වෙනසක් තිබුනේ නැහැ ඒ බෙල් සද්දේ. එදත් ඒ සද්දෙටම පාන්දර නැගිටිනවා. අදත් එහෙමයි. වෙනසකට තියෙන්නේ අද ඉන්නේ මගේම ශක්තියෙන්. මේ ඇඳ සුවපහසු උනත් වෙලාවට හිතෙනවා දවස ගෙවන විදිහ නොතේරුනු ඒ දවස් කොච්චර සුන්දරද කියලා. උදේම හැමෝම එකතු වෙලා පන්සිල් ගත්තා දෙවනි බෙල් සද්දෙට කෑම මේසය ලඟ වාඩි උනා. කෑම කාලා ඉස්කෝලේ යන ඊලඟ බෙල් සද්දෙට කොහොමවත් කැමති උනේ නැහැ. ඒත් ...

කාලය කෙමෙන් කෙමෙන් ගෙවි යයි. කලෙක යුතුකම්ද, කලෙක වගකීම් ද, තවත් විටක කිසි අරමුණක් නොමැතිවද ගෙවීයන ජීවිතය තුල ආපසු හැරී බැලීමට සිදුවන දිනයක් ඔබද අත්විඳ ඇතිවාට කිසිම සැකයක් නැත. කාර්යබහුල රැකියාව, පුද්ගලික වැඩ, සමාජයේ වැඩ මේ විවධ වූ කාර්යයන් වල නිරත වෙමින් මදකට හෝ ඒ සියල්ලෙන්ම මිදී විනෝද වන්නට ලැබෙන්නේ බොහොම අතලොස්සක් වූ පිරිසකටය. එයද කලකට පසුවය. එවන් වූ සුන්දර ...

මේ ලඟකදි පිස්සෙක් ලියලා තිබ්බා කාලය ගැන. පුරුද්දට වගේ ඇනෝ කමෙන්ට් එකක් දැම්මා. (ඇනෝ කවුද කියලා හෙව්ව අයට මෙතන තියනවා ඔත්තුව :DDD )මේ ලඟකදි අන්ධයෙක් ආවා ගෙවල් පැත්තේ උදව්වක් විදිහට පොතක් ගන්න කියාගෙන. පොත කාටහරි දෙන්න කියලා ගේ ඇතුලට ගිහින් රු 10 කොළයකුයි රු 20 කොළයකුයි අරගෙන ඉස්සරහ දොරෙන් එලියට එනකොටම මේ මනුස්සයා මගෙන් අහනවා ගෙදර බුලත් විට කන අය ...

බුදු දහම, සිංහල ජාතිය, උඩරට, පහත රට, කුල ගෝත්‍ර. මොන යම් හේතුවකට සමාජය කණ්ඩායම් ගත වේ. එය පවතින තත්වයයි. කුල යෙන්, ආගමෙන් ජාතියෙන් මිනිසුන් වෙන්ව පවතියි. තමන්ගේ කොටස උසස් කිරීමට වෙර දරයි, තම වර්ගයා ආරක්ෂා කිරීමට ඔනෑම දෙයක් කරයි. එය මිනිස් ස්භාවයයි. මෙයින් මිදිය හැක්කෙක් නොමැත. ආගම ජාතිය පැත්තකට තැබුවත් අවම වශයෙන් තම යහලුවන් කණ්ඩායම හෝ මෙසේ උසස් කොට සලකයි. ...

මා තවම දෙවියෝ දැක නැත්තේය. පිටසක්වල ජීවියෙක්ද දැක නැති මුත් සමහර උන් කියන්නේ "උබ කණ්නාඩියක් ඉස්සරහට පල කියාය". දෙවියන් දැකිමට පමණක් මම කන්නාඩිය ඉදිරියට යන බව ඒ නරකාදීයන්ට මතක් කර දෙන්නේය. දෙවියෝ එන්නේ සතුන්ගේ පිටේය. පිටසක්වලයා එන්නේ පීරිසියකය. මාරම සීන් එක කියන්නේ මුන් ඔක්කොම එන්නේ මනුස්ස ලොකයේ සතුන් පිටේ හෝ පොසිලේන් පිරිසියකය. අම්මපා මුන්ට ලැම්බෝ ගිනියක් හෝ අඬුකෝප්පයක් දෙන්නට දේසපාලුවෙක් ...

