සිහිනයක අග ... අත වනන සුලඟකට හාදු එක එක තියාවසන්තයෙ එරබදුත් පිපෙනවා ඔබ එයි කියා ...අරුණෝද මිහිදුමෙහි සුසුම් උණුසුම තියා නොඑන ඔබ දිලෙනවා ඈත තරුවක් වෙලා ....නිවී නිවී යලි දිලෙන දෑස් අග නැවතිලාහෙමි හෙමින් ඔබේ දෙතොල් පෙති අතර මුව තියා ...උණුසුමෙහි ගෙවුනු යුග මතක සැමරුම් වෙලා ගලා එන කඳුළු බිඳකින් මගේ ඇස් බොඳවෙලා .... ...

සැඳෑවේ ලියමන වසන්තය පසුකර එන මේ සුලඟෙහි පැහැයක් නැත. එහෙත් මිහිරිය, එක් මලක් හෝ තිලිණ දුන් සුවඳ සිහිවටන සේ එහි තිබෙනු මට දැනෙයි. දිය කඩිති විල්ගොමු අතරින් සිපගත් වස්සානයේ සැමරුම් එහි තවමත් හරිම නැවුම්ය. සිහිලස්ය. කටුක ගිම්හානයේ පවා මම ඉන් වසන්තය ලබමි. හරි හැටි පැහැයක් දෙන්නට නොලැබුණු අපේ මතකයනුත් මේ සුලඟ වාගේම යැයි විටෙක මට සිතේ. වෙනසකට ඇත්තේ වසන්තය සමග එහි ...

එක දවසක . . සවසක . . . ගංදියට එබෙන සඳ ඉඟි කරන නිහඬ රැය නිශාවේ අන්තයට උදාවෙමින් තිබිණ.දුහුල් වලා රොදකින් මුවාවුණ සඳ යන්තමින් කිරණ විහිදුවද්දී බටහිර අහසේ දිස්වූ එකම තනි තරුවත් වළා අතර සැඟව ගොස් අපැහැදිලිව ඇත. ළඟ ළඟම එන වැහිකෝඩයට අත වනන මහවැලිය වෙනදා මෙන්ම සන්සුන්ව ගලා යයි. හන්තාන අද්දරින් හමාඑන නැවුම් සුලඟේ සිහිලස ගත දැවටෙද්දී ඈස් පියාගන්නට සිතේ. පස්වරුවේ ශිෂ්‍ය සංගමය රැස් වන්නට මත්තෙන් ...

අනියම්.. ඇරයුම්.. සිහිලාරේ උණුසුම්ව සැඟවෙන්න දැවටෙන්න..ඔබ මාගේ රහසක්ව විඳගන්න සිපගන්න...ඇය වාගේ කුළුඳුල්ව සැතපෙන්න රොන්ගන්න.. නිල්දෑසේ කඳුලක්ව ගිලිහෙන්න ඉඩදෙන්න...

මිතුරියකි ඔබ කිසිදා මවෙතින් ආදරය නොලද හිනැහෙන සඳ අතර තරුවකි නුඹ ගිම්හානේ.. සුවඳෙන මන බඳින කුසුමය ඇය වස්සානේ...කිමිදෙන රස සයුර රහසකි එම ලොවමාගේ..ඉනුමැන සුභ සදන මිතුරිය ලෙස පෙරවාගේ...

ඇය නැතිව ඇය එක්ක.. සියක් මංපෙත් සුපුෂ්පිත වී - සුවඳ සීතල රැය නිමෙයිඅදත් සඳකැන් හැඟුම්බර වී - මතක පාකර සිත පෙලයිපෙළක් සියොතුන් දුකින් නද දී - කොහිද ආදර ඇය අසයිතවත් කඳුලක් නෙතින් ගිලි හී - සිතුම් සාගර රළ නඟයි ...

ගැමි අරුණක අම්මා . . . පිපි මහනෙල් මල් සුවඳකි මඳ නල හා මුසුවන්නේ. .සුව සිහිලැල් පිනි වැස්සකි ගම්දොර පා පිසලන්නේ. . .රිවි අරුණැල් රැඳි අහසකි දස අත රෑ දුරලන්නේ. .මුව හසරැල් පිපි උදයකි පින්සර ඈ සරසන්නේ. . . ...

නිහඬවම.. .  . පෙති කඩා විසුරුවා.. පිටු අතර සරසන්නමලක් වෙමි අතරමඟ.. අතුපතර මත රැඳුන..සිතුනහොත් යම් දිනෙක.. මතක පොත පෙරළන්නසැඟවිලා ඇති සුවඳ... නොවෙනස්ම සෙනෙහසක...

ලේබල්..... වෙඩිහඬ ඇසී හදවත් නිහඬව හඬනඔබ අපි වෙසෙන ගම් නොව මායිම් ගමකසොඳුරුම සෙනෙහෙ සිත්තම් රුසිරුව ඔපනයුවළක් එක්වෙලා ඇරඹුවා යුග දිවිගමන..අගපිපි මල් වුවත් සෙනෙහෙන් ඔදවැඩුණබිය සැක ඇතිව ගෙවුනා දින සති මාසමව්පිය දෙදෙන තුටු කඳුළක ගිල්වමිනපැතුමක තිළිණ විය බිළිඳුගේ කිරිසුවඳ..මව බොදු කතකි කතෝළිකය පියාසිනාසලන පොඩිපුතු හට ආගම් නැත බෙදාවෙඩි උණ්ඩයට බියවුන මුත් ඔවුන් එදාපන්සල්, පල්ලි බැතිසිත් පෙරදැරිව ගියා..කොඳ මල් පිපී දෙවටේ සුවඳින් ලපළුතල් ...

