වසන්තය සිහිනයක් - 13 දම්මිගේ පිටුව "ඒ තරුල්‍යා අක්කා නෙවේ.තාරකා අත්තනායක කියලා වෙන ගර්ල් කෙනෙක්" ඇය කියද්දී මම විස්මයට පත් වුනා "තාරකා..තාරකා අත්තනායක ද බදින්නේ?" මම එසේ පුදුමයෙන් අසද්දී ඇය මා දෙස කුතුහලයෙන් බැලුවා.තාරකා අත්තනායක, අප පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කරා.ඇය හා ලෝචන අතර අමුතුම ආකාරයේ තරගයක් තිබු බව මුළු පාසල පුරාම ප්‍රසිද්ද රහසක්ව තිබුනා.අධ්‍යපනයෙන්ද ක්‍රීඩාවන් ගෙන්ද සෞන්දර්ය යන කුමන අංශයෙන් වුවද එකිනෙකා ...
මන්දාරම් අහස යට දම්මිගේ පිටුව මන්දාරම් අහස යට ලබන සතිය වෙනකම් පරක්කු වෙනෝ හොදේ....මං ගෙදරින් පිට ඉන්නේ.ලමයි එක්ක විනෝද
සුබ අලුත් අවුරුද්දක් වේවා දම්මිගේ පිටුව ඔන්න ඉතින් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලූ.මට නම් දැන් අවුරුද්ද කිව්වම විශේශයක් දැනෙන්නෙම නැති තරම්.කොහා කෑගහන්නේ නෑ.බක්මහ අකුණු ඇත්තෙත් නෑ.ලොකු නිසා සෙල්ලම් කරන්නෙත් නෑ.ඒ විතරක්ද කෑම හදන්න ගෙවල් අස් කරන්න වගේ වැඩත් ගොඩයි.ඒ මදිවට ගෙදරට එන අයගේ නානාප්‍රකාර ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕනේ.එහෙම බැලුවම අවුරුද්ද කියන්නේ සතුටකට වඩා කරදරයක්. අපේ තාත්තා නිතරම කියන දෙයක් තමයි ඕනේම නරක දේක හොද ...
වසන්තය සිහිනයක් - 12 දම්මිගේ පිටුව තරුල්‍යා ගේ මවගේ අවමංගල්‍ය උත්සවය අවසන්ව දින කිහිපයක් ගත වී ඇති මුත් තවමත් කැලුම් ට නිවසට යාමේ උනන්දුවක් ඇති බව නොපෙනීම මගේ හිතට කනස්සල්ලක් ඇති කර තිබුනා.මගේ මවත් කැලුම් ගේ මවත් මේ වද්දී අපගේ විවාහ මංගල්‍ය සදහා සුදානම් වෙමින් සිටියා.ඔවුන් මට අමතා නැවත පැමිණෙන ලෙස කිහිප වතාවක්ම කීවත් කැලුම් නොමැතිව එහි යාමට මගේ කැමැත්තක් තිබුනේ නෑ.මේ ගැන කිහිප වතාවක්ම ...
වසන්තය සිහිනයක් - පසුවදන දම්මිගේ පිටුව අපගේ විවාහයට වසරක් ගත වෙලා....කැලුම්ගේ එදා නොදුටු වෙනසක් අද දකින්නට තිබීම මගේ හිතට ඇති කරන්නේ ලොකු සතුටක්.එදා නොලැබුණු ආදරයක් රැකවරණයක් සෙනහසක් මට දැන් ලැබෙනවා වුනත් එක් අඩුවක් එදා වගේම මට දැනෙනවා.කැලුම් ගේ හිත තාමත් තරුල්‍යා ගැන හිතනවා.ඔහු ඒ ගැන මට වචනයක්වත් නොකිව්වත් විවාහක බිරිදට සිදු විය යුතු යුතුකම් අඩුවක් නොකලත් ඔහුගේ දෑස් වලින් මම විටෙක තරුල්‍යා ව දකිනවා.ඔව්..මම ඉරිසියා කරනවා ...
