රනිල්, ප්රශ්නය මිස උත්තරය නොවේ. පොඩි සාදුගෙ ලියමන රනිල්ව ගේන්න සමහරු දරදිය අදිනව. සමහරු අවංක ප්‍රකාශ කරනව. මගේනම් අදහසරට ලේ විලක් කරපු පාස්කු වගේ සංවේදී ප්‍රශ්නයකට රනිල් ගාව උත්තර තියෙනවද? මටනම් කන්න බොන්න නැතත් යුක්තිය ඕන. යුක්තියෙන් බඩ පිරින්නෙ නැහැ. හැබැයි අයුක්තිය තමයි මිනිස්සුන්ගෙ මේ තරම් ප්‍රශ්න ගොඩක් රටතුළ නිර්මාණය කලේ. මිනිස්සුන්ගෙ කුසගින්න නිර්මාණය කලේ. රනිල් දූෂිත පාලකයන්ව රකිනව. රනිල් යහපාලනය කාලෙ රාපක්ෂලව රැක්ක. රාජපක්ෂලත් රනිල්ව රැක්ක. යුක්තිය ...
දුර සිට සුවඳ බලමි. පොඩි සාදුගෙ ලියමන අද ආදරවන්තයින්ගෙ දවස. ආදරය කියන වචනෙ තරම් මේ ලෝකෙ කතා කරපු තවත් වචනයක් නෑ කියල මට හිතෙනව. මොනමආකාරයකින් හරි ආදරය කියන වචනය හැම ක්ෂේත්රයකම භාවිත වෙනව. සාහිත්‍යයෙදි, දේශපාලනයෙදි, සංස්කෘතියෙදි, මේවගේ හැම සමාජ ක්ෂේත්රයකම ප්‍රාණ වායුවක් වගේ ආදරය පවතිනව. ලෝකය පුරාම එහෙමයි. උපතේ සිට මරණය දක්වාම අපිආදරයේ විවිධ ස්වරූප අත්විඳිමින් ජීවත් වෙනව. ලෝකෙ පුරාම බොහෝ අය ආදරය ගැන විවිධ නිර්වචන ඉදිරිපත් ...
මිනිසුන්ගේ බැබලීමේ ආශාව පොඩි සාදුගෙ ලියමන දැන් උපාධි, තනතුරු වගේ දේවල් මුදලට ගන්න පුලුවන් වෙලා තියෙනව. කාටහරි සල්ලි තියෙනවනම් සුදුසුකම් අරව මේව කිසි දෙයක් ඕන නැහැ. කුමක් හෝ උසස් අධ්‍යාපනය පිළිබඳ උපාධි ප්රදානය කළ හැකි ආයතනයකින් ආචාර්ය වගේ උපාධියක් ලේසියෙන්ම ගන්න පුළුවන් වගේම රජයේ ලියාපදිංචි වුන ජාතික සංවිධාන වගේ විකාර සහගත සංවිධානයකින් ගෞරව නම්බු නාම ලබා ගත හැකියි. මේ ක්‍රමවේදය ගැන මට එච්චර ලොකු පැහැදීමක් නැහැ. ...
හෙට ඉදන්වත්.... පොඩි සාදුගෙ ලියමන අද 2021 අන්තිම දවස. හෙට ඉදන් 2022 පළවෙනි දවස හෙට ඉදන්වත්;කාලෙකින් කෝල් කරපු නැති, මුණ ගැහුනෙ නැති කෙනෙක්ට කතා කරපුවම. “අම්මෝ කාලෙකින් දැක්කෙ/කතා කලේ උඹලට දැන් හරි ගිහිල්ලනෙ” කියල කියන්න එපා. මොකද කෝල් එකක් ගන්න බැරිවුන, හම්බෙන්න බැරි වුන ඔයාගෙ හේතු වගේම තමයි එයාගෙ හේතුවත්. ඒක හරි යාමක් නෙමෙයි. වැඩ වැඩි වෙලා අපි හැමෝටම. ටිකක් බිසී වෙන එක අඩු කරල ...
