කටේ නරිවාදේ අහෝ මේ අපරාදේ, අලි හොරකම් බලා නොසිටින්න හිස සල සලා!
Saki Siri Lanka හරහා රැව්දෙන සත්යයමවු ඇතින්න මරා දමා හෝ පළවා හැර මව් ඇකයේ කිරිඋරා බොමින් සිටි අලි පැටවුන් පැහැරගෙන යන ජාවාරමක් පිළිබඳව මීට පෙර දිගින් දිගටම අපි කතා කර ඇත්තෙමු. ශ්‍රී ලංකාවේ දිවිගෙවන ප්රභූවරුයෑයි කියා ගන්නෝද ප්‍රභූවරුන් ලෙස පෙනී සිටින්නෝද පශු වෛද්‍ය විද්‍යාව ගැන සරසවිවල “ලෙක්චර්ස්” දෙන ඇතැම් පශු දොස්තර ඇදුරෝද මෙම ජාවාරමේ පුරුක් බවට පත්වී අලි සොරකම යදමක් [...] ...