ගිය පණවත් ඇදල ගන්න.... වෘත්තාන්ත (cartoon movement වෙතින්) ලිට්සීකර් ගුරු වෘත්තියේ නියැලුන මුල් අවදියේ සේවය කළ එක්තරා පාසැලක ගුරු මණ්ඩලය මාස ගණනාවක් යනතුරු සිතා සිටියේ මා කතෝලික භක්තිකයෙකු ලෙසය. එයට හේතු දෙකක් විය. එකක් නම් ඒ දිනවල ලිට්සීකර් පදිංචිව සිටියේ මීගමුවේ නිසාය. අනෙක් කරුණ නම් කිසි දිනක ලිට්සීකර් පන්සිල් නොගැනීම ය.ඒ සමගම තවත් කරුණක් මතක් වෙයි. ලිට්සීකර්ගේ මව මෙලොව හැරගිය පසු පාංශකූලයට වැඩි ගමේ ...
කෝපි කෝප්පය වෘත්තාන්ත පළමු කෝපි කෝප්පය මෙතැනින් දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින් තුනඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාගය එළඹී තිබිණ. මොහොතකට ඇයට පෙනුනේ ඒ ස්ටීව් ලෙස ය. ඒත් සමගම ඔහු ගස් අතරින් නොපෙනී ගියේය. කඩිනමින් නැගී සිටි ඈ ජනෙල් පියන වසා දමා තුවක්කුව අතට ගෙන ලාම්පුව නිවා දමා බලා සිටියාය. තවමත් අඳුර වැටී නොතිබුණ බැවින් ඇයට ගෙයින් පිටත පැහැදිළිව දැකගත හැකි විය. බොහෝ වේලාවකට ...
සින්ඩි නැති බ්ලොග් ලෝකය වෘත්තාන්ත කුමන භාෂාවකින් හෝ වේවා බ්ලොග් අඩවියක් අරඹා ලියන්නට පටන්ගන්නා සෑම අයෙකුම තම බ්ලොග් සටහන් වැඩි පාඨක පිරිසක් අතරට යනවාට කැමති ය. එමෙන්ම එසේ එන පාඨක සමූහයා තම අදහස් එහි සටහන් කරනවාට ද කැමති ය. එනිසාම සෑම බ්ලොග් රචකයෙකුම තම බ්ලොග් පාඨක පිරිස වැඩිවෙනවාට කැමැත්ත දක්වති. මෙසේ බ්ලොග් පාඨක ප්‍රජාව බ්ලොග් අඩවි කරා ආකර්ෂණය කරගන්නා එක් මාර්ගයක් නම් සින්ඩි නම් ...
අඳුරට ආලෝකයක් ගෙනා ඔහු. . . වෘත්තාන්ත Ken Tsaro - Wiwa නයිජීරියානු ලේඛකයෙකි. ඔහු අයත් වූයේ එහි වූ ඔගොනි(Ogoni) නමින් හැඳින්වෙන සුළුතර ජන කොට්ඨාශයකට ය. ඔගොනි ජාතිකයන් ජීවත් වූ ප්‍රදේශය බොරතෙල් කැනීම සඳහා බහුජාතික සමාගම්වලට පැවරීම නිසා දැඩි ලෙස පාරිසරික ගැටළු මතුවී එම ප්‍රදේශයේ ජීවත් වූ ජනයාට තවදුරටත් තම වාසස්ථානවල ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා විය. මෙයට පිළිතුරක් ලෙස පැනනැගි පරිසරය සුරැකීමේ ව්‍යාපාරයට ද ඔගොනි ජනයා ...
අපට වෙච්ච දේ! වෘත්තාන්ත 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණ ප්රචාරක රැළියක දර්ශණයක්!(අනුග්‍රහය Cartoon Movement වෙතින්)
මැජික් පෙට්ටියේ පුදුම බලේ! වෘත්තාන්ත නව වසරක් උදා වී මාස දෙකකුත් හමාර වන්නට ඔන්න මෙන්න ය. වඩාත් දුෂ්කර වෙතැයි අපේක්ෂිත කාලයක් අභිමුව ඇල්මැරුන සුබපැතුම් ගලා යද්දී උණුසුමක් දැනෙන එකම මාතෘකාව නම් මැතිවරණයයි. මේ වසර මැතිවරණ වර්ෂයක් ලෙස අර්ථකතනය කර ඇති නිසයි ඒ. ඒත් සමගම කුණු සෝදන්නන්, රෙදි සෝදන්නන්, මෙන්ම පුනරුත්පත්තිය ලබන්නන් හා පිනුම් ගසන්නන් ද අඩු නැතිව රඟදෙනු පෙනේ. එහෙත් මේ සූදානම කාගේවත් කිසිම ...
හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය වෘත්තාන්ත ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය හැරයාම එයට එක් විසඳුමක් ලෙස දැනෙනවා ද? බොහෝ දෙනෙකුට එවැනි සිතුවිළි පහල නොවන බව සැබෑ ය. එහෙත් අප සමාජයේ එවන් නිෂේධාත්මක සිතුවිළිවල ගොදුරු බවට පත්වන සෑහෙන පිරිසක් සිටින බව නොරහසකි. එසේ සිතූ එක් තරුණයෙකුගේ ඉරණම ගැන කියන්නටයි මේ සූදානම. ...
ගුවනින් ආ අසරුවා - දෙක වෘත්තාන්ත ගුවනින් ආ අසරුවා -එක මෙතැනින් යුද්ධයකදී සතුරකු මරාදැමීම- තමාගේත් තම සටන් සඟයින්ගේත් ආරක්ෂාවට අතිශය තීරණාත්මක වූ රහසක් විශ්මිත ලෙස හෙලිකරගත් සතුරකු- ඒ හෙලිකරගත් දැනුම නිසාම ඔහුගේ මුළු හමුදාවේම සිටින සෙබල සංඛ්‍යාවටත් වඩා භයානක වූ සතුරකු මරා දැමීම දරුණු වූත් තිරශ්චීන වූත් ක්‍රියාවක් ද? කාටර් ඩ්රූස් මරණාසන්න වූවකු සේ සුදුමැලි විය.ශරීරයේ සෑම අවයවයක්ම ගැහෙන්නට විය. ක්ලාන්ත ගතියකින් පෙළෙන්නට විය. ඔහු ඉදිරියේ ...
සූරාකෑම කාටත් පොදුය. වෘත්තාන්ත අප රටෙහි පවත්නා වෙළඳ හා ව්‍යාපාර සදාචාරය කොතෙක් ද යත් සාමාන්‍ය මහජනතාව පුද්ගලික ව්‍යාපාරයකින් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේදී සැකයෙන් බැලීමට හුරු වී සිටින අතර රාජ්‍ය ආයතන කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට පෙළඹෙති. එහෙත් දැන් දැන් රාජ්‍ය ආයතන ද නිර්ලජ්ජිත ලෙස තම සේවා ලාභීන් සූරාගෙන කෑමට පසුබට නොවන බව පෙනෙන්නට තිබේ. මේ සටහන් කරන්නේ පසුගිය දිනෙක මා ලැබූ අත්දැකීමකි. යම් රාජකාරි කටයුත්තකි ...
පෙර දඬුවම හා පසු දඬුවම වෘත්තාන්ත (cartoon movement වෙතින්)නීතියේ සෙවනැල්ල යට සාධාරණත්වයේ වර්ණ ගල්වා පවත්වාගෙන යනු ලබන කෘෘරත්වය තරම් කෘෘරත්වයක් තවත් නොපවතී. - මොන්ටෙස්ක්‍යු ලෝකයේ සෑම රටකම එම රට පාලනය කරන ව්‍යවස්ථාවක් හා නීති පද්ධතියක් වෙයි. එසේ අවශ්‍ය වන්නේ එම රටෙහි ජීවත්වන සියළුම පුරවැසියන්ට කිසිම වෙනසකින් තොරව සාධාරණව සැළකුම් ලැබීමේ අයිතිය තහවුරු කිරීමට යයි සරලව කිව හැකිය. විශේෂයෙන් මිිනිසා බිහි වී ගෝත්‍ර ලෙස ජීවත් වූ ...