ව්‍යසන සහ අපි පොඩි සාදුගෙ ලියමන හැම ව්‍යසනයකින්ම පස්සෙ සමාජයක් නැවත නැගිටිනව. ඒ සමාජය ගොඩක් වෙනස් වෙනව. විශේෂයෙන්ම ආපදා පිළිබඳව දැනුම සහ ඒ අයගෙ ජීවිත ඒ අද්දැකීම් තුළින් පොසිටිව් විදියට ගන්න උත්සාහ කරනව. අදට සුනාමි ව්‍යයසනය සිද්ධ වෙලා අවුරුදු 17 ක්. අපි ඉතා කුඩා කාලයෙ මේ ව්‍යසනය සිද්ධ වුනේ. නමුත් මේ ව්‍යයසනය අදටත් මිනිස්සු උත්කර්ෂවත් කරන්නෙ එයාලගෙ “පල්ලියට මුකුත් උනේ නෑ, බුදු පිළිමෙට මෙච්චරක්වත් හානි වුනේ ...
ජාතිවාදය සහ ඉන් මිදීමේ මග. පොඩි සාදුගෙ ලියමන (පුණ්ණෝවාද සූත්‍රය ඇසුරෙන් ලියැවෙන ඉතා කෙටි සටහනකි.) මම මේ ලියන ටික පාකිස්තානයෙ සිදුවුන සිද්ධියට සෘජු සම්බන්ධයක් නැහැ. සිද්ධි එක්ක පටලවගන්නැතිව කියවන්න. මම මේක වෙලාවක් ලැබුන ගමන් ලියන්න හිත හිත හිටිය එකක් සහ පාකිස්තානයේ සිද්ධිය එක්ක ලිව්වොත් වටිනව කියල හිතුන අදහසක්.ජාතිවාදයෙ ඉතිහාසයට විශාල දුර අතීතයක් තියෙනව. ඇත්තෙන්ම ජාතිවාදය කියන්නෙ ගෝත්‍රික අදහසක් කියල හිතුවොත් ඒකෙ ආරම්භය ගෝත්‍රික යුගයට යනව. නමුත් නූතන යුගයෙත් ...
ත්‍රිපිටක පෙරළීම පොඩි සාදුගෙ ලියමන ත්‍රිපිටකයේ තිබෙන සූත්‍ර පාඨ එහෙම් පිටිම්ම අරගෙන අර්ථ විමසීම තුළින් බොහෝ වැරදි අවබෝධයන් සිද්ධ වෙන්න පුළුවන්. ත්‍රිපිටකය කියන්නෙ බුදුන් වහන්සේගේ දේශණා ඇතුළත් ප්‍රධාන මූලාශ්‍රය. (බුදුන් වහන්සේ සකස් කරපු දෙයක් නෙමෙයි.) නමුත් ත්‍රිපිටකය කියන්නෙ වෙනම දැනුමක්. ඒක රහතන් වහන්සේලාගේ පටන් අවිච්ඡින්න සංවර්ධනයකට ලක්වෙමින් ආව එකක්. ඒක නිර්මාණාත්මක, විද්‍යාත්මක, භාෂාත්මක ක්‍රමවේද ගණනාවකින් සිද්ධ වුන දෙයක්. ...
අපිත් දවසක යනවා ලී කූඩුවේ පොඩි සාදුගෙ ලියමන මේ ටිකේම අපට විවිධ ජනප්‍රිය මරණ ගැන අහන්න ලැබුනනෙ. ඉතින් අපි හැමෝම ඒ මිය ගිය අයගැන ලිව්ව. කොරෝනා නොතිබ්බ කාලෙකනම් ලොකූ අවමංගල සභාවල කෘතිම ගුණ කථන ගොඩාක් අහල අවසන් ගමන් යන්න සිද්ධ වෙන ඛේදවාචකය වෙනුවට මේ කොරෝනා පීරියඩ් එකේ මේ පුද්ගලයන් ගැන ඇත්ත දැනෙන දේවල් බොහෝ දෙනෙක්ගෙ ලිවීම් මැද සමුදෙන්න ලැබීම ඔවුන්ගේ භාග්‍යයක්. (මම කියන්නෙ බැනුම් හරි) කියල මම විශ්වාස ...
