ආදරණීය නපුරා - විසි හත් වන කොටස දම්මිගේ පිටුව " මෙතන මොකද වුනේ?" සහන් ඇහුවේ වැටිලා ඉන්න සජිනි දිහාට එන ගමන්.සහන් දැකපු සජිනිගේ ඇස් වලින් කදුළු කඩා වැටෙන්න ගත්තා "මොකක්ද වුනේ?" සහන් ඇහුවේ සජිනි ලගින් බිම වාඩි වෙන ගමන්.ඒත් ඒකට කිසිම උත්තරයක් හම්බුනේ නෑ.වුනේ මොකක්ද කියන්න තිළිණිත් නොදන්න නිසා එයත් බලන් හිටියේ සජිනි උත්තරයක් දෙනකම් "මං ඇහුවේ මොකද වුනේ කියලා"ඒ පාර සහන් අහපු විදියට සජිනි ලග හිටපු තිළිනිත් බය ...
මන්දාරම් අහස යට - පනස් වන කොටස දම්මිගේ පිටුව එලියේ ඉන්න අසේලිව දැකලා ආදිත්‍ය තමන්ගේ අතේ තිබ්බ ජායාරූපය දිහා බැලුවේ පුදුමෙන්."මේ පින්තුරේ? මේ එලියේ ඉන්න අසේලි?" ආදිත්‍ය තමන්ටම කියාගත්තේ පුදුමෙන් එලිය බලන ගමන්."මේ පින්තුරේ දේදුණු ගේ ඇස් දෙක අසේලිගේ වගේමයි.හරි ලස්සනයි." පින්තුරේ දිහා හොදට බලපු ආදිත්‍ය ආයෙමත් ජනේලෙන් එලිය බැලුවත් එතන අසේලි පේන්න හිටියේ නෑ.ආදිත්‍ය කලබලෙන් ජනේලෙන් එලිය බැලුවත් අසේලි පේන්න හිටියේ නෑ."මටත් මේ මහ දවල් හීන පේනවද මන්දා...අසේලි ...
ආදරණීය නපුරා - විසි හතර වන කොටස දම්මිගේ පිටුව හවස් වෙනකොට විදූශත් සජිනිලගේ ගෙදරට ආවා.කට්ටියම කාලෙකින් එකතු වෙලා නිසා කතා කරන්න රස කතා ගොඩක් තිබ්බා.විදූශයි සහනුයිත් ගොඩක් දේවල් කතා කරා.සජිනිගේ පරණ කතා වගේම සජිනි ගැන විදූශගෙන් ගොඩක් දේවල් දැනගන්නත් සහන්ට පුලුවන් වුනා.ඒත් මේ දෙන්නා එකට එකතු වෙලා ඉන්න එකට සජිනිගේ නම් කැමැත්තක් තිබුනේ නෑ."මොනාද අම්මේ අර දෙන්නා අතන හොරෙන් කුටු කුටු ගාන්නේ" සජිනි අම්මා ලගට ඇවිත් කේලම කිව්වෙම හිතේ ...
මන්දාරම් අහස යට - අවසන් කොටස දම්මිගේ පිටුව "අනේ....පුතා...ඒ මේ අසේලිම තමයි.එයා එයාටම දාගෙන තිබුනු නම තමයි දේදුණු" ජනිතා හිනා වෙවී කියද්දි හැමෝම බලාගෙන හිටියේ පුදුමෙන්"ඒ කිව්වේ?" ප්‍රියංකා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන"මෙයා චූටි කාලේ නිමන්ත මෙයාට කතාවක් කියලා දීලා.ඒකේ පොතක ගෑනු ලමයාගේ නම තමයි දේදුණු.ඊට පස්සේ මෙයා එක විකාරයක් කරා නම වෙනස් කරන්න කියලා.පස්සේ එයා එයාටම දේදුණු කියලා නම දාගත්තා.කවුරු ඇහුවත් කිව්වේ දේදුණු කියලා.ඕක ඉස්කෝලේ යනකම්ම වගේ ...