කාලෙකට පස්සේ. බොහොම කාලෙකට පස්සේ. අගෝස්තු මාසෙන් පස්සේ. 2012 අවුරුද්දේ එහෙම නැත්නම් පහුගිය මාස එකොළහ තුල මම මොනවද කලේ කියලා ආපහු හැරිලා බලන්න හිතිච්ච දවසක්. අවුරුද්ද පටන් ගන්නෙම තාත්තාගේ වෙන්විමේ කඳුලුත් එකතු කරගෙන. පහුගිය නොවැම්බර් මාසයට අවුරුද්දක් ගෙවිලා ගියේ නොදැනිමයි. වැඩත් එක්ක මොහොතකට අමතක උනත්, යාලුවෝ ගෙදර අය එක්ක ඉඳිද්දි සතුටින් හිටියත්, තනි වෙච්ච ගමන් ආයෙත් තාත්තා හිටපු කාලයට හිත ...

සින්දු ගයන්නට දන්නේ නැත කියන්නට හැකිය. සංගීත භාණ්ඩයක් වාදනය නොහැකිය. එහෙත් ගීතයක් රස විඳින්ට හැකිය. එයිනුත් කටෝර සංගීතයට වඩා සරළ ගීයට වඩාත් කැමතිය. සංගීත සන්දර්ශණ නරඹා ඇත. එහිදි ඔවුහු ගයති. අපි අසා සිටින්නෙමු. නමුත් අපිත් ඔවුහුත් ගයනා සංදර්ශනයට ප්‍රථම වරට සහභාගි වුනෙමි. ඒනම් නෙත් FM මධ්‍ය සත්කාරයෙන්, Serenity සම අනුග්‍රහයෙන්, BMICH සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙස සෑම මසකම අවසන් සෙනසුරාදා සවස ...

මාතෘකාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි හැමෝම අත්විඳින අත්දකින බොහෝම සොඳුරු අත්දැකීමක්. මේ ලඟකදි මම සහභාගි වූ ප්‍රියසම්භාෂනයකදි වෙනස් වූ අත්දෑකීමක් අත්දකින්න උනා. කෙටියෙන් තියෙන්නේ ඒ සිද්ධිය.දරුවාගේ වයස අවුරුදු 30 ක් විතර ඇති. ඔහු යම්කිසි මානසික වියවුලකින් පෙළෙනවා වගේම හැසීරිමත් අමුතුයි. ඒ අම්මටත් ටිකක් වයසයි. ඔබ දන්නවද ඒ අම්මා ඒ පුතාට කොච්චර ආදරයද කියනවා නම්. අනික් තරුණළමයි ඉන්න තැනකට ...

චුට්ටකට කලින් දැක්ක හීනේPrintout එකකට ගන්න බැරි උනේUSB port එකක් නැති හින්දද? නැත්නම් දැකපු අයව Google කරලාහොයා ගන්න බැරි හින්දද?Location එකත් Tag උන එකේඉන්න තැන Map එකේ ඇතිසමරහවිට App එකකින් දැනටමත් Share වෙලා ඇති,USB Port තිබුණා නම්බුලත් විට ඔතන්න කොළ ඕනතරම්:DDDසැලකිය යුතුයිහීනය දැකපු දවස් වල Blue Tooth / Wifi හෝ එවැනි වෙනත් තොරතුරු හුවමාරු ක්‍රමයක් සොයාගෙන නොතිබුණි.වැප් ...

නගර ශාලව / ඕලන්ද කෞතුකාගාරය - කොලඹ සුපුරුදු පරිදි තවත් එක් සිංහල අවුරුද්දක් ගෙවී ගියේය.රැකියාව බලා පිටත්ව යා යුතුය. නිරතුරුවම පරිගනයක හා ඔට්ටු වෙමින් ගෙවි ගිය කාලයට මද විරාමයක් තබමින් නිදහසේ කොළඹ නගර තුල ඇවිදීමට මහඟු අවස්තාවක් ලද මොහොතේ, අපේ වානිජ නගරයේ ඓතිහාසික තැන් සොයා යාමේ උනන්දුවක් මට හා මගේ මිත්‍රයාට ඇති විය. එහි ප්‍රතිපලයක් ලෙස නව අවුරුදු උදාවට පසු ඒ සඳහා දින නියම කරගතිමු. අව්රුදු උදාවට ...

