1 කොටස බලල එනව නම් මෙතන කොටන්න... 1 කොටස මෙලෝ රහක් නෑ 2 කොටසවත් බලමු නම් පහළ බලන්න... එදා ප්‍රවෘත්ති වලට නතර කළාට පස්සේ කතාව ලියන්න අමතක වුණා නේ (පස්ට බුසී).. ගොඩක් වෙලාවට මට ටීවී එකේ යන ෆිල්ම් බලන්න අමතක වෙනව ඔය ප්‍රවෘත්ති වලට නවත්තපුවහම.. නැත්නම් නින්ද යනවා.. හරි එහෙනම් එදා අර ටී පැක්ටරිය දැකල නේ සීන් එක අවසන් වුණේ.. ...
ජයග්‍රාහී දෙවැනි ඇනිවසරිය සමරනු වස් අපි දෙදෙනා විසින් යන්නට යෙදුණු ට්‍රිපයේ විස්තර. මෙ සැරේ ඇනිවසරිය යන්න අපි සෑහෙන්න කාලයක් ප්ලෑන් කලා.. යන තැන් ගැන.. ලංකාවේ යන්න තැන් ඕනේ තරම් තිබුණට මේ වගේ දවස් වල එහෙම ආවට ගියාට යන්න බෑනේ.. සෙල්ලං ද අවුරුදු 2ක් ඇද්ද කියන්නේ.. :) ගිය සැරේ කන්ඩලමේ ගිය නිසා මේ සැරේ රජරට පැත්ත අතෑරියා... දකුණු පළාතේ මුහුද ...
ෆිල්ම්ස් බැලීමේ උණ කාලෙන් කාලෙට විවිධ ස්වරූප වලින් එනවනේ.. වෛරස් උණ වගේම තමා ඉතින් බැලුවහම ...මට හිටපු ගමන් හැදෙනව පරණ ෆිල්ම්ස්, සයන්ස් ෆික්ෂන්, එකම ඩිරෙක්ටර්ගේ ෆිල්ම්ස්, ෆිල්ම්ස් සීරීස් වගේ එක එක කැටගරි වල ෆිල්ම්ස් විතරක් බැලීමේ උණක්... කාලේකට කලින් මට ඔය පරණ ෆිල්ම්ස් ඒ කියන්නේ 1950-1980 ව දශක වල වගේ හැදිච්ච ඉංග්‍රීසි ෆිල්ම්ස් බැලීමේ ආසාවක් ආවා.. ඒක තාමත් තියෙනවා.. ...
තමන්ට පිළිකාවක් තියෙන බව දැන ගත්ත වෙලාවට කෙනෙකුට මොනවගේ හැඟීමක් එනව ඇද්ද? ඉස්සෙල්ලාම මරණ බය දැනෙනවා ඇති. ඊට පස්සේ ටිකෙන් ටික ලෙඩේ ගැන පොසිටිව් විදියට හිතල කොහොම හරි ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් අරන් හොඳ කර ගන්න හිතෙනවා. ඊට පස්සේ එක එක දොස්තරවරු, ලෙඩේ හැදිච්ච අය/ හොඳ වෙච්ච අය ගැන හොයල බලනවා. ටිකෙන් ටික බෙහෙත් ගන්න, ඉන්ජෙක්ශන් ගහන්න, කරන්ට් අල්ලන්න පටන් ...
ලියන්නට කිසිවක් ඉබේ මතක් නොවූයෙන් ද සිතා මතා කිසිවක් ලියන්නට තරම් ඉස්පාසුවක් නොමැති වූයෙන් ද ප්‍රියකරන පෙබරවාරිය තනි නොකරණු පිණිස මේ පද සතර මෙසේ ලියා නිදාගමි. ...
මේකේ මුල කොටස මෙතනින් බලන්න පුළුවන්... ඊයේ සීන් එක නතර වුණේ බිල් ගේට්ස් එයාගෙ DOS ඔපරේටින් සිස්ටම් එක ලියන්න පටන් ගන්න තැනිනුයි ස්ටීව් ජොබ්ස් Xerox PARC එකෙන් ගත්ත තාක්ෂණයෙන් එයාගේ APPLE 2 පරිගණකයට අලුත් මුහුණුවරක් ගේන්න යන තැනිනුයි නේ. ස්ටීව් ජොබ්ස් කියන්නේ මොනවගේ පාලකයෙක් ද කියන දේ මේ ෆිල්ම් එකේ සෑහෙන්න හොඳට මතු කරල තියෙනවා. ඔහු වෙනම ලෝකෙක ජීවත් ...
සිලිකන් නිම්නය ගැන අපි හැමෝම වගේ දන්නව. දන්නේ නැත්නම් මෙතනින්(http://en.wikipedia.org/wiki/Silicon_Valley) විස්තර දැන ගන්න පුළුවන්. සිලිකන් නිම්නය අපේ කාලයේ තාක්ෂණික වීරයෝ ඔක්කොගෙම වගේ උපන් ගම කියන්න පුළුවන්. ඒ සිලිකන් මහගෙදර හිටපු සාමාන්‍ය කොල්ලෝ දෙතුන් දෙනෙක් මුලු ලෝකෙම වෙනස් කරපු කතාව නොදන්න අයට දැන ගන්න සහ දන්න අයට වඩා විස්තර සහිතව දැන ගන්න නියම වීඩියො ටිකක මට හම්බ වුණා. Pirates of ...