කෝපි කෝප්පය වෘත්තාන්ත පළමුව කෝපි කෝප්පය එක කියවන්න. දෙකඇය අසු පිටින් රෙඩ් ටෑන්ක් හී ගෙවත්තට ලඟාවන වෙද්දී වටු කුරුල්ලෙකු කෑගසන හඬ ඇයට ඇසින. ස්ටීව් තවම ආපසු පැමිණ නැත. ඉක්මනින් අශ්වයාගේ සෑදලය ඉවත්කළ ඇය ස්ටීව් කරන ආකාරය මතක් වී අශ්වයා ඉහල සිට පහලට පිිරිමදිමින් පිසදැමුවාය. පැයකට පසු දෙවන වරටත් උණු උණුවේ කෝපි සාදා පිළියෙල කළ ඇය ස්ටීව් අසු පිටින් ගෙවත්තට ඇතුළු වනු බලා සිටියාය. ...
පෙනෙන දේ හා නොදකින දේ වෘත්තාන්ත ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelho අප රටට ද අමුත්තෙක් නොවේ. ඒ නිසාම ඔහු ගැන හැඳින්වීම් ලිවීම අනවශ්‍යය. මේ ඔහුගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා තුනකි. පොත කියවන විට තෝරාගත යුත්තේ කුමන කතා දැයි තීරණය කිරීම දුෂ්කර වුවද අවසානයේ මේ කතා තුන තෝරා ගතිමි. (cartoon movement අනුග්‍රහයෙන්)1. මතකයේ රැඳිය යුතු සැටි!සීටා තාපසාරාමයේ අධිපති හිමියෝ දේශනාවක් ...
රතු පාටින් අකුරු ලියූ හැටි! වෘත්තාන්ත පසුගිය දිනෙක සුවිශේෂ වූ පොතක් කියන්නට ලැබිණ. ඒ පොත ගැන වචනයක් නොලිව්වොත් අඩුවක් යයි සිතේ. ඒ ගැන ලියන්නට ද හොඳම දවස අද වෙතැයි සිතමි. පොත අවියෙන් ලියූ අකුරු ය. කතුවරයා ගෞරිපාල් සාත්ත්රි ය. පොතෙහි කියවෙන හැටියට ඔහු LTTE සාමාජිකයෙකු හැටියට ක්‍රියාකර පසුව ඉන් ඉවත් වූ අයෙකි. නවකතාවක් ලෙස හැඳින්වුව ද අප දන්නා හා නොදන්නා බොහෝ කරුණු ගැන අලුත් කෝනයකින් ...
ක්‍රිකට් කැඩපතෙහි පිළිඹිබු වන ශ්‍රී ලාංකීය හෘද සාක්ෂිය වෘත්තාන්ත (cartoon movement වෙතින්)පසුගිය සති කිහිපය තුල අප කාගේත් අවධානය යොමුවිය යුතුව තිබූ සිදුවීම් මාලාවක් ක්‍රිකට් ක්ෂේත්රය තුළ හටගැනෙනු දැකගත හැකි විය. එහෙත් සුපුරුදු පරිදිම ඒ කෙරෙහි සිය ඇස යොමු කළේ ක්‍රිකට් ලෝලීන් පමණි. ඇෆ්ඝනිස්තානයට හා බංග්ලා දේශයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ සැමරීම හා උද්දාමයට පත්වීම ක්‍රිකට් ලෝලීන්ට ඉඩ තබා ඒ තරඟ මාලා අතර සිදු වූ විවාදාපන්න කරුණකට සිත ...
එහෙම කිව්වට උනේ මෙහෙමයි! වෘත්තාන්ත මවිසින් පරිවර්තනය කරන ලද කවි පංති දෙකක් මෙහි ඉදිරිපත් කරමි. පළමු එක ලැංග්ස්ටන් හියුස්ගේ Life is Fine ය. මගේ නිත්‍ය සහෘදයන්ට මේ ලේඛකයා අමුත්තෙකු නොවේ. ඒ මා මීට පෙර ඔහුගේ නිර්මාණ ඉදිරිපත්කර ඇති බැවිනි. එනිසා ලේඛකයා පිළිබඳ හැඳින්වීමක් මෙතැන ඇතුළත් නොකරමි. අවශ්‍ය අයට එය මෙතැනින් බලාගත හැකිය. දෙවැන්න සිග්ෆ්රීඩ් සසූන් (Siegfried Sassoon) විසින් ලියන ලද Suicide in the Trenches ...
