ත්‍රිපිටකයේ විශේෂ තැන් වැප් පහුගිය ටිකේ ත්‍රිපිටකයේ එහෙට මෙහෙට යද්දි පහළ තියන විශේෂ තැන් ටික හම්බඋනා . කැමති කෙනෙක් උනන්දු කෙනෙක් ගිහින් බලන්නකියවන්න ෆොන්ට් එක දාගන්න මෙතනට යන්න - http://www.metta.lk/fonts/index.htmlපෙරේතයෝ පිළිබඳව - ලක්ඛණ සංයුක්තයආත්මය ගැන - සාමඤ්ඤඵල සූත්රයකුල ගෝත්‍ර ඉතිහාසය - අම්බට්ඨ සූත්‍රය ප්රාතිහාර්යයන් - කේවට්ට සූත්‍රය චෝදනා කළ යුතු අනුශාසකයෝ - ලෝහිච්ච සූත්රයබුදුවරු ගැන අතීත කතා / බෝධීසත්ව උත්පත්තිය / මහාපුරුෂ ලක්ෂන - ...
පරලොවක් ඇත්තේද නැත්තේද? වැප් ඔය පහුගිය ටිකේ නෙට් එකේ ලින්කු දිගේ එහෙට මෙහෙට යනකොට ත්‍රිපිටකයේ සූත්‍රයක් හම්බ උනා පයාසි සූත්‍රය කියලා. මේ පහලින් තියෙන්නේ එහි සංෂිප්තයක්. කොච්චර රසවත් උපහරණ ගෙනහැර පලා තියනවද. මැවිලා පේන විදිහට කොතරම් රසවත්ද විස්තර කරනවද. ත්‍රිපිටකයේ සිංහල අනුවාදය තියන හින්දා දැන්නම් දිගටම කියවන්න හිතෙනවා. බලමු පරලොව අතිද නැති කියන එක ගැන කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ හා පයාසි රජතුමා අතර සංවාදයේ ...
තුන්මස පින්කම වැප් 2011 වර්ෂයේ නොවැම්බර් මස 13 දින සමුගත් මාගේ ආදරණිය පියාණන්ගේ තුන්මස පින්කම අප නිවසේදි සිදු කිරිමට නියමිතය. පෙබරවාරි දහතුන් වන දින රාත්‍රී 7:00 ට ධර්ම දේශනාවත් පසු දින එනම් පෙබරවාරි 14 වන දින දහවල් දානමය පුණ්‍ය කර්මයත් පැවැත්වෙයි. පින් කැමති සහෘද ඔබට ආරාධනා කරමිවැප් ...
අද විශේෂ දවසක් වැප් රචනා ලියන්න මම කොහොමත් කැමති නැහැ. සිංහල සාහිත්‍ය විවේචන කියන්නේ වහ කදුරු වගේ. කවියක් කතාවක් තියා අඩුම ගානේ දැන්විමක් වත් ලියා ගන්න බැහැ. ඒත් මේ සිංහලෙන් අන්තර්ජාලය තුල ලියන්න පටන් ගත්තාට පස්සේ ඔය ඔක්කොම කලා. ඕක තමයි ඇත්තහරියටම 2009 දෙසැම්බර් 24 වෙනිදා බ්ලොග් අවකාශයේ මුල්ම ලිපිය ලියමින් අද අවුරුදු දෙකක් පුරාවට ලිපි 101 ක් ලියලා තියනවා. මේ ලියන්නේ 102 දෙක. ...
[ වාර්තා ] කොළඹ පොල් වැප් ඔවුන් පොල් ගෙඩියක් මිල දි ගන්නේ රු 22/- කට පමණයඔවුන් පොල් ගෙඩියක් විකුණන මිල රු 26/- කට පමණයඅපි මිල දී ගන්නේ ?????? කටයමාරයා විසින් දුන් ලනුවේ අතුරු ප්‍රතිපල :DD යකිදෙදහස් එකොළහා වසරේ අවසානයේ නව අවුරුදු උදාව හා නත්තල් උදාව සමරන්නට ලහි ලහියේ ලාංකිකයන් සූදානම් වන මොහොතේ කොළඹ පොල් හා තැඹිලි මිල ගණන් සොයා බැලිමට පිටකොටුව එළිමහනේ පොල් විකුණන ස්ථානය කරා ...