සාමයේ වේදනාව බරපතලයි. පොඩි සාදුගෙ ලියමන ඊයේ ලෝක සාම දිනය. මේ වෙනුවෙන් බිබිලාදෙණියේ මහානාම හාමුදුරුවො මහන්සි වෙලා piece for peace කියල ලොකු මියුසික්මය වැඩක් කරල තිබුන. ඒක ඉතා හොඳ සිනමාත්මක වැඩක්. දින කීපයකම ඉදන් බිබිලාදෙණියෙ හාමුදුරුවො මේ වෙනුවෙන් මහන්සි වුනා දැක්ක නිසා ඒකෙ මොනාද වෙලා තියෙන්නෙ කියල බලන්න උවමනාව තිබුන. ඇත්තෙන්ම මට මියුසික් ගැන මට ලොකු ශාස්ත්‍රීය දැනුමක් නැහැ. මම බොහෝවිට සංගීතය රසවිදින්නෙ මගෙ මානසිකමය සුවතාවය ...
ත්‍රිපිටක සංරක්ෂණ පනත පොඩි සාදුගෙ ලියමන පාර්ලිමේන්තුව විසින් ත්‍රිපිටක සංරක්ෂණය සඳහා පනතක් ගේන්න හදනව. ඒකෙ කෙටුම්පත කියවන්න ලැබුන. මේක ගේන එකේ අරමුණ පනත් කෙටුම්පතට අනුව; 2)(1) ත්‍රිපිටක මණ්ඩලය විසින් පිළිගත් ථෙරවාද පාලි ත්‍රිපිටකයේ, පාලි අට්ඨකථාවල, පාලි ටීකාවල හා ඒවායේ පරිවර්තනවල(අ) අක්ෂර, පද, වාක්‍ය, ඡේද, ථේරවාදානුකූල හා පාලි ව්‍යාකරණානුකූල අර්ථ, (අ) ථේරවාද ත්‍රිපිටකයේ සැලැස්ම, පාලි අට්ඨකතාවල සැලැස්ම, පාලි ටීකාවල සැලැස්ම හා ඒවායේ ...
එන්න සැප ගන්න - දුක් වෙන්න පොඩි සාදුගෙ ලියමන ගොඩක් අය හිතන්නෙ කෙනෙක් විදින සැප දුක අනුව මහණකම තීරණය වෙනව කියල. දුක සැප කියන එකම සාපේක්ෂයි. කන බොන විදිය, අදින පලදින විදිය, ගමන් බිමන් පහසුව සලසා ගන්න විදිය. මේව අපි කොච්චර මිනුම්දඬු විදියට පාවිච්චි කලත් අපිට පුළුවන්කමක් නෑ කෙනෙක් සැපෙන් හෝ දුකෙන් ඉන්නව කියන්න. ඊයෙ පෙරේදා අර හාමුදුරුවො කෙනෙක් V8 කාර් එකක් ගත්ත කියල බොහෝ දෙනා අදහස් දැක්වීම් කරල තිබුන. ඇත්තෙන්ම ඒ අදහස් දැක්වීම් ...
එයා කොච්චර පව් ද? - Women's Day පොඩි සාදුගෙ ලියමන අද කාන්තා දිනය. කාන්තා දිනයෙදි කාන්තාව ගැන වැඩියෙන් කතා වෙනව. කවුරු හරි ගැන යමෙක් විසින් කතා කිරීම ම හොඳ දෙයක්. අපිට අපි ව මිස් වෙන වෙලාවක තව කෙනෙක් මිස් කරගන්නැතිව ඉන්න උත්සාහ කරන එකම කොච්චර දෙයක්ද? කාන්තාව ගැන කතා කරද්දි බුදුන් වහන්සේ කාන්තාවට දීල තියෙන තැන ගැන කතා කිරීම හොඳයි කියල හිතුන. බුදුන් වහන්සේ කාන්තාව වෙනුවෙන් කරපු ලොකුම දේ තමයි ...
