ගිරිමානන්ද සූත්‍රයෙන් නිවනට භව නිරෝධ image credit - https://buddhaweekly.com/පිරිත් පොතේ එන ඉතාම අද්විතීය අර්ථ විවරණයක් සහිත ගාම්භීර සූත්‍ර දේශනාවකි ගිරිමානන්ද සූත්‍රය. මුළු මහත් බුද්ධ ශාසනයම මේ සූත්‍ර දේශනාව තුල ගැබ්ව ඇතැයි සිතෙන තරමට සවිස්තර ඉගැන්වීමක් එහි අන්තර්ගතය. පෘතග්ජන ස්වභාවය වන ආත්ම දෘශ්ඨිය, සත්ත්ව පුද්ගලභාවය, හුදු සංඥාවක් මිසක යථාර්ථය නොවන බැව් මේ සූත්‍රය ආරම්භයේදීම විග්රහ කෙරෙයි. දැඩි ලෙසින් ගිලන් භාවයට පත්ව වේදනාවෙන් පෙලෙමින් සිටි ගිරිමානන්ද ...
නිදහසේ මියයන්න භව නිරෝධ credit - https://iai.tv/අපි විශාල බලාපොරොත්තු සමූහයක් නිරන්තරයෙන් සිතේ තබාගෙන ජීවත්වෙන්නෙ. ඒවා ලෝකයට අයත් දේ නිසා ලෞකික බලාපොරෙත්තු ලෙස නම් කරන්නට හැකියි. අපට බලාපොරොත්තු සියල්ල නිත්‍ය දේවල් හැටියට දැනෙන්නෙ. ඒ අපව තවමත් ජීවත් කරවන්නෙ බලාපොරොත්තු විසින් නිසා. බලාපොරොත්තු හරිම සුන්දරයි. අසුන්දර බලාපොරොත්තු කිසිවක් කාටවත් තියෙන්න විදියක් නැහැ. ජීවිතය සුන්දරයි කියන්නෙ ඔය සුන්දර බලාපොරොත්තු වලින් මනස පුරවාගෙන ඒ මත සිටගෙනයි. අපට ...
නූතන ලෝකය තුල අද බුදුදහම භව නිරෝධ credit - https://bffct.org/චින්තනයෙන්,දැනුමෙන්, විද්‍යාත්මක තර්කනයෙන් සහ සියලු ක්ෂේත්රයන් තුල ලෝකය වර්තමානයේ සිට අනාගතයට තබන යෝධ පියවර තුල අනාගත ලෝකයෙන් දේවවාදයන් මැවුම්වාදයන් සහ එකී විශ්වාසයන් ලෝක වාසීන් වෙතින් පලායනු ඇත. වරෙක ආතර් සී ක්ලාක් මහතා සඳහන් කල පරිදි යථාර්ථවාදී විද්‍යාත්මක දර්ශනයක් වන බුදුසමය පමණක් ලෝකයේ ඉතිරිවනු ඇත. ඈත යුරෝපය මෙන්ම බටහිර රටවල් අද දවසේ බුදුසමය පිලිබඳව ගනුදෙනු කරන ආකාරය මෙයින් ...
හිත හදාගන්නට නම්... භව නිරෝධ අපි හැමෝටම උවමනා කරන්නේ හිත හදාගන්නයි. හිත හදා ගැනීම කියන්නෙ කිසිදු ගැටීමක්, පසුතැවිල්ලක්, දුකක්, දොම්නසක්, වාවාගත නොහැකි බවක්,නැතිව ඉතාම සාමයෙන් සතුටින් සැනසීමෙන් ජීවිතය ගත කරන්නයි හැමෝට උවමනා වෙන්නේ. නමුත් හැමෝටම තියෙන ප්‍රශ්නයත් ඔය දේ නැතිකමයි. අපට බොහෝ වෙලාවල්වලට හිතේ කිසිදු සතුටක් නැහැ. හිත දුකින් පිරිලා. එහෙම නැත්නම් කෝපයෙන් ද්වේශයෙන් පිරිලා. එහෙමත් නැත්නම් පාලුව තනිකම හුදෙකලාව නිසා දුකින් පිරිලා. ඒ ...