ඉස්සර බැංකු අව්රුද්දට වසා තිබුණි. දැන් ගනු දෙනු සඳහා ඒ අයාතන අලුත් අවුරුද්ද උදා වී ගනුදෙනු කිරිමේ වේලාවට විවෘතය. එක අතකට මෙය හොඳය අවුරුද්දට කලින් ATM මැෂින් වලින් ගත් තමා ඉපයූ සල්ලි මිටි ටික දවස් දෙක තුනක් තමුන් ලඟ තබා ගැනිම වාසනා ගුනයක් යැයි සිතේ.තව අතකට අවුරුද්දක් පමණක් පාවිච්ච කල හැකි ඔරලෝසුව මාරු කරගන්නා දිනයයි. අවුරුදු සහ බැංකු එතනින් ඉවරය.වෙනත් ...

පහුගිය ටිකේ ත්‍රිපිටකයේ එහෙට මෙහෙට යද්දි පහළ තියන විශේෂ තැන් ටික හම්බඋනා . කැමති කෙනෙක් උනන්දු කෙනෙක් ගිහින් බලන්නකියවන්න ෆොන්ට් එක දාගන්න මෙතනට යන්න - http://www.metta.lk/fonts/index.htmlපෙරේතයෝ පිළිබඳව - ලක්ඛණ සංයුක්තයආත්මය ගැන - සාමඤ්ඤඵල සූත්‍රයකුල ගෝත්‍ර ඉතිහාසය - අම්බට්ඨ සූත්‍රය ප්‍රාතිහාර්යයන් - කේවට්ට සූත්‍රය චෝදනා කළ යුතු අනුශාසකයෝ - ලෝහිච්ච සූත්‍රයබුදුවරු ගැන අතීත කතා / බෝධීසත්ව උත්පත්තිය / මහාපුරුෂ ලක්ෂන - ...

ඔය පහුගිය ටිකේ නෙට් එකේ ලින්කු දිගේ එහෙට මෙහෙට යනකොට ත්‍රිපිටකයේ සූත්‍රයක් හම්බ උනා පයාසි සූත්‍රය කියලා. මේ පහලින් තියෙන්නේ එහි සංෂිප්තයක්. කොච්චර රසවත් උපහරණ ගෙනහැර පලා තියනවද. මැවිලා පේන විදිහට කොතරම් රසවත්ද විස්තර කරනවද. ත්‍රිපිටකයේ සිංහල අනුවාදය තියන හින්දා දැන්නම් දිගටම කියවන්න හිතෙනවා. බලමු පරලොව අතිද නැති කියන එක ගැන කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ හා පයාසි රජතුමා අතර සංවාදයේ ...

2011 වර්ෂයේ නොවැම්බර් මස 13 දින සමුගත් මාගේ ආදරණිය පියාණන්ගේ තුන්මස පින්කම අප නිවසේදි සිදු කිරිමට නියමිතය. පෙබරවාරි දහතුන් වන දින රාත්‍රී 7:00 ට ධර්ම දේශනාවත් පසු දින එනම් පෙබරවාරි 14 වන දින දහවල් දානමය පුණ්‍ය කර්මයත් පැවැත්වෙයි. පින් කැමති සහෘද ඔබට ආරාධනා කරමිවැප් ...

රචනා ලියන්න මම කොහොමත් කැමති නැහැ. සිංහල සාහිත්‍ය විවේචන කියන්නේ වහ කදුරු වගේ. කවියක් කතාවක් තියා අඩුම ගානේ දැන්විමක් වත් ලියා ගන්න බැහැ. ඒත් මේ සිංහලෙන් අන්තර්ජාලය තුල ලියන්න පටන් ගත්තාට පස්සේ ඔය ඔක්කොම කලා. ඕක තමයි ඇත්තහරියටම 2009 දෙසැම්බර් 24 වෙනිදා බ්ලොග් අවකාශයේ මුල්ම ලිපිය ලියමින් අද අවුරුදු දෙකක් පුරාවට ලිපි 101 ක් ලියලා තියනවා. මේ ලියන්නේ 102 දෙක. ...