[ 2011 12 16 ] - කොළඔ මෝටර් සැණකෙලි - Colombo Night Races වැප් කොළඔ මෝටර් සැණකෙලි සඳහා කොළඔ අගනගරය ලහි ලහියේ සූදානම් වෙමින් පවතියි. පහත දැක්වෙන්නේ එයට ලහි ලහියේ සූදානම් වන ආකරයයි. කීලෝ මිටර් දෙකකට ආසන්න ධාවන පතයක් මෙයට යොදා ගෙන ඇත. මේ තරඟාවලිය නිසා අද සවස 4.30 සිට ඒ අවට මාර්ග වසා තැබේ.විශේෂ ස්තුතිය. අනුරාධ. උදේ පාන්දරම ඇවිත් මේ වැඩේ කරගන්න උදව් උනාට :DDD ...
[ 2011 12 15 ] - කන්තලේ සූරිය වැව කුඹුරු ව්‍යාපාරිකයන්ට බෙදා දෙයි වැප් කන්තලේ සූරිය වැව ගම් වාසින් ඊයේ දිනයේ සිට කොළඔ කොටුව දුම්රිය පළ ඉදිරි පිට උපවාසයක් ආරම්භ කර ඇත. එම ගම්මානයේ පවුල් 400 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, කුඹුරු අක්කර 8000 ක් පමණ ගොවිතැන් කටයුතු වලට යොදාගෙන තිබුණි. නමුත් වර්තමානෙයේ සිදුවෙමින් පවතින්නේ, ඔවුන් මහන්සියෙන් ගොඩ නැගූ එම කුඹුරු මහවැලි අධිකාරියට පවරාගෙන ව්‍යපාරිකයන්ට බෙදා දිමයි. ඔවුන්ට ලබා දීමට යෝජනා වී ඇති ...
ප්ලාස්ටික් කූඩ එපා - කොටුව දුම්රිය පල උද්ගෝෂණය - වෙළඳුන් වැප් අද උදෑසන සිට කොළඔ ටෙක්නිකල් හංදියේ සිට කොටුව දෙසට දැඩි වාහන තද බදයක් පැවතිණ. [මේ ලිපිය පල කරන විටත් එම තද බදය තිබිය හැක]. මෙයට හේතුව කොළඔ වෙළඳුන් විසින් කොටුව දුම්රිය පළ අසල උද්ගෝෂණයක් පැවැත්විමයි. එළවලු ප්‍රවාහනයේදි ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවර්යය කිරිම මෙම උද්ගෝෂනයට හේතුවයි. දැඩි වාහන තද බදය මෙන්ම, දුම්රියෙන් හා බසයෙන් උදෑසන රැකියා ස්ථාන කරා යන බොහෝ මිනිසුන් ...
සෝම හිමි අපවත් කර වසර අටයි වැප් සෝම හිමි අපවත් කර 2011 12 12 දිනට වසර අටක් සපිරිම නිමිත්තෙනි.රටත් එහි ජනතාවත් අයාලයේ යමින් සිටි යුගයක් විය. නිවැරදි නායකත්වයක් නැති සිංහලයෝ,බෞද්ධයෝ නින්දේ සිටියහ. බුද්ධාගමේ නාමයෙන් යදිමන් ඉල්ලමින් මිත්‍ය දෘෂ්ටික දෙවියන් කර යමින් සිටියහ. සිංහලයට මහජාතිය නිසා කටවල් වසා ගෙන සිටිය යුතු අවදියකි. බෞද්ධයා අවිහිංසා වාදි කියා සියල්ල ඉවසමින් සිටි කාලයයි. වෙනසක මූලාරම්භය වෙමින් අති පූජ්‍ය ගංගොඩ විල සෝම ...
