තෙරපිය - The Therapy ගල්මල්-Coral අදත් බැරිලු කරන්නඅන්තිම තෙරපිය.කීවතාවක් නම් කල්ගියා ද?ඉන්නෙපයි වරුවක් එනකම්ගමේ යන බස්සෙකඔන්න ඔහේ ඉන්නවා මෙතැනම.මහා දානපති ගමේ මුදලාලිසැරසිලා සුදෝ සුදු ඇඳුමින්පිටව ගියා හීන් සීරුවෙන්වහලා ඉමර්ජන්සි දොරටුව,බලන්නෙපයි කටපුරා හිනාව.රිදුම් දෙන ඇඟපත,ඇවිදින ඇටකටු කූඩු,ගිලුන දෑස් බලා හිඳීඅපේක්ෂාවෙන් එනතුරු වාරය.පිච්චිලාලු පිලිකා වාට්ටුවේ මැසිම,හරි පදමට පිච්චුනා දමුදලාලියේ මැණික් කැටය? ...
බිඟුවනි මුලා නොවන් ගල්මල්-Coral නෙක උයන් වතු පුරාපාට මලින් පිරිලා හැඩයි,හෙට දවසේ පල බරින්අතු ඉති පුරවන වහසි බසින්සුරඟන රැඟුම්...ගුමු ගුමුවෙ ඇදීමුලා නොවන්,ඉටි මලින් සරසලාඅහස උස තුඹස්යසසින් වැජඹෙන වේයන්... කලබලෙන් උන් ඇදෙන්නේරැකෙන්නට උනුන්,රකිමින් උන්ගේ රජුන්මිස නිමාකරන්නට දඋන් පැටවූ අපේ කරුමයන්...පුංචි පුංචි බිඟුවන් ලෙසින්පෙළින් පෙළට යමන්,හෙට පලබර වෙන්න නම්පරිස්සමෙන් නියම මල තෝරාගනිව්මුලා නොවෙව්! ...
සමුගන්න අවසරයි ගල්මල්-Coral නුඹේ ලැම විසලයිඅතු ඉති පිරි සෙවන සිසිලයිඉතිරෙන සෙනෙහෙ කරුණාව උතුරයිදළු, කොළ, මල් පල බර නැතුවයිපුංචි ළදල්ලකට ඉඩ දුන්නාසෙනෙහසින් හොවා කිරිකර පෙව්වාසවිමත් හරිත පතකව වැඩුවාසුළඟේ ලෙලෙනා මාරුත පරදා දිරි දුන්නායුතුකම් ඉටුකලෙමි නම්අතු ඉති රිකිලි මල් පලකොළ වඩා ගස මුල රකින්නට,ලෝ සතාට හුස්ම බෙදන්නටදුකක් නැත ඉතිං, සැරසෙමි සමුගෙන යන්නඑපා රන්කඳ කඳුලු සලන්න...සටහන:පෘෂ්ඨිමත් හරිත පත්‍රයක ඇතිවෙන අවපැහැ පුල්ලියක් විග විගස කොළ පත ...
මොත්තයෝ - The Moths ගල්මල්-Coral අත්තෙන් අත්තට පියාඹනපාට පාට සලබයෝනොවුනත් සමනළයින්දෙගොල්ලෝමගස කොළ වැනසූදළඹුවන්*සලබයා = Moth
කයිවාරුව: රෝස පෙති ගල්මල්-Coral මිනිස් සිරුරේ ඇතිවෙන නොයෙකුත් වේදනාවන් නැසීමට එහෙමත් නැතිනම් අවම කිරීමට වේදනානාශක (painkillers) බෙහෙත් වර්ග බාවිතා කෙරෙනවා. ඒවා රිදුමට ලක් වූ සිරුරේ මතුපිට ආලේප හැටියට වගේම ගිලින පෙති, දියර හෝ එන්නත් හැටියට ශරීරගත කෙරේ.බටහිර වෛද්‍ය ක්‍රමය අනුව බෙහෙත් වර්ග ජෙනටික් (genetic) හෙවත් පොදු නමකින් හඳුන්වන ක්‍රමවේදයක් බාවිතයේ තිබුණ ද විවිධ නිශ්පාදන සමාගම් නොයෙකුත් බෙහෙත් වර්ග තම අණසකට අරගෙන ඇති බව නොරහසකි. ...
රෝස පෙති ගල්මල්-Coral වියළුන තොල්පෙතිසිඹියිරෝස පෙති,සමහන් කෙරුමට වේදනාවරතු රුහිරු වෙත්දසුදුමැලි ආතුර ගතේ...
