කෝ මා.... බිඟු නද මේ ළඟදී මට පරණ යාළුවෙක් කතා කලා. ගොඩාක් කාලෙකට පස්සේ තමා සෙට් උනේ. සෙට් උනා කිව්වට මොකද මනෝභාවයෙන් තමා. සිම්පල් කිව්වොත් කෝල් එකකින් තමා. ඉතින් ඉස්සරලාම කෝවිඩ් සීන් එක තමා කතා කලේ. ඊට පස්සේ ඔය අනිත් ගොසිප් ටිකත් කතා කරලා එහෙම ඇහුවා මගේ බොල්ග් කලාව ගැන. ඇත්තටම කිව්වොත් ඒක බල්ලට ගිහින්... මං කිව්ව මචං ඒක ලියපු කාලයක් මතක නෑ... කියලාමගේ ...
මට ආයෙත් ලියන්න හිතුනා බිඟු නද කාර්ය්ය බහුලවීමත්, අවිවේකී ගතිය වැඩි වීමත්, මගේ "තස්මේනියන් යක්කු" දෙන්නා එක්ක නාඩගන් නැටීමත් යන කරුණු කාරණා හින්දා බොලොග්යට ලියන්නත් බැරිව ගියා. මූණු පොතේ කොහොමත් සක්‍රිය නැති හින්දා අන්තර්ජාලයේ සැරිසැරීම අවම මට්ටමක්යි තිබ්බේ. ආ කියන්න අමතක උනානේ තවත් එකක්.... එදා පරිඝණක තරඟාවලියෙන් පස්සේ පොඩ්ඩක් විතර ඒ ගේමටත් ඇබ්බැහි උනානේ. ඉතින් ලියන්න තිබ්බ වෙලාවත් ඒකට යට උනා. දැන් දැන් ආයේත් ඒ ඇබ්බැහිකමෙනුයි ...
ඊයේ මෙන්ම අද බිඟු නද සියොත් කැල තුරු මුදුනේ සිට ගී ගැයුවාද මතක නෑනිසැකවම මටඅඳුර ගලන්නට පෙරපාළු කුටියටඅදත් ඊයේ මෙන්ම...
මාස 9දී දණ ගාන්නේ මෙන්න මෙහෙමයි. බිඟු නද මේ ඉන්නේ අපේ පුතා. අහම්බෙන් වගේ කැමරාවට සෙට් උනේ. දැන් මාස 9යි. මාව දැක්ක ගමන් දුවගෙන නෙමෙයි දණ ගාගෙන එනවා.
ඇවටාර් 1_02: ඇවටාර් ආපසු එයි (The Avatar Returns) බිඟු නද පෙර කතාව: කිටාරා, සාක් එක්ක මාලු අල්ලන්න ගිය වෙලාවේ අයිස් කුටියක් ඇතුලේ හිරවෙලා හිටිය ඇන්ග් සහ එයාගේ පියාඹන කුලු හරකා ආපා හමබ වෙනවා. ඇන්ග් කිටාගේ ගමට ඇවිල්ලා සෙල්ලමින් ජීවත් වෙනවා. ඇන්ග් සහ කිටාරා ගිණි හමුදාව දාලා ගිය නැවක් ඇතුලට ගිහිල්ලා ඒකේ තිබ්බ ආලෝක එලියක් වැරදීමකින් පත්තු වෙනවා. ඇන්ග් පස්සෙන් එලවන සුකෝ කුමරයා මේ එලිය දැකලා බලනකොට ඇන්ග්ව දකිනවා. සුකෝ ...