වසන්තය සිහිනයක් -06 දම්මිගේ පිටුව වසර ගණනාවක් පැරණි අතීත මතකයන් සිත රිදවන තරමටම සිත සුවපත් කරන ආකාරය පුදුම සහගතය.වසර 10කටත් වඩා පැරණි මුත් තවමත් ඔහුගේ ඉතා සියුම් මතකයන් පවා මගේ සිත තුල ඉතා පැහැදිලිව තැම්පත්ව ඇත.2010 වසරේ දිනපොත මා අතට ගත්තේ මුවේ මද සිනාවක් ඇදෙද්දීමයි. ඒ 2010 වසර අප දෙදෙනාටම අප ජිවිත වල වැදගත්ම වසරක් වූ නිසාවෙනි.වසරේ සෑම දිනයක්ම කැලුම් ගැන වූ කුමක් හෝ ...
වසන්තය සිහිනයක් - 04 දම්මිගේ පිටුව කච්චේරියේ ලිපිගොනු වැඩ අවසන් කර හවස් යාමයේ මා නැවත සංචාරක නිවහනට පැමිණෙන විට වැසි අදුරක් අවට වසා ගනිමින් තිබුනා.මද හිසේ කැක්කුමකින් පිඩා විදිමින් සිටි මට අවශ්‍ය වුනේ ඉක්මනින් කාමරයට යන්නයි.උදේ මෙත්සරාගෙන් පැමිණි දුරකථන ඇමතුම හිතේ විඩාවත් වැඩි කර තිබුනා.නමුත් සංචාරක නිවහනෙන් එලියට පැමිණෙමින් සිටි රුවක් මාව මොහොතකට එතනම නැවැත්තුවා."හලෝ...කොහොමද?" එසේ කියාගෙනම මා දෙසට පැමිණි ලෝචන ඔහුගේ සුරත මා දෙසට ...
ආදරණීය නපුරා - නමවන කොටස දම්මිගේ පිටුව බෑග් එකත් අරන් එලියට ගියපු සජිනි කෙලින්ම ගියේ පිළිගැනීමේ නිළදාරිනිය ලගට."මට වෙනම කාමරයක් ගන්න පුලුවන්ද?""අනේ සොරි මිස්.කාමර සේරම ෆුල් නේ " පිළිගැනීමේ නිළදාරිනිය එහෙම කිව්වේ සජිනි දිහා කුතුහලෙන් බලන ගමන්.මේ ටිකකට කලින් තමන්ගේ සැමියා එක්ක ගිය ගැනු කෙනා කියලා එයාට මතකයි."ඒකත් එහෙමද? මේ ලගම තියෙන හෝටලේට ගොඩක් දුරයිද?" සජිනි ඇහුවා"එහෙම ලොකු දුරක් නම් නෑ.ඒ වුනාට ඒකෙත් කාමර නම් නැතුව ඇති.මේ ...
වසන්තය සිහිනයක් - 11 දම්මිගේ පිටුව සංචාරක නිවහනේ කවුළුව තුලින් ඇතින් දිස්වෙන කදුපන්තිය මතින් හිරු බැස යද්දී හිරු කිරණ අවට පරිසරය කහ පැහැයෙන් ආලෝකමත් කර තිබුනා.කවුළුවෙන් ඇත් වූ මම පුටුවකට බර වද්දී මද සුළගක් මා වටා හමා යමින් තිබුනා." මට තවත් ආදරේ කරන්න එපා කැලුම්.ඔයා ඔයාගේ හිත පිළිගන්න.ඒ මම නෙවෙයි" ඇයගේ වදන් නැවත නැවතත් මගේ හිස තුල දෝංකාර දෙද්දී මම දෑස් පියාගත්තාඇය එසේ කීමේ අදහස ...
වසන්තය සිහිනයක් - 05 දම්මිගේ පිටුව වසර 3කට පසු කැලුම් දුටු දින රෑ මට නින්දක් නොවිය.පරණ දිනපොත් අතරේ ඔහුගේ මතකයන් මට මුළු රෑ පුරා මට වද දෙන්නට විය.එදා කැලුම් දුටු විට වැඩි වූ හද ගැස්ම අදද එලෙසිම ඔහු හමුවේ වැඩි වන ආකාරය පුදුම සහගතය.ඔහු මට පන්ති කාර්ඩ් එක අරන් දුන් දිනයේ සිට මා ඔහු දෙස වැඩිපුර බැලීමට පටන් ගත් අතර ඔහුද මගේ දෙස දෑස් යොමන බව ...