ප්රයාණය - The Journey ගල්මල්-Coral දිළෙමින හිරු එළියේවිටෙක මැලවෙමිනවිඳිමින මද සුළඟමැඩගෙන මාරුතඅතු ඉතිදළු මලඋල් කටු ද එක සමව සුරැක්කඋඩ පහළ යනෙන පපුතුරටහුස්ම පොද ලබා දුන්නහරිත පතක පුංචි පුල්ලියක්,නැග එන හිරු බැස යනගෙවමින දින දිනවිදහා වට වටවැඩෙනා පැල්ලමක්,පලවා හරිමින හරිතයඅවපැහැ ගිලගනීවිග විගසින,තැන තැන පොත්ත පිපුරුනගැට ඉලිප්පුන කඳකඳුළ තද කරගෙනබලා හිඳී,ඉදුන කොළ පතතවත් ගමනකදින ගනී...* ප්රයාණය = ගමන, journey ...
නුඹ මලක් රඟනා තුරු ගල්මල්-Coral නුඹ මලක්සුවඳක් නැතිපැණි නොබෙදනබඹරු නොඇදෙනඑනමුදු, නෙතු ඇදගන්නාසුදෝ සුදු ලස්සන මලක්...ඔසවාගෙන බරක්නිදැල්ලේ, තනිව ආලිංගනයකසැහැල්ලු සුදු මලක්විදහා රඟනා තුරුනෙතු සනසන නැටුමක්... ...
අම්මේ නුඹ Architect ගල්මල්-Coral අම්මේ නුඹවපාගපු හැම එකාම දුන්නේවෙනම ගැම්මක්කෙලවරක් නැතුව රිදවපු හැමවාරෙම රටාවක්ජීවිතය ජයගන්නවාරුවක්...Mother's Day 2024
ඇටයක වෙත් ද ගල්මල්-Coral සවිමත් කඳ, අතු ඉති රිකිලිමුදු ලාදළු, බෝ රළු පත්සුමුදු, සුවඳැති මධු බිඳු පිරි මල්නෙක කටු, පරිස්සමට වකුටුවකෝම ඇසුරුවා ද චූටි ඇටයක?සම අසමව,පුදුමයකි!සන්තකේ මොනා දැයි බලනු රිසි නම්ඉතිං, පැල කලයුතු.වැඩෙන්නට, දුවා සවි ඇති මුල්වැළඳගෙන මහපොළොව,සිව් සම ගෙවාසිප අහස් කුස විහිදා අතු ඉති,කාලයක් අවැසි වුවදබෙදන්නට රස ඵල...විහිදා පුංචි හරිත පත් බෙදනවා ඇතිලොබ නැතිව හුස්ම පොද, පොදසෙනෙහසින් දෑත් විහිඳු දා සිටජීව වායුව අමිල.English ...
නිදහස, සාධාරණය, යුක්තිය තිබුණේ ගල්මල්-Coral මුදු රළු, උස් පහත් හඬින් දෙසනදම්සැලෙත් නැතිඔසවා උඩට රැකිය යුතු තැන්වල පවාසුරැකෙනවාදැයි නිච්චියක් නැතිනිදහස, සාධාරණය, යුක්තියතිබුණේ ශබ්දකෝෂයේ,එතැනත්රිදියෙන් දිලෙන කාවුන්.English version: Where Fair, Free andJustice is Found? ...
අවනත සොබාව | Nature's Treat ගල්මල්-Coral සැඩ හිරුඅණසක පතුරමින් ඔරවනසවස්වරුවක,සැනෙකින්...හතර වටින් කලුකරපාවී ආවා වලාකුළු රොත්තක්අරගෙන දවන ගත නිවාලනසිසිල් සුළඟක්...කොහෙන් දෝ අවුදින්අඳුරු අහසේඔසවාගෙන පැසක්බමනලංව, ඈත්ව රඟනාසුදෝ සුදු වරා මල් පෙලක්නිදැල්ලේ, ලස්සනට...පවන සැර වියඅහස කඳුළු සැලුවාවගසින්නිදහස් කර තුටින් ද?පුපුර විසිරුන බිතුදැක දුකින් ද?කොහේ සැඟව ගියා දෝවරාමලියන් තෙතබරිතව... ...
යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනී ගල්මල්-Coral යකඩ යක් කුමරියනී, දේවියනී, රැජිණියනීදුවන්න හනි හනිකට කොළොම්පුරේටඉඟසුඟ නලවා පරිස්සමෙන්රැගෙන එන්න දූ පුතුන් ගමරටටදුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු
දුම්රියට කාන්තාවන්ගේ නම් යොදන හේතු ගල්මල්-Coral ඇයි දුම්රියට පිරිමින්ගේ නම් නොදමන්නේ? ඇයි කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ? මේ ගැටලූව අනන්තවත් ඔබේ හිතට නැගෙන්න ඇති නේද?දුම්රියට කාන්තාවන්ගේ නම් පමණක් යොදන්නේ දුම්රිය වගේම කාන්තාවත් නඩත්තු කරන්න අපහසු නිසා කියලා කසුකුසුවක් තියෙනවා තමයි. නමුත් මට හිතෙනවා පෙනෙනවට වඩා හිතෙනවට වඩා සැඟවුන කතාවක් මේ නම් තැබීමට හේතු වෙන්න ඇති කියලා.ඇහෙන කතා, කියන කතා, ඉතිහාස කතා අතරින් අපි සොයා බැලූවා මේ අපූරු ...