මන්දාරම් අහස යට - හතලිස් නම වන කොටස දම්මිගේ පිටුව පහුවදා උදේ ආදිත්‍යට ඇහැරුනේ ප්‍රියංකා කතා කරන හඩින් "ආදි...නැගිටින්න පුතා..." ප්‍රියංකා එහෙම කියන ගමන් ආදිත්‍යගේ ලගින් ඇදේ කොනකින් වාඩි වුනා. ඇස් අරින්නෙත්වත් නැතුව ආදිත්‍ය ප්‍රියංකාට ලං වෙද්දි ප්‍රියංකාට ඉබේටම හිනා ගියා. "නැගිටින්න ආදි...අපි යන්නත් ඕනනේ" ප්‍රියංකා කිව්වේ ආදිගේ හිස්කෙස් අතරින් අත යවන ගමන්.ඒ අතේ සනීපෙට ආදිත්‍ය හෙමීට ඇස් ඇරියා. "තව ටිකක් ඉමුකෝ අම්මා...මට මහන්සියි.නිදිමතයි" ආදිත්‍ය කිව්වේ ප්‍රියංකාගේ බද වටේට ...
ආදරණීය නපුරා - විසි හය වන කොටස දම්මිගේ පිටුව නදීශාන්ලා එක්ක වෙච්ච කතා බහෙන් සහන්ගේ හිත හෙල්ලිලා තිබ්බේ.සජිනිට කිට්ටු වුනා වැඩියි කියල සහන්ගේ හිත සහන්ට දොස් කිව්වා.මේ නිසා තමන්ගෙන් නදිනිට වැරැද්දක් වුනා කියලා සහන්ට දැනුනේ පසුතැවීමක්.මේ දැනෙන වැරදිකාර හැගීම් නිසාම සහන් ගෙදර ඉන්න මුලු වෙලාවෙම සජිනිව මග ඇරලා හිටියා.ඒක සජින්ටත් ලොකු ගානක් නොවුනේ සහන්ගේ මේ සැරින් සැරේ වෙන වෙස් පෙරළි වලට එයත් දැන් පුරුදු වෙලා නිසා.සහන්ගේ මහ ගෙදර ගත ...
ආදරණීය නපුරා - තිස් හත් වන කොටස දම්මිගේ පිටුව උදේ සජිනි කුස්සියේ ඉන්නකොට තමයි ගෙදර දොරේ බෙල් එකේ සද්දේ ඇහුනේ.ඒ සද්දෙට කලබල වුන සජිනි දොර ලගට දුවගෙන ගියා.ඒත් දොර අරින්න කලින් සජිනි එතන කණ්නාඩියෙන් බලලා කොන්ඩෙත් හදාගත්තා.එක සැරයක් හොද හුස්මක් ගත්ත සජිනි දොර ඇරියා.එතන හිටියේ සහන්ගේ අක්කයි මස්සිනයි බබයි.අක්කා බබාවත් වඩාගෙන හිනා වෙවී හිටියා."නංගි...කොහොමද? අදමනේ දැක්කේ" සහන්ගේ අක්කා සජිනිව දැක්ක ගමන් කිව්වා "ඒකනේ අක්කා..එන්න ඇතුලට" සජිනි කට්ටියට ඇතුලට කතා ...
මගේ දත් කතාව දම්මිගේ පිටුව මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ගේ මෙන් මගෙත් දත් කතාව පටන් ගත්තේ මගේ දත් එන්නට පටන් ගත් දා පටන් ය.නමුත් එදා සිට අද දක්වාම මේ දත් සෙට් එක මට දී ඇති වද ප්‍රමාණය අනන්තය අප්‍රමාණය.මේ දත් සෙට් එක මල කරදරයක් බව මට මුලින්ම වැටහුනේ අවුරුදු 6 දී මහියංගනයේදීය.තාත්තාගේ යාලුවෙක්ගේ ගෙදර ගිය විටෙක දත් ප්‍රශ්නයක් මතු විය.එය කොහෙන් කොහොම මතු වුනා දැයි මට ...