අන්ත දෙකම භයානකයි භව නිරෝධ credit - https://www.meepura.com/අන්ත වලට වැටෙන්නේ දෘශ්ඨිය නිසාය. තදින් අල්ලා ගත් දෘශ්ඨිය හැම විටම මනස නතර කරවන්නේ කිසියම් අන්තයකය. අන්තයට වැටෙන්නේ ඉතාම සියුම් සූක්ෂම විදියටයි. එවිට එය දිට්ඨි උපාදානය වෙනවා. මේ දෘශ්ඨි වලට වැටීම හරියට මාළුවන්ට දැලක් දානව වලේ වැඩක්. කොටු වෙනතුරු දන්නෙත් නැහැ. කොටු උනාට පස්සෙත් දන්නෙ නැහැ. ඇමකට හසුවීම වගේ සරල දෙයක් නෙවෙයි දැළකට හසුවීම. ඇමක් දැමුවාම මාළුවා ...
ජීවිතය, අසීමාන්තික භාවය සහ විමුක්තිය භව නිරෝධ credit -https://brewminate.com/ බොහෝ අය ජීවිතය දිහා බලන්නෙ එය අහම්බයක් ලෙසයි. ජීවිතය තුල සිදුවන සිදුවීම්, හමුවන වෙන්වන අය, හිමිවීම් අහිමිවීම් මේ සියල්ලම අහම්බයෙන් මෙන් එකවර සිදුවූ දේවල් ලෙසයි බොහෝ අය නිර්වචනය කරන්නේ. එහෙත් එය සත්‍යයක්ද? සමහරුන්ගේ ජීවිතය නොසිතූ ලෙස වෙනස්වන අවස්ථාවන් තිබෙනවා. සමහරුන්ට යම් යම් වටිනා ප්‍රියජනක අය නොසිතූ පරිදි මුණ ගැසෙන අවස්ථාවන් තියෙනවා. සමහරුන්ට යම් යම් දේපල වස්තුව මිලමුදල් ...
බුදුන් දුටුව, අපි නොදකින, අපාය සහ දිව්‍ය බ්‍රහ්ම ලෝක භව නිරෝධ credit -https://www.nytimes.com/බුදුකෙනෙක් ඇයි ලෝකයට කලාතුරකින් පහළවෙන්නෙ? ඇයි දහමක් දේශනා කරන්නෙ? ඇයි ඒ දේශනාකොට වදාල දහම දේවමනුශ්යය ප්‍රජාවට ඕනෙ කරන්නෙ? කුමක් පිණිසද? මෙන්න මේ කාරණා ගැන හිතන කෙනා ඉතාම විචක්ෂණශීලී සංයමයක් ගොඩනගාගන්නවා ඒ ප්‍රශ්න වලට මුලින්ම පිලිතුරු හොයන්න ඒක බුදුරජාණන් වහන්සේම උපමාකොට වදාරණවා "හිස ගිනිගත්ත කෙනා හිසගිනි නිවාගන්න දුවනවා වගේ" කියලා. එතකොට එහෙම දුවන කෙනා කොයි වගේද? අතේ දරුවෙක් ඉන්නවද? ...
සියලු දුක් කෙළවර කිරීම සඳහා - 01 භව නිරෝධ පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ ජීවිතයේ අසුන්දර බවක්,ඛේදනීය බවක්, අනියත බවක්, තමාට තමා අයත් නොවන බවක් යමෙකුට දැනෙනවා නම්, එය ඉතාම යහපත් කර්මස්ථානයක් වේවි ජීවිතය අවබෝධ කරගන්නට. විනෝදාස්වාදයම සොයමින්, ආශ්වාදයම පතමින් , අනිත්‍යවූ දේවල් කෙරෙන් සදාකාලික බව සොයමින් අන්ධකාරයේ යන මේ ගමනෙහි අර්ථශුන්‍ය හිස් බව වටහා ගන්නට මේ තරම් වටිනා කාලයක් කෙනෙකුට තවත් නැති තරම්ය. එක් අතකින් බිහිසුනු වසංගත ...
