මිනිසුන්ගේ බැබලීමේ ආශාව පොඩි සාදුගෙ ලියමන දැන් උපාධි, තනතුරු වගේ දේවල් මුදලට ගන්න පුලුවන් වෙලා තියෙනව. කාටහරි සල්ලි තියෙනවනම් සුදුසුකම් අරව මේව කිසි දෙයක් ඕන නැහැ. කුමක් හෝ උසස් අධ්‍යාපනය පිළිබඳ උපාධි ප්රදානය කළ හැකි ආයතනයකින් ආචාර්ය වගේ උපාධියක් ලේසියෙන්ම ගන්න පුළුවන් වගේම රජයේ ලියාපදිංචි වුන ජාතික සංවිධාන වගේ විකාර සහගත සංවිධානයකින් ගෞරව නම්බු නාම ලබා ගත හැකියි. මේ ක්‍රමවේදය ගැන මට එච්චර ලොකු පැහැදීමක් නැහැ. ...
බෞද්ධයකු වන්න උත්සාහ ගන්න එපා පොඩි සාදුගෙ ලියමන |Mawbima|Young -යං|සංස්කරණයPramesh Wickramasinghe (සම්පූර්ණ ලිපිය කියවා පමණක් ඔබගේ අදහස දක්වන්න.) ආගමිකමය අපරිණතකම් මැද ජීවත් වන පූජ්‍ය සහ පූජක සංස්ථාවකුත් එයටම ගැලපෙන දායක සභාවක් ද හිමි සංස්කෘතික පරිසරයක ශිෂ්ට මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙනව කියන්නෙ හරි ඛේදනීය අත්දැකීමක්. හැම දෙයක්ම රත්තරන් පාටින් තිබුනට ඒ හැම දෙයක්ම රත්තරන් නොවන බව අපිට කියල දුන්නෙ බුදු හාමුදුරුවෝ. දවසක් කොසොල් ...
සාසනික දුර්ගන්ධය වහනය වන සුළි සුළඟ පොඩි සාදුගෙ ලියමන පංසල් පිරිවෙන්වල තත්ත්වය ඉතාමත් කණගාටු දායකය. සමහර තැනෙක හඩන්නට නොබැරිව සියල්ල ඉවසා දරාගෙන සිටින පොඩිහිටි උන්නාන්සෙලාගේ ඛේදනීය තත්ත්වයන් මා දෑසින්ම දැක ඇත. අම්ම අප්පා මතක් වනවා මදිවට සිය ආච්චි මතකයට පැමිණි එක් පොඩි නමකගේ කතාවක් මා දන්නා පිරිවෙනකින් මෑතකදී අසන්නට ලැබින. "අදාල පොඩි නම මහණවියට පත්ව ඉතා කෙටි කාලයකි. පොඩිනමට පාලුවක් කාන්සියක් දැනීම පුදුමයට කරුණක් නොවේ. නමුත් මේ පොඩි ...
|බණ කියන අය |තුච්ඡ කතා පොඩි සාදුගෙ ලියමන "ගෑණි මිනිහගෙ ඇග දකින්නැතිව දරුවො හදන්න ඕන...නැත්තං ඒ ජීවිත තුච්ඡයි. ඒ කාලෙ අය එහෙමයි" මෙවැනි කතාවක් කියන්නේ වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ය. උන්වහන්සේ මෙවැනිම "ගොං" බණ කීපවතාවක්ම දෙසා ඇති බව අප දනිමු. කෙසේවෙතත් ෆේස්බුක් මත මෙම කතාව ලෝකයේ ඇති එකම ටොපික් එක යැයි සිතා ශෙයා කරගත් බොහෝ අය සිටිනු දිටිමි. ඒක අද ලෝකයේ හැටිය. එක අතකින් එවැනි ප්රවණතා දක්නට ලැබීම සතුටට කරුණකි. ...
