ගැමි අරුණක අම්මා . . . රොබරෝසියා පිපි මහනෙල් මල් සුවඳකි මඳ නල හා මුසුවන්නේ. .සුව සිහිලැල් පිනි වැස්සකි ගම්දොර පා පිසලන්නේ. . .රිවි අරුණැල් රැඳි අහසකි දස අත රෑ දුරලන්නේ. .මුව හසරැල් පිපි උදයකි පින්සර ඈ සරසන්නේ. . . ...
නිහඬවම.. . . රොබරෝසියා පෙති කඩා විසුරුවා.. පිටු අතර සරසන්නමලක් වෙමි අතරමඟ.. අතුපතර මත රැඳුන..සිතුනහොත් යම් දිනෙක.. මතක පොත පෙරළන්නසැඟවිලා ඇති සුවඳ... නොවෙනස්ම සෙනෙහසක...
ලේබල්..... රොබරෝසියා වෙඩිහඬ ඇසී හදවත් නිහඬව හඬනඔබ අපි වෙසෙන ගම් නොව මායිම් ගමකසොඳුරුම සෙනෙහෙ සිත්තම් රුසිරුව ඔපනයුවළක් එක්වෙලා ඇරඹුවා යුග දිවිගමන..අගපිපි මල් වුවත් සෙනෙහෙන් ඔදවැඩුණබිය සැක ඇතිව ගෙවුනා දින සති මාසමව්පිය දෙදෙන තුටු කඳුළක ගිල්වමිනපැතුමක තිළිණ විය බිළිඳුගේ කිරිසුවඳ..මව බොදු කතකි කතෝළිකය පියාසිනාසලන පොඩිපුතු හට ආගම් නැත බෙදාවෙඩි උණ්ඩයට බියවුන මුත් ඔවුන් එදාපන්සල්, පල්ලි බැතිසිත් පෙරදැරිව ගියා..කොඳ මල් පිපී දෙවටේ සුවඳින් ලපළුතල් ...
ගං කබර ඇටේ . .. රොබරෝසියා ගං කබරයො .. ගං කබරයො ..මැදමුලනම ගං කබරයොතුනෙං දෙකත් ගං කබරයොඋසාවියෙත් ගං කබරයොඡන්දෙ දීපු තොපි ඔක්කොම . . . . ගං කබරයො .. ගං කබරයො..ඉතින් කොහෙද අයිසෙ මුතු ඇටයක්මේක දැන් තනිකරම ගං කබර ඇටයක් . . . ...
බ්ලොග්කාරී . . . රොබරෝසියා සඳවත සඟවා වෙන නමකින් හිඳසුනිල සිතුම් සෙවනැලි ගෙත්තම් කරමුතුකළ ඔබෙ ඔය බ්ලොගය පුරා මමරහසෙම සැරුවෙමි..................විනිවිද නුඹේ සිත දැනෙන තුරාවටසිතිවිලි සයුරේ රුවල මුදාහැරදේදුණු අහසේ දෑස පියාගෙනපාවෙන, ඉගිලෙන ලොවට වෙලා මමදැන්-තව හිනැහෙමි............ස්වර තත් වැයෙනා සොඳුරු සැඳෑවකසෙනෙහෙ සිහින හැඟුමන් දෝතට ගෙනසඳ දිය ගඟුලේ මුසුකර තනිවමමිහිඳුම් අහසේ වළා වියන් අගරඳවා ඉවසමි.............ඒ වැසි දහරේ තෙමෙන තුරා නුඹ ...
සසර ඔසු . . . රොබරෝසියා රැළි රැඳි සයුරු තෙර නොපෙනෙන තටාකෙක. . .බිඳි සිඳි නැඟෙන පෙණ පිඬුලෙස දරාගෙන . . රිවි සැරි සරණ ලොව සරතැස නිවාගෙන. . .එමි යමි සසර තව බුදුබණ පතාගෙන . .