මගේ තාත්තා වැප් ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව වාඩි කරලා. තාත්තා ඉඳගෙන මාත් ඉඳගෙන. කලු ලෑල්ලේ මොනවා හරි ලියන්න තාත්ත නැගිටින්න හදනවා. මම කල බල වෙනවා තාත්තා මාව දාලා යයි කියලා. මම තාත්තාට කලින් නැගිටිනවා. තාත්තා කලු ලෑල්ලේ ලියන දේ ලියලා ඉවර වෙනකල් මම මගේ තාත්තා දිහා නැගිටලා බලන් ඉන්නවා. මගේ හිතේ තියෙන්නේ තාත්තා ...
ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ වැප් දුර තියා ඇඳින ගතිමිහූ හඬ පසුබිමේ තබාසිනහා වි මුලු හද පුරාඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේනොදුටු රුව දැක ගතිමිහිත් පුරාවට අඳුර තුලතුරුලු වී මුලු රැය පුරාඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේරැය පහන් වු බව දිටිමිආදර හසරැල් නගාශුංගාර වී මුලු රැය පුරාඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේආදරය හදේ සඟවාලොවම පසෙක ලාඉන්නටම එන්නේ නැහැඔබ මගේ නොවන බව පසක් කල ...
බොහොම පින් වැප් මගේ තාත්තාගේ අභාවය වූ අවස්ථාවේ සිට ඒ ගැන සොයා බැලූ , පැමිණ හා උදව් කල සැමට පින්.බ්ලොග් අවකාශය තුලින් හදුනා ගත් දුටු නොදුටු සියලු හිත මිත්රාදින්ට මාගේ ප්‍රණාමය.වැප් ...
නිර්ආගමික විමේ රහස සෙකියූලර් වැප් මෙම ලිපිය ලියවෙන්නේ ලංකාව මූලික කරගෙන බව කරුණාවෙන් සලකන්න.මෙම ලිපිය කියවිමට පෙර "ආගමක් කෙනෙක්ගේ කරේ බලෙන් පැටවිය යුතුද? ලිපිය හා කමෙන්ට් කියවා එන්නේ නම් යෙහෙකිලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ කොයි කාලේද කියලා ඉතිහාස වේදියෝ හොයාගෙන යයි. ලංකාවට බුදු දහම ආවේ මහින්දාගමනට පෙර බව දැනට පිළිගැනෙන තවත් මතයක්. මේ මත කොයික වෙතත් බුදු දහම ලංකාවට සම්ප්‍රාප්ත වි ඇති බවට විස්වාස කරන්නේ මීට ...
ඉඟි බිඟි පාලා නටවන්නද හදන්නේ? වැප් ඇහැව්වාම, මතකදඋජාරුවට කිව්වාදැන් ඕවාට වෙලාවක් නැහැ කියලාඒත් දැන්යසට ඉන්නහැටි බුකියේඒ විතර යෑphoto දාලා like මදිවටshareත් කරනවාඉරිසියා කරන්නේබුකියටදඋබටදකියලා හිතාගන්න බැරිවඉන්නකොටwall එකේ වැටෙන update එකදිගේ තාමත් ඔය පැත්තට එබෙනවාrelationship එක බලන්නඉඳලා හිටලා දාන comment එකෙන්ඉඟි බිඟි පාලානටවන්නද හදන්නේමාව ආයේවැප් ...
බ්ලොග් අවකාශයෙන් ආණ්ඩු බලය අල්ලන වැඩ පිළිවෙළ වැප් මේක රහස් ලියවිල්ලක්. මේක කියවන්න පුලුවන් වෙන්නේ සිංහල බ්ලොග් ලියන අයට විතරයි. මේ මුලු ලිපිය පුරාවට තියෙන්නේ කොහොමද රටේ ආණ්ඩු බලය අල්ලන්නේ කියලා. මේ සංදේශය අද මේ බ්ලොග් එකෙන් පටන් අරන් බොහොමයක් බ්ලොග් හරහා අපේ සදා ආදරණිය නායකයාගේ බ්ලොග් අඩවිය වෙත, කමෙන්ට් හරහා අරන් යාවී.පටන් ගැන්මපළමු කොටම සාදූ හඬින් ගූගල් දෙවි වැඳ ගන්නේජිමෙයිලක් අටවා ගෙන රහස් පදෙන් ලොග් වෙන්නේබුකිය කරා ...