වසන්තය සිහිනයක් - 09 දම්මිගේ පිටුව "අනේ..කැලුම්...." දුරකථන රැහැන දිගේ ආපු කටහඩ මගේ නිදිමත නැති කරා."තරු..." එහෙම කියන ගමන්ම මම ඇදෙන් නැගිට්ටේ මේසය මත තිබු ඔරලෝසුව දෙස බැල්මක් හෙලන ගමන්මයි.එහි වෙලාව උදෑසන 4.45 ලෙස සටහන්ව තිබුනා."අම්මා නැති වුනා කැලුම්..." ඇයගේ අසරණ හඩ මගේ හදවත කම්පා කරා."මම එනවා..." එපමණක් කියු මම දුරකථනය විසන්ධි කරා.මේසය මත තිබු වාහන යතුරු අතට ගත් මම තවමත් නින්දේ පසුවන මෙත්සරා දෙස ...
වසන්තය සිහිනයක් - 10 දම්මිගේ පිටුව ඔහු මා ලගින්ම සිට ගෙන සිටියදී, මම උදෑසන හිරු කිරණ වැටි ඇති කහ පැහැයෙන් දිලිසෙන ඔහුගේ මුහුණ දෙස බලා සිටියා. උදෑසන අප හමු වූ මොහොතේ සිට තවමත් කිසිවක් නොකී ඔහු ඈත කදු පෙළක් දෙස බලා සිටියේ භාවනාවක ස්වරූපයෙන්."මම එච්චරම ලස්සනයිද?" ඔහු මා දෙස නොබලාම අසද්දී මම සිනා සුනා.මා කිසිවක් නොකියද්දී ඔහු මා දෙසට හැරුනා."ඔයා කියන්නේ නැද්ද?" ඔහු අසද්දී මම ...
ආදරණීය නපුරා - විසිවන කොටස දම්මිගේ පිටුව සහන් ගෙදර එනකොට ටිකක් පරක්කු වුනේ පාරේ ට්‍රැෆික් එකකට අහු වුන නිසා.පැය ගානක් පාරේ ඉදලා සහන් ගෙට ගොඩ වුනේ නාලා හොද තේ එකක් බොන්න හිතාගෙන.ඒත් වෙනදා වගේ ඇහෙන ටීවී එකේ සද්දේ වත් රේඩියෝ එකේ සද්දේ වත් නැති නිසා සහන් කාමරේට යන ගමන් කුස්සියටත් ඔලුව දැම්මේ නිකමට වගේ.ඒත් සජිනි කුස්සියෙත් නෑ කියලා දැක්කම සහන්ට දැනුනේ අමුත්තක්.කාමරේට ගිහින් බෑග් එක තියලා සහන් ...
ඔව්..මම ගුරුවරියක් දම්මිගේ පිටුව මම ගුරුවරියක්...ඔව්...ගුරු පත්වීම් ලිපිය ගත්තාටත් වඩා සතුටින් අද මම එක කියනවාඑදා ගුරුවරියක් වුනේ උගන්නන්න ආසාවට, එත් අද සතුටු වෙන්නේ උන් මට කතා කරලා, "ටීචර් නිසා මම ඒ ලෙවල් කරනවා" කියන වචන ටිකට.2018 දී බොහොම කටුක ජිවන රටාවකට හුරු වුනු සිසුන් පිරිසකගේ පාසලකට පළමු පත්වීම ලෙස ගුරු පත්වීම් ගත්ත මම 2019 මාර්තු ඉදන් සාමාන්‍ය පෙළ ගණිතය උගන්නන්න පටන් ගන්නවා.ඒ උගන්නන්නේ ...
වසන්තය සිහිනයක් - 08 දම්මිගේ පිටුව උදෑසන හිරු රැස් මගේ මුහුණට වැටෙද්දී මම ඇස් හැර බැලුවා.කැලුම් මට පිටුපා පුටුවක වාඩි වී කල්පනාවක වැටි සිටියා.මම එකවර මෙසේ පැමිණීම ගැන කැලුම් ගේ සිතේ සතුටක් නැති බව ඊයේ දොර ලගදීම මට පෙනී ගියේ මගේ සිත කම්පා කරමින්.වසර දෙකක් එකම නිවසක ජීවිතය බෙදා ගැනීමෙන් පසුවත් ඔහු තවමත් මා හට දක්වන්නේ අනුකම්පාවක් වීම මා තවත් ඔහු වෙතට ලං කරා.කැලුම්ගේ මව ...