නොදන්නා බව නොදන්නා විට... වෘත්තාන්ත මේ බ්ලොග් අඩවියේ ආරම්භක පෝස්ට්එක (නැවත බලන්න) නිසා අපූරු අත්දැකීමකට මුහුණ දීමේ (අ)භාග්‍යය මෙය ලියන බ්ලොග්කරුවා වෙත හිමිවිය. සුපුරුදු පරිදි බ්ලොග් සටහන මාගේ Facebook එක මත ද ඇලවූයෙමි. මද වේලාවක් ගත වූ තැන ඉහත දැක්වෙන අවවාදාත්මක අනතුරු ඇඟවීම මා හට ලැබී තිබූ අතර අදාල බ්ලොග් සටහන ද ඉවත්කර තිබුණි. එයට විරුද්ධව අභියාචනා කිරීමේ වරම ද හිමිකර දී තිබූ නිසා ...
කෝපි කෝප්පය වෘත්තාන්ත මෙය ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L'Amour ගේ One for the Pot නම් කෙටිකතාවේ පරිවර්තනයකි. Louis L'Amour යනු Westerns ලෙස හැඳින්වෙන කලක් පාඨකයින් අතර අතිශය ජනප්‍රිය වු නවකතා රචනා කිරීමෙන් ජනප්‍රිය වූ ලේඛකයෙකි. නවකතා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇති ඔහුගේ නවකතා රැසක් සිනමා නිර්මාණවලට ද පාදක වී තිබේ. දීර්ඝබව සලකා කතාව කොටස් තුනකින් ඉදිරිපත් කරන අතර එහි පළමු කොටසයි මේ. ...
Untitled Post වෘත්තාන්ත සෝමාලි සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික කවියෙකු වන Warsan Shire ගේ Home නමින් යුත් කවි පංතියේ ඡායානුවාදයකි. (අන්තර්ජාල පුවත් සේවා වෙතින්) කිසිවෙකු ගෙදර අතහැර යන්නෙ නෑ, නොවේනම්,ගෙදර මෝරෙකුගේ කටක්. ඔබ දුවන්නේ දේශසීමාවටදැක්කොත් පමණයිමුළු නගරයමත් දුවන බව. අසල්වැසියන් ඔබේ දුවනවා ඔබටත් වඩා වේගයෙන්, කොලු ගැටයාපාසැල් ගිය ඔබත් එක්ක, බයෙන් වගේ ඔබ සිපගත් ටින් කම්හල පිටුපස සිට, අතට අරන් ඔහුටත් වඩා ...
ගුවනින් ආ අසරුවා - එක වෘත්තාන්ත අමෙරිකානු ලේඛකයෙකු වූ අම්බ්‍රෝස් බියර්ස්ගේ A Horseman in the Sky නම් වූ කෙටිකතාවේ පරිවර්තනයකි,මේ. මෙම කෙටිකතාවට පාදකවන්නේ අමෙරිකානු සිවිල් යුද්ධයයි. තම ජීවිත කාලය තුළ අම්බ්‍රෝස් බියර්ස් ප්රකටව සිටියේ ලේඛකයෙකුට වඩා දක්ෂ පුවත්පත් කලාවේදියෙකු ලෙස ය. කවියෙකු මෙන්ම උපහාස කතා රචනයෙහි ද විශිෂ්ටයෙකු ලෙස සැලකුම් ලැබූ ඔහු විසින් රචිත The Devil's Dictionary අමෙරිකානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ කෘති අතුරෙන් එකක් ලෙස සැලකුම් ...
ජනපතිවරණයට අපේක්ෂකයෙක්! වෘත්තාන්ත (cartoon movement වෙතින්)මා දැනටමත් ස්ථිරවම හිත හදාගෙන ඉවරයි ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වන්නට. රටට දැන් අවශ්‍ය වන්නේ ඔහුගේ අතීතයේ ඉතිහාසය කොයි තරම් හාරා ඇවිස්සුවත් ඔහුට හානියක් කරන්න බැරි විදියේ අපේක්ෂකයෙක්. එහෙම උනාම පක්ෂයේ සතුරන්ට ඔහුට විරුද්ධව ඊට කලින් කවුරුවත් අහලා නැති කිසිම දෙයක් අවුස්සලා පෙන්වන්න ඉඩක් ලැබෙන්නේ නෑ. අපේක්ෂකයෙකුගේ තියන නරකම දේවල් ඔබ මුල ඉඳලම දන්නවනං එක එක දේවල් ...