ජාතිය නැති කල හැකිද? නීතිය පොදු විය යුතුද? වැප් රුධිරය රතු පාට බව මම දනිමි. සෑම මිනිසේකුගේම ඇඟේ දුවන්නේ ලේ බවද දනිමි. තම ජිවිතයට වැඩිපුරම ආදරය කරන්නේ තමා පමණක් බවද දනිමි. නමුත් ලෝකය තුල විවිධ වූ බෙදීම් පවතී. මව් රටට ආදරය කිරීම එයට ගරු කිරිම සමාන්‍ය දෙයකි. එලෙසම තමා ජීවත් වන රට වෙනස් වූ පසු එයටද ගරු කිරිම පුරවැසියෙකුගේ යුතුකමකි. පුද්ගල කේනද්‍රියව ගත් කල රට හෝ මව් රට වෙනස් ...
1817-2017 කැරැල්ල වැප් නිබන්දනය නිම කල යුතු දිනය 2099/09/09 ලෙස සටහන්වත තිබුණත්, එය කෙසේ අවසන් කරමිදැයි තවමත් නිශ්චිත වැඩ පිළිවෙලක් නැත. තව ඇත්තේ ඉතා සීමිත දින කිහිපයකි, බොහෝ කරුණු එක් රැස් කර ඇතත් පෙළ ගස්වන්නේ කෙසේද?. කේවල ව්‍යාපතීයක් ලෙස ප්‍රථම උපධිය සඳහා -පුරාතණ ශ්‍රී ලංකාවේ දාහතේ කැරැල්ල- මාතෘකව තොරාගනු ලැබීය. විටෙක එය වැරදි තෝරාගැනිමක් ලෙස පෙනී යයි. තව විටෙක ඉතිහාසය සොයා නිවැරදි නිගමනයකට ...
විල්පත්තු සංහාරය - Housing complex - Wilpattu National Park. වැප් විල්පත්තු වන විනාශය හා ඊටත් වැඩිය බුකිය තුලද විශාල කාල ගෝට්ටියක් දක්නට ලැබුනී. සත්‍ය අසත්‍ය තාව පිළිබඳ දෙගිඩියාවකින් පසුවුනි. බොදු බල සේනවේ බොහෝනැගිටීම් මුස්ලිම් දෙසට බැර වෙද්දි හලාල් සහතිකය මතක් විය. එයට සිදු වූ දෙයක් නැතිය.නමුත් කූරගලට සෙත්ක් වී ඇතැයි සිතමි. විල්පත්තුව, වන විනාශය, ඩෝසර් කිරීම, පල්ලි සැදීම නනාප්‍රකාර වචන බුකිය තුල එහා මෙයා යනු දිටිමි. වුණු විනාසය හෝ නැති ...
සිහින උලෙළේ අමතක නොවන සිදු වීම් වැප් මුලින්ම ස්තුති වන්ත වෙනවා සිංහල පරිවර්නයට උදව් කරපු හැමෝටම.සයිබර් සිහින බක් මහ උලෙළ මේවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. වැඩි විස්තර බලන්න යන්න පුලුවන් ඉවෙන්ට් එකෙන්. 2011 වසරේ පටන් ගත්තු මේ වැඩේ ඔන්න හතර වෙනි පාරට තමයි 2014 පැවැත්වෙන්නේ. ආරංචියේ හැටියට නම් මේ පාර සරුයිලු. ඔය අවුරුදු උත්සවත් එක්ක මට වෙච්චි අකරතැබ්බි දෙකක්ම ...
උදව්වක් - සිංහල පරිවර්තනයක් - සිංහල පොත් වැප් sinhalabooks.lk අඩවිය තුලට ඇතුලත් කරන ලද, සිංහල පොත් 5000 ක පමණ සිංහල නාමය තවමත් යොදාගෙන නැතඔබට හැකි නම් https://docs.google.com/spreadsheet/ccc?key=0AqJ39ehYe9WvdC1hT0lPN09NVmN4bzhlWVVoVWRwd2c&usp=sharing හරහා ගොස් සිංගිලිෂ් නම සිංහල යුනිකේත අකුරින් පරිවර්තනය කරදෙන්නsinhalabooks.lk අඩවිය මා පවත්වාගෙන යන බව සතුටින් දන්නවා සිටිමි. එය තුලින් ඔබගේ පෞද්ගලික අවකාශ පුස්ථකාලයද නිර්මාණය කරගත හැක. ...