කූරගල සියැසින් දැක ගතිමි | Truth behind the Kuragala වැප් කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම ගමන් ඇරඹුවේ උදෑසන හතට පමණ කොළඔ බදුල්ල 99 බස් රථයකට ගොඩවීමෙනි.කොළඔ ->[ 143 km] බලංගොඩ ->[ 22 km ] තැන්න -> [ 2 km ]කූරගල .... ලෙස අපගේ ගමන් ...
මැරුණොත් මොකද වෙන්නේ වැප් මරණය කියන එක කොයි වෙලාවේ කොයි මොහොතක පැමිණෙයිද කියලා කියන්න බැහැ. ඒ හන්දා පුලුපුලුවන් විදිහට පින් දහම් කරගන්න ඕනේ. පින් පොත ටිකක් පැත්තකින් තියලා, අද පොඩ්ඩක් ලියන්න හදන්නේ අපේ ජිමෙයිල් ෆේස්බුක් වගේ ගිණුම් වලට මොකද වෙන්නේ කියලා. මට මතක විදිහට මේ ගැන කවුරු හරි හොඳ ලිපියක් ලියලා තිබ්බා. ඒක හොයාගන්න නම් බැරි උනා. කාට හරි හම්බුනොත් කියන්න.දැන් බ්ලොග් එකේ ලිපි ...
තහනම් ආයෝජනය හා පොළියට පෙම් බැඳිම වැප් ගිය සතියේ ලංකාදීප පත්තරේ මේ සතියේ තමයි බලන්න පුලුවන් උනේ. ඒ බලන් යද්දි පහත පින්තූරය දැක්කම , ලිපියක් ලියන්නම ඕනේ කියලා හිතුනා. මට හිතෙන්නේ ආයෙත් මේ තහනම් හා නිතිවිරෝධී ආයෝජන ක්‍රම හිස ඔසවලා වගේ. එහෙමත් නැත්නම් සක්විතිලා දඬුවම් මුදලාලිලා හැම තැනම ගැවසෙනවා වගේ. නැත්නම් මහ බැංකුව මෙහම දැනුම් දිමක් කාලෙකට පස්සේ ආයිත් කරන්නේ නැහැ. ඔන්න දැන් බ්ලොග් අවකාෂයේ මේ වගේ ...
මී මුරේ තවදුරටත් දුෂ්කර ගමක් නොවෙයි / Meemure වැප් මී මුරේ, සමහරුන්ට මැවෙන්නේ අමුතුම රූප සටහනක්. ඔව් ඔබ ඒ ගමට මීට අවුරුදු පහකට හයකට උඩදි ගියා නම් එය නිවැරදි වෙන්න පුලුවන්. නමුත් ඔබ මෑතක එහෙමත් නැත්නම් මේ අවුරුද්දේ ගියා නම් දුශ්කරයි කියන වචන එච්චරම උචිත නැහැ. දුශ්කරයි කියන කාරනයත් සාපේක්ෂ දෙයක්. එම නිසා මට නම් තව දුරටත් මීමුරේ කියන ගම දුශ්කර ගමක් නෙමෙයි. හුන්නස්ගිරියේ ඉඳලා කිලෝමිටර් 36 ක් දුරින්, ...
පහන් සිලක් දැල්වීමේ ආරාධනය 2011 කවි මඩුව වැප් හිරු දෙවියනි හිරු මඩලට වඩින්නේසරස්වතී කුමරිය මෙහි වඩින්නේවැරදි නැතිය හරි දෙයකුයි කරන්නේසැම දෙස බලා සැමට සෙත සදන්නේසොදුරු දෙයකි අරඹන්නට හදන්නේසැමට සෙතක් ඇති බවකුයි සිතන්නේඅද දින අපි කවි මඩුවක් කරන්නේකවි කම් මතින් හොද මිනිසුන් හදන්නේරතු පාවඩ නැත කවි පලසකි එලන්නේකවි කම් මතින් අපෙ මඩුවට වඩින්නේකවි කියන්න සැමටම සුබ පතන්නේපිළිගන්නේ ඔබ සැම හදපිරි තුටු සිතින්නේපහන් සිලක් දැල්වීමේ ආරාධනයසමාව අවසර මිතුරනි පිළිගන්නසම්ප්රධාය ඉදිරියටත් ...