දෙසැම්බරයක කවි.... ලදළු පත් නැළවෙනා මුදු සුලඟකිනිසුවඳ සුදු අරවින්ද පිපි ලෙසිනිනිලන තුරු සිරසි මත සඳ පිරුණිඔබෙ නයන දිගු බැල්ම සිත ඇඳුණි...ළයාදර සිහින අග රැඳි සුසුම්වැනිඅහිංසක සඳ මුහුණ වදනක සිනාසුණිදයාබර සිතුවමක පැහැ ගෙන මල් සැළුණිසෙනෙහෙබර දෙසැම්බරයක තව කවි පිපුණී...-රොෂාන් නයනජිත් හේවාවිතාරණ- ...

ත්‍රිමා... සැලෙන සෙලවෙන සිත් දරාගෙනසටන් පෙරමුණු වුනි මලානිකඑකම සිහිනෙක ජයම පත පතත්‍රිමා ඔබ විය රතු පියාපත...දැවෙන දැල්වෙන අඳුරු යුගයකටයර් සෑ දුම් නැහැය හකුළනසටන් සගයින් මියෙන විට තවසටන සියතට ගත් පහන විය නුඹ...පෙනෙන නොපෙනෙන ජයක පෙරමඟකුරිරු වධයක උපරිමය විඳදිවිය අතහැර ගියද මිලිනවනොමල මිනිසා නුඹයි බබලන...පිපෙන හිනැහෙන අළුත් මල් වලසුවඳ කොයිබද ගියේ අතහැරමියෙන උපදින බොහෝ දිනවලඔබෙ රුහිරු ඇත සැඳෑ අහසක...නැඟෙන පිබිදෙන යෝධ පෙම ...

දෙසැම්බරයක.. තුහින පිණි පා දොවන දෙසැම්බර් අහස යටදීර්ඝම දවස් ඇත සඳත් හෙමිහිට නිවෙන..නිදිබරම තුරු කිණිති නිසොල්මන් සෙවනැලි සදනරැය ගෙවෙයි, බලා ඉමි ඔන්ලයින් එයිදැයි සොඳුර..පහන් තරු මග හැරුණු ජීවිතේ අඳුර ලඟසහන් එළි දල්වමින් ඔබ හිඳියි බොහෝදුර..ඉඳහිටක හමාඑන මඳනලක මල් සුවඳ මුසුකරආස කවියක් පා කරමි ඔබව සිපගනු පිණිස..සිතින් මම මවාගෙන ඔබේ රුව ගුණ වරුණඅහිංසක සිනහවක දිගහරිමි ජීවිතය..මිහිදුමට තුරුළුවී අඳුරු වෙයි මුළු හන්තානවැහි වලා ...

ප්‍රාර්ථනාවක සිසිරය... ගිනිදැල් පවා මෘදුව දැල්වෙන පහනකමලානික එළියෙහි සැලෙන සෙවනැලි අතර අඩක් ලියැවුණු කවියක් දෙකක් තුරුළු කරගෙන සිසිරයෙහි රාත්‍රිය යළි යළිත් නිමාවිය...තෙතබරිත අහස්කුස සෙමින් සුසුමන් සලනපත් සිඳුණු තුරු පවා මතක උණුසුම සොයනතබා ගිය සළකුණුත් හිම වලින් මැකී යනසිසිරයෙහි හිමිදිරිය යළි යළිත් උදාවිය...එහෙත් සුහදිනිය..,දැක නැතත් ඔබේ ඔය පුංචි ඇස් පියවි ලෙස වසන්තය ගෙන එතැයි බොහෝ විට මට සිතිණ.... ...

රහසකට රහසින්.... හේමන්ත උයන වෙත සුළඟ හෙමිහිට එන්නවිලෝ තුරු හෙවණ යට මල් කිණිති අතුරන්නදුක දැකපු දෑසකින් ජීවිතේ දැකගන්නසුළඟ ඔබ නොකියන්න විඳගන්න ඉඩදෙන්න...කදෝකිමි එළි අතර නිවෙන තරු දිදුලන්නවැහිවලා සේද සළු සෙමින් ඉවතට යන්නඇදවැටුණ මිනිසකුගේ ආදරය දල්වන්නනොවැම්බර් සුසුමකට උණුසුමින් ලංවෙන්න...සඳඑලියෙ නැහැවෙමින් සෙනෙහසින් සැනහෙන්නවසන්තය හමා එන සිහිනයෙහි නවතින්න දුක පිරුණු සිනහවක සොඳුරු බව වැටහෙන්නකවියකට තුරුළු වී හාදු එක එක දෙන්න...විලෝ තුරු පත් සැලෙන සිලිසිලියෙ තනිවෙන්නහිතන්නට ...

