සිත රැකගනිමු භව නිරෝධ ‘‘කුම්මොව අඞ්ගානි සකෙ කපාලෙ,සමොදහං භික්ඛු මනොවිතක්කෙ;අනිස්සිතො අඤ්ඤමහෙඨයානො,පරිනිබ්බුතො නූපවදෙය්ය කඤ්චී’’ති.“අවයවයන් සිය කබලතුළ බහා ගන්නා ඉදිබුවාසේ මහණතෙම සිතේ උපන් විතර්කයන් භාවනාලම්බන (සිහිය) නමැති කබලෙහි එක්කොට බහාලන්නේ, තෘෂ්ණාදෘෂ්ටි ආදීන්ගේ ආශ්රයෙන් තොරවූයේ, අනුන් නොවෙහෙසන්නේ: කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ කිසිවෙකුටත් නින්දා නොකරන්නේය .”කුම්ම සූත්‍රය- දේවතා සංයුත්තය-සගාථ වර්ගය- සංයුත්ත නිකාය-එහි සරළ අදහස-මෙතැනින් අදහස් වෙන්නේ මොකක්ද? කෙටි උපමා කතාවක් තිබෙනවා. එක්තරා ඉබ්බෙක් ගංඉවුරක වැලිතලාවෙ ඉන්න අත
සසර නම්වූ රුදුරු සැඩපහරේ භව නිරෝධ සසර නම්වූ රුදුරු සැඩපහරේගිලී නොනැසී එතෙර කරවනතොටමුණයි ඔබ නිබඳ බුදුසමිඳේ...සියලු දුක පිරි රුදුරු ගඟුලයිපතුලෙ මිනිමුතු සොයා වෙහෙසයිගිලී එහි සැඩ දියේ වැනසෙයිලැබුනෙ නොවටින බොරළු දෝතක් දෝබොරළු දෝතක් දෝ...මඩෙහි පැලවී මඩෙන් මතුවීමඩ නොගෑවී පිපි නෙළුම සේනොතැවරී නොඇලී නොගැටෙනාපිණිස පවතින දහම් සිසිලයි ඒ...දහම් සිසිලයි ඒ...පදරචනය- ගායනය- ස්වර නිර්මාණය සහ සංගීතය-jayantha colombageගීතය මෙතැනින් ශ්‍රවණය කරන්න. ...
බහුශ්‍රැත බව භව නිරෝධ “බහුශ්‍රැත” බව යන්නට සාමාන්‍ය සිංහල තේරුම බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව යන්න යි. මෙහි ඇසූ “ යන්නෙන් අසා ඇති බවත් ,පිරූ යන්නෙන් මතක තබා ගෙන ඇති බවත් කියැවේ. මේ අනුව බොහෝ දේ අසා මතක තබාගෙන ඇති තැනැත්තා සමාජ ව්‍යවහාරයේ අයුරින් බහුශ්‍රැතයෙකු වේ. එසේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට බහුශ්‍රැත බව යනු ඊට වඩා බොහෝ උසස් දෙයකි. ...
සීල සමාදානය හා එහි අනුසස් භව නිරෝධ නාථකරණ සූත්‍රයට අනුව එහි වන සීලවා හොති හෙවත් සීලය ගැන කෙරෙන විවරණයක උපුටාගත් සටහනක්සීලය යනු කුමක්ද?බුදුදහම පර්යාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේද වශයෙන් ත්‍රිවිධ ශාසනයකින් යුක්තය. මෙහිදී ප්‍රතිවේද සාසනය යනුවෙන් දක්වන්නේ සෝවාන් ආදි මාර්ගඵලවලින් යුතු නිර්වාණයයි. එය නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ලෙසින් ව්‍යාවහාර කරනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ බුදු,පසේබුදු , මහරහත් යන ත්‍රිවිධ මාර්ගයෙන්ම නිර්වාණය ප්‍රතිවේද කළ හැකි වීමයි. දෙවියන්, බඹුන් මැරුන් ...
පිහිට සහ රැකවරණය - පඨම නාථකරණ සූත්‍රය- භව නිරෝධ බුදුරජාණන් වහන්සේ වදාරනවා ‘‘සනාථා , භික්ඛවෙ, විහරථ, මා අනාථා. දුක්ඛං, භික්ඛවෙ, අනාථො විහරති.“ යනුවෙන්.එහි අදහස “මහණෙනි, පිහිට ඇතිව වසව්. පිහිට නැතිව නොවසව්. මහණෙනි, අනාථයා දුකසේ වාසය කරයි.“ කියායි.පිහිට යනු රැකවරණයට තවත් නමක්. එතකොට බුදුරජාණන් තමන්ට රැකවරණය පිණිස පවතින කාරණා දහයක් ගැන. ඒ කාරණා දහය ගැන කථාකරන්නට පෙරාතුව ඇයි පිහිට රැකවරණය උවමනා කරන්නේ යන කාරණය පැහැදිලි කරගත යුතුයි. “මහණෙනි, පිහිට ...