හෙටවත් එන්න පුළුවන් ද .. . . රොබරෝසියා සැලෙන තුරුපත් අළුත් දළු දැක සිනාසී සුභ පතන අලුයම. .රුවැති කුසුමන් පිපෙන සුවඳට මුවා වී හිරු නැගෙන ලස්සන . .කියන රහසක රැඳෙන නෙත් යුග සොයාවී නුඹ හෙටත් හෙමිහිට. .ලියන කවිපද අතර සැඟවෙන ප්‍රියාවී හෙට එන්න තනිවම. . . .මිල්ක් බාර් එකට. . . චුට්ටක් කතා කරන්න ;) ...
ඇයට.. . . රොබරෝසියා සුවහස් තිළිණ මල් කලඹක සුවඳ ගෙන..නිදහස් හරිත විල් ගොමුවක පිපුණු මල..සඳරැස් බරිත නිල් අහසක සොඳුරු වුන.. .සෙනෙහස් හොවන සිත් දහසක පැතුම නුඹ.. . .
ආරාධනා . . . රොබරෝසියා දේදුණු සඟවා සිහිනෙක . . . සුසුමක තැවරූ සඳවත . . .මහවැලියේ නිල් දියවර අතර පෙනෙනවා . . . .සෙවනැලි අතුරා එකිනෙක . . . සීතල රෑ මිහිදුම් මැද . . .හන්තානම බලා ඉඳන් සුවඳ සොයනවා . . . .දළුලන හිම වසන්තයක . . . සමනල් තටුවක නැoවුනඉඳුනිල් නෙත කඳුළු මතක අතර දිලෙනවා . . . .මල්පෙති විසිරුණු සුලඟට . ...
ඔබ දන්නවනම් . . . රොබරෝසියා තරු දහසක් මැද ඔබ සඳවී සිනහ සලා ..මල් පිපිලා සිත ලඟ සුවඳක් හමලා ..දැල්වෙන හැඟුම් ගොළුවී සුලඟක එතිලා ..රහසෙම නිමෙයි සුසුමක උණුසුම තියලා .. .
මිහිරිය .. . රොබරෝසියා විල් තෙර සුලඟ සිහිලෙන් ගත නැහැවෙද්දී..කඩුපුල් සුවඳ පියුමන් තව සුපිපෙද්දී..සිතුවම් මවන සඳකැන් රැය නළවද්දී..සැමරුම් මතක සුවඳයි ඇය සිහිවෙද්දී. . .
රහසින්. . . රොබරෝසියා වල ගැහෙන දෙකම්මුල් සිනිඳු සුරතේ රුවා..හද රැදෙන සුවඳමල් පිනිඳු පහසේ දොවා..පිස හමන පවන්-රැල් බිඳඳු සහනේ හොවා..ඇය ගෙනෙන සිතුම්විල් පිබිදු රහසේ නුරා .. .
සුගත් ගේ කවිය . . රොබරෝසියා ඔබ වන් දුවක ලද මව්පියො නිවුනා වේ..බැතිබර සෙනෙහෙ සිතුවම් රූ ඇඳුනා වේ..නිති ඔහු සමග යන මග මල් පිපුණා වේ..ජීවන සුවඳ නුඹ මගෙ මතකයෙ රැඳුණා වේ.. .
සඳ මතක . . රොබරෝසියා පළා පැහැ අතු රිකිළි අග දිලිසෙනමල් පියලි පිනි බිoදු සිහිලස සදන සවසක සිනාසෙන සරත් සඳ දුටුවා මමඒත් ඒ ඔබ නික්ම යන්නට පලමුව. . .අදත් මම සැඳෑවට ඇවිද යමි සරසවියෙ ඉඳහිටපායා ඇතත් එදා මෙන් සඳ - හන්තාන වසාගෙනනොගිලිහුණ කඳුලක් ඇති නිසා තවම ඇස් අගඅනෝරා වැසි වට කලෙක මෙන් බොඳව ඇත සඳමට. . හැමදාම. . . . ...