සිරිපොදක .. කළු වලා සේද සළු අතුරමින් විටින් විට. . . වගුරුවයි සිහිල් පොද වසන්තයෙ ඇරඹුමට. . දළු දමා තුරු ලතා ඇහැරෙනා සෙනෙහසට. . හිරු එබෙයි හෙට උදේ මල් පිපෙන උණුසුමක. . .

වස්සානය.... එක් මලක් හෝ නොපිපි ගිම්හාන කාලයකතුරුලතා පණපොවා අලුත් දළු ඇහැරවනනිලන නිල් වසන්තය හරිත පැහැයෙන් ඇන්දමේ ඒ වස්සානයමයි මතකයිද ස්නේහය...බොරැල්ල සුසානයේ ශ්වේත උස චිතකවලප්‍රතාපවත් මිනිසුන් දැවෙන කළු සැඳෑවලමතක අළු පොඟවා තිලිණ සේ පසට දුන්මේ ඒ වස්සානයමයි මට මතක විදියට..අම්මගේ අතේ එල්ලී යනෙන විට කුඩාකලඅනෝරා ඇදහැලී අහස ගුගුරන විටෙක මා නොතෙමෙන්නට මුවාකොට සාරියෙන් සඟවාගත්අම්මාව තෙමූ නපුරු වස්සානයමයි මතක විදියට...විභාගය අවසන්ව ඉකුත් දින ...

සවන්දෙන්න.. හදවතින්... සුහදිණියඔබ කියූ වදනක දෙකකමම ජීවිතයලියූවෙමි..ඔබේ එක් නෙත් සැරයකඅහම්බෙන් හෝ මදෙස බැලූ ඇසිල්ලෙකමතක මල් පිපීවසන්තය ඇහැරවන බවක් මට දැණිනි..සඳ කිණිති හැමදාමත්ඔබේ සුදු මුහුණවසාගෙන තිබුණි..කැන්ටිමේ මේසයකඔබ දකින හැම අරුණෝදයකමදේදුණු සිහිනයක පාට අතරජීවිතය අතරමන් වන බවක් මට හැඟුණි...සිතින් තනිවන හැම මොහොතකමමට ඔබව මතක් විය...සිරිපොද වැසි සරසවිය සිප ගනිද්දීත්දෑල දිග රොබරෝසි රැළි අතර දඟකරද්දීත්සිහිලාර මිහිදුමක හන්තාන සැඟව යද්දීත්කොහේදෝ සිට හමාඑන මල් සුවඳකඔබ මා සමගම ...

වීරත්වයේ හා පරිත්‍යාගයේ දිනය, ජුනි 20 නිදහස් අධ්‍යාපනයෙහි උන්නතියත්, නූපන් පරපුරෙහි එහි උරුමයත් වෙනුවෙන් සටන් වැද සත්‍යයේ අල්තාරය මත අභීතව සිය දිවි කුසුම පුදකල ආදරණීය විරු සොහොයුරන් සමරා දිවයින පුරා සරසවි පරිශ්‍රයන්හි මහත් හරසරින් විවිධ සැමරුම් වැඩසටහන් සන්විධානය වෙමින් ඇත.ලෙයින් යකඩින් මර්ධනය කරමින් ධවල භීෂණයේ රුදුරු කරදඬුවෙන් ගෙල සිඳලන්නට තැත්කලද ගලාගිය රුහිරු ගංගා මතින් වුව නැවත නැවතත් සන්විධානය වෙමින්, ශක්තිමත් වෙමින් දිදුලන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ...

සිත අද්දර .... ජීවිතේ දිගු ගිමන් කාලය නිමවෙනා සිහිනය ලඟයි. . .මටම මා ගැන යළි සිතන්නට දෑස දුන් කැඩපත ඇයයි. . .සරසවියෙ තුරු ලතා සෙවණට සෙනෙහසේ සුව අපමණයි. . .රොබරෝසියා මල් සුවඳ පිරිලා වසන්තය හෙට මට ගෙනෙයි. . ...

සිහිනයක අග ... අත වනන සුලඟකට හාදු එක එක තියාවසන්තයෙ එරබදුත් පිපෙනවා ඔබ එයි කියා ...අරුණෝද මිහිදුමෙහි සුසුම් උණුසුම තියා නොඑන ඔබ දිලෙනවා ඈත තරුවක් වෙලා ....නිවී නිවී යලි දිලෙන දෑස් අග නැවතිලාහෙමි හෙමින් ඔබේ දෙතොල් පෙති අතර මුව තියා ...උණුසුමෙහි ගෙවුනු යුග මතක සැමරුම් වෙලා ගලා එන කඳුළු බිඳකින් මගේ ඇස් බොඳවෙලා .... ...