[ වාර්තා ] කොළඹ පොල් ඔවුන් පොල් ගෙඩියක් මිල දි ගන්නේ රු 22/- කට පමණයඔවුන් පොල් ගෙඩියක් විකුණන මිල රු 26/- කට පමණයඅපි මිල දී ගන්නේ ?????? කටයමාරයා විසින් දුන් ලනුවේ අතුරු ප්‍රතිපල :DD යකිදෙදහස් එකොළහා වසරේ අවසානයේ නව අවුරුදු උදාව හා නත්තල් උදාව සමරන්නට ලහි ලහියේ ලාංකිකයන් සූදානම් වන මොහොතේ කොළඹ පොල් හා තැඹිලි මිල ගණන් සොයා බැලිමට පිටකොටුව එළිමහනේ පොල් විකුණන ස්ථානය කරා ...

[ 2011 12 16 ] - කොළඔ මෝටර් සැණකෙලි - Colombo Night Races කොළඔ මෝටර් සැණකෙලි සඳහා කොළඔ අගනගරය ලහි ලහියේ සූදානම් වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ එයට ලහි ලහියේ සූදානම් වන ආකරයයි. කීලෝ මිටර් දෙකකට ආසන්න ධාවන පතයක් මෙයට යොදා ගෙන ඇත. මේ තරඟාවලිය නිසා අද සවස 4.30 සිට ඒ අවට මාර්ග වසා තැබේ.විශේෂ ස්තුතිය. අනුරාධ. උදේ පාන්දරම ඇවිත් මේ වැඩේ කරගන්න උදව් උනාට :DDD ...

[ 2011 12 15 ] - කන්තලේ සූරිය වැව කුඹුරු ව්‍යාපාරිකයන්ට බෙදා දෙයි කන්තලේ සූරිය වැව ගම් වාසින් ඊයේ දිනයේ සිට කොළඔ කොටුව දුම්රිය පළ ඉදිරි පිට උපවාසයක් ආරම්භ කර ඇත. එම ගම්මානයේ පවුල් 400 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, කුඹුරු අක්කර 8000 ක් පමණ ගොවිතැන් කටයුතු වලට යොදාගෙන තිබුණි. නමුත් වර්තමානෙයේ සිදුවෙමින් පවතින්නේ, ඔවුන් මහන්සියෙන් ගොඩ නැගූ එම කුඹුරු මහවැලි අධිකාරියට පවරාගෙන ව්‍යපාරිකයන්ට බෙදා දිමයි. ඔවුන්ට ලබා දීමට යෝජනා වී ඇති ...

ප්ලාස්ටික් කූඩ එපා - කොටුව දුම්රිය පල උද්ගෝෂණය - වෙළඳුන් අද උදෑසන සිට කොළඔ ටෙක්නිකල් හංදියේ සිට කොටුව දෙසට දැඩි වාහන තද බදයක් පැවතිණ. [මේ ලිපිය පල කරන විටත් එම තද බදය තිබිය හැක]. මෙයට හේතුව කොළඔ වෙළඳුන් විසින් කොටුව දුම්රිය පළ අසල උද්ගෝෂණයක් පැවැත්විමයි. එළවලු ප්‍රවාහනයේදි ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවර්යය කිරිම මෙම උද්ගෝෂනයට හේතුවයි. දැඩි වාහන තද බදය මෙන්ම, දුම්රියෙන් හා බසයෙන් උදෑසන රැකියා ස්ථාන කරා යන බොහෝ මිනිසුන් ...

සෝම හිමි අපවත් කර 2011 12 12 දිනට වසර අටක් සපිරිම නිමිත්තෙනි.රටත් එහි ජනතාවත් අයාලයේ යමින් සිටි යුගයක් විය. නිවැරදි නායකත්වයක් නැති සිංහලයෝ,බෞද්ධයෝ නින්දේ සිටියහ. බුද්ධාගමේ නාමයෙන් යදිමන් ඉල්ලමින් මිත්‍ය දෘෂ්ටික දෙවියන් කර යමින් සිටියහ. සිංහලයට මහජාතිය නිසා කටවල් වසා ගෙන සිටිය යුතු අවදියකි. බෞද්ධයා අවිහිංසා වාදි කියා සියල්ල ඉවසමින් සිටි කාලයයි. වෙනසක මූලාරම්භය වෙමින් අති පූජ්‍ය ගංගොඩ විල සෝම ...

Previous Page