මට වෙසක් කියන්නෙ ඔබේ පරිනිර්වාණය පොඩි සාදුගෙ ලියමන මට තේරෙන්නෑ මේ හැඟීම කොහොම ලියන්නද කියල. ඔබවහන්සේගේ උත්පත්තිය ගැන මම විවිධ කතාන්දර අසමින් මේ වෙලාවෙත්. මම ඔබවහන්සේගේ උත්පත්තිය විශ්වාස කරන කෙනෙක්. නමුත් මට ඒ උත්පත්තියට වඩා දෙයක් විශ්වාස කරන්න හිතෙන්නෑ. මම ඔබ වහන්සේට ආදරය කරන කෙනෙක්. නමුත් මට ඔබවහන්සේට අගෞරවයක් වන යම් දෙයක් සිද්ධ කරල ඔබවහන්සේව සමරන්න හිත දෙන්නෙ නැහැ. ඔබවහන්සේගේ බුද්ධත්වය ගැන මම විවිධ කතාන්දර අසමින් මේ වෙලාවෙත්. ...
ගැහැණිය වහළියක නොවේ. පොඩි සාදුගෙ ලියමන කාන්තාව වනාහී විශ්වයේ ශක්තියයි මුහුණුපොත "ගැහැණිය" විවිධාකාරයෙන් නැවත නැවතත් උපහාසයට සහ අපහාසයට ලක්වෙන අවස්ථාවක් දක්නට ලැබෙනව. ඒ ලෝක විවාහක රූ රැජිණ තරගයෙන් ලංකාවේ කාන්තාවක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් පළවෙන යම් යම් අදහස් හේතුවෙන්. කොටිම්ම කිව්වොත් මේ වනවිට FB හි උපාසක උපාසිකාවන්ගේ සදාචාරාත්මක පඩුපුල් අසුන උණුවෙමින්, රත්වෙමින්, දියවී යනව. කෙසේවෙතත් ජයග්‍රහණය කළ තැනැත්තියට මම මුලින්ම හදපිරි සුබ ...
මේ දවස්වල ගෙදර රණ්ඩුද? පොඩි සාදුගෙ ලියමන මේ ළඟකදි මාව හම්බෙන්න මනුස්සයෙක් ආව. මෙයා ගමේ කෙනෙක්. මේ කොරෝනා ප්‍රශ්න එන්න ඔන්න මෙන්න තියල තමයි මේ කෙනා මාව හම්බවෙන්න ආවෙ. මහ වැස්සක් වෙලාව නිසා මට එලියට යන්න බෑ කියල මම එයාව කාමරය ලගටම ගෙන්න ගත්ත. ගෙන්න ගෙන කතා කරා. සිද්ධිය පෞද්ගලිකයි. නමුත් මම මෙතනදි නමක් ගමක් සඳහන් නොකරන නිසා ඒ අයගෙ පෞද්ගලිකත්වයට හානි වෙන්නෙ නැහැ. මෙයා ඇවිත් කිව්ව. ...
නරසීහ ගාථා කියන්නෙ මහ පුදුම හැඟීමක්. පොඩි සාදුගෙ ලියමන නරසීහ ගාථා කියන්නෙ යශෝදරාව විසින්; රාහුල පුතාට තමන්ගෙ තාත්තව බලන්න ඕන කියද්දි. හැබැයි මට හිතෙන විදියට නරසීහ ගාථාවලදි යශෝදරාව පෙන්වන්නෙ රාහුල කුමාරයගෙ තාත්තව නෙමෙයි. යශෝදරාගෙ ස්වාමියාව. ඇයට තමන්ගේ ස්වාමියා ගැන කෑ ගහල කියන්න තරම් මහා හැඟීමක් ඇය තුළ තිබුන ඇති. ගැහැණියකගේ හිතේ තමන්ගෙ ස්වාමියා රූප කාය ගැන තියෙන හැඟීම! ඒක සමහරවිට පැරණි භාරතයේ පුරුෂ මූලික සමාජය තුළ දෙවැනි වූ කාන්තාවක් ...