ශ්‍රී පාද සාහිත්‍ය පොඩි සාදුගෙ ලියමන රටක සාම්ප්‍රදායික සාහිත්‍යය නිර්මාණය වෙන්නෙ රටක තියෙන සංස්කෘතික චාරිත්‍ර සහ ආගමික ඇදහිලි තුලින්. ලංකාවේ සාහිත්‍ය ප්‍රවර්ධනය වීමෙහිලා ශ්‍රී පාද අඩවිය පුදුමාන්තර හෙවනැල්ලක් වෙලා තියෙනව. ශ්‍රී පාද අඩවිය කේන්ද්‍ර කරගත්ත ආගමික සාහිත්‍යක් වගේම වින්දනීය කවි ගීත සාහිත්‍යක් අපේ පැරණි සේම අලුත් නිර්මාණ කරුවන් ගොඩනංවල තියෙනව. මට මේ ටික ලියන්න හිතුනෙ අද ශ්‍රීපාද වන්දනාව ආරම්භ වෙන දවස නිසා. කොවිඩ් නිසා වන්දනා ...
මේ ප්ලැනට් එකේ උතුම්ම අය සෙවීම. පොඩි සාදුගෙ ලියමන අපි සදාතනික අරගලයක යෙදෙනව. කුමක් සඳහාද? මේකෙ අපි එක්කම ජීවත් වන අය අතරෙ උතුම්ම අය, හොඳම අය, සොයන්න. මේක සාම්ප්‍රදායිකව ලෝකයේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අපි හැමෝම ආසයි රාමුවක් හදාගෙන ඒකෙ ඇතුළෙ විශිෂ්ටයෝ, වන්දනාමාන කරන්න අය, ගරහන්න කට්ටියක්, බැනුම් අහන්න කට්ටිය, තව තව කුලක හදාගන්න. මේක එක විදියකින් ජීවියා සාමාන්‍ය සමාජ ජීවිතය ඇතුළෙ හොයන සතුට. මේ දේවල් නැතුව ඇත්තෙන්ම සාමාන්‍ය ජීවිතවල ...
තාත්තලා ගැන දුවලගේ කතාව : චන්ද්‍රමණ්ඩලේ : අභිෂේකා විමලවීර පොඩි සාදුගෙ ලියමන සුනිල් එදිරිසිංහ මහත්තය "චන්ද්‍රමණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ" ගීතය ගායනා කරන්නෙ මීට අවුරුදු ගානකට කලින්. මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේමාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ කියල; දුවෙකු කෙරෙහි මහා ආදරයක් හිතේ කැටි කරගෙන ලියන්නෙ රත්න ශ්‍රී විජේසිංහ මහත්තය. අදටත් හොල්ලන්න බැරි, මෙහෙමයි කියල ගලවල අයින් ...
කවිකීර්ති ගීත කීර්තිය | ගුරුගොඩ සිරිවිමල පොඩි සාදුගෙ ලියමන ආරාධනා ඒකනායක අක්ක කවිකීර්ති හිමියන් ගැන සටහනක් ලියල තිබුන දැක්ක නිසා මම කාලයක් තිස්සෙ කවිකීර්ති හාමුදුරුවෝ ගැන ලියන්න ඕන කියල හිතාගෙන හිටිය දේවල් අද ලියන්න ඕන කියල හිතුන. මට එහෙම හොයාගෙන ලියන ආසාව ආවෙ ලහිරු කිතලගම අයියා "කළු සමනලයා" තීරු ලිපිය ලියන කාලෙ; එයාගෙ ලිපියක් කියවීමෙන් පස්සෙ. කූඹියෝ ටෙලිනාට්යේ විදියට කියනවනම් "චාමර කියන්නෙ අහිංසකයෙක්; එයාව හැදුවෙ කවිකීර්ති හාමුදුරුවෝ" චාමර වීරසිංහ ...