බල්ලෝ සමාජ වාදී ද? ධනවාදී ද? බල්ලෝ වැඩියෙන් කැමති නිර්ධන පන්තියට ද ධනපති පන්තියට ද? නිකමටවත් බල්ලො මේ දේශපාලනය ගැන කොහොම දකිනව ඇත්ද කියල හිතල නැද්ද? ලංකාවේ නම් බල්ලෝ මහින්දටද රනිල්ටද නැත්නම් ෆොන්සේකට ද නැත්නම් ජෙප්පන්ට ද පක්ෂ ඇත්තේ..?නැත්නම් වික්‍රම කරන බාහූ ලට ද? ලංකාව තනි සිංහල බෞද්ධ රටක් කරන්න මහා වෙර වීරියක් දරණ මේ කාලෙදි අපිට බල්ලන් ව ...
විකල්ප බලශක්ති ක්‍රම අපිට ඕනෙ වෙන කාලේ වැඩි ඈතක නෙවෙයි. දැනටමත් අපිට ඒක හොඳටම දැනෙන වෙලාවල ඕනෙතරම තියෙනවා. අපේ රටේ නම් 80-90% විතර විදුලිය තියෙනවා. නමුත් කුප්පි ලාම්පු එලියෙන ජීවත් වෙන මිනිස්සු ඕනේ තරම් මේ ලෝකෙ ඉන්නවා. ලංකාවෙත් ඉන්නව. කාලෙකට පස්සේ ඒ වගේ කුප්පි ලාම්පු එලියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් විදියේ නිර්මාණයක් ඇවිල්ල . තාම බොහොම ...
දැනට සති 2කට විතර කලින් 2012 වර්ෂය සඳහා වූ අපගේ අවසන් චාරිකාව අපි නිමා කළා. මෙච්චර කාලෙකට ගිහින් තිබුණු නැති නැඟෙනහිර පළාතේ සංචාරයක් දාන්න ලැබීම ලොකු දෙයක් වුණා. මාස කීපයකට කලින් බට්ටින් නංඟිලාගෙ ගෙදර කට්ටියත් එක්ක ගිය නුවර,නුවර එළිය සංචාරෙන් පස්සේ සෙට් වෙච්ච ට්‍රිප් එක මේක. පහුගිය කාලේ තිබිච්ච අධික බිසී බව නිසා අපේ ට්‍රිප් ගමන් සම්පූර්ණයෙන් ම අඩාල ...
අපි බැලන්ස් ද? අපේ ජීවිත බැලන්ස් ද? කොහොමද ජීවිතේ බැලන්ස් කරන්නේ.. ? අපි බැලන්ස් එකේ ඉන්නව කියල හිතාගෙන හිටියට ඇත්තටම එහෙම ද...? බැලන්ස් එකේ ඉන්නෙ කොහොමද? හොඳ පවුලක ඉපදිලා හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරල හොඳ කසාදයක් බැඳල පවුලට හොඳට සලකල හොඳට පින් දහම් කරල මැරිල යන එක ද බැලන්ස් ලයිෆ් එක? ඔය ඉස්සෙල්ල වාක්‍යයෙන් හොඳ කියන ටික අයින් ...
පෑනේ මිතුරෝ දැන් දැන් අභාවයට යනවද මන්ද... දැන් ගොඩක් ඉන්නේ එෆ්.බී මිතුරොයි ඔන්ලයින් මිතුරොයි නේ.. පෑනේ මිතුරු සංකල්පය සෑහෙන පරණ දෙයක්. මම හිතන්නේ තැපැල් සේවයේ ආරම්භයත් එක්කම බැඳී තියෙන එකක්.. කාලෙත් එක්ක ඇතිවෙච්ච දියුණුවත් එක්කම මිනිස්සු වඩා ඉක්මනින් මිතුරුකම් හදා ගන්න ක්‍රම හොයා ගත්ත නිසා පෑනේ මිතුරු සංකල්පය යට වෙලා යනවා වගේ.. හැබැයි තාමත් පෑනේ මිතුරුකම් තියාගෙන ඉන්න අය ...
ඉබ්බා දියේ දැම්මම මොකද වෙන්නේ කියල දන්නවද? උගේ කටුව පෙඟෙනවා... අනිත් එක්ක ඉබ්බා මොකද හාවත් එක්ක රේස් එක දුවන්න සැට් වුණේ... ඉබ්බට ඌ ගැන පට්ට ආත්ම විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියල.. ඒක මේ ඌ බොරුවට හිතින් මවා ගත්ත සීන් එකක් නෙවෙයි ඌට දුවන්න පුළුවන් කියල ඌ දන්න නිසයි ඌ ගේමට බැස්සේ... (ජය පරාජය ඉතින් කාටත් පොදුයි නේ) අනිත් එක්ක ...