ජාතිවාදය සහ ඉන් මිදීමේ මග. පොඩි සාදුගෙ ලියමන (පුණ්ණෝවාද සූත්‍රය ඇසුරෙන් ලියැවෙන ඉතා කෙටි සටහනකි.) මම මේ ලියන ටික පාකිස්තානයෙ සිදුවුන සිද්ධියට සෘජු සම්බන්ධයක් නැහැ. සිද්ධි එක්ක පටලවගන්නැතිව කියවන්න. මම මේක වෙලාවක් ලැබුන ගමන් ලියන්න හිත හිත හිටිය එකක් සහ පාකිස්තානයේ සිද්ධිය එක්ක ලිව්වොත් වටිනව කියල හිතුන අදහසක්.ජාතිවාදයෙ ඉතිහාසයට විශාල දුර අතීතයක් තියෙනව. ඇත්තෙන්ම ජාතිවාදය කියන්නෙ ගෝත්‍රික අදහසක් කියල හිතුවොත් ඒකෙ ආරම්භය ගෝත්‍රික යුගයට යනව. නමුත් නූතන යුගයෙත් ...
සපත්නීරෝෂයක් පොඩි සාදුගෙ ලියමන මේ දිනවල ITN එකේ ටෙලිකාස්ට් වෙන ටේක් කෙයාර් ටෙලි නාට්‍යයේ අලුත් තේමා ගීතයක් රිලීස් වෙලා තිබුන. ටේක් කෙයා නාට්‍යයේ තියෙන වෙනස් බව නිසා සහ ටෙලි නාට්‍යමය ගුණය නිසා මම ඒක නොවරදවාම බලනව. ටෙලි නාට්‍යයට ගැලපෙන ලස්සන තේමා ගීතයක් නිසා ඒ ගැන ලියන්න හිතුන.“සපත්නීරෝෂයක්” මේ ගීතය ලියල තියෙන්නෙ අභිෂේකා විමලවීර. ගායනය ඇය සහ නන්දා මාලනිය. ඇත්තටම මොකද්ද මේ සපත්නීරෝෂය? සපත්නීරෝෂය කියන්නෙ ...
මෙහෙම රටක අපට ආදර්ශ දෙන්නෙ කවුද? පොඩි සාදුගෙ ලියමන ඊයෙ කලින් යොදාගත්ත පුණ්‍යය කටයුත්තකට අපට කොළඹ යන්න වුනා. ඉතින් ඒ ගිහිල්ල එද්දි මගින් කෑම ගන්න නැවැත්තුව. නවත්තල එතෙන්ට වෙලා ටිකක් ඉද්දි වියපු වට්ටි වගයක් තියාගෙන කුඩා දැරිවියක් ඒ වට්ටි විකුණනව. මා එක්ක ගියපු හිතවත් අයියට කියල ඒ දැරිවියව ලඟට ගෙන්නල වට්ටි විස්තරේ අහන්න කලින් මම ඇහුවෙ ”මොකද මේ කරන්නෙ? ඉස්කෝල එහෙම යනවද?” කියල. මේ දැරිවි ආපිට උත්තර දුන්න ඔව්.. ...
සයන පූජා,රන්තැඹිලි, රන්දෝතළු, ලක්ෂ ගණනේ මල් පූජා පොඩි සාදුගෙ ලියමන මම අවුරුදු ගණනාවකින් කිසිඳු වන්දනා චාරිකාවක් ගිහිල්ල නැහැ. ගමන් යන්න තියෙන අකමැත්ත ඒකට හේතුව. ඉස්සර අපි පිරිවෙනෙන් හෝ පංසලෙන් වන්දනා චාරිකා යනව. ඒ ඉතින් යද්දි අනිවාර්යෙන්ම යන්නෙ අනුරාධපුර තමයි. අපි ඉස්සර අනුරාධපුර යද්දි පොඩිකමට කිසි දෙයක් නොතේරුණාට ඒ ගමං ගැන නැවත කල්පනා කරද්දි හිතෙන දෙයක් තමයි අනුරාධපුරය කියන්නෙ මනුස්සයෙක්ව එකපාරින්ම නිවිච්ච මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් තැනක්ය කියන එක. රුවන්මැලි ...