වන්දනා . . . රොබරෝසියා ගලන දියරැළි සිඹින මඳනල මිහිරි සිහිලස සුව ගෙනෙයිවෙහෙර පාමුල අතුල වැලි මත වැතිර හිඳිනට හිත කියයි. . .දහම් සුවඳින් නිවුන සැනහුන සිතැඟි හෙමිහිට අවදිවෙයිසසර සයුරෙහි අඳුරු සත්‍යය උතුම් නිවනට මඟකියයි. . . . ...
ගඟ අද්දර . . . රොබරෝසියා සුදු ඇතුරුණු හිම සීත ඉවුරු දිගනිල් දියරැළි නෙක සිත් තෙමුවා. .සිසිර වසන්තෙක දුහුල් වළා මැදමල් මඳවැසි කඳුලැලි සැළුවා. . .විහඟ ගීත පිරි සිහිල් සුලo රැළිආසිරි චාමර ඇද වැටුනා. .දෙනෙත් බොඳව ගිය මතකය අද්දරමම තනිවම සිහිනෙක සැරුවා. . .මගෙ අතැඟිලි අග රැඳුණු උණුසුමකඔබ උන් හැටි සිහියට නැඟුණා. .ගිලිහුණ සුරතෙහි ජීවන සුස්මනඅයදින සෙනෙහස සිත පෙළුවා. . .සක්මන් අහසෙහි සුදු සඳ සෙවනැලිතරු කැටයම් ...
ඔයාගේ හදවතේ ලියපු කවියේ......ලිව්වද..... රොබරෝසියා තරු පිරි අහසේ සඳ ඔබ කිව්වමතරු හිනැහී ඔච්චම් කල තරහටඅරගෙන හෙමිහිට තරු එක එක මමඔය දිගු වරලෙහි ගැසු හැඩ....ලිව්වදසේපාලිකා මල් අහුරක් අරගෙනසඳවතුරින් පිණි සිහිල දොවාගෙනපිණිබිඳු බේරෙන සුවඳැති පෙති මතසැතපුනු තුරුලේ උණුසුම...... ලිව්වදඔය නිල් ඇස් දෙක වහලා අඳුරෙමඋඳුපියලිය කන හාවකු අරගෙනහැඩ ඔබේ උකුළේ නිදිකර හෙමිහිටඇස් දෙක අරින්න කිව්වා.....ලිව්වද ...
ආයෙමත් ආදරෙන්. . . රොබරෝසියා ලා සඳු හිනැහී අහසේ දිලෙනකොටතරු පොඩි හැoගී රහස් කියනකොට..කඩුපුළ් මල් පිපි සුවඳ හමනකොටමා ගැන ඇය ගැන තවම හිතෙනවද. . . අතීත මතක සැමරුම් මම මිටින් ගෙන එක එක තබා පෙළකට ඔබේ සවන් මත. .ඇත්තම මිසක එහි කිසි අඩුවකුත් නැතනුවණැති සිතක මහිමය කෝ කොහි ගියෙද. . .යෙහෙළිය විලස සිටි ඈ මට පෙම් කළදඒ බව දැන දැනත් මඟහැර මම නුදුටු ලෙස. .දුර ...
පෝදා පාළුවෙන් රොබරෝසියා හෙට අලුත් දළු ලෝකය දකින්නට බෝපතුත් එකිනෙක සැලෙයිපහන් වැට ලඟ දිග කතාවක් කියන සිළුවක් සුලඟට නිවෙයි. .තරු පෙළින් පෙළ නැන්ගුරම් ලා සඳත් අහසේ පැහැදිලියිනුඹ නැතිව මේ ගෙවෙන පැය වුව මහමෙරක තනිකම ගෙනෙයි. . . ...
ප්ලේන්ටිය.. රොබරෝසියා ඔයාගේ අතින්මට හදනප්ලේන්ටියේකූඹියෙක් දෙන්නෙක්හිටියටපුදුමයක් නෙවෙයි මටදන්නවා කලින්මකූඹි කොහොමත්ඔයාගේ වටේබව......