බැරිද? බෑ බිඟු නද කාලෙකින් ලියන්නත් බැරි උනා.මේසේ උඩ තිබ්බ කොල කෑල්ලක මෙහෙම අකුරු බොඳ උනා.ඒක එහෙමම ජාල ගත කරන්න හිතුනා.ඔන්න ඒකත් දෑම්මා.
කඩුපුල් මලක් සේ... බිඟු නද කඩුපුල් මලක් සේ දකින්නට නුඹ රුවනිදිබර දෙනෙත් අඩවන් අදුරෙන් ඈතටපියමන් තනනා සීතල රාත්රියේපවන් පොදක් ගත නොගැටෙන සොදුරු නිමේෂයකස්නේහසේ සොදුරු දසුන් පොදකින් තෙමනමහද නොරිදවා නිදිබර දෙනෙත් යුගඇසිල්ලකින් .....(දුනීල - මගෙ මිතුරෙක් ඉතුරු කොටස මෙසේ පුරවන්නට විය.)...පියවෙන මේ නොයිදුල් රාත්රියේවඩින් සොදුරු යහනට චන්නකින්නරාවියේ... ...
මටත් ඩෙංගු හැදුනා බිඟු නද 2013 අවුරුද්දත් ඉවර වේගෙන එන්නේ. ආපහු හැරිලා බලනකොට මොනවද කලේ කියලත් හිතෙනවා. හැබැයි මොන මොනවාහරි කොරගෙන නැතුවත් නෙමෙයි කියලත් හිතෙනවා. ඒ මොක උනත් බ්ලොග් කෙරුවාව නම් බල්ලට ගියා කියලයි හිතෙන්නේ. පේනවනේ ආර්ටිකල් ලියන රේට් එකත් අම්බානක බැහැලා. ලියන්න දේවල් නම් නැතුවාම නෙමෙයි. වෙලාව හරස් උනා කියලා කිව්වොත් ටිකක් හරි. ඒ වගේම උනන්දුවත් ටික ටික බැහැලා ගිහිල්ලා. අවුරුද්ද අන්තිමට හරි මොනවා ...
දෙනෙතක් යනු හැර බිඟු නද නුහුරු නුපුරුදුසිනහ කැන්දනසරාවකටත් නෙතක් බන්දනහතැස් ගගණකරන් සළුවක් සේදිලිසෙන නුඹේමුවකමලඅතැහැර කෙලෙසදදෙනෙතක් යනු හැර
මූණු පොතයි අසනීපවීමයි බිඟු නද මූණු පොතයි අසනීපවීමයි යන දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්දැයි කිසිවෙක් ඔබය කියන්නට පිළිවන. මෙය ඒ සබැදෙන කෙටි ලිපියකි.අනෝමා බලන්නකෝ. මගේ පොඩි එකාගේ පින්තූර ටික මම ෆේස් බුක් එකට දැම්මා. ඔන්න ලින්ක් එක. ඔයත් බලන්නකෝ...ෂා.. මාර ලස්සනයි අනේ.. හරිම ස්වීට්...කෝ බලන්න, කෝ බලන්න අනේ තුෂාරී මටත් ලින්ක් එක එවන්නකෝ...ආ ඉන්න. මං එවන්නම්...අනේ.. හරී ෂෝක්.. තාත්තා වගේමයි.. බලන්නකෝ පුංචි නහය... ෂා....මං මේක ...
ඇයි බං මේ බිඟු නද ලංකාවේ මේ දවස්වල නැගලම/බැහැලම යන සින්දුව මේක වෙන්න ඕනෑ. සමහරු යූ නලේට රිංගන්නේ සිංදුව අහන්න නම් නෙමෙයි. ඒකේ තියෙන කොමෙන්ටු ටික කියවන්න. ඒ අස්සේ සමහරු පොඩි බිස්නස් වැඩත් කර ගන්නවා. මම කිව්වේ මේ පොඩි ෆෝන් එකක්, කැමරාවක්, වාහනයක් වගේ විකුණ ගන්න වැඩ. හිනා යන වැඩේ කියන්නේ වඩේත් විකුණනවා... හික්ස්...සිංදුව නම් මට තේරුනේ නෑ. සමහරවිට ඒක තේරෙන්න වෙනමම මානයක් ඕනෑද දන්නෙත් ...
"මහා කෙලි" ජාතකය බිඟු නද යටගිය දවස බරණැස්නුවර නොව කොළොම්තොට අපේ ඔෆීසියේ ගැන්සිය සැනෙකෙලි කෙලින්න්ට දිනයක් යොදා ගත්හ. මහා බෝසතාණෝ සිතන්නේ යමක් වීද, එය ඒ ආකාරයෙන්ම ඉටුවන්නාක් මෙන් වෙල්පෙයාර් එකේ බුවාලා යමක් සිතීද එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන්නට වූහ.මෙදා පොටේ මහා පිටිය සරසන්නට කෙල මහා කෝටියක් පිරිස එතැයි අපද ඔද වැඩී ගිය මෙත්තාවෙන් කුකුලාද රැගෙනම පිටයට බටහ. අපගේ මහා පුණ්‍යකර්මයක් හේතුකොටගෙන උදෑසනම කිසිදු බුවෙක් පිටිය ...
කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද? බිඟු නද නිකන් තියෙන කොන්ඩේ කෙලින් කෙරුවා ඔක්කෝමලා කරනවානම් මං කරාම මොකද කියලා බලන්න. මේන්න බොලේ මාර ආතල් එකක්නේ තියෙන්නේ. කස්ටියම බලනවා මගේ කොන්ඩේ ලස්සන. කැඩිලා කැරකිලා තිබ්බ කබ්බ කොන්ඩේ දැන් බලන්න දුකේ බෑ පීරලා වැටෙන ලස්සන. සමහරු අහනවා කොහෙන්ද කලේ, කීයක් ගියාද, ෂා නියමයි... ඉතින් අර වියදම් කරපු සල්ලි අපරාදේ කියලා පොඩ්ඩක්වත් හිතුනේ නෑනේ. දැන් ඉතින් පොඩ්ඩක් ගස්සලා යන්න ඕනෑ..ම්.. ම්... ...
සිඟිති අවුරුදු උත්සවය බිඟු නද සිංහල අලුත් අවුරුද්ද ගෙවිලා ගිහින් දින කිහිපයක් ගත වෙලා. සැවොම තම තමන්ගේ පෙර කල කී කටයුතු නැවත් අරඹලා. ගෙවුණු සති කිහිපය අතීතයටම ගිහින්. ඒ නිසාම මා ලද අත්දැකීම් කිහිපයක් මෙසේ අකුරු කරන්නට සිත්වීය. එය හුදෙක්ම පෙර පාසැල් දරුවන්ගේ සිඟිති අවුරුදු උත්සව ඇසුරෙන් නිමැවූවක්ම විය. එය සත්‍යය වශයෙන්ම ඇගයීමට ලක්විය යුතු තරමේ කටයුත්තක් වූයෙන් මෙසේ අකුරු කරන්නට සිත්වීමි. පෙරදා මෙන් නොව ...
සීයාගේ ස්වයංක්‍රීය පිළිතුරුදීමේ යන්ත්‍රය බිඟු නද හලෝ ආයුබෝවන්. සමාවන්න. මේ මොහොතේ අප නිවසේ නොසිටී. කරුණාකර ඔබේ පණිවුඩය බීප් නාදයට පසුව සඳහන් කරන්න.බීප්.. ප්....ප්....ඔබ අපේ දරුවෙක්නම් අංක එක(1) ඔබන්න. දැන් ඔබ පවුලේ කීවෙනියාද යන්න දැක්වීම සඳහා එකේ සිට පහ දක්වා ඇති අංකවලින් ඔබේ අංකය ඔබන්න. මීළඟට මතු දැක්වෙන මනාපයන් තෝරා ගන්න.අප ඔබේ දරුවන් සමග සිටීමට අවැසි නම් අංක 2 ඔබන්න.ගමනක් යාමට අපගේ මෝටර් රථය අවැසි නම් අංක ...
දෙදරූ පියෙක් වූ වගයි බිඟු නද මම දෙදරූ පියෙක් වූ වග මෙයින් දන්වා සිටිමි. අපේ බිඟු කුමාරයාට සෙල්ලම් කිරීම පිනිස තවත් එක් බිඟු කුමාරයෙක් අප මීවදයට එක් වූ වගත් අපේ දඟයා ඉතා ආසාවෙන් නව කුමාරා සමග සිටිනා බවත් තවදුරටත් දන්වා සිටිමි. තවමත් නමක් ස්ථිර කර නොමැති අතර ඒ සඳහා නම් කැඳවනු ලැබේ. හැකියාව ඇති නැති කාටත් ඒ සඳහා ඉදිරිපත් විය හැකි අතර අවසන තීරණය රැජිණ විසින් ...
චංගුමී අද මොකද කරන්නේ? බිඟු නද චංගුමී අද මොකද කරන්නේ? වෙන මොනවා කරන්නද? මොකක් හරි කෑමක් උයාගෙන රජ්ජුරුවන්ට බෙදයි. රජා රහයි රහයි කිය කිය කයි. උයාගෙ කනවා ඇරෙන්න වෙන මොනවද වෙන්නේ? මෙන්න මෙහෙම කියපු ගොඩක් අය සද්ද නෑ වගෙයි. සුජාත දියණි කතාව සම්පූර්ණයෙන්ම කෑම ගැන තියෙන කතාවක්ය, ඒක ගෑණු අල්ල ගන්න හදපු ගොන් කතාවක්ය, නිකන්ම නිකන් ගෑණු පොර කරන්න හදපු අර ප්‍රවීණා වගේ කතාවක්ය ආදී වශයෙන් ...
යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට බිඟු නද යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට සිතුවිලි පවුරට කවුලු තියන්නට ගලනා සිතිවිලි හද පුරවා සෙනේ වඩන්නෙමි සසර පුරා... සෙනේ වඩන්නෙමි සසර පුරා... මිහිකතරට වැටි සිහින් කඳුල ඔබ තෙත් කෙරුවා අද වියරු වැටුනු සිත කැඩී බිඳී ගිය පවුරු සදා සනසාලූවා මහද පොපියවා... සනසාලූවා මහද පොපියවා... යුග යුග බැඳි පෙම් .... අමාවකට ආ තරු කැකුලයි නුඹ පාලු අහස විකසිත කරමින් දිවියේ සරදම් ...
ලිංගික අධ්‍යාපනය ගැන ළමුන් දැනුවත් කල යුතුය බිඟු නද https://www.youtube.com/watch?v=pmvXH_6scTc මෙම විඩීයෝ පටය අප සමාජයට ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේය. අවුරුදු 6ත් 8ත් අතර කුඩා දරුවන් කිහිපදෙනෙක් සමග එක් වී කරන්නාවූ මෙම සංවාදය ලිංගිකත්වය යන්න කුමක්ද යන්න හා අපයෝජනය යන්න කුමක්ද යන්න ඉතා සරල බසින් විස්තර කෙරේ. මෙහි ප්‍රධාන කරුණු 3ක් ගැන සඳහන් වේ. 1. ශරීරයේ කිසිවෙක් ස්පර්ශ නොකල යුතු ස්ථාන 3ක් වේ. එනම් පපුව, තට්ටම් හා කකුල් අතර ...
සිතන්නට යමක් බිඟු නද මෙය හුදෙක්ම අප විසින් දැන හෝ නොදැන කරන්නාවූ වැරැද්දකි. දරුවන් අපේ අනාගතය මෙන්ම පාසලේද, රටේද, මුළු ලෝකයේමද අනාගතය වන්නේය. එමනිසා ඔවුන්ගේ අධ්‍යාපනය අපට මෙන්ම පාසලටද, රටටද, මුළු ලෝකයටමද ඉතා වටිනා අංගයක් බව පුන පුනා කිවයුත්තක් නොවන්නේය. ඒ කෙරන් අප විසින් ඒ සඳහා මහත් උනන්දුවක්, අවධානයක් යොමු කිරීම නිතැතින්ම අපේ සිත් තුල ගොඩනැගිය යුතු කරුණක් විය යුත්තේය. අප විසින් ඔවුන්ගේ ...
මල්ලියෙක්ද? නංගියෙක්ද? බිඟු නද අම්මා පුතාගෙන් මෙසේ අසයි...පුතාට ඕනෑ මල්ලි කෙනෙක්ද?නංගි කෙනෙක්ද?නෑ... මට ඕනෑ අයිය කෙනෙක්....ඉතින් ගෙනල්ලා දීපංකෝ....
සිත් රාවය මුමුනවමින් බිඟු නද නිල් අඹරේ පිය මනින්නසීන පොදක් තුරුළු කරන්තරු අතරේ නෙත් යොමන්නපද ගොතමින් සිහින් සරින්එක්'වා මතක ගෙත්තම් කරන්නබිඳෙන් බිඳට කල් යවමින්තවත් පොදක් ඉඩ තබන්නසිත් රාවය මුමුනවමින් ...
බැඳලා අවුරුදු 5යි බිඟු නද අදට (ඔක්තෝම්බර් 18) බැඳලා අවුරුදු 5යි. සෑහෙන්න කාලයක් ගත වෙලා. ම්ම්ම් කරපු කියපු වැඩ මතක් වෙනකොටත් හිනා යනවා. අපේ කොල්ලා තමා දැන් ලොකුම සිද්ධිය. ඇත්තම කිව්වොත් සිද්ධිදාමය. හරිම ආසයි. බලාගෙන ඉන්නකොට ආස හිතෙනවා. කොල්ලෙක් හින්දා මුරණ්ඩුත් වැඩිද මන්දා...කොහොම උනත් කොල්ලා කියලා රැජිණට අඩුවක් කරන්න බෑනේ... ඔන්න ගිය සතියේ ගියා ෂොපින්.... බීච් එකටත් ගිහින් පොඩ්ඩා එක්ක නාලා කරලා ආවා.සමරන්න තරම් උවමනාවක් ...
කොල්ලෙකුත් ඉඳලා බිඟු නද ශ්‍රී ලංකාව මෙදා පොටේ නම් ෆුල් ගේමක් දෙනවා වගෙයි කියලා හිතෙනවා. තවමත් නොපැරදී ඉදිරියටම යනවා. ඒක පට්ට. ඉතින් ඒ වෙනුවෙන අපේ අය එක එක වැඩ කරලා සපෝර්ට් එක දෙනවා. ඒකත් මරු.සමහරු බොනවා, සමහරු නානවා, සමහරු අනුන්ගේ බිල් ගෙවනවා, සමහරු බඩු මිළ වැඩි කරනවා, සමහරි පිකට් කරනවා.... ඒ මොනවා කලත් මේ ඔක්කොම කරන්නේ රට දිනවන්න ටී 20න්. අපේ රටට ජයග්‍රගණයක් ලබා ...