ආදරණීය නපුරා - හතලිස් වන කොටස දම්මිගේ පිටුව සහන් සජිනිලගේ ගෙදරට එද්දී රෑ 11ටත් කිට්ටුයි.මේ වගේ වෙලාවක සහන්ව දැකපු සජිනිගේ අම්මයි තාත්තයි පුදුම වුනත් සහන්ව ආදරෙන් පිළිගත්තා." වාඩි වෙන්න පුතා" සජිනිගේ තාත්තා කිව්වේ පුටුවක් පෙන්නලා "කෝ පුතේ අපේ සංජු? ඇයි එයා ආවේ නැත්තේ? ඊටත් මේ මහ රෑ? කරදරයක්වත්ද? " සජිනිගේ අම්මා කියවගෙන ගියේ හිතේ ප්‍රශ්න නිසාමයි.සහන්ට ඒ ප්‍රශ්න වලට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි වුනා.සහන් අම්මා එක්ක හිනා වුනේ ...
මන්දාරම් අහස යට - හතලිස් හය වන කොටස දම්මිගේ පිටුව නඩුවට වෙලාව තිබුනේ උදේ 11ට වුනත් අසේලි අම්මයි තාත්තායි එක්ක කලින්ම උසාවියට ගියා.එයාලා උසාවියෙන් එලියේ බලාගෙන ඉන්න වෙලාවේ තමයි අසේලිව පැහැරගත්ත කට්ටියව පොලිස් ජීප් එකකින් උසාවියට අරගෙන ආවේ. පොලිස් ජීප් එකෙන් මුලින්ම බැස්සේ ගගන.ගගනට පිටිපස්සෙන් ජීප් එකෙන් බැහැපු දෙන්නා දැකපු අසේලිගේ ඇස් ලොකු වුනා. "ඇයි දූ" ජයවර්ධන ඇහුවේ අසේලිගේ මූණ වෙනස් වෙනවා දැකලා. "අර...අර දෙන්නා" අසේලි කිව්වේ පොලිස් ජීප් ...
මන්දාරම් අහස යට - තිස් පස් වන කොටස දම්මිගේ පිටුව හෝර්ටන් තැන්න පුරාවටම තද මීදුම් ගතියක් පෙන්න තිබ්බේ වැසිබර කාළගුනයක් එන ලකුණු පෙන්වමින්.මීදුම මැදින් ලෝකාන්තයට යන ගමන වැඩියෙන්ම අමාරු වුනේ ගෑනු ලමයින්ට.කණ්ඩායමේ පිරිමි ලමයි ගෑනු ලමයින්ට උදව් කරන්න ඉදිරිපත් වුනු නිසා යන ගමන ටිකක් ලේසි වුනා. "අම්මෝ....කකුල කකුල..." එක පාරටම නෙහාරාගේ කටහඩ මීදුම මැද්දෙන් ඇහුනා. "කෝ කෝ මොකද වුනේ" නෙහාරා එක්ක ගියපු ජීවක ඇහුවේ කලබලෙන්. "මොකක්ද වුනේ අහන්නේ? ගලක් ...
ආදරණීය නපුරා - දාහත් වන කොටස දම්මිගේ පිටුව සහනුයි සජිනියි යනකොටත් නිශාන්තිලගේ ගෙදර කිරි උතුරවලා ඉවරයි.තිලිණිගේ මහත්තයා ඉන්නවා දැකපු සහන් එතනට ගියා.ඒ අතරේ සජිනි අරන් ගියපු කිරිබත් එක නිශාන්තිට දීලා තිළිනි ලගින් වාඩි වුනා."මං උදේ ඔයා බලන්න ගෙදරටත් ගියා"තිලිණි කිව්වා.එතකොට තමයි සජිනිට තේරුනේ මේ උදේ ගෙදරට ආවේ තිළිණි කියලා.තිළිණිට එන්න කිව්වා කියලත් සජිනිට අමතක වෙලා තිබ්බේ උදේ වෙච්ච දේ නිසා."අහ් ඔව් සහන් එනවා කිව්වනේ හදිස්සියේම.ඒපාර එයා එක්ක ආවා" ...