ඇවටාර් 1_01: පාවෙන අයිස් කුට්ටියේ සිරවුණු ළමයා (The Boy in the Iceberg) බිඟු නද වතුර, පොළව, ගින්න, වාතය. මගේ ආච්චී අපිට ඉතිහාස කතාන්දර කියාදෙන්න පුරුදුවෙලා හිටියා. අපි සාමයෙන් ජීවත් වුණු. ඒ නම් ඇවටාර් විසින් ජල ගෝත්‍රය, පොළෝ රාජධානිය, ගිනි ජාතිය සහ සුළං එඬේර යන ජාතීන් අතර සංතුලනය පවත්වා ගත් නිසාවෙන්. නමුත් ගිනි ජාතිය නොහොත් ගිණි හමුදාවේ ප්‍රහාරයත් සමගම මේ සංතුලනය බිඳ වැටෙන්න ගත්තා. මේ ක්‍රෑර ගිණි හමුදාවේ ක්‍රියාදාමය නැවත්විය හැක්කේ මේ මූලධාතු හතරම ප්‍රගුණ කල ...
අලුත් සල්ලි බිඟු නද මෙන්න අලුත් සල්ලි. හැබැයි හැම එකේම එකම විදිය. බලන්න හොඳට. ඉස්සරහා පැත්තේ කුරුල්ලයි සමනළයයි.පස්ස පැත්තේ නැට්ටුවයි. බෙරකාරයයි. මට හිතෙන්නේ මේ නටන්නේ අපි කියලා. බෙරේ ගහන්නේ බලවත් අය කියලා. අපි නවටනවා, උන් ගහන ගහන පදේට. දැනට වෙන්නෙත් ඒක. ඉස්සරහාටත් වෙනසක් නැ. නරක සමනළයා එක්ක නපුරු කුරුල්ලා. කිසි වෙනසක් නැ. තව එකක්. මෙතන රුපියල් 10 කොලේ නැ. අලුතෙන් 5000 ඇවිල්ලා. අනේ කාලේ ...
ඇවටාර්: අවසාන සුළං හසුරසවන්නා බිඟු නද ඇවටාර් කියන්නේ මම මේ ළඟදී බලපු මරුම මරු කාටූන් ටීවී කතා මාලාවක්. ඒක කොච්චර අල්ලලා ගියාද කිව්වොත් මං හිතුවා ඒ ගැන ලිපි පෙලක් ලියන්නත්. එච්ච්රටම ආස හිතුනා. කතාව ගෙතෙන්නේ ඇවටාර් කියලා කෙනෙක් වටේ. බුදු දහමේ එන ආපෝ, තේජෝ, වායෝ හා පඨවි යන සංකල්පය ඔස්සේත් මේ කතාව දිවෙනවා. පුනර්භවයත් සම්බන්ද වෙනවා. කතාව ඉදිරිපත් වෙන්නේ එක ගැණූ ළමයෙක් තමන්ගේ කතාව කියනවා වගෙයි.වතුර, ...
ආවේ නම් 10ට ගනින්න බැරි විදියට බිඟු නද මේක මම පොඩි කාලේ ඒ කියන්නේ 7 වසරේ විතරදී කරපු ගොන් කථාවක්. ඒ කාලේ(ත්) මම හරිම දඟයා. ගුරුවරු එක්ක හරිම කෙක්ක. පොඩි දේටත් ගහ ගන්නවා ළමයි එක්ක.ඉතින් මම හිතුවා දහම් පාසල් යන්න ඕනෑ ආයෙත් කියලා. එහම හිතලා ගියා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහිල්ලා කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියලා. මේ හාමුදුරුවන්ගෙත් හරිම නීතී. මට කිව්වා 1 වසරේ ඉඳලා ඉගෙන ...
දන්නෝ දනිති බිඟු නද දන්නෝ දනිතිනොදැදැනගත යුත්තෝද දනිතිනොදන්නෝ නොදනිතිදැනගත යුත්තෝද නොදනිතිමෙය සියල්ලෝම නොදනිති
ප්‍රියාවිය, සබඳ බිඟු නද සංසාරයේ ඈතකඑක්ව බැඳී ආගමන් දුර ගෙවාසංසිඳුවා විඩා ගතකතරට වට පිනි පොදසිසිලස සමගමද නලතෙමා ගත සිතපුබුදුවා මනදොළයන්නට සවිය විරියදෙනු මැනප්රියාවිය,සබඳ... ...