නසා භව අන්ධකාර ලෝ භව නිරෝධ credit - https://www.shutterstock.com/නසා භව අන්ධකාර ලෝදම් පහන් සිළ නැගී එයිහදේ නැගි සෝ සුසුම් යදම් වැල්මා දෙපා මුල සිඳී යයි....අයාලේ දැවෙන ලෝ පුරාබුදු නෙතින් සිසිල දෙයිවිහාරේ පිදෙන මල් පහන්නිවා සිත සුවය දෙයිසමාධී සිතට සමවැදීබුදු මුවඟ මඳ සිනා එයිඉපිද මිය යමින් සාංසාරේසොයා යමින් ඉමක් සොයා...සසරෙම ඉපදෙන්නේනුරා ඇලුම් ගැටුම් මැදින් කොහෙදෝ මේ යන්නේඅඳුර මැදින් අන්ධ වෙසින්ලෝ සත දිව යන්නේඈතට දිව යන්නේපිරී බුදු ...
නූතන භෞතික විද්‍යාව සහ අපාය- ලෝකවිදු ගුණය භව නිරෝධ credit - hdqwalls.comඅප ජීවත් වන්නේ දිග, පළල, ගැඹුර, සහිත ත්‍රිමාන ලෝකයකය. ත්‍රිමානයට එහා ගිය තවත් මානයන් සහිත ලෝක තිබිය යුතුබවට අදහසක් නූතන විද්‍යාව පවා සැක පහළ කරයි. ත්‍රිමානයට එහා ගිය මාන දහයක් ගැනද, තවත් මාන විසිහයක් ගැනද නූතන භෞතික විද්‍යාව කථාකරයි. දහම් ලිපියකට ඇයි භෞතික විද්‍යාවේ තොරතුරු ඇතුල් කලේ කියා ඔබට ප්‍රශ්නයක් ඇතිවිය හැකියි. එය මේ ලිපිය අවසාන වන ...
බුදුසමය සහ අනාත්ම දර්ශනය භව නිරෝධ credit- https://www.livescience.com/ආත්මය යනු කුමක්ද?ලෝකයේ අතීතයේ සිට පැවත එන දර්ශනවාද විවිධයි. සමහරු කල්පනා කලා මේ ලෝකය මැවීමේ සිට විශ්වයේ සියලු ක්‍රියාකාරකම් සිදුවන්නේ කිසියම් සර්වබලධාරී සුපිරි දේව ආත්මයක් විසින් හෝ මැවුම්වාදී බ්‍රහ්මයකු විසින් කියා. එමෙන්ම බොහෝ අය කල්පනා කලා සියල්ල සිදුවන්නේ එකී සුපිරි දෙවියන්ගේ කැමැත්තට හෝ ඒ මැවුම්වාදයට අනුව බව. ඒ අනුව මමද එසේ මවන ලද කෙනෙක් කියා කල්පනා කලා. මා ...
අපි තාමත් මුලා වෙලා ඉන්නෙ භව නිරෝධ credit - https://everydaytheology.online/තාමත් අන්ධකාරය පහවෙලා නැහැ. අපි දිදුලන තරු හෙව්වට කණාමැදිරි එළි පමනයි විටෙන් විට නිවි නිවී දැල්වෙන්නෙ. හාත්පසම අඳුරින් වැහිල. ඒත් ආයෙ මෙහෙමත් හිතෙනවා. තරු පායපු රෑකට කනාමැදිරි එළි කුමකටද කියල. සඳ පායපු රැයකට තරු මොකටද කියලත් හිතෙනවා. හොඳින් හිරු පායන වෙලාවට පුන් සඳ උනත් කුමකටද?? අපට එහෙම හිතෙනවා අපට එහෙම දැනෙනවා. ඒත් හිරු,සඳු, තරු නැති රැයකට කණාමැදිරි ...
