ මන්ත්‍රීකම ද රටෙන් ම එජාපයට ලැබුණු ඡන්ද ටිකට ලැබුණු ජාතික ලැයිස්තු අසුනය.එලෙස බලය අහිමි වීම ...
රටේ පාලන ව්‍යුහය තීරණය කළ යුත්තේ ජනතාව ද? වෘත්තීය සමිතියක් ද? කසාපබ්බත ෴ ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, පෞද්ගලික ඉන්ධන බෙදා හරින්නන්ගේ සංගමය වැනි වෘත්තීය සමිතියකි. වර්තමාන ආර්ථික අර්බුදය සහ එය පදනම් කරගෙන මතුව ඇති දේශපාලන අර්බුදය විසඳීමට යැයි කියා මෙම පිරිස උත්සාහ කරන්නේ ව්‍යවස්ථා අර්බුදයක් ද නිර්මාණ කරන්නය. රටේ විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුත්තේ ජනතා කැමැත්ත විමසා මිස එම වෘත්තීය සමිතිය නොවේ. ජනාධිපති ධූරය අහෝසි ...
අරගලයේ අරමුණ සහ මහ මොළකරුවෝ...! කසාපබ්බත ෴ මේ වන විට ඇත්තේ රට යථා තත්ත්වයට පත්වීමට එරෙහි විරෝධතාවකි. එය ආරම්භ වන්නේ රටට ප්‍රමාණවත් ඉන්ධන සහ ගල් අඟුරු තොග ලැබීමත් සමගය. තෙල් බවුසර පිටින් සැඟවීම, තෙල් බවුසර් හරවා යැවීම, තෙල් බවුසර්වලට පහර දී ඉන්ධන ප්‍රවාහනය වැළැක්වීම, බවුසර්වලට ගිනි තැබීමට උත්සාහ කිරීම, මාර්ග වසා දැමීම කිසිසේත් මේ රටේ ජනතාව දුකින් මුදා ගැනීමට කරන සටන් නෙවේ.ඒවා ජනතාව තව තවත් පීඬාවට පත් ...
ජනතාවගේ ගෙවල්වල වගේ ම පාලකයින්ගේ මන්දිරවලත් විදුලිය කපනු...! කසාපබ්බත ෴ මේ අපි ගෙවන්නේ ඉතා ම දුෂ්කර කාලයක්. දවසේ වැඩ කරන කාලයෙන් විශාල කොටසක් විදුලිය නෑ. රටේ තෙල් ගෑස් හිඟයක්. ජනතාව පෝලිම්වල. මේ වෙලාවේ විදුලි කප්පාදුව ජනපති මැදුර, මන්ත්‍රී නිවාස සහ පාර්ලිමේන්තුව වගේ තැන්වල සිදු නොවන බව ප්‍රකාශ වෙනවා. මේ ප්‍රකාශ පවා ජනතාව තුළ කෝපය වෛරය අවුළුවන බව ආණ්ඩුව තේරුම් ගැනීම වැදගත්.රෝහල්, වෙළඳ කළාප ආදිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා නොවන සියලු ස්ථාන ...
මිල්කො ආයතනය පිටිකිරි ගහන්නේ කාගේ උවමනාවට ද? කසාපබ්බත ෴ මේ අවස්ථාවේ මිල්කො ආයතනය පිටිකිරි නිෂ්පාදනය වෙනුවෙන් දියර කිරි, කල්කිරි, රසකළ කිරි, මුදවපු කිරි, අයිස්ක්‍රීම් නිෂ්පාදනය නතර කිරීම හෝ අඩු කිරීම විශාල වරදකි. මේ නිසා පාරිභෝගික ජනතාව අතර මහත් ජනප්‍රිය හයිලන්ඩ් අයිස්ක්‍රීම් වෙළඳපොළ වෙනත් පිරිසක් අතට පත් වනු ඇත. ආයතනයට ලාභ ගෙනා අයිස්ක්‍රීම් නිෂ්පාදනය මේ උත්සව සමයේ අතහැර දැමීම ආයතනයේ විනාශයට මිස යහපතට හේතු වන්නේ නැත.අනෙක් අතට ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ...
අධිභාර බද්ද ගැන බොරු කියන්නේ කවුද? කසාපබ්බත ෴ වාර්ෂිකව රු. බිලියන 2000ට වඩා බදු අය කළ හැකි ආදායම් උපයන විශාල සමාගම් හෝ පුද්ගලයන් හෝ සඳහා එක වරක් සඳහා පමණක් අයක කරන වූ 25%ක අධිභාර බද්දක් 2022 අයවැය මගින් යෝජනා කර සම්මත කර ගැනිණි.මෙම බද්දට සේවක අර්ථ සාධක අරමුදල (ETF) සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල (EPF) ද යටත් වන බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් දැඩි ...
චමුදිත නාටකයේ පිටපත කාගේ ද? කසාපබ්බත ෴ වරෙක ගානියා බැරිස්ටර් නම් කාන්තාවක් තමන් විසින් තමන් ම පැහැර ගෙන ස්විස් එම්බසි නාඩගම රඟපෑවාය. තවත් වරෙක රාජිත සේනාරත්න ලක්ෂ 15 බැගින් ගෙවා කුළියට ගත් සුදු වෑන් කිඹුලන් දෙදෙනෙකු යොදා ගෙන තවත් නාඩගමක් රඟපෑවේ ය.තවත් අවස්ථාවක විපක්ෂ ක්‍රියාධරයෙකු දොස්තර පියා පන්සල් පල්ලි රෝහල්වල බෝම්බ තබමින් රටේ ජාතික ආරක්ෂාව දුර්වල බවට සමාජ මතයක් නිර්මාණය කිරීමට රඟපෑමක් කළේ ය.තවත් අවස්ථාවක බැඳුම්කර සමාගමේ ...
වර්ජකයින්ට ජනතාවට දෂ්ට කිරීමට ඉඩදිය යුතු ද? කසාපබ්බත ෴ රෝහල් වැඩ වර්ජන කල්ලිය මේ වන විට ඔවුන්ට පඩි ගෙවන මේ රටේ ජනතාව පිටුපස එළව එළවා දෂ්ට කරමින් සිය ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කරමින් ඇත. කොවිඩ් නිසා ඇද වැටුණු රටේ අනේක අගහිඟකම්වලින් පීඬා විඳින ජනතාව රෝහලට යන විට එතැත වැඩ වර්ජනයකි. වරෙක වෛද්‍යවරුය. තව වරෙක සුළු සේවකයෝ ය. තව වරෙක හෙදියෝ ය. අනතුරුව පරිපූරක සේවා ය. මෙලෙස වර්ජනය කරමින්, මාර්ග වසමින් විරෝධතා ...