මේක විසඳන්න හෙන ගනන් කාරයෙක් වෙන්න ඕනේ නෑ... හැබැයි ගනන් චුට්ටක් දැනගන්න ඕනේ.. උත්තරේ පට්ට ක්‍රියේටිව්.. ගොඩක් වෙලාවට ඔය ඊමේල් වලින් අපිට එක එක විදියේ ගනිත ගැටළු, පොඩි පොඩි ඉලක්කම් සෙල්ලං වගේ ඒව එනවනේ..මේ අද මට ආපු එකක්... මේක මීට කලින් වෙන අය දැකල ඇති.. සමහරවිට බ්ලොග් වල දාලත් ඇති.. මම නම් අද දැක්කේ. අනිත් ඒවට සාපේක්ෂව තර්කානූකූලව හිතල උත්තරයක් ...
මීට වඩා දුක් විඳල ඉගෙන ගත්ත අය සහ ඉගෙන ගන්න අය අප අතර ඉන්නව ඇති... මේවගේ දේවල් වලින් අපේ පැහිච්ච මොළවලට ජීවිතේ තේරුම් කරන්න ට්‍රයි කරන්නේ නෑ මම.. ඒත් අර පොඩි උන් දෙන්නගේ උනන්දුව දැක්කම මේක නොදා ඉන්න හිත දුන්නෙ නෑ... ...
"These days every man and his dog has a camera" කියල කවුරු හරි සුද්දෙක් කියපු එකක් දැක්කට පස්සේ අයියෝ DSLR කියල හිතුණා.. කොහොම වුණත් කොල්ලෙක් වෙන්න නම් DSLR කැමරාවක් තියෙන්න ඕනේ කියල මට හෙන ආතල් එකක් ගන්න පුලුවන් අර හැකර කටක් සහ චාටර් කැමරාවක් ඇති වරුණයට චැට් එකේ අනම් මනම් කියල... ඇත්ත වශයෙන් ම කිව්වොත් පහුගිය මාස 6 ම ...
තනිකමට බයයි... තනිකම දුකක්... තනිවෙන එක පවක්... (ද)? මහ පාරවල් වල, අඟුපිල් වල තනියම හැදෙන පොඩි උන් ගේ හිතට දැනෙන දුකත් එක්ක අපි තනි උනාම දැනෙන දුක දුකක් ද? අපි තනි උනාම අපිට දැනෙන දුක හෙන ආත්මාර්ථකාමීයි කියල හිතෙන්නෙ නැද්ද? මට සතුට දෙන්න වෙන කෙනෙක් මගෙ ලඟ නැති වීම ගැන දුක් වෙන එක හෙන පටු කමක් වගෙයි... මේ ලෝකේදි ...
මේ වැඩේ කරල තියෙන අය, කරන අය දන්නව ඇති මේකේ තියෙන ආතල් එක.. මොන මොන දේවල් ඔළුවේ තියාගෙන නාන්න ගියත් එළියට එන්නේ සින්දු කෑල්ලක් කියාගෙන... දොර වැහෙන්නෙ නැති වෙලාවට සිංදු කිය කිය නාන එක වෙනම කතාවක්.... මම කියන්නේ නිවාඩු දවස් වල ආතල් එකේ නානකොට ඉබේ සිංදු කියවෙන එක.. කන පැලෙන්න කෑ ගහ ගහ සිංදු කියන්න තියෙන හොඳම තැන.. සිංදු ...
මේක නම් මගේ ප්‍රියතම වැඩක්.. කොම්පුටරේ කොටන්නෙ නැතුව මේසයක් ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවට නිතර කරන වැඩ 2න් එකක් තමා මේ.. අනිත් එක අහුවෙන කොලේක (කොලයක් නැත්නම් අත, කකුල, බඩ) මොනව හරි බලි ඇඳීම (සම්භාව්‍ය බලිත් හිටපු ගමන් ඇඳෙනව). බලි ඇඳිම ගැන වෙනම පෝස්ට් එකක් දාල මේකේ කඩදාසි සෙල්ලම් බඩු ගැන ලියන්නම්. ඉස්සෙල්ලාම හදන්න ඉගෙන ගත්තේ බෝට්ටුවද කුරුල්ල ද කියල ...
සාහිත්‍ය මාසේ පටන් ගන්න කොටම ලියන්න කියල හොඳ මාතෘකාවක් සෙට් වුණා.. හෙන සම්භාව්‍ය හෝ හර බර ලෙස නැතුව(එහෙම ලියන්න දන්නෙ නෑ) "මේ මාසේ ගිය මාසේ වාගේ නොවන්න..." කියල මේ ලියන්නේ... ඇයි අපි කියවන්නේ කියල හිතල බලන්න කලින් මම කල්පනා කළා ඇයි මම කියවන්නේ කියල... අවංකවම බොන්න ඕනෙ ප්‍රශ්නයක්.. ඇයි මම කියවන්නේ...? එකක් පොඩි කාලේ ඉඳල ඇති වෙච්ච පුරුද්ද නිසා.. ...