එන්නද එපාද? බිඟු නද එන්නද එපාද?මේ කියලා තියෙන්නේ හොරෙන් එන්න කියලද?නැත්නම් එන්න එපා කියලද?මට හරියටම තේරුනේ නැ. ඒ කොහොම උනත් මේ දැන්වීම තිබුණේ ප්‍රසිද්ධ බෙහෙත් ශාලාවක.කොහොමද අපේ සිංහල.... ...
අපේ කළු සූටි බිඟු නද මෙතන ආරස්සාව හොඳයි වගේ. කාටවත් පේන්නෙත් නෑ. අප්පට සිරි. අර මොකාද අර? ම්..ම්...නියම දඩයම් වෙලාව. පොඩ්ඩක් දුවන්ඩ දීලා එලවනවා. කිසිම ගතියක් නෑ එක පාරම අල්ලගත්තොත්...ඔන්න කාටවත් කියන්න එපා මන් මෙතන ඉන්නවා කියලා....ගේ ඇතුලේ හරිම රස්නෙයි. මෙතන නියම පොට් එක.මම යෝජනා කරනවා හැම පූසෙකුටම මෙවැනි මල් පෝච්චිය බැගින් දෙන්න ඕනෑ කියලාඅර මොකාදා ඒ පාර. පොඩි ලේන් පැටියෙක් නේද?මම ඕවා ගනන් ගන්නේ ...
දුන්නා ලේ බිඳු මෙන්න මෙහෙමා බිඟු නද පහුගිය සතියේ සිකුරාදා අපි ගියා කළුතර බෝධියට. මමයි බිරිඳයි පුතයි. අපි තුන්දෙනා එක්ක තව නෑදෑ පිරිසකුත් හිටියා. පෝය දවස හින්දා සිල්ගත්ත උපාසක උපාසිකාවන් වගේම බෝධිය වඳින්නත් ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ඒත් එක්කම එදා අයිටීඑන්(ITN) එකෙන් පෝදා වැඩසටහනකුත් සංවිධානය කරලා තිබ්බා.අපි සුපුරුදු විදියට මල් පූජා කරලා, පහන් පත්තු කරලා හඳුන්කූරු දල්වලා එහෙම පන්සිල් අරගෙන බොදු සිරිත් විරිත් අනුව සිටියා. ඒත් එක්කම ...
සොඳුර ... බිඟු නද ඈතක ඈතකසිතක ඇඳුණ එකම එකසිත්තමක් යාන්තමටගෙනෙයි මතකයන්අතීතයෙන් අනාවකටමොහොතක් තනිවන්නටසිතිජයෙන් ඔබ්බට පියඹනවිගඟුන් මෙන් පිය විහිදාදෑස් දිගුකොටඅහස් කුසට පීරන්නට වූයෙම්වළාවන්තුරේඑකදු මතකයක්වත්ගෙනේවියැයි සිත්මඩලටසිතැතින්ම මුළාවීනොනිමෙන ආසාවෙන්මනමුදු සොඳුර... ...
ඉංදියාවෙත් පැළයක් හිටෙව්වා බිඟු නද ගහක් හිටවනවා කියන්නේ ඇත්තටම හොඳ දෙයක්නේ.ඉතිං මේ දවස්වල මං ඉන්නේ ඉන්දියාවේ හයිඩ්‍රබාඩ් කියන නගරේ. ඒකේ තියෙනවා ලෙමන් ට්‍රී (දෙහි ගහ) කියලා මහා විශාල හෝටලයක්. උන්ගේ තියෙනවා අපූරු ප්‍රතිපත්තියක්.සෑම සෙනසුරාදාවකම එක පැලයක් හිටවන්න ඕනෑ තමන්ගේ හෝටලේ ගාඩන් එකේ.මරුනේ!ඉංදියාව පුරාම සාකා 43ක් තියෙනවාලු. ඒ හැම එකේම හැම සෙනසුරාදාම එක පැලය ගානේ හිටවනවා. ඒ කියන්නේ පැල 44 ක් එක සතියකට. අවුරුද්දකට පැල 2288 ...