Monday, June 27, 2022

රෝහල් අළුගෝසුවෝ...

 පසුගියදා අසනීපව රෝහල්ගත වූ මාතර ප්‍රාදේශීය ලේකම් මාතර රෝහලේ කාර්ය මණ්ඩලය ශල්‍යාගාරයක සිරකළේ යැයි මාධ්‍ය වාර්තා කරයි.

එයට හේතුව ලෙස මෙම සෞඛ්‍ය සේවක මහතුන් පවසා ඇත්තේ ප්‍රා.ලේ. තමන්ට ඉන්ධන ලබා නොදුන් බවය. 

මෙම නිලධාරිනිය එලෙස ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවේ අදාළ අසනීප තත්ත්වය උග්‍ර අතට හැරී ජීවිතක්ෂයට පත් වූයේ නම් අදාළ රෝහල් කාර්ය මණ්ඩලය එහි වගකීම ගන්නේ ද?

මහජන බදු මුදලින් වැටුප් ලබන රජයේ සේවකයින් පිරිසකට මෙලෙස නීතිය අතට ගෙන කටයුතු කළ හැකි ද? සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ අවම ආචාර ධර්ම හෝ මොවුන් රකින්නේ ද?

පසුගියදා එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙක් තමා කිහිප වරක් ප්‍රතිකාර කළ ප්‍රසන්න රණතුංග ප්‍රතිකාර නොකර හරවා යැවීම මෙම නිහීන ක්‍රියාවට පූර්වා දර්ශය සැපයූවේ යැයි සිතිය හැකිය.

එසේ ම 09 වෙනිදා සිද්ධියෙන් තුවාල ලද පිරිස රෝහල්ගත කළ අවස්ථාවේ පහර දෙමින් බැණ වදිමින් සිදුකළ තිරිසන් වැඩ ද පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් වූ බව නිසැකය.

එදා එම වෛද්‍යවරයාට කිසියමි දඬුවමක් ලබා දුන්නේ නම් මෙදා මාතර ප්‍රා.ලේ.ට මෙම ඉරණම අත් නොවන්නට ඉඩ තිබිණි. මහජන බදු මුදලින් පඩි ලබන අතර එම ජනතාව ම ප්‍රාණ ඇපයට ගන්නා මෙවැනි අමනයින්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ඉදිරියේ දී රටේ රෝහල් පද්ධතිය එල්ලුම්ගස් බවට පෙරලෙනු ඇත.

අනෙක් අතට රාජිත සේනාරත්න ඇතුළු දේශපාලනඥයින් ද ඇති හැකි අය ද ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව හෝ වෙනත් රටකට යාම මෙම අලුගෝසුවන් විසින් දිනපතා සාධාරණීකරණය කරමින් පවතින බව ද කිව යුතුමය.

1 comment:

Lalith said...

ප්‍රා. ලේ කම් නෙවෙයි ප්‍රසන්න කප්පම් ඇමතියාට කරපු වැඩේ නම් සුපිරි, ඩොක්ට කවුද.......

 
සිය රට දේ සිරි සැප දේ !