මෙත්තානිසංස සූත්‍රය භව නිරෝධ මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ.1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්ර බෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.2. මෙත්තාය භික්ඛවේ ...
බාලයා මෙසේ දත යුතුයි. භව නිරෝධ ධර්මයෙහි බාලයා සහ පණ්ඩිතයා යන යෙදුම් දෙක නිරන්තරයෙන්ම බොහෝ දේශනා වල යෙදෙනු දක්නට ලැබේ. මෙතැන බාලයා යනු වයසින් හෝ වෙනත් දේකින් අඩු තැනැත්තා යන අර්ථයෙන් නොගැනේ. එමෙන්ම පන්ඩිතයා යනු සම්මුති ව්‍යාවහාරයේ එන සියල්ල දන්නා කෙනා යන අර්ථයෙන්ද නොගැනේ. බුදුරජාණන් වහන්සේ බාලයා සහ පණ්ඩිතයා යන යෙදුම් භාවිතා කොට වදාලේ ඊට එහා ගිය දැඩි ගැඹුරක් සහිත ධර්මතාවයක් විස්තර කරන්නටය. “දීඝා ජාගරතො ...
සීලසමාදානය පිළිබඳ බුද්ධ දේසනාව භව නිරෝධ සීල සමාදානය සහ චන්ද්‍රයාගේ දර්ශනය අතර ඇත්තේ එකිනෙකට බැඳුනු සම්බන්ධයකි. වර්තමාන දිනදර්ශනය අනුව නොව පෙර පැවතියේ චන්ද්‍ර මාස ක්‍රමයයි. දින දර්ශනය සකස් වූවේ චන්ද්‍රයා පොලොව වටා යන ගමන අනුවයි. 1. සඳ නොපෙනෙන දිනය - අමාවක2. එයට පසු පළමු දිනය - පෑළවිය3. දෙවන දිනය - දියවක4. තුන්වන දිනය - තියවක5. සිවු වැනි දිනය - ජලවක6. පස්වැනි දිනය - විසේනිය7. හය ...
පුනරාගමනය භව නිරෝධ පුරා වසර ගනනාවක් තුරාවට ලියූ කවි සිය ගනනක්, ගේයපද,මගේ ගායනා මගේ තනු නිර්මාණපුනරාගමනය නමින් මා එකතු කලා..මෙතැනට පිවිස (පහළ ඡායාරූපය මත ක්ලික් කොට)පුනරාගමනයට යත හැකියි. ...
කර්මය 01 භව නිරෝධ ජීවිතයට සැප දුක් වේදනා ලබා දෙමින් පුද්ගලයා අනුව ලුහුබඳින එකම ශක්තිය කර්මයයි. කර්මයට යටත් නොවන අයෙකු විශ්වයේ කොතැනකවත් නැත. ජාති, කුල, ආගම්, පක්ෂ භේදයකින් තොරව කුමන තරාතිරමක අයෙකුට වුවත් කර්මයට මුහුණ දෙන්න වෙනවා. දුගී පැල්පතේ සිට මහා මන්දිරවල සැප විඳින රජතුමා දක්වා සහ අන්ධ බාල පෘථජ්ජනයාගේ සිට සිත දියුණු කිරීමෙන් සියල්ල අවබෝධ කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දක්වා මේ සියල්ලන්ගේම ...
තමා දිහා බලන්න භව නිරෝධ සමාජයේ අපට මුණ ගැහෙන විවිධ චරිත විවිධයි විෂමයි. ලෝක ස්වභාවය එයයි. “නානත්ත කායා නානාත්ත සංඥා“ විවිධ මනෝභාවයන්ගෙන් යුක්තයි. මේ ලිපියෙන් කතාකරන කෙනා පිළිබඳව වටහාගෙන එවන් අයගෙන් ප්‍රවේසම් වන්නටත්,තමා එවැනි අයෙක් නම් ඒ වංචාකාරී බවින් මිදී උතුම් අයෙක් වන්නටත් උපකාරිවන ධර්මයෙහි සූත්‍ර දේශණා ගනනාවක සඳහන් කරුණු තිබෙනවා. තමන් ලාභ ප්රයේජන ගන්නා කෙනාගේ වැරදි නිවැරදි හැම දේම අනුමත කරන අය ඉන්නවා. ...