බුද්ධ පූජාව සහ අනෙකා ඉවසීම පොඩි සාදුගෙ ලියමන පසුගිය දිනවල අයෙක් සිද්ධ කරපු බුද්ධ පූජාවක් පිළිබඳව ෆේස්බුක් එකේ විවිධ තාලෙ සංවාද ඇති වෙලා තිබුන. කොයි දේටත් සාදු කියන උදවිය පුරුද්දක් විදියට ඒක දැකල සාදු කාර දීල තිබුන වගේම කොයි දේටත් හිනාවෙන උදවිය ඒකටත් හිනාවෙලා තිබුන. පිරිසක් මේ ගැන ශාස්ත්‍රීය සහ අධ්‍යාත්මික සංවාද ගොඩනගලත් තිබුන. මේ හැමදෙයක්ම අපේ සමාජයේ තිබෙන විවිධ ප්රවනතා. ඒ වගේ සමාජ ප්රවනතා එන්නෙ වෙන මුකුත් ...
රනිල්, ප්රශ්නය මිස උත්තරය නොවේ. පොඩි සාදුගෙ ලියමන රනිල්ව ගේන්න සමහරු දරදිය අදිනව. සමහරු අවංක ප්‍රකාශ කරනව. මගේනම් අදහසරට ලේ විලක් කරපු පාස්කු වගේ සංවේදී ප්‍රශ්නයකට රනිල් ගාව උත්තර තියෙනවද? මටනම් කන්න බොන්න නැතත් යුක්තිය ඕන. යුක්තියෙන් බඩ පිරින්නෙ නැහැ. හැබැයි අයුක්තිය තමයි මිනිස්සුන්ගෙ මේ තරම් ප්‍රශ්න ගොඩක් රටතුළ නිර්මාණය කලේ. මිනිස්සුන්ගෙ කුසගින්න නිර්මාණය කලේ. රනිල් දූෂිත පාලකයන්ව රකිනව. රනිල් යහපාලනය කාලෙ රාපක්ෂලව රැක්ක. රාජපක්ෂලත් රනිල්ව රැක්ක. යුක්තිය ...
තමා හඳුනාගැනීමෙන් තොරව සතුටක්-සැපතක් නැහැ. පොඩි සාදුගෙ ලියමන මට මන්ත්‍ර ගුරුකම් පිළිබඳව දැඩි විශ්වාසයක් නැහැ. නමුත් ඒ ශාස්ත්‍රය ගැන මම අවිශ්වාස කරන්නෙත් නැහැ. ඇත්තෙන්ම මම ඔය වැඩේ දන්නෙ නැහැ. ඒකට මගෙ හිත යොමු වෙන්නෙත් නැත්තෙ ලංකාවෙ ඒ සඳහා හැදුන දැනුම් මට්ටමක් නිර්මාණය වෙලා නැතිකම. ගුප්ත විද්‍යාව කියල දෙයක් අල්ලපු රට වුන ඉන්දියාවේ තිබුනත් මම දන්න තරමින් එහෙම එකක් ලංකාවෙ නැහැ. හැබැයි ගුප්ත විද්‍යා විශාරදල පඳුරකට ගැහුවොත් සීයක් දෙසීයක් ...
ව්‍යසන සහ අපි පොඩි සාදුගෙ ලියමන හැම ව්‍යසනයකින්ම පස්සෙ සමාජයක් නැවත නැගිටිනව. ඒ සමාජය ගොඩක් වෙනස් වෙනව. විශේෂයෙන්ම ආපදා පිළිබඳව දැනුම සහ ඒ අයගෙ ජීවිත ඒ අද්දැකීම් තුළින් පොසිටිව් විදියට ගන්න උත්සාහ කරනව. අදට සුනාමි ව්‍යයසනය සිද්ධ වෙලා අවුරුදු 17 ක්. අපි ඉතා කුඩා කාලයෙ මේ ව්‍යසනය සිද්ධ වුනේ. නමුත් මේ ව්‍යයසනය අදටත් මිනිස්සු උත්කර්ෂවත් කරන්නෙ එයාලගෙ “පල්ලියට මුකුත් උනේ නෑ, බුදු පිළිමෙට මෙච්චරක්වත් හානි වුනේ ...
