පව World Of Aru යන්න ඕන වෙන්නේ ආදරය නැති නිසා නෙවේ... හුඟක් ආදරය නිසා.. ඒත් ඈතට වෙලා ඉන්න බැරුව එන්නේත් ආයේ ඒ හුඟ ආදරේ නිසා.... ඒකට කියන්නේ "සංසාරගත වූ ප්‍රේමණිය පව" කියලා... ...
අරුගේ ලෝකයේ පලවෙනි උපන්දිනය World Of Aru කාලය නවත්තන්න පුලුවන්ද කියලා ඇහුවම ඔබ කියවී, කවදාවත් බැහැ කියලා... ඒත් භෞතික විද්‍යාවට අනුව හැමදේම රාමුවක තියනවා නම් කාලයත් යම් රාමුවකට අයිති දෙයක් කියලා කිව්වොත්, අනිවාර්යයෙන්ම රාමුවෙන් පිටතට ගියහම කාලය නැවතිලා තියේවී නේද කියලා මට හැමවෙලේම හිතෙනවා... ඉතින් මට අද කියන්න තියෙන්නේ කතාවක්වත් කවියක්වත් නෙවෙයි අරුගේ ලෝකයේ පලවෙනි උපන්දිනය අද තමයි. ඒ කියන්නේ මං බ්ලොග් ලෝකයට ඇවිත් හරියට අවුරුද්දක්. ඒ ...
අන්තිම දවස World Of Aru "ස්ස්.." බියර් ටින් එක කැඩුවේ මං, ඒ වෙනකොටත් එයා බ්‍රැන්ඩි වීදුරු දෙකක්ම හිස් කරලා තිබුනේ... අපි හිටියේ එයාගේ මහල් නිවාසේ බැල්කනි එකේ.. යන්තම් පොද වැස්සක් වැටෙමින් තිවුනේ... මං ආස උනේ මේ වගේ වැස්ස වෙලාවක මත් වෙමින් ආයේ මත් වෙන්න.. අද තමයි හොඳම දවස... එයා... මං... මහල් නිවාසය... ලිකර්... වැස්ස... හැමදේම..!!! මේක තමයි අන්තිමට දවස... "ඔයා බොන්න පුරුදු වුනේ කවදා ඉඳන්ද ...
දුරුතු හීතල... World Of Aru දුරුත්තේ හීතල මාව මුසපත් කරලා තිවුනේ.. මට අවැසි වුනේ ඇය එක්ක මේ හීතලෙන් මිරිකෙන්න.. ආයේ ආයෙත්ම මගේ විසේකාර හැඟුමන් මුදා හරින්න, ඇයත් එක්කලා.. මං ඇයට එන්න කියලා කෙටි පනිවිඩයක් යැවුවේ හැමදාම අපි ගත කරන ලස්සන දවසක් ගත කරන්න.. එදත් ඇය ආවේ කියන පමාවෙන්.. හුඟ කලෙකින් අපි හමු වෙලා තිබුනේ නැති වුනත් ඇය ආවා, කිසිම වෙනසක් නැතුවම. සමහර විට මේ හමුවීම ...
සුපෙම්වත____❤ World Of Aru සුපෙම්වත... බිඳී විසිරෙන පිනි බිඳට මගේ හිත ඔබ්බවමි... ඉදින් සැනසෙන්න. මා මියෙන බව දැන....
දෑවැද්ද World Of Aru මගේ අනේකවිද සපල දහිරිය ඔබට රිදෙන්නට ඇති එකම අවිය, විටෙක ඔබ පිදෙන ලයාන්විත ස්වරය... තමා ඒ අපූරුම දෑවැද්ද..., නොදකිමියි ලෙසම ඔබමැ වයන, නුමුත් අතැරලා නොදමන්න සිත්දෙන ඒ අමුතුම පිටුවේ හොරෙන් හෝ සොයන අපූරුම වදන මගේ නම, නුමුත් රිදෙන ඉස්පිලි ඇලපිලි සහිත දිගු වැකි,, ඔබේ රිදවිලි එක්ක මහ ගෙරවිලි... ආයෙත් ඔබම රිදවගෙන මගෙන පලි ගන්න තතනන අරුම තැන ඒ ඔබේ ආදරය ...