අගුණ සහ නුගුන භව නිරෝධ රනින් කන්දක් දුන්නත්නොදුන් රන් කෙන්දටදදුන් රන් කන්ද අමතක කොටවෛර බඳිනුයෙ කිමද දුදනනඑහෙම තමයි ලෝකයේ හිත පවතින විදිය. ලැබුන දේ ගැන නොව,ලැබෙන දේ ගැන නොව, නොලැබුන දේ ගැන, නොලබන දේ ගැන සිත සිතා දවස පුරාම සිතිවිලි පහළ කරගෙන, දෙන කෙනා කෙරෙහිම ද්වේශයෙන් කටයුතු කිරීම ලෝක ස්වභාවයක්.“ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො“ලොකවාසී සත්ත්වයා සෑහීමකට පත් නොවී ඇතිවීමකට නොපැමින තණ්හාවට දාසයෙක් වන්නේය.-රට්ඨපාල සූත්‍රය- ...
කාමාශ්‍රව භව නිරෝධ ආසාව යනු කුණු වුණු පල්වුණු නරක් වුණු වැගිරෙන ස්වභාව ඇති දේ යනු අර්ථයයි. බුදු සමය සත්වයා සසරේ පල්කරන, කුණු කරන, නරක් කරන ඇදගෙන යනු ලබන එබඳු දෑ 3ක් වන බව විස්තර කරයි. එනම්01. කාමාසව02. භවාසව03. අවිජ්ජාසව යනුවෙනි.මේ ති‍්‍රවිධ ආශ්‍රවයන් නිසා සත්වයාට සසරෙහි සුවයක් නොවේ. පිරිසුදුවක් නොවේ. නිදහසක් ගැලවීමක් නොවේ. අතිදීර්ඝ කාලයක් සංසාරයේ සත්වයාගේ සන්තානයෙහි පැවතීමෙන් පල් වූ කුණු වූ ...
අනුත්තර පුරිස දම්ම සාරථි බුදුගුණය භව නිරෝධ ලෝකයේ එදාද අදද හෙටද මිනිසුන් විවිධය විෂමය. ඔවුන් විවිධ දෘශ්ඨීන් ගෙන් මතිමතාන්තර වලින් මත්ව හැමදාමත් කටයුතු කරන්නේ. ඔවුන් ධනය, බලය, උගත්කම, ප්‍රසිද්ධිය , රූප සම්පත්තිය, පරිවාර සම්පත්තිය, දේපල වස්තු සම්පත්තිය, උඩඟුකම සහ නූගත්කම මෝඩකම අවිද්‍යාව වැනි දේ නිසා දැඩි මාන්නයකින් පත්ව සිටිති. නූගත්කමද, මෝඩකමද, අහංකාර මානයද නිසා ඔවුන් බණ නොඅසති. ධර්මය පිළිනොපදිති. ඔවුන්ව යහමගට ගැනීම තියා එසේ සිතීමවත් සිහිනයක් ...
හැමදේටම මුල අවිද්‍යාවමයි භව නිරෝධ “දෙව මේ භික්ඛවේ ධම්මා ලොකං පාලෙන්ති”යි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල පරිදි ලෝක පාලක ධර්ම දෙකක් තියෙනවා. මෙම ධර්මතා දෙක දේව ධර්ම නමිනුත් හැඳින්වෙනවා.ඒවා තමයි 1.හිරි (ලජ්ජාව) 2.ඔත්තප්ප (භය)හිරිඔත්තප්ප සම්පන්නාසුක්ක ධම්ම සමාහිතාසන්තො සප්පුරිසාලොකෙදෙව ධම්මාති වුච්චරේමෙලොව, යමෙක් පවට හෝ අකුසලයට හෝ යුතුකම් ඉටු නොකර සිටීමට හෝ ලැජ්ජා වෙයිද බිය වෙයිද, කුසල ධර්මයන් වල ඇලෙයිද එම උතුම් වූ සත්පුරුෂ ගුණවලින් ...