සැඳෑවේ ලියමන වසන්තය පසුකර එන මේ සුලඟෙහි පැහැයක් නැත. එහෙත් මිහිරිය, එක් මලක් හෝ තිලිණ දුන් සුවඳ සිහිවටන සේ එහි තිබෙනු මට දැනෙයි. දිය කඩිති විල්ගොමු අතරින් සිපගත් වස්සානයේ සැමරුම් එහි තවමත් හරිම නැවුම්ය. සිහිලස්ය. කටුක ගිම්හානයේ පවා මම ඉන් වසන්තය ලබමි. හරි හැටි පැහැයක් දෙන්නට නොලැබුණු අපේ මතකයනුත් මේ සුලඟ වාගේම යැයි විටෙක මට සිතේ. වෙනසකට ඇත්තේ වසන්තය සමග එහි ...

එක දවසක . . සවසක . . . ගංදියට එබෙන සඳ ඉඟි කරන නිහඬ රැය නිශාවේ අන්තයට උදාවෙමින් තිබිණ.දුහුල් වලා රොදකින් මුවාවුණ සඳ යන්තමින් කිරණ විහිදුවද්දී බටහිර අහසේ දිස්වූ එකම තනි තරුවත් වළා අතර සැඟව ගොස් අපැහැදිලිව ඇත. ළඟ ළඟම එන වැහිකෝඩයට අත වනන මහවැලිය වෙනදා මෙන්ම සන්සුන්ව ගලා යයි. හන්තාන අද්දරින් හමාඑන නැවුම් සුලඟේ සිහිලස ගත දැවටෙද්දී ඈස් පියාගන්නට සිතේ. පස්වරුවේ ශිෂ්‍ය සංගමය රැස් වන්නට මත්තෙන් ...

අනියම්.. ඇරයුම්.. සිහිලාරේ උණුසුම්ව සැඟවෙන්න දැවටෙන්න..ඔබ මාගේ රහසක්ව විඳගන්න සිපගන්න...ඇය වාගේ කුළුඳුල්ව සැතපෙන්න රොන්ගන්න.. නිල්දෑසේ කඳුලක්ව ගිලිහෙන්න ඉඩදෙන්න...

මිතුරියකි ඔබ කිසිදා මවෙතින් ආදරය නොලද හිනැහෙන සඳ අතර තරුවකි නුඹ ගිම්හානේ.. සුවඳෙන මන බඳින කුසුමය ඇය වස්සානේ...කිමිදෙන රස සයුර රහසකි එම ලොවමාගේ..ඉනුමැන සුභ සදන මිතුරිය ලෙස පෙරවාගේ...

ඇය නැතිව ඇය එක්ක.. සියක් මංපෙත් සුපුෂ්පිත වී - සුවඳ සීතල රැය නිමෙයිඅදත් සඳකැන් හැඟුම්බර වී - මතක පාකර සිත පෙලයිපෙළක් සියොතුන් දුකින් නද දී - කොහිද ආදර ඇය අසයිතවත් කඳුලක් නෙතින් ගිලි හී - සිතුම් සාගර රළ නඟයි ...

ගැමි අරුණක අම්මා . . . පිපි මහනෙල් මල් සුවඳකි මඳ නල හා මුසුවන්නේ. .සුව සිහිලැල් පිනි වැස්සකි ගම්දොර පා පිසලන්නේ. . .රිවි අරුණැල් රැඳි අහසකි දස අත රෑ දුරලන්නේ. .මුව හසරැල් පිපි උදයකි පින්සර ඈ සරසන්නේ. . . ...

නිහඬවම.. .  . පෙති කඩා විසුරුවා.. පිටු අතර සරසන්නමලක් වෙමි අතරමඟ.. අතුපතර මත රැඳුන..සිතුනහොත් යම් දිනෙක.. මතක පොත පෙරළන්නසැඟවිලා ඇති සුවඳ... නොවෙනස්ම සෙනෙහසක...

ලේබල්..... වෙඩිහඬ ඇසී හදවත් නිහඬව හඬනඔබ අපි වෙසෙන ගම් නොව මායිම් ගමකසොඳුරුම සෙනෙහෙ සිත්තම් රුසිරුව ඔපනයුවළක් එක්වෙලා ඇරඹුවා යුග දිවිගමන..අගපිපි මල් වුවත් සෙනෙහෙන් ඔදවැඩුණබිය සැක ඇතිව ගෙවුනා දින සති මාසමව්පිය දෙදෙන තුටු කඳුළක ගිල්වමිනපැතුමක තිළිණ විය බිළිඳුගේ කිරිසුවඳ..මව බොදු කතකි කතෝළිකය පියාසිනාසලන පොඩිපුතු හට ආගම් නැත බෙදාවෙඩි උණ්ඩයට බියවුන මුත් ඔවුන් එදාපන්සල්, පල්ලි බැතිසිත් පෙරදැරිව ගියා..කොඳ මල් පිපී දෙවටේ සුවඳින් ලපළුතල් ...

Previous Page