මන්දාරම් අහස යට - තිස් හත් වන කොටස දම්මිගේ පිටුව "අ....අම්මා" "ආ....ආච්චි" පොඩි පිරිමි ලමයෙක් කියවන හඩට අසේලි දොර රෙද්ද අස්සෙන් එබිලා බැලුවා.ලොකු වියන් ඇදක් උඩට වෙලා පොතට එබීගෙන ඉන්න පිරිමි ලමයා දැකපු අසේලිට ඉබේටම හිනා ගියා. "මං ආවා..."අසේලි එහෙම කියාගෙනමයි එතනට ගියේ. "උඩට නගින්න ඔයත්" ඒ පිරිමි ලමයා කියද්දි අසේලි අමාරුවෙන් කකුලක් උස්සලා ඇදෙන් තිබ්බා. "කෝ ඔයාගේ අත දෙන්න" එහෙම කියන ගමන්ම ඒ පිරිමි ලමයා අසේලිගේ අතකින් අල්ලගත්තා.ටිකක් ...
මන්දාරම් අහස යට - තිස් අට වන කොටස දම්මිගේ පිටුව අසේලි තමන්ගේ ලගින් ඇවිදගෙන යනවා ආදිත්‍ය ට පෙනුනා.ආයෙත් සැරයක් අසේලිව නැති කරගන්න ආදිත්‍ය ට ඕනේ වුනේ නෑ .ඒ නිසා අසේලිගේ අතකින් ඇදලා තමන් ලගට ගත්ත ආදිත්‍ය අසේලිව තුරුල් කරගත්තා.එත් අසේලි උත්සහ කරේ ආදිත්‍ය ගේ ග්රහණයෙන් ගැලවෙන්න.ඒ බව තේරුණු ආදිත්‍ය අසේලිව තවත් තදින් තුරුල් කරගත්තා. "ඔන්න ඔහොම ඉන්න" තුරුල් කරගන්න ගමන්ම ආදිත්‍ය මිමිණුවා. "ආදිත්‍ය..." අසේලිගේ කටහඩ ආදිත්‍ය ට ඇහුනේ කෙදිරිලි ...
ආදරණීය නපුරා - දහඅට වන කොටස දම්මිගේ පිටුව සහනුයි යාලුවො ටිකයි මැච් එක බලනකම් සජිනි කට්ටියට කෑම ලෑස්ති කරා.කෑම ටික මේසේට තියලා තමයි සජිනි කට්ටියට කන්න කතා කරේ."එන්න අයියේ,කමු" සජිනි ඇවිත් කතා කරා."යමන් යමන් කන්න" සහනුත් කිව්වා "අම්මෝ ඔව් බඩගින්නෙ හිටියේ" විහග කිව්වේ බඩත් අල්ලගෙන මේසෙන් වාඩි වෙන ගමන් "යකෝ තැනකට ඇවිත් හරියට හැසිරියන්කෝ,නංගි මේ මූගේ මල විකාර" ගයාන් කිව්වේ විහගට රවලා "ඔව් නංගි.මූ කියන ඒවා ගනන් ගන්න ...
ආදරණීය නපුරා - දහසය වන කොටස දම්මිගේ පිටුව සහන්ට රෑ හරියට නින්ද ගියේ නැති නිසා උදේ නැගිටිද්දී වෙනදට වඩා පරක්කු වුනා.සහන් ඒ ගැන එච්
මන්දාරම් අහස යට - හතලිස් දෙවන කොටස දම්මිගේ පිටුව ගගන හෙමීට අසේලි ලගට ඇවිදගෙන ආවේ කට කොණකින් හිනා වෙන ගමන්. " අදුරන්න පුලුවන් නේද?" ගගන අහද්දි අසේලි බලන් හිටියේ පුදුමෙන්. "ඔයා?..ඔයාද මේ..." අසේලි ඇහුවේ පුදුමෙන්. "මොකක්ද? ඔයාව ගෙනාවෙද? අපෝ නෑ" ගගන කිව්වේ මහ හයියෙන් හිනා වෙන ගමන්. අසේලි ලගටම ආපු ගගන අසේලිගේ මූණ ලගට පහත් වුනා. " මේක වෙන කෙනෙක්ගේ වැඩක්.ඔයා වරද්ද ගත්ත වැඩක්.වෙලාවට ඒ ඔයා වුනේ.නැත්තම් මේ ...