ගං කබර  ඇටේ . .. ගං කබරයො .. ගං කබරයො ..මැදමුලනම ගං කබරයොතුනෙං දෙකත් ගං කබරයොඋසාවියෙත් ගං කබරයොඡන්දෙ දීපු තොපි ඔක්කොම . . . . ගං කබරයො .. ගං කබරයො..ඉතින් කොහෙද අයිසෙ මුතු ඇටයක්මේක දැන් තනිකරම ගං කබර ඇටයක් . . . ...

බ්ලොග්කාරී . . . සඳවත සඟවා වෙන නමකින් හිඳසුනිල සිතුම් සෙවනැලි ගෙත්තම් කරමුතුකළ ඔබෙ ඔය බ්ලොගය පුරා මමරහසෙම සැරුවෙමි..................විනිවිද නුඹේ සිත දැනෙන තුරාවටසිතිවිලි සයුරේ රුවල මුදාහැරදේදුණු අහසේ දෑස පියාගෙනපාවෙන, ඉගිලෙන ලොවට වෙලා මමදැන්-තව හිනැහෙමි............ස්වර තත් වැයෙනා සොඳුරු සැඳෑවකසෙනෙහෙ සිහින හැඟුමන් දෝතට ගෙනසඳ දිය ගඟුලේ මුසුකර තනිවමමිහිඳුම් අහසේ වළා වියන් අගරඳවා ඉවසමි.............ඒ වැසි දහරේ තෙමෙන තුරා නුඹ ...

සසර ඔසු . . . රැළි රැඳි සයුරු තෙර නොපෙනෙන තටාකෙක. . .බිඳි සිඳි නැඟෙන පෙණ පිඬුලෙස දරාගෙන . . රිවි සැරි සරණ ලොව සරතැස නිවාගෙන. . .එමි යමි සසර තව බුදුබණ පතාගෙන . .

හෙටවත් එන්න පුළුවන් ද .. .  . සැලෙන තුරුපත් අළුත් දළු දැක සිනාසී සුභ පතන අලුයම. .රුවැති කුසුමන් පිපෙන සුවඳට මුවා වී හිරු නැගෙන ලස්සන . .කියන රහසක රැඳෙන නෙත් යුග සොයාවී නුඹ හෙටත් හෙමිහිට. .ලියන කවිපද අතර සැඟවෙන ප්‍රියාවී හෙට එන්න තනිවම. . . .මිල්ක් බාර් එකට. . . චුට්ටක් කතා කරන්න ;) ...

ඇයට.. .  . සුවහස් තිළිණ මල් කලඹක සුවඳ ගෙන..නිදහස් හරිත විල් ගොමුවක පිපුණු මල..සඳරැස් බරිත නිල් අහසක සොඳුරු වුන.. .සෙනෙහස් හොවන සිත් දහසක පැතුම නුඹ.. . .

ආරාධනා . . . දේදුණු සඟවා සිහිනෙක . . . සුසුමක තැවරූ සඳවත . . .මහවැලියේ නිල් දියවර අතර පෙනෙනවා . . . .සෙවනැලි අතුරා එකිනෙක . . . සීතල රෑ මිහිදුම් මැද . . .හන්තානම බලා ඉඳන් සුවඳ සොයනවා . . . .දළුලන හිම වසන්තයක . . . සමනල් තටුවක නැoවුනඉඳුනිල් නෙත කඳුළු මතක අතර දිලෙනවා . . . .මල්පෙති විසිරුණු සුලඟට . ...

ඔබ දන්නවනම් . . . තරු දහසක් මැද ඔබ සඳවී සිනහ සලා ..මල් පිපිලා සිත ලඟ සුවඳක් හමලා ..දැල්වෙන හැඟුම් ගොළුවී සුලඟක එතිලා ..රහසෙම නිමෙයි සුසුමක උණුසුම තියලා .. .

මිහිරිය .. . විල් තෙර සුලඟ සිහිලෙන් ගත නැහැවෙද්දී..කඩුපුල් සුවඳ පියුමන් තව සුපිපෙද්දී..සිතුවම් මවන සඳකැන් රැය නළවද්දී..සැමරුම් මතක සුවඳයි ඇය සිහිවෙද්දී. . .

රහසින්. .  . වල ගැහෙන දෙකම්මුල් සිනිඳු සුරතේ රුවා..හද රැදෙන සුවඳමල් පිනිඳු පහසේ දොවා..පිස හමන පවන්-රැල් බිඳඳු සහනේ හොවා..ඇය ගෙනෙන සිතුම්විල් පිබිදු රහසේ නුරා .. .

සුගත් ගේ කවිය . . ඔබ වන් දුවක ලද මව්පියො නිවුනා වේ..බැතිබර සෙනෙහෙ සිතුවම් රූ ඇඳුනා වේ..නිති ඔහු සමග යන මග මල් පිපුණා වේ..ජීවන සුවඳ නුඹ මගෙ මතකයෙ රැඳුණා වේ.. .

Previous Page