ආදරණිය නපුරා - දහවන කොටස දම්මිගේ පිටුව හෝටලයෙන් එලියට ආපු සජිනි පාර දිගේ ඇවිත් කෙලින්ම ආවේ ප්‍රධාන පාරට.එතනින් හැරිච්ච සජිනි පාර දිගේ ඇවිදගෙන ගියේ පාරේ ලස්සනත් බල බල.එක පැත්තකින් පයින් ගස් තියෙන කන්දකිනුත් අනිත් පැත්තෙන් තේ යායක් පේන බෑවුමකුත් තිබ්බ ඒ පාර හරිම ලස්සනයි.සජිනි ඒ පාර දිගේ දිගටම ගියා.ඒ යන පාරේ ලස්සන ෆොටෝ ගන්නත් සජිනි අමතක කරේ නෑ. ඔහොම යනකොට තමයි සජිනි දැක්කේ පයින් ගස් තියෙන පැත්තට ...
ආදරණීය නපුරා - දහතුන්වන කොටස දම්මිගේ පිටුව සහන් කාර් එක ගල්කිස්ස මුහුදු වෙරල ලග තිබ්බ ලස්සන පොඩි හෝටලයකට හැරෙව්වා.එතකොටත් සජිනි සිංදු කියන එක නවත්තලා තිබ්බේ නෑ."සුදු මුදු වැල්ලේ සුලග හමන්නේ ආදරේ...හිරි පොද වැස්සේ පින්න සලන්නේ ආදරේ...නිවි නිවි අහසේ දිලි දිලි රහසේ...මුතු කැට තරු වැල් අපට කියන්නෙත් ආදරේ..."ඇස් වහගෙන ජනේලෙට හේත්තු වෙලා හිටපු සජිනි මිමිණුවේ රේඩියෝ එකේ තාලෙට.වැටකෙයියා පදුරක් ලගට කරලා කාර් එක නවත්තපු සහන් සජිනි දිහා බැලුවා."බහිමුද ...
ආදරණීය නපුරා - දාහතරවන කොටස දම්මිගේ පිටුව "නදිනි.." සහන් මිමිණුවා.ලස්සන දිග කොන්ඩයක් එක්ක හරි අහිංසක පාට ගෑනු ලමයෙක් සහන් ලගට ආවා.ඒ
ආදරණීය නපුරා - එකොළොස්වන කොටස දම්මිගේ පිටුව සජිනිට ඇහැරුනේ ලොකු ඔලුවේ කැක්කුමකුත් එක්කමයි.ඔලුව කැක්කුම නිසාම සජිනි හෙමීට ඇස් ඇරියා.ඇස් අරිනකොට සජිනි දැක්කේ එයාගේ ඇස් ලගටම පාත් වෙලා තියෙන ලොකූ ඇස් දෙකක්."ආ............ර්ග්....." සජිනි කෑගහගෙනම එයා දිහාට එබීගෙන හිටපු සහන්වත් තල්ලු කරලා ඇද උඩ හිටගත්තා."මොන මගුලක්ද ඕයි කරන්නේ" සජිනිගේන් පයින් පාරක් කාලා ඇදෙන් බිමට වැටුනු සහන් ඇහුවේ නැගිටින්න හදන ගමන් "ඔයා...ඔයා මොනවද මගේ මුණට එබීගෙන කරන්න හැදුවේ " සජිනි ...
ආදරණීය නපුරා - අටවන කොටස දම්මිගේ පිටුව "මොකක්ද ඔයා කිව්වේ?" සජිනිට විශ්වාස නෑ මේ ඇහුන එක හරිද කියලා "කිව්වේ තමුසේ මාව අල්ලගන්න යන්න තියෙන පහළම තැනටත් යන්න හදන්නේ කියලා" "මේ සහන් කට පරිස්සම් කරන් කතා කරන්න""ඇයි අහන් ඉන්න අමාරුයිද ඇත්ත කියනකොට.තමුසේ මේක හොදට මතක තියාගන්නවා" සහන් එහෙම කිය කියම හෙමින් හෙමින් සජිනි දිහා බලාගෙනම සජිනිට ලං වුනා.සහන්ගේ ඇස් රතු වෙලා.තරහටම සහන්ට දත් මිටි කැවෙනවා.සජිනිට අඩියක් විතර දුරින් ...