මන්දාරම් අහස යට - හතලිස් තුන්වන කොටස දම්මිගේ පිටුව සද්ද ගොඩක් මැද්දෙන් පෙනුනු සුදු පාට එළියක් දිහාවට අසේලි ඉක්මනින් දුවලා යන්න හැදුවත් මොකක්දෝ දේකින් අසේලිව ආපහු ඇදලා ගන්න බවක් අසේලිට තේරුනා.ඔලුවේ දැනුනු ලොකු වේදනාවක් එක්කමයි අසේලි ඇස් ඇර්ඇරි. ඇස් ඇරපු ගමන් අසේලිට පෙනුනේ සුදු පාට සිවිලිමක්.එතනින් එහා පැත්තේ ඇද අයිනේ මේධාවි පුටුවක වාඩි වෙලා හිටියේ නිදි කිරන ගමන්.ලොකු වතුර තිබහක් දැනුනු අසේලි වටපිට බැලුවා.මේසේ උඩ තිබ්බ වතුර එක ...
මන්දාරම් අහස යට - හතලිස් වන කොටස දම්මිගේ පිටුව හවස දේශන ඉවර වෙලා ගෙදර ආපු දේදුණු බෑග් එක ඇද උඩට වීසී කරා. "විසල් අයියා හිතාගෙන ඉන්නේ එයා කවුරු කියලද දන්නේ නෑ" දේදුණු කේන්තියෙන් තමන්ටම කියාගත්තේ කරාබු දෙක ගලවලා කණ්නාඩි මේසේ උඩට වීසී කරන ගමන්. ' මොන මගුලකට දැන් මගේ පස්සේ එනවද මං දන්නේ නෑ.ඒ දවස් වල හෙව්වෙම නෑ.දැන් එක පාරටම ඕනෙකම.එදා නුවරඑළියටත් ආවා.ඒ අය මොනවා හිතුවද දන්නේ නෑ ...
මන්දාරම් අහස යට - තිස් හතර වන කොටස දම්මිගේ පිටුව පහුවදා උදේම ආදිත්‍යලා කට්ටිය නුවරඑළි යන්න පිටත් වුනා.දේදුණුව මගින් ගන්න ඕනේ නිසාම ආදිත්‍ය වාඩි වෙලා හිටියේ ඉස්සරහ ශීට් එකේ.දේදුණුත් වාහනේට නැගලා ආදිත්‍ය ලගින්ම වාඩි වුනා.දේදුණු ආදිත්‍ය ලග වාඩි වෙනවා දැකපු අසේලිගේ මූණ අදුරු වෙනවා හොදටම පෙනුනේ අසේලි ලග වාඩි වෙලා හිටපු නෙහාරාට.නෙහාරා එයාට එහායින් හිටපු විහාරාට ඇගිල්ලෙන් ඇනලා අසේලිව පෙන්නුවා. දිග සුසුමක් හෙලපු අසේලි ජනේලෙන් එලිය බලාගන්නවා නෙහාරායි විහාරායි ...
මන්දාරම් අහස යට - තිස් තුන්වන කොටස දම්මිගේ පිටුව පේරාදෙණිය උද්භිත උද්‍යානයෙන් එලියට ආපු කට්ටිය මිගාරගේ ගෙදර යන්න වාහනේට නගින්න වාහනේ එනකම් බලන් හිටියා, "හැමෝම ඉන්නවා නේද?" පුරුදු විදියටම මිගාර කට්ටියව ගනන් කරන්න පටන් ගත්තා. "දේදුණු නංගි අපි එක්ක යනවද?" ක්‍රිශාන් ඇහුවේ ආදිත්‍ය ලගට වෙලා හිටගෙන ඉන්න දේදුණුගෙන් "නෑ අයියේ.මං දැන් ගෙදර යනවා.හෙට උදේ එන්නම් නුවර එලි යන්න" දේදුණු උත්තර දුන්නා. "ඔයා යන්නේ කොහොමද? කැබ් එකක් කතා කරන්නද?" ...
මන්දාරම් අහස යට - හතලිස් අට වන කොටස දම්මිගේ පිටුව ආදිත්‍ය ගුවන් යානයේ ජනේලෙන් පේන ලංකාවේ උස ගොඩනැගිලි දිහා බැලුවා.සුදු පාටට වළාකුලු අතරින් පේන ඒ ගොඩනැගිලි ඇත්තටම ලස්සනයි කියලා ආදිත්‍යට හිතුනා. ආදිත්‍ය සාක්කුවේ තිබුනු දුරකථනය අතට ගත්තේ සුදු වළාකුලු අතරින් පේන දර්ශනය ජායාරූපයකට නගන්න හිතාගෙන.ඒත් දුරකථන තිරය දැකපු ආදිත්‍ය ඒ දිහා බලාගෙන හිටියා.සුදු ගවුමක් ඇදගෙන කලුතර පාලම උඩ අසේලි හිටගෙන හිටපු ඒ දවස කොච්චර ලස්සනද කියලා ආදිත්‍යට හිතුනේ නොදැනීම ...