දර්ශන භූමියට පියවර - 01 භව නිරෝධ ලෝකයේ පහළවෙන ශ්රේරෂඨතම නරපතියා සක්විති රජුය. එහෙම නැත්නම් අධිරාජයාය. ඔවුන් මහා බලසම්පන්න ශක්තියකින් යුක්තව ලෝකයම හෝ ලෝකයෙන් අඩක් පාලනය කල අයය. එහෙත් ඒ හැම බලවතෙක්ම යම් දවසකදි මරනයෙන් මේ ජීවිතය කෙළවර ගත් අයයි. එනම් ඔවුන් කෙතරම් බලවත් වූවත්,ශක්තිමත් වූවත්, මරණය නොඉක්මවූ බවයි. ජරාව ව්‍යාධිය නොඉක්මවූ අයයි. ඒ වගේම සංසාර ගමනේදී මේ හැම අයෙක්ම නැවත වතාවක් අධිරාජයෙක් හෝ සක්විති රජෙක් ...
ලෝකවිදු ගුණය භව නිරෝධ සම්මුතියේ ලෝකය යැයි ව්‍යවහාර කරන මේ භෞතික ලෝකය තාරකා ඉරහඳ නොව සද්ධර්මයෙහි ලෝකය යන වචනයට ඊට වඩා බෙහෙවින් ගැඹුරු අර්ථකතන සපයා තිබෙනවා. ලෝකය කියන්නේ මේ මහා පෘථිවිය හෝ අඟහරු සිකුරු වැනි ග්‍රහලෝකයන්ට එහා ගිය භෞතික දැනුමටත් එහා ගිය දෙයකි.බුද්ධ වචනයට අනුව ලෝකය යනු සත්ත්ව සහ සත්ත්ව නොවන ජීව අජීව භාවයෙන්ද,ධාතු සහ ගුණ වශයෙන්ද ඇති සියල්ලයි. බුද්ධ දේශනාවට අනුව ලෝකය ...
දිට්ඨිංච අනුපගම්ම සීලවා - 01 භව නිරෝධ දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනෙන සම්පන්නොකාමෙසු විනෙය්ය ගෙධං නහි ජාතු ගබ්භසෙයයං පුනරේතීති“දිට්ඨිං ච අනුපගම්ම සීලවා“ මිථ්‍යා දෘශ්ඨියකට නොපැමිණ “දස්සනෙන සම්පන්නො“ දර්ශනයකින් යුක්ත නම් “කාමෙසු විනෙය්ය ගෙධං“ කාමයන්හි ඇති තන්හාව කෑදරකම හික්මවා ගන්නවා. එහි ප්‍රතිඵලය තමයි“ නහි ජාතු ගබ්භසෙයයං පුනරේතීති“ නැවත මව් කුසකට පැමිණෙන්නෙ නැහැ කියන එකයි මේ ගාථාවේ අදහස.සිල්වත් කෙනා මිථ්‍යා දෘශ්ඨියකට නොපැමිණ දර්ශනයකින් යුක්ත වෙනවා නම් එයාට පුලුවන් ...
අසම්පඤ්ඤතා භව නිරෝධ අකුසල මූලයක්වූ මෝහයට අයත්වන්නාවූ, ඒ මෝහය නිසාම ද්වේශය උපදවාගෙන බලවත් අකුසලයට පමුණුවන්නාවූ කාරණයකි අසම්පඤ්ඤතාවය. අසම්පඤ්ඤතා ක්ලේශය යනු කළයුතු දේ නොකළ යුතු දේ නොදැන මෝහය බලවත්ව අධික මානයෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයන් තුල පවතින තත්වයකි. අධික මානය තුල කටයුතු කිරීම හුදු අහංකාරයක් පමණක් නොව එක්තරා විදියක මෝඩකමක්ද වන්නේය. ඒ අහංකාර මෝඩකම තමා සතු උතුම් ගුණයක් බව සැලකීම නිසා එබඳු කෙනා ...
නොකළ යුතු දෙතිස් කථා හා කළ යුතු දස කථා භව නිරෝධ කථා කළ සෑම වචනයකින් ම ඉමහත් කරුණා ශාන්ත මෙහෙවරක් සිදුකළ බුදුරජාණන් වහන්සේ, රසයන් අතර උසස් ම රසය වන සත්‍ය රසයෙන් ලෝ සතුන්ගේ මනෝ මන්දිර පුරවාලූහ. ජීවිතාවබෝධය ඇති කරවන එකම බණ පදයකින් පවා සසර ගිමන් නිවා ගත් අපමණ සත් වගක් සම්බුදු අනුහසින් සුවපත් ව මොහදුරින් මිදී ගියේ ය.හෘදයංගම වූ , කනට සුව එලවන, ප්‍රේමණීය වූ බුදුවදන් ධර්ම රසයෙන් පිරී ඇති ...