සිත තේරුම් ගෙන තමාව තේරුම් ගැනීම භව නිරෝධ Credit - https://opportunitymarketing.co.uk/දුරංගමං එකචරං - අසරීරං ගුහාසයංයෙ චිත්තං සංයමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනංකෙතරම් දුරක තිබෙන්නාවූ අරමුණක් වෙත වුවද කෙනෙකුව ක්ෂණයකින් රැගෙන යන, සටහනක් රූපයක් ස්වරූපයක් කිසිවක් නැති, ගුහාවක සැඟවුනු සොරෙක් බඳු, මේ සිත යමෙක් තේරුම් ගනියිද, ඔහු මාර බන්ධනයෙන් මිදෙයි. Instantly moving any long distance, but having no shape, no image, no note, not in one place, running everywhere, hiding ...
ගිරිමානන්ද සූත්‍රයෙන් නිවනට 02 භව නිරෝධ credit- http://www.allwhitebackground.com/ගිරිමානන්ද සූත්‍රයේ අන්තර්ගත කරුණු හුදෙක් පිරිත් දේශනයක් ශ්‍රවණය කොට රෝග ආබාධයන් අසනීප තත්වයන් සුවකරගන්නා මන්ත්‍රයක් තරමට ලඝු නොකොට ගත යුතුය. මුලු මහත් නිවන් මගම ගිරිමානන්ද සූත්‍රය හරහා සන්නිවේදනය කරන බැරෑරුම් දර්ශනයක් එහි ගැබ්ව ඇත. එමෙන්ම සියලු විද්‍යාවන් පිලිබඳව සේම කායික විද්‍යාව පිළිබඳවද බුදුරජානන් වහන්සේ ගේ අවබෝධය දැනුම ඥාණය විශ්මය එළවන සුළුය. එය ඉතාම හොඳින් පැහැදිලි වන්නේ ආදීනව සංඥා ...
ධර්මයෙන් ලැබෙනා අමිල මැණික් හත (සප්ත බොජ්ඣංග) භව නිරෝධ ඉතාමත් කළාතුරකින් ලෝකයට පහළවන ඉතා බලසම්පන්න සක්විති රජ කෙනෙකුට මිල කල නොහැකි වටිනා මානික්‍ය රත්නයන් හතක් පහළවන බව පොත පතෙහි සඳහන්ය. චක්‍රරත්නය,හස්තිරත්නය, අශ්වරත්නය, මැණික්රත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපති රත්නය, පුත්‍ර රත්නය එම රත්නයන් හතයි-දීඝ නිකාය/ලක්ඛණ සූත්‍රය- එම රත්නයන් හත සක්විති රජකෙනෙකුටම පමණක් පහළවන සුවිශේෂී මාණික්‍යයන් බඳු ධර්මතාවයන් හතකි. සක්විති රජෙකු නොවූවත්, අඩුම තරමින් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වේවා උපාසිකාවක් වේවා, සඳහා ...
පිරිත් සූත්‍ර දේශනා ගැන දැනගත යුතු කරුණු භව නිරෝධ photo credit - http://www.budusarana.lk/පිරිත් දේශනා යනු කුමක්ද?පිරිත් යන වචනය දහමේ සඳහන් වෙන්නේ “පරිත්ත“ යනුවෙනි. එහි තේරුම සත්ත්වයාට යමකින් පිහිටක් ආරක්ෂාවක් ලැබේනම් එය පරිත්ත හෙවත් පිරිත් නම් වේ යන්නයි. පරිත්‍රාණ ධර්ම දේශනය ලෙසින්ද පිරිත් හැඳින්වේ. මෙහිදී පිහිට ආරක්ෂාව කුමක්දැයි සළකා බැලීම වටියි. ලෞකික ජීවිත පැවැත්මේ ආරක්ෂාවද, නැතහොත් ලෝකෝත්තර අර්ථ සිද්ධිය සලසා ගැනීමද යන කාරනය ගැඹුරින් සිතිය යුතු වේ.ගිහි පිරිත් දේශකයකු ...