ආදරණීය නපුරා -පලවන කොටස දම්මිගේ පිටුව 1.අවුස්සා ගැනීම යෝජිත විවාහයක් කවදාවත්ම සජිනිගේ හිතේ තිබ්බේ නෑ.සජිනිට ඕනේ වුනේ තව ටිකක් ඉගෙන ගෙනම ආදරයක්,විවාහයක් ගැන හිතන්න.විද්‍යා විශයෙන් උසස් පෙල කරලා හොදට පාස් වුනත් කැම්පස් යන්න නම් සජිනිට ලකුනු මදි වුනා.මුලදිම ලකුනු මදි වෙවී කියල සජිනිට හිතිල තිබුනු නිසාම සජිනි විබාගය ඉවර වුන ගමන්ම බාහිර උපාදියක් කරන්න පටන් ගත්තා.ඒ පැත්තෙන්ම රස්සාවකුත් හොයගත්ත සජිනිට ඕනේ වුනේ නැ දැන්ම විවාහයක් ගැන ...
මන්දාරම් අහස යට - හතලිස් එක් වන කොටස දම්මිගේ පිටුව දිගු නින්දකින් ඇහැරුනු ආදිත්‍ය වටපිට බලන්න උත්සහා කරා.එත් ඒක කරන්න බැරි වුනේ ඔලුවට දැනෙන ලොකු වේදනාවක් නිසා.ආදිත්‍ය ගේ ඇගට සවි කරලා තිබුනු උපකරණ වල බීප් හඩට අමතරව දැඩි සත්කාර ඒකකයේ තිබුනේ නිහඩතාවයක්. ටිකකින් ඇහුනු දොරක් ඇරෙන සද්දයක් එක්ක කවුදෝ ඇතුලට එන හඩක් නිසා ආදිත්‍ය ඒ පැත්ත බලන්න උත්සහ කරා.දැඩි සත්කාර ඒකකයේ අනිත් රෝගීන්ට බාධාවක් නොවෙන විදියට ඇවිදගෙන ආපු අවිශ්ක ...
ගොලු හදවතේ සැබෑ දම්මි සමු ගෙන ගොසිනි .... දම්මිගේ පිටුව මීට සුළු මොහොතකට පෙර මුහුණු පොතේ දුටු පෝස්ටුවකින් හදවත සසල විය.එහි මාතෘකාව වූයේ "ගොඵ හදවතේ සැබෑ දම්මි සමුගෙන ගොසිනි." යන්නයි.ඔව් සැබැවින්ම සිදු වී ඇත්තේ එයයි.ගොලු හදවත නවකතාවට පදනම් වූ දම්මි හෙවත් පද්මා නාලිනී ගුණරත්න මහත්මිය ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇත.ගොලු හදවත නවකතාව කිසි දිනක මට තවත් එක් නවකතාවක් වුයේ නැත.එය මගේ ජිවිතයේ එක් කොටසක් විය .පොත් පිස්සියක වූ මා අම්මාගේ ...
ආදරණීය නපුරා- පහළොස්වන කොටස දම්මිගේ පිටුව ගෙදරට ආපු ගමන්ම සහන් ගියේ එයාගේ කාමරේට.සහන් යනවා බලන් හිටපු සජිනිත් එයාගේ කාමරේට ගියා.ඇදුම් ගලවන්නෙවත් නැතුව සහන් ඇදට වැටුනා.නදිනිව මුල්ම වතාවට දැකපු දවස සහන්ගේ මතකයට ආවා.එතකොට සහන්ලා second shy එකට පංති යන කාලේ."ඉක්මනට යමන්කෝ බං.අපෝ උබලා නිකන් ගෑනු ලමයි වගේනේ." නදීශාන් කෑගැහුවේ හෙමීට හෙමීට ඇවිදගෙන එන සහන්ටයි ජනිත් ටයි."මොකක්ද බං මූට හැදිලා තියෙන කඩි කුලප්පුව.පංති පටන් ගන්න තව පැය බාගයක්ම ...
ඇස් ගහන කෙල්ල ලංකාවේ වුනා නම්... දම්මිගේ පිටුව මේ ඇස් ගහන කෙල්ල ගැන මෙලෝ අටමගලක් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න පහලින් වීඩීයෝ එකක් දාලා තියෙනවා.ඒක බලලා එන්නකෝ.