මන්දාරම් අහස යට - තිස් හය වන කොටස දම්මිගේ පිටුව එදා රෑ කට්ටිය නැවතුනේ මිගාර දන්න නුවර එලියේ රෙස්ට් හවුස් එකක.රෑ කෑම කාපු අසේලි තණකොල පිඩැලි අල්ලලා ලස්සන කරලා තිබ්බ රෙස්ට් හවුස් එකේ ගෙවත්තට ආවේ ගෙදරට දුරකථන ඇමතුමක් ගන්න හිතාගෙන.ඒත් දුරකථන සංඥා නොතිබුනු නිසා අසේලි මිදුලේ තිබ්බ බංකුවක වාඩි වුනා. වසර අවසාන දීර්ඝ නිවාඩුවේ නුවර එළි නගරය සැනකෙලියක් වගේ විසිතුරු වෙලා තිබුනා.විදුලි ආලෝකයෙන් එලිය වුනු ඈතින් පේන නුවරඑළි නගරය ...
ආදරණීය නපුරා - විසි දෙවන කොටස දම්මිගේ පිටුව "ඇයි ඔයාලා දෙන්නා බැන්දේ නැත්තේ" සහන්ගේ ප්‍රශ්නෙට විදූශ බිම බලාගත්තා."ඒක එච්චර හොදට පේනවද?" විදූශ සහන් දිහා බලලා හෙමින් හිනා වෙලා ඇහුවා."ඔව්,ඔයා දිහා බලන ඕනේ කෙනෙක්ට ඒක පේනවා" සහන් කිව්වේ විදූශ දිහාම බලාගෙන.ටිකක් වෙලා බිම බලාගෙන හිටපු විදූශ සහන් දිහා බැලුවා."සංජු මට ආදරේ කරේ නෑ""මොකක්ද?""ඔව්, මං විතරයි සංජුට ආදරේ කරේ.එයා කවදාවත්ම මට ආදරේ කරේ නෑ.එයාට මං හැමදාම එයාගේ හොදම යාලුවා විතරයි""සජිනි ...
ආදරණීය නපුරා - විසි පස් වන කොටස දම්මිගේ පිටුව සජිනිට උදේ ඇහැරෙද්දි එක පාරටම දැනුනේ හරිම සනීපයක්.එයාට ඒ සනීපෙට ඇස් අරින්නත් ලෝබ හිතුනා.අඩ නින්දේ නිසා ඉන්නේ කොහෙද කියලා ගානක් නැති සජිනි තවත් හොදට නිදාගන්න හිතාගෙන අනිත් පැත්තට හැරුනා.ඒ හැරෙනවත් එක්කම සජිනිව කාට හරි තුරුල් වුනා.සජිනි එක පාරටම ඇස් ඇරියේ බය වෙලා.ඒත් එයා තුරුල් වුන කෙනා දැකලා එක පාරටම කෑගහන්න හදලත් සජිනි කට වහගත්තේ සහන් තාමත් නිදි බව දැකපු නිසා.සජිනි ...
ආදරණීය නපුරා - විසි එක් වන කොටස දම්මිගේ පිටුව "විදූ....." එහෙම කෑගහපු සජිනි දුවගෙන ඇවිත් ඒ තරුණයව බදාගත්තේ සහන් පුදුමෙන් බලන් ඉද්දි."සංජූ...."විදූශ සජිනිව එයාගේ අත් වලින් තුරුල් කරගෙන සජිනිගේ ඔලුව උඩින් මූන තියාගත්තා.ටිකකින් එයාට දැනුනා සජිනි අඩනවා කියලා.දැනුනා විතරක් නෙවෙයි.ඇහෙන්නත් ගත්තා.විදූශ හෙමින් හෙමින් සජිනිගේ පිට අතගෑවේ සජිනිව සන්සුන් කරවන්න හිතාගෙන."අඩන්න එපා සංජු, මං දැන් ආවනේ..."විදූශ කිව්වේ සජිනිගේ පිට හෙමීට අත ගාන ගමන්.ඒක ඇහුන ගමන් සජිනිගේ ඇඩිල්ල නැවතුනා.විදූශව තල්ලු කරලා ...