බිහිසුනු බවින් මිදෙන උතුම් විරල අවස්ථාව භව නිරෝධ credit - https://yaqeeninstitute.org/ක්ෂණ සම්පත්තිය කියන්නෙ මොකක්ද ??ක්ෂන සම්පත්තිය කියන්නෙ උතුම් අවස්ථාව, දුර්ලභ අවස්ථාව, කළාතුරකින් ලැබෙන විරල අවස්ථාව කියන තේරුමයි. මේ කාල පරිච්ඡේදය කෙතරම් විරලද කිව්වොත්, කොයිතරම් අසීරුවෙන් ලබාගත යුතු අවස්ථාවක්ද කිවහොත් එය ලෝවැඩ සඟරාවේ සඳහන් වෙන්නෙ මෙහෙමයි.දිගු පුළුලින් සක්වලවන් සිඳුකුසසියවසකින් උඩ එන කැස්බෑ හිසවිය සිදුරෙන් නැගෙතත් දුගතිය බැසතව උපදින්නට බැරි මෙ මිනිස් කුසදිගින්ද පළලින්ද අනන්ත සක්වල තරම් විශාල මහාමුහුදෙ ...
භවය භව නිරෝධ credit - Photo by ROMAN ODINTSOV from Pexelsභවය, කර්මය හා බැඳී පවතියි. භවය,කර්මය හේතුකොට ගෙන හටගනියි. භවය, උත්පත්තිය පිණිස පවතියි. භවය,ජරාමරණ දෙක සඳහා හේතු සකසයි. භවය මූලික වශයෙන් තුන් භූමියක පිහිටයි.1.කාමභව2.රූප භව3.අරූප භවභවය පිලිබඳ මූලික අර්ථ දැක්වීම එසේ කෙටියෙන් දැක්විය හැකිය. සංෂිප්තව භවය යනු කුමක්දැයි අසනු ලැබුවහොත් එයට පිලිතුර දුක්ඛය යන්නයි. දුක යනු භවයයි. භවය යනු දුකයි. දුක යනු ...
බුද්ධ ශාසනය සහ අනුපූර්ව ප්‍රතිපදාව භව නිරෝධ බුද්ධ ශාසනය අනුපූර්ව ප්‍රතිපදාවකින් යුක්ත දෙයක්. එනම් පියවරෙන් පියවර ගැඹුරට ගමන් කරන දෙයක්. එහි එක්වරම ගැඹුරට පිවිසෙන්නට බැරි බව බුදුරජාණන් වහන්සේ විසින් පහරාද සූත්‍රය ඇතුලු සූත්‍ර දේශනා රාශියකම දේශනා කොට වදාලා. පහරාද සූත්‍රයේ පහරාද නම් අසුර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට මේ කාරනය සැල කරනවා. "මහාසමුද්දො භන්තෙ අනුපුබ්බනින්නො අනුපුබ්බපොනො අනුපුබ්බපබ්භහාරො න අයාතකෙනව පපාතො" කියා. එය මහා සමුද්‍රයේ තිබෙන ආශ්චර්යයවත් කාරනා අටෙන් ...
පිරිහෙන්නා වසලයෙක්ද මිත්‍ර ද්‍රෝහියෙක්ද භව නිරෝධ ව්‍යාපාදය ක්‍රෝධය වෛරය තරහාව ඊර්ශියාව හෝ ගැටීම නිසා කලක් විශ්වාසවන්තව සිටි යමෙක් තව අයෙක්ව නින්දාවට අපහාසයට ලජ්ජාවට අසීරුතාවයට පත් කරයිද, ඔහු කී නොකී දේ බාහිර අයට හෙලිකරමින් පාවා දෙමින් ඔහුගේ මුළුමහත් චරිතයම ඝාතනය කරයිද, ඔහුගේ කීර්තිය, ආත්ම ගරුත්වය විනාශ කරයිද එය මිත්‍ර ද්‍රෝහී ක්‍රියාවක් මෙන්ම වසල ක්‍රියාවක්ද වන්නේය. කෙලෙස් නොනැසූ ඕනෑම අයෙක් ලෝභ ද්වේශ මෝහ තත්වයන් යම් පමණකට හෝ ...