මගේ සිංහල බ්ලොගය - නොහිතපු ගමන වැප් මවගේ හා පියාගෙන් ආරම්භවන මිත්‍රකම, සහෝදර සහෝදරියන්ද. ඉන්පසු අහල පහල අසල්වාසි ළමුන් සමගද පවත්වයි. නමුත් කාලය සමඟ සියල්ල වෙනස් වෙයි. උදේ සිට රෑ වෙනතුරු ගමේ ගොඩේ ඇවිදිමින් සෙල්ලම් කරමින් සිටි අහල පහල ලමුන් කාර්යබහුල වීමට පටන් ගෙන, කුඩා කල තිබූ මිත්‍ර කම වචනයකට දෙකකට සීමා වන්නේ පාසල තුල අලුත් යහලු මිත්‍ර සමාගමක් නිර්මාණය කරමිනි. එයද කල් යත්ම කරන විශය පතයට ...
(ඔෆිස්+පැදුරු+බීච්) පාටි වැප් දෙසැම්බරය 2013, කම්මැලි කමේ උපරිමයකට ආපු කාලයක් පහු කරලා ටිකක් විතර කුසීත කම මඟ ඇරුන විදිහ බ්ලොග් එකේ දාන්න තමයි මේ හදන්නේ. ඔෆිස් පාටිය පැත්තකින් තියමු. ඒක ඉතින් ෆුල් ඔෆිසියල්නේ. පැදුර තමයි පැදුර... ඒකට දාන්න තිබ්බ නම තමයි දන්සැල් පැදුර කියලා. අපේ ගෙදර කියන ගෘප් එකේ මම ඇත්තෙත් නැහැ( මේ වෙනකොට ඒකේ සාමාජිකයෙක්මි). පැදුරට එනවාකියලා රෙජිස්ටර් උනෙත් නැහැ. ඒත් ඔන්ලැයින් ...
සෝම හිමි ! වැප් උපහාරයක්ම වේවා!1. http://wapnishantha.blogspot.com/2009/12/blog-post_24.html2. http://wapnishantha.blogspot.com/2010/12/blog-post_11.html3. http://wapnishantha.blogspot.com/2011/12/blog-post_11.html
මළ ගෙවල් දෙකක් වැප් මහ සද්දයක්, පාවෙලා යනවා දැනුනා, ඈතට ඈතට ගියා ..................................ළමයාගේ සපත්තු දෙක දාන්නේ අම්මා, කලිසම අන්දවන්නෙත්, බැග් එක උස්සන් යන්නෙත් ඇයමයි. නමින් මල්ලිකා. කවුරුත් කියන්නේ මල්ලිකා අක්කා කියලා. පවුලෙ එකම ලමයාට කවුරුත් කතා කලේ ලොකු ලමයා කියලා. ලොකු ලමයා ඉපදිලා ටික කාලෙකින්, ලමයින්ගේ තාත්තා වහ බිලා මැරුනා. මහ ලොකු දේපලක් නැතත් ජිවිතය ගෙවා ගන්න පූරුවේ වාසනාවකට ඇයටත් දරුවටත් පුලුවන් උනා. ලමයි ...
මම කවුද? වැප් වෙනසක් තිබුනේ නැහැ ඒ බෙල් සද්දේ. එදත් ඒ සද්දෙටම පාන්දර නැගිටිනවා. අදත් එහෙමයි. වෙනසකට තියෙන්නේ අද ඉන්නේ මගේම ශක්තියෙන්. මේ ඇඳ සුවපහසු උනත් වෙලාවට හිතෙනවා දවස ගෙවන විදිහ නොතේරුනු ඒ දවස් කොච්චර සුන්දරද කියලා. උදේම හැමෝම එකතු වෙලා පන්සිල් ගත්තා දෙවනි බෙල් සද්දෙට කෑම මේසය ලඟ වාඩි උනා. කෑම කාලා ඉස්කෝලේ යන ඊලඟ බෙල් සද්දෙට කොහොමවත් කැමති උනේ නැහැ. ඒත් ...