හමාර බණවර හැඟීම පොඩි සාදුගෙ ලියමන මීට වසර දෙකක් හෝ එකහමාරකට පමණ පෙර ඉතා සංවේදී කවි පෙළක් පුවත් පතක පළ වී තිබූ අයුරු Facebook තුළින් දැකගන්නට ලැබිනි. එසේම එය මාගේ හිතවතියක් අතින් ලියැවී තිබුනු අයුරු දැක ඇය වෙත සුබ පැතුවා මට අද වාගේ මතකය. එහි විශේෂ දේශපාලනික හෝ සමාජ දෘෂ්ටියක් තැවරී නොතිබුන අතර ඉතා සංවේදී රූපක ගොන්නකින් පිරී තිබුනා මට මතකය. මෙය කුමන ආරක කවි පද ...
වැස්ස! වැස්ස!! ඉතින් වහින්න. පොඩි සාදුගෙ ලියමන වැස්ස කියද්දිම මට මතක් වෙන තැන් දෙකක් තියෙනව. එකක් ඛුද්ධක නිකායේ තේර ගාථා පාළියේ ගිරිමානන්ද ථේර ගාථාව. අනික ධනිය සූත්‍රය. මේ දෙකේදිම වැස්ස මුල් කරගනිමින් තමන් ලබපු අධ්‍යාත්මික සුවය ගැන ඉතා ඉහළින් පෙන්වා දෙනව. ඒක මට වැස්සක් තරම් ලස්සනයි. වැස්ස අපිට පීඩා ගෙන දෙනව, වැස්ස සූදානම් නැති මිනිස්සුන්ට හැම අතකින්ම පීඩා කරනව. වැස්ස වෙලාවක පාරෙ යන්න බැහැ, ගෙදර ඉන්නත් බැහැ. ...
ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක්නෑ පොඩි සාදුගෙ ලියමන ඊට පස්සෙයි වැහි වැටුනෙ; වැහි වැටුනට පස්සෙ හැමදේම වෙනස් වුනා. මනුස්සය මැරුණෙ නයෙක් ගහල. ඒ මදිවට දරුවො ටිකත් නැති වුනා. ඒ හැමදෙයක්ම වෙද්දි එයාට මේ කිසිවක් දරාගන්න බැරිවුනා. එයා ඇඩුව, වැළපුනා, ශෝක වුනා, පිස්සියක් වුනා. එහෙම තියෙද්දිත් එයා එයාගෙ අවසාන පිළිසරණ කියල හිතාගෙන ගිය තාත්ත අම්ම, සහෝදරය පවා වැස්ස නිසා විනාස වෙලා ගිහිල්ල තිබුන. එයාට තව තවත් අඬනව හැරෙන්න විකල්පයක් ...
කුඩා දරුවන් පැවිදි කිරීම පොඩි සාදුගෙ ලියමන කුඩා දරුවන් පැවිදි කිරීම පිළිබඳව ප්රශ්නය නැවත නැවතත් ඇති වෙමින් පවතී. සෑම මොහොතකම ආගම, ජාතිය, සංස්කෘතිය සහ සමාජය ඉලක්කගත වෙමින් කුඩා දරුවන් හිංසනීය තත්ත්වයන්ට පත්වීම දැන් දැන් නිතර අසන්නට දකින්නට ලැබෙන අතරම ඒ පිළිබඳව මුහුණුපොතේ සක්‍රීය වෙමින් සිටින්නන් ලෙස මමත් බොහෝ හිතවතුනුත් තමන්ට හැකි ලෙසින් වචන අකුරු කරමින් සිය දායකත්වය සැපයූවත් ප්රශ්නය නැවත නැවතත් සිද්ධ වීමෙන් පෙනෙන්නේ මහජන සවිඥානිකත්වයේ ...