පාට පාට සරුවත් ගල්මල්-Coral හිරු දවනවා.කඩ වීදිය පුරාලබයි ලාබයි කියනවා.අතේ ගුලිකරගත් නෝට්ටුවහිස් උරමලු අරගෙනසාප්පුවෙන් සාප්පුවට දුවනවා.හෙම්බත්ව දුවනාමිනිසුන්ටපාට රසකර සරුවත්හැදෙනවාකඩවීදියේ තැන තැන.දවන හිරු යටසීතකර සරුවත්කාසි දී අරගෙනඋන්ම බොනවා. ...
බල්ටිමෝ - දෛවයේ සරදමක් ගල්මල්-Coral කඩා වැටෙමින්පාලම බල්ටිමෝහෙළි කලේකුණු නැවක්,මොන කුණු රජෙක්,දෛවයේ සරදමක්උන්ගේමපිලිකන්නේවිස කුණු ගොඩක්ඇස් වසා යටගියෑකි පුවත
ජීවිතය ජීවත්කරන ජීවය - ජලය ගල්මල්-Coral මෙලොව අර්බුදයකට හැරෙනජීවිතය ජීවත් කරන්න ගිවිසඔබව රකින මූලික දෙයක්,එපා, එපා නොසලකා හරින්න මා...දනිමි මා ඔබ කවුරුන්ද,එපා හිත් වේදනා ඇති කරගන්නඔබේ කතාව මා නොදන්නමමය ඔබේ මතකයනැතිවුනොත් මා, නිසැකව ඔබද එපා යන්න ඈතට, වෙන්න මට අවංකවරැකගන්න හොඳට, පරිස්සමෙන්සෙනෙහසින්, මා නිමලමා ඔබය, ඔබ මායඑන්න, එන්න මා වෙතමා වෙමි ජලය, නිදහසේ උපන්සුරකිනු මැන,නැත්නම්මා ඈත, ඈතක පලායන...සටහන:අද මාර්තු 22, දිනට යෙදෙන ලෝක ජල දිනය (World ...
පොඩි මිනිහගේ මලගම | At The Burial Of The Common Man ගල්මල්-Coral පෙරහැරේ වාහන දෙකක් පමණිකවුරුවත් දකින්නැතුව ඇතිසලිත, කම්පිත, වේගයෙන් හද ගැස්සෙනමා බිය වූයෙමි.පිරිමියෙකු නේද?හිතට හයිය ගත්තෙමි.බෝහෝ වැදගත් යමක් සිදුවියමේ දැන්, මෙලොවමිමිනුවෙමි ජාතික ගීය.තව දරාගත නොහැක මහදට.පෙරහැර දෙස බැලුවෙමි.මැඩගෙන, දිව ගොස් එක් වුයෙමිමිනීවල වටේ උන් කීප දෙනා අතරට.දිරිය ගතිමි, මිදුනෙමි නොරිස්සුමෙන්.මලගිය ඇත්තෝ,ඒ නාඳුනන මිනිසා කවුරු වුනත්,මට අරගලයට පණ දුන් ජීවියෙකි.එනමුත් දැන් ඔහු තනිවුන,මුනිවත ඔහුගේ එකම ජය.වැලපෙන්නෙමිතම එකම එක සෙන්පතියාගේ සොහොන අසලසෙබලෙකු විලස.At ...
බොක්ක ගල්මල්-Coral මහ මුහුද භූමිය තුලට නෙරීමෙන් ඇති වූ පෙදෙස බොක්කය. ඉන්දීය සයුරේ පිහිටි ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් සුවිසල් බෙංගාල බොක්ක වගේම වයඹින් මන්නාරම් බොක්ක යන බොකු දෙකය. බෙංගාල බොක්කේ තත්වය අපේ රටේ දේශගුණයට වගේම කාලගුණයටත් බලපෑම් කරන ප්‍රධාන සාධකයකි. බෙංගාල බොක්ක Bay of Bengal වෙන අතර ලංකාවේ දේශපාලන කලාව විටින් විට මතුකරන, රැල්ල යටම නිදියන ඛණිජ නිධි ඇතැයි කියන්නේ Bay of ...