හෙට ඉදන්වත්.... පොඩි සාදුගෙ ලියමන අද 2021 අන්තිම දවස. හෙට ඉදන් 2022 පළවෙනි දවස හෙට ඉදන්වත්;කාලෙකින් කෝල් කරපු නැති, මුණ ගැහුනෙ නැති කෙනෙක්ට කතා කරපුවම. “අම්මෝ කාලෙකින් දැක්කෙ/කතා කලේ උඹලට දැන් හරි ගිහිල්ලනෙ” කියල කියන්න එපා. මොකද කෝල් එකක් ගන්න බැරිවුන, හම්බෙන්න බැරි වුන ඔයාගෙ හේතු වගේම තමයි එයාගෙ හේතුවත්. ඒක හරි යාමක් නෙමෙයි. වැඩ වැඩි වෙලා අපි හැමෝටම. ටිකක් බිසී වෙන එක අඩු කරල ...
ආවේගයට සිහියෙන්.... පොඩි සාදුගෙ ලියමන මේක මට නිකමට හිතුනෙ ඇමතිවරයෙකුගෙ පුතෙක් සහ ඒ පුතාගෙ බිරිඳ මුහුණ දුන්න ප්‍රශ්නයක් ගැන ටිකක් කල්පනා කරද්දි. නිකමට හිතන්න! තාත්තල අම්මල වැඩිහිටියො මොනා කිව්වත් කළත් සාමාන්‍යයෙන් පවුලක තරුණ දරුවෙක්ට එයාලගෙ මට්ටම තියන් ජීවත් වෙන්න හැකියාව තියෙන්න ඕන. තමන්ගෙ ආවේගයට කරන පහරදීම් වැනි ක්‍රියාවකින්, වාචසිකව කරන දරුණු බැණවැදීමකින් අනතුරුව තමන්ගෙ ආවේගය පහවුන වෙලාවක තමන්ට ඒ සිදුවීම් ගැන මොනවගේ කම්පාවක් දැනෙන්න පුලුවන්ද? ...
දුර සිට සුවඳ බලමි. පොඩි සාදුගෙ ලියමන අද ආදරවන්තයින්ගෙ දවස. ආදරය කියන වචනෙ තරම් මේ ලෝකෙ කතා කරපු තවත් වචනයක් නෑ කියල මට හිතෙනව. මොනමආකාරයකින් හරි ආදරය කියන වචනය හැම ක්ෂේත්රයකම භාවිත වෙනව. සාහිත්‍යයෙදි, දේශපාලනයෙදි, සංස්කෘතියෙදි, මේවගේ හැම සමාජ ක්ෂේත්රයකම ප්‍රාණ වායුවක් වගේ ආදරය පවතිනව. ලෝකය පුරාම එහෙමයි. උපතේ සිට මරණය දක්වාම අපිආදරයේ විවිධ ස්වරූප අත්විඳිමින් ජීවත් වෙනව. ලෝකෙ පුරාම බොහෝ අය ආදරය ගැන විවිධ නිර්වචන ඉදිරිපත් ...
පුරවැසියෙක් වෙන්න| පාවා නොදෙන්න. පොඩි සාදුගෙ ලියමන මම පුරවැසියෙක් විදියට අරගලයට කීප වතාවක්ම ඉතා කැමැත්තෙන් සහභාගී වුනා. හැබැයි මම ඒකෙ සිද්ධ වුන ඔය සංස්කෘතික අරව මේවටනම් සම්බන්ධ වුනේ නැහැ. මම සම්බන්ධ වුනේම නිතරම උදය-දවල් වරුවල. මට අරගලය කියන්නෙ මම ජීවත් වෙලා තියෙන දශක දෙක හමාරෙ මුහුණ දෙන්න වුන හොඳම ජනතා නැගිටීම. ඒක මම තරුණයෙක් විදියට ඒ අද්දැකීම මට මහළු ජීවිතයක් තිබුනොත් මට විශාල පාඩමක් වේවි හැම දේකදිම. ...