ආදරණීය නපුරා - දහනම වන කොටස දම්මිගේ පිටුව සහන්ගේ ලැප් එක තිබුනු විදියටම තියපු සජිනි එයාගේ ආමරේට ගියා .ගිහින් ඇදේ වැතුරුණු සජිනිගේ කම්මුල් දිගේ කදුලු බේරෙන්න ගත්තා.සිහින් ඉකියකින් පටන්ගත්ත මේ හැඩිල්ල මහා ඉකි ගසා හැඩිමක් බවට පත් වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.අඩලා අඩලා මහන්සියට නින්ද ගියපු සජිනිට ඇහැරුනේ එයාගේ දුරකතනයේ සද්දෙට.ඒ කතා කරේ විශ්මි.ආන්සර් නොකර ඉන්නත් හදලා සජිනි ආන්සර් කරේ විශ්මි නිකමට මෙහෙම කතා නොකරන බව දන්න ...
මන්දාරම් අහස යට - හතලිස් හතර වන කොටස දම්මිගේ පිටුව දේදුණු ආදිත්‍යව බලලා රෝහලින් එළියට ආවේ කණගාටුවෙන්.අවිශ්කත් එක්ක වෙච්ච කතාව දේදුණු ගේ කණේ රැව් දුන්නා. "ආදිත්‍යට ඔහොම වුනේ අසේලි කියලා ඔයා කියන්නේ කොහොමද දේදුණු? ඒ ලමයත් තාම ඉස්පිරිතාලේ " අවිශ්ක කිව්වේ බොහොම සැරෙන්. "එයාගේ මොකක් හරි විකාරයක් නිසානේ ආදි ටත් මේක වුනේ? මේ එකක්වත් නෑ එයා එක්ක නොගියා නම්" දේදුණු කිව්වේ තරහෙන්. "මේ නොදන්න දේවල් කතා නොකර ඉන්නවද? තමන්ගේ ...
මන්දාරම් අහස යට -හතලිස් හත් වන කොටස දම්මිගේ පිටුව අවිශ්කගේ දුරකථන ඇමතුම ඉවර කරපු අසේලිට දැනුනේ මහා හිස්කමක්.මහ දවාලේ වුනත් අහසත් කලු කරලා හුලගක් හමාගෙන ගියේ අසේලිගේ හිතේ දුක අහසටත් තේරිලා වගේ. වටේට කලු කරගෙන සීතල හුලගක් හමාගෙන යද්දි කොළඹ හතේ විශ්ව විද්‍යාල බස් හෝල්ට් එක ලග අසේලි හිටගෙන හිටියේ එතනින් යන බස් දිහාවවත් බලන්නේ නැතුව.අසේලිගේ හිත කිසිම හැගීමක් නැතුව හිස් වෙලා තිබුනා.බෝඩිමට යන බස් දෙක තුනක්ම එතනින් ...
සැලුන් අක්කලා දම්මිගේ පිටුව මා කොහෙත්ම සැලුන් රසිකාවියක් නොවෙමි.එසේ වීමට හේතු කීපයකි.ඒවායින් එකක් නම් මට ඕවාට යන්නට ඇති කම්මැලිකමයි.එක ගමනින් වැඩ දහයක් කරගැනීමට පිටත් වන මට සැලුන් යාම බොහෝවිට අතපසු වේ.මගේ යෙහෙළියන් කියන ලෙස නම් අතපසු වනවා නොව මා එය අතපසු කරමි.එක වැඩකට පමනක් මුල සිට ඇද පැලද ගෙදරින් පිට වීම තරම් මට එපා කරන දෙයක් නොමැති නිසා සැලුන් යනවා කියා ගමනක් මට කොහෙත්ම ...