චරණ ධර්ම භව නිරෝධ සනරාමර ලෝක ස්වාමි වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් සත්වයා සසර දුකින් නිදහස් කරලීම සඳහා නිරන්තරයෙන්ම අනුශාසනා කළ සේක. සසර දුක් කෙළවර කොට නිවන සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන තැනැත්තා පුරුදු පුහුණු කළ යුතු කාරණා පහළොවක් පිළිබඳ බුද්ධ දේශනයෙහි සඳහන් වන්නේය.ඒ බව මජ්ජිම නිකායේ (සේඛ සූත්‍රයේදී) තථාගතයන් වහන්සේ පැහැදිලි කොට ඇත.චරණ ධර්ම යනු හැසිරීම් යන අර්ථයෙන් විස්තර වන්නේය. එසේ නම් ...
ගුණමකන ගුණමකුබව(කෙලෙහි ගුණ නොදත් බව) භව නිරෝධ මක්ඛො කියන්නේ ගුණමකු බවයි. ගුණමකු බව කියන්නේ තව කෙනෙකු තුල තිබෙන සැබෑ ගුණයන් මකමින් කතා කිරිමමයි. රේරුකානේ චන්දවිමල මහානායක හිමිපානන් එය විස්තර කරන්නේ මෙසේයි.“ මාපියන් විසින් ගුරුන් විසින් නෑයන් මිතුරන් විසින් කල උපකාර වලින් දියුනුවී මා මගේ වීරියෙන්ම දියුනු වූවා මිස මට කවුරුත් කල දෙයක් නැත. කාගෙන්වත් මට උවමනාවක්ද නැත කියා කළගුණ අවලංගු කරන ස්වභාවය මක්ඛ නම් වේ. ගුණමකු ...
සුගත බුදු ගුණය භව නිරෝධ සියලුම බුදුරජාණන් වහන්සේලා සතුව පවතින තවත් සුවිශේෂී ගුණයක් සුගත නමින් හැඳින්වෙනවා. සුගත යන පදයට වචනයට ප්‍රධාන අර්ථ දෙකක්ද තවත් අර්ථ නිරූපනද තියෙනවා. සු -ගත (ගමනාර්ථය)සු- ගත (වචනාර්ථය)එතකොට ගමනින් ශාන්ත පැවැත්මෙන් සංවර නිසා බුදුරජානන් වහන්සේට සුගත යැයි කියනු ලබනවා. ගමනින් ශාන්ත පැවැත්මෙන් සංවර කිව්වාම එතන තියෙන්නෙ භෞතික අරමුණක් නෙවෙයි. ලෝකයේ පහළවූ විවිධ ශාස්තෘන් වහන්සේලා දාර්ශණිකයන් චින්තකයින් ඒ ඒ තමන්ගේ දෘශ්ඨීන් ...
විජ්ජා චරණ සම්පන්න ගුණය භව නිරෝධ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන් සහ පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වන බැවින් විජ්ජා චරණ නම් වේ.අෂ්ට විද්යාඒ ඒ දෙය ඒ කාරනා වලින් යථාභූත ලෙස නිරවද්‍ය ලෙස දන්නා දකිනා නුවණ විද්‍යා නම් වෙනවා. බුද්ධ විෂයයෙහිදි විද්‍යා ලෙස ගනු ලබන්නේ සාමාන්‍යය ලෝකයාට බුද්ධිමතුන්ට විද්‍යාඥයින්ට පවා ගෝචර නොවන විෂයය නොවන කාරනා සම්බන්ධයෙන් පවා බුදුරජාණන් වහන්සේ නමක් සතුව පවතින විශිෂ්ඨ ඥාණයය. චරණ ධර්ම ...
සම්මා සම්බුද්ධ ගුණය භව නිරෝධ පංච විධ ඤෙය්‍ය මණ්ඩලය, එනම් සංඛාර, විකාර, ලක්ඛණ, පඤ්ඤත්ති, නිබ්බාණ ස්වයංභූඥානයෙන් පරෝපකාර රහිතව සර්වප්‍රකාරයෙන්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක. සියලු කෙලෙස් මරුන් පරදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාය¸ සත්‍ය ධර්මයන් ආය¸ අෂ්ඨාංගික මාර්ගයෙන්, මැදුම් පිළිවෙතින් අවබෝධකර උතුම් වූ නිර්වාණ ධාතුවට පැමිණි උත්තමයින් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.සසර නමැති ගෙය ගොඩනගන්නාවූ තෘෂ්ණාව ...
අරහං බුදු ගුණය භව නිරෝධ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සර්වඥතා ඤාණය මහා සමුදුර සමානය. උන්වහන්සේගේ ගුණ නවයෙක් වේ. ඒ ගුණ නවය තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඤාණය නමැති මහා සමුදුරට එක්වන මහා ගංගා නවයක් බඳුය. මේ ගංගානවයෙන් කුමන ගංගාවකට බැස ස්නානය කළ ද එම අයගේ සකල ශරීරයම ශ්‍රද්ධාව නමැති සිසිල් ජලයෙන් පහස විඳියි. පහස විඳින එම අය බුදුපියාණන් වහන්සේගේ සර්වඥතා ඤාණය නමැති සාගරයට පිවිස සෝවාන් ආදී ...
කල්‍යාණ මිත්‍රයන් හඳුනාගන්නේ කොහොමද? භව නිරෝධ මුලින්ම අපි කල්‍යාණ මිත්‍රයන් හතර දෙනා හඳුනාගනිමු. මේ අතුරින් පළමුවැනිව, උපකාරක මිත්‍රයා කියන්නේ තමාට උපකාර කරන මිත්‍රයායි. උපකාරක මිත්‍රයා හැඳින්වීමට සිගාලෝවාද සුත්‍රයේදී දේශනා කළා තම මිත්‍රයෙක් සුරා පානයෙන් මත් වූ විට ඔහු ආරක්ෂා කරයි, ඔහුට අයත් දේ ආරක්ෂා කරයි. බියට පැමිණි තැනත්තාට පිහිට වෙයි, වුවමනාවක් වූ විට එය දෙගුණයක් කර ලබා දෙයි. මේවා උපකාරක මිත්‍රයා හඳුනාගැනීමේ ලක්ෂණයයි.සමාන සුඛදුක්ඛ මිත්‍රයා ...