සයිබර් සිහිණ උළෙල - 2013 වැප් කාලය කෙමෙන් කෙමෙන් ගෙවි යයි. කලෙක යුතුකම්ද, කලෙක වගකීම් ද, තවත් විටක කිසි අරමුණක් නොමැතිවද ගෙවීයන ජීවිතය තුල ආපසු හැරී බැලීමට සිදුවන දිනයක් ඔබද අත්විඳ ඇතිවාට කිසිම සැකයක් නැත. කාර්යබහුල රැකියාව, පුද්ගලික වැඩ, සමාජයේ වැඩ මේ විවධ වූ කාර්යයන් වල නිරත වෙමින් මදකට හෝ ඒ සියල්ලෙන්ම මිදී විනෝද වන්නට ලැබෙන්නේ බොහොම අතලොස්සක් වූ පිරිසකටය. එයද කලකට පසුවය. එවන් වූ සුන්දර ...
හැල හැප්පීම් වැප් මේ ලඟකදි පිස්සෙක් ලියලා තිබ්බා කාලය ගැන. පුරුද්දට වගේ ඇනෝ කමෙන්ට් එකක් දැම්මා. (ඇනෝ කවුද කියලා හෙව්ව අයට මෙතන තියනවා ඔත්තුව :DDD )මේ ලඟකදි අන්ධයෙක් ආවා ගෙවල් පැත්තේ උදව්වක් විදිහට පොතක් ගන්න කියාගෙන. පොත කාටහරි දෙන්න කියලා ගේ ඇතුලට ගිහින් රු 10 කොළයකුයි රු 20 කොළයකුයි අරගෙන ඉස්සරහ දොරෙන් එලියට එනකොටම මේ මනුස්සයා මගෙන් අහනවා ගෙදර බුලත් විට කන අය ...
මම සිංහල බෞද්ධයෙක්මි වැප් බුදු දහම, සිංහල ජාතිය, උඩරට, පහත රට, කුල ගෝත්‍ර. මොන යම් හේතුවකට සමාජය කණ්ඩායම් ගත වේ. එය පවතින තත්වයයි. කුල යෙන්, ආගමෙන් ජාතියෙන් මිනිසුන් වෙන්ව පවතියි. තමන්ගේ කොටස උසස් කිරීමට වෙර දරයි, තම වර්ගයා ආරක්ෂා කිරීමට ඔනෑම දෙයක් කරයි. එය මිනිස් ස්භාවයයි. මෙයින් මිදිය හැක්කෙක් නොමැත. ආගම ජාතිය පැත්තකට තැබුවත් අවම වශයෙන් තම යහලුවන් කණ්ඩායම හෝ මෙසේ උසස් කොට සලකයි. ...
දෙවියෝ සහ පිටසක්වල ජීවින් වැප් මා තවම දෙවියෝ දැක නැත්තේය. පිටසක්වල ජීවියෙක්ද දැක නැති මුත් සමහර උන් කියන්නේ "උබ කණ්නාඩියක් ඉස්සරහට පල කියාය". දෙවියන් දැකිමට පමණක් මම කන්නාඩිය ඉදිරියට යන බව ඒ නරකාදීයන්ට මතක් කර දෙන්නේය. දෙවියෝ එන්නේ සතුන්ගේ පිටේය. පිටසක්වලයා එන්නේ පීරිසියකය. මාරම සීන් එක කියන්නේ මුන් ඔක්කොම එන්නේ මනුස්ස ලොකයේ සතුන් පිටේ හෝ පොසිලේන් පිරිසියකය. අම්මපා මුන්ට ලැම්බෝ ගිනියක් හෝ අඬුකෝප්පයක් දෙන්නට දේසපාලුවෙක් ...
වෙනස් විදිහකට ගෙවිලා ගිය අවුරුද්දක් වැප් කාලෙකට පස්සේ. බොහොම කාලෙකට පස්සේ. අගෝස්තු මාසෙන් පස්සේ. 2012 අවුරුද්දේ එහෙම නැත්නම් පහුගිය මාස එකොළහ තුල මම මොනවද කලේ කියලා ආපහු හැරිලා බලන්න හිතිච්ච දවසක්. අවුරුද්ද පටන් ගන්නෙම තාත්තාගේ වෙන්විමේ කඳුලුත් එකතු කරගෙන. පහුගිය නොවැම්බර් මාසයට අවුරුද්දක් ගෙවිලා ගියේ නොදැනිමයි. වැඩත් එක්ක මොහොතකට අමතක උනත්, යාලුවෝ ගෙදර අය එක්ක ඉඳිද්දි සතුටින් හිටියත්, තනි වෙච්ච ගමන් ආයෙත් තාත්තා හිටපු කාලයට හිත ...