වසන්තය සිහිනයක් - 02 දම්මිගේ පිටුව 'ඔව් ඇත්තමයි...ඒ එයාමයි...එයා ආපහු ඇවිත්...හිතාගන්නත් බැරි විදියට යන්න ගියපු එයා ආපහු ඇවිත්...' ඒ ඇස් එදා වගේමයි.තාමත් දිලිසෙනවා ඒත් ඒ දිලිසෙන්නේ වෙනදා වගේ කළු පාටට නෙවේ.අමුතුම අළු පාටක් ඒ ලස්සන කළු පාට වහගෙන.මට ඕන වුනේ ඒ ඇස් ලගට යන්න.ඒවා ඇතුලේ තියෙන්නේ මොනවද බලන්න.ඉස්සර වගේම.මං ඔහු ලගට යන්න පියවර තිබ්බේ ඒ ඇස් මගේ ඇස් මත්තෙම තියාගෙනමයි.ඒත් නොහිතපු මොහොතක ඔහු මගෙන් ඇස් මුදාගත්තා."සර්, ...
වසන්තය සිහිනයක් දම්මිගේ පිටුව දවස් ගානක් අකුණු ගහමින් ඇද වැටුණු වැස්ස උදේ වෙද්දී නැවතිලා තිබ්බේ හරි පුදුම විදියට.ජනෙල් වීදුරුවේ බැදිලා තිබුණු මිදුම් වලාවක් දිගේ මගේ ඇගිලි යවද්දී දැනුනු අමුතුම සීතලක් මුළු ඇග ම හිරිවට්ටද්දී මම දිගටම ජනෙල් වීදුරුව දිගේ රටා ඇන්දා.මගේ ඇගිලි තුඩු වලින් ඇදෙන රටා වලින් වීදුරුව දිගේ ජල බින්දු බේරෙද්දී ජනේලෙන් එහා පැත්තේ තිබුණු රතු රෝස පැලේ මගේ දෙනෙතට අහු වුනේ අහම්බයකින් ...
වසන්තය සිහිනයක් - 03 දම්මිගේ පිටුව ඇය පඩිපෙළින් බැහැගෙන එන දිහා මං බලන් හිටියේ හැගීම් ගොන්නකින් හිත පිරෙද්දී.ඇයගේ හැගීම් විරහිත මුණ ඇයත් මං වගේම නොසන්සුන්තාවයකින් පෙලෙන බව මට ඉගි කරා.සෙමින් සෙමින් මං ලගට ආපු ඇය මගේ ලගින් නැවතුනා.ඉස්සර වගේම ඇගෙ ලග රෝස මල් සුවදක් පැතිරෙමින් තිබුනා."ම්ම්ම්... තරු...නෑ මේ තරුල්‍යා... ගුණවර්ධන අන්කල් කිව්වා එයාගේ ෆයිල් වගයක් ඔයා ලග ඇති කියලා.මට පොඩ්ඩක් බලන්න පුලුවන්ද ?" නිතරම කියවලා පුරුදු ...
වසන්තය සිහිනයක් - අවසානයට පෙර දම්මිගේ පිටුව සදාරණිය කැලුම්,මේ ලියුම ඔයාට හම්බවෙද්දී මම ගොඩක් දුරට ලංකාවේ ඉන්න එකක් නෑ.මේක මම අම්මා නැති කාලෙක ගන්න හිතාගෙන හිටපු තීරණයක්.ඉතින් මේකේ වැරද්දක් ඔයාගේ පිටින් දාගන්න එපා.මට ඕනේ ඔයාට හැමදේම කියන්න.ඔයාගේ මුණ බලාගෙන මට මේ දේවල් කියන්න බෑ.ඇත්තටම බෑ.මම උත්සහ කරලා තියෙනවා සෑහෙන වාරයක්.ඒත් බැරි වුනා.ඉතින් යන්න කලින්මෙහෙම හරි කියන්නයි ඕනේ වුනේ.ඔයාට මතක ඇතිනේ මේ ඔක්කොම පටන් ගත්තේ තාත්තා අසනීප ...
වසන්තය සිහිනයක් - 07 දම්මිගේ පිටුව ඒ උදෑසන තවමත් යහන මත ගුලි වී නිදන මෙත්සරා දෙස මා බලා සිටියේ හැගීම් විරහිත දෙනෙතෙනි.තවමත් ඇය ගැන සිතේ අනුකම්පාවකට වඩා යමක් නැති බව ඇය දන්නවද කියලා මම හිතපු වාර අනන්තයි.නමුත් කුමක්දෝ හේතුවකට ඇය මගෙන් මිදුනේ නෑ.මම වෙන කෙනෙක්ට ප්‍රේම කරන බව මම ඇයට කී මොහොතේ ඇය කිව්වේ එක දෙය යි."ඔයාට ඕනේ නම් එයා ලගට දැන්ම යන්න.පහු වෙලා යන්න ...