Sunday, February 28, 2021

කාල යක්ෂ - 12

 10 වෙනි කොටස ඉවර වුනේ මෙහෙම 

"ඇලෙන්ඩි ගැන මොනවත් හොයා ගත්තද තාත්තෙ?"

"මම හිතන්නෙ ඇලෙන්ඩි ඉන්න තැන මම දන්නවා... බලමුකො.."

"අහ්.. කොහොමද හොයා ගත්තෙ..?" පුදුමයට පත් ෆෝමැටෝ එකවරම ඇසීය..

රජු ඔහු දෙස තියුණු ලෙස බැලුවා මිස කිසිවක් නොකියා පහලින් පෙනෙන නගරය දෙස බලා සිටියේය..
මොහොතක නිහැඬියාවක් තිදෙනා තුලම මද අපහසුවක් ඇති කළේය.

ෆෝමැටෝ ද තමාගෙ දෑස් දෙස කෙලින් බලා සිටි නීෂාගෙ දෑස් මඟ හැර යානයෙන් ඉවත බැලුවේ නීෂාගේ සිතේ වූ සැකය තවත් තීව්‍ර වීමට හේතුවක් වෙමිනි.

අද එතැන් සිට ....

නෙමින්දෙර් රජු  සිය පෞද්ගලික කුටියට වී ජනේලයෙන් ඈත පෙනෙන සාගරයත්. එපිටින් වූ නගරයත් දෙස බලා සිටියේය. ඔහු මදක් කල්පනා කරමින් සිට සිය හිස් වැසුම ගෙන ඩෙලෝ ට ඇමතුමක් ගත්තේය..

"මොකද ...?"

"මේ  ඩෙලෝ ,  අර උමං ජාලේ මතකයි නේද ? එකේ හොලොග්‍රෑම් එක තියෙනවනම් ටක් ගාල වයිසර්  එකට ලෝඩ් කර ගන්න.."

"අහ්... පොඩ්ඩක් ඉන්නවා... මම මේ .. මේ .. වෙන වැඩක ඉන්නේ ..."

"මේක හදිස්සියි... ලෝඩ් උනා ද ?"


ඉතිරි ටිකට....  



10 comments:

  1. ඇති යන්නම් දාලා:). මෙහෙම හොඳයි, කොටසක් මේකෙ දාන එක. Blogger monopoly එකක් වෙන්න ඉඩ තියෙන නිසා Medium යන එක තේරෙනවා. ඒත් Blogger ලබාගෙන බ්ලොග් රෝල් සහ අනිකුත් පහසුකම් වලට තරගයක් දෙන්න, Medium වලට තව දුර යන්න තියනවා

    ReplyDelete
    Replies
    1. බස්සා, බ්ලොගර් සහ මීඩියම් වල විදිය වෙනස්.. මීඩියම් ඩෑෂ් බෝඩ් එකෙත් අපි ෆලෝ කරන රචකයෝ සහ මාතෘකා ගැන අප්ඩේට් එනවා... බ්ලොගර් කියන්නේ නිකන් පුද්ගලික දිනපොත් සංකල්පය වගේ උනාට මීඩියම් වල තියෙන්නේ විවිධ මාතෘකා සහ රචකයින් එකතු කරන/වෙන තැනක්.

      මට හිතෙනවා ඉස්සරහට මීඩියම් ගොඩක් ජනප්‍රිය වෙයි කියල.. නිකන් ඉන්නේ එකේ බකුසු කතා ටිකක් ලියමු මීඩියම් එකෙත්..

      Delete
  2. බොහොම අපූරුයි. එකම අඩුව කතාවට හරිහමන් වීරයෙක් නැතිකම. කපටි ෆොර්මැටෝ ඒ චරිතෙට හරි යන්නෙ නෑ. ඒ නිසාම අර "සුරුංගාර" කෑල්ල නැගල යන්නෙ නෑ. අර බ්‍රයිටා නං ගැලපෙනවා, ඒත් කොහෙද උන්දැට දුන්නා නෙව බැස්ටිය ඔලුව හිල් වෙන්නම:)

    ReplyDelete
    Replies
    1. ඕක මුල ඉඳලම තිබ්බ අවුලක්.. වීරයෙක් නැති කම... හෙහ් හෙහ්... වීරයෙක් එයි ඉස්සරහට. තාම මේ පසුබිමයි ප්‍රශ්නෙයි නේ පැහැදිලි කරන්නේ....

      සුරුංගර කෑල්ල දාල බැලුවේ එහෙම ඒවා ගැලපෙනවද කියල ටෙස්ට් කරන්න.. වීරයෙක් ආවම කොටු දානවද, කපලම දානවද කියල හරියට හිතා ගන්ඩ පුළුවන් එතකොට...

      අර ඩ්‍රකියා වගේ පාලු තැනක දෙන්න තනිකරලා දාල යන එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා... හෙහ් හෙහ් ..

      Delete
    2. මද සිනා පාමින් නික්ම යමි...

      Delete
  3. ලොක්කන් වුණාම කවුරු ගැනත් සැක-
    කරන්න වෙන එක තමයි සොබාවික
    රජවරු වුණාම තව-තව ඒ දුක
    විඳින්න වෙනවා වුණත් උපාසක

    නෑදෑයන් වුව බලයට කැමතියි
    ඕනෑ වෙලාවක සතුරු විය හැකියි
    හතුරොත්- මිතුරොත් ඔක්කොම කපටියි
    කවදා කොතැනක වුණත් ඔහොම්මමයි!

    ReplyDelete
    Replies
    1. [හතුරොත්- මිතුරොත් ඔක්කොම කපටියි
      කවදා කොතැනක වුණත් ඔහොම්මමයි!]

      මෙහෙම ඒවා නැත්නම්
      කතාවක කොහෙද රසයක්
      කපටි, නරක, දුෂ්ටයෝ නැත්නම්
      වීරයින්ට කොහෙද තැනක්...

      හෙහ් හෙහ් .. කොහොමද මගේ කවිය

      Delete
    2. කළු සුදු දෙකමත් ඕනෑ ලෝකෙට
      නොහොඳ හොඳ දෙකත් එහෙමම වෙනකොට
      ඒවා සේරම එකට ගැටෙනකොට
      රස ඉස්මතු වෙනවානේ නියමෙට!

      තවත් ලියමු කවි වෙලාව තියෙ නම්
      එතකොට ලැබෙනව පුහුණුව මනරම්
      වචනත් ගලනව 'පැතුම්', ඉස්තරම්
      කොච්චර අගෙයිද, සැවොම කවියො නම්

      Delete