අපි ගයමු - මතු පරපුර උදෙසා - රන්වල පදනම වැප් සින්දු ගයන්නට දන්නේ නැත කියන්නට හැකිය. සංගීත භාණ්ඩයක් වාදනය නොහැකිය. එහෙත් ගීතයක් රස විඳින්ට හැකිය. එයිනුත් කටෝර සංගීතයට වඩා සරළ ගීයට වඩාත් කැමතිය. සංගීත සන්දර්ශණ නරඹා ඇත. එහිදි ඔවුහු ගයති. අපි අසා සිටින්නෙමු. නමුත් අපිත් ඔවුහුත් ගයනා සංදර්ශනයට ප්‍රථම වරට සහභාගි වුනෙමි. ඒනම් නෙත් FM මධ්‍ය සත්කාරයෙන්, Serenity සම අනුග්‍රහයෙන්, BMICH සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙස සෑම මසකම අවසන් සෙනසුරාදා සවස ...
ආදරය වැප් මාතෘකාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි හැමෝම අත්විඳින අත්දකින බොහෝම සොඳුරු අත්දැකීමක්. මේ ලඟකදි මම සහභාගි වූ ප්‍රියසම්භාෂනයකදි වෙනස් වූ අත්දෑකීමක් අත්දකින්න උනා. කෙටියෙන් තියෙන්නේ ඒ සිද්ධිය.දරුවාගේ වයස අවුරුදු 30 ක් විතර ඇති. ඔහු යම්කිසි මානසික වියවුලකින් පෙළෙනවා වගේම හැසීරිමත් අමුතුයි. ඒ අම්මටත් ටිකක් වයසයි. ඔබ දන්නවද ඒ අම්මා ඒ පුතාට කොච්චර ආදරයද කියනවා නම්. අනික් තරුණළමයි ඉන්න තැනකට ...
පරිසර හිතකාමී මගේ හීනේ වැප් චුට්ටකට කලින් දැක්ක හීනේPrintout එකකට ගන්න බැරි උනේUSB port එකක් නැති හින්දද? නැත්නම් දැකපු අයව Google කරලාහොයා ගන්න බැරි හින්දද?Location එකත් Tag උන එකේඉන්න තැන Map එකේ ඇතිසමරහවිට App එකකින් දැනටමත් Share වෙලා ඇති,USB Port තිබුණා නම්බුලත් විට ඔතන්න කොළ ඕනතරම්:DDDසැලකිය යුතුයිහීනය දැකපු දවස් වල Blue Tooth / Wifi හෝ එවැනි වෙනත් තොරතුරු හුවමාරු ක්‍රමයක් සොයාගෙන නොතිබුණි.වැප් ...
නගර ශාලව / ඕලන්ද කෞතුකාගාරය - කොලඹ වැප් සුපුරුදු පරිදි තවත් එක් සිංහල අවුරුද්දක් ගෙවී ගියේය.රැකියාව බලා පිටත්ව යා යුතුය. නිරතුරුවම පරිගනයක හා ඔට්ටු වෙමින් ගෙවි ගිය කාලයට මද විරාමයක් තබමින් නිදහසේ කොළඹ නගර තුල ඇවිදීමට මහඟු අවස්තාවක් ලද මොහොතේ, අපේ වානිජ නගරයේ ඓතිහාසික තැන් සොයා යාමේ උනන්දුවක් මට හා මගේ මිත්‍රයාට ඇති විය. එහි ප්‍රතිපලයක් ලෙස නව අවුරුදු උදාවට පසු ඒ සඳහා දින නියම කරගතිමු. අව්රුදු උදාවට ...
බැංකු , අලුත් අවුරුද්ද සහ වෙනත් කතා වැප් ඉස්සර බැංකු අව්රුද්දට වසා තිබුණි. දැන් ගනු දෙනු සඳහා ඒ අයාතන අලුත් අවුරුද්ද උදා වී ගනුදෙනු කිරිමේ වේලාවට විවෘතය. එක අතකට මෙය හොඳය අවුරුද්දට කලින් ATM මැෂින් වලින් ගත් තමා ඉපයූ සල්ලි මිටි ටික දවස් දෙක තුනක් තමුන් ලඟ තබා ගැනිම වාසනා ගුනයක් යැයි සිතේ.තව අතකට අවුරුද්දක් පමණක් පාවිච්ච කල හැකි ඔරලෝසුව මාරු කරගන්නා දිනයයි. අවුරුදු සහ බැංකු එතනින් ඉවරය.වෙනත් ...