අඹ ගෙඩි රාජ්‍යය - 07 World Of Aru << කලින් කතාව. ඇත්තටම කුමාරයා අවශ්‍ය වෙලා හුන්නේ කුමරියව විනිශ්චය කරන්න. ඇගේ හැම ඉරියව්වකම, හැම හැඟීමකම හැඩතල පවා තේරුම් ගන්න... ඒකයි කුමාරයා පැයයි විනාඩි පහලොවක් පරක්කු වෙලා ගියේ.. කුමරිය දුටුවෙන් කුමරු ඒ වන විටත් අසිහියෙන් උන්නේ. හරියට මිහිබට සුරඟන දුටුවා වගෙයි... සිනෙක්සා කුමරිය උන්නේ සුදු සේද ගවුමක් ඇඳගෙන.. ඒක කොයි තරම් සිනිඳුද කිව්වොත් සිරුරේ ස්පර්ශ වුන පමාවෙන් සියලු විඩාවන් ...
නම නොකියනා ඔහුට....., World Of Aru මේ ලියැවෙන හැම කවියකම, හැමෝම කියවන්නේ ඔබව.. අපේ මහ ප්‍රේමය ගැන.. ඔවුනොවුන් ඉරිසියා කරන්නේ ඔබට... ඉදින් තරහක් නැද්ද, කියන්න රහසින් වත්, "ආයේ කවි නොලියන්න.." මේ ප්‍රේමයම බර වැඩි.. ඉස්සර වගේ ඉන්න.. හීනියට හිනැහෙන්න.. "මැණික.." යැයි මුමුණමින්.. මගේ තොල් සිප ගන්න... ඔබ දන්නවද දැන්වත්.. ඔබ අමරණීයම බව... අප මියගියත් මිනිසුන් පැවතෙන තුරු, ලෝකයා අපේ ප්‍රේමය මෙලෙස කියවන බවම... ...
රිදිල්ලක් නොවෙද ප්‍රේමය____ World Of Aru නෝක්කාඩුවක් ඇතිය හැංගිච්ච, ඒකමයි මේ දුක් සුසුම් ඇද වෙච්ච.. ගැහී ගැහී හදවතේ ඇකිලිච්ච, ප්‍රේමයකි මා නුඹ නමින් පීදිච්ච... කොයි තරම් ගැහෙනවද හෙවනැලි, නිරුවතින් හිරි ඔතප් ගොලුවෙච්ච.. කොයි තරම් රිදෙනවද හර්දයම, ඇත්තම නොකියා පැල වෙච්ච... තෙලි තුඬින් මැවූ රූ රටාවන් ඇද වෙච්ච, කැන්වසක අලුතින්ම සිතුවම්කි ඉපදිච්ව... එනමුදුම ප්‍රේමයක රටාවක් ඇද වෙච්ච, රිදිල්ලක් නොවෙද ඒ ප්‍රේමයත් විසිවෙච්ච... ...
සිතන්නට යමක්...01 World Of Aru සිතුවිලි සිත්තමට නැගෙන කවි පොතේ ඉංග්‍රීසී කතා වල පරිවර්තන කිහිපයක් දුටුවෙන් මම ටිකක් කාලෙකට කලින් පරිවර්තනය කල කතා කිහිපයක්ම තිබුණා කියලා මතක් වුණා.. ඒකෙන් දෙකක් තමයි මේ..... පාන් රාත්තල. බේකරියකට සෑම දිනකම බටර් රාත්තලක ප්‍රමාණයක් විකුණූ ගොවියෙක් සිටියේය. දිනක් බේකරියේ අයිතිකරු බටර් කිරා මැන බැලීමට අවශ්‍ය වූ අතර, එහි සැබෑ ලෙසටම රාත්තලක ප්‍රමාණයක් නොතිබිණි. මේ ගැන කෝපයට පත් බේකරි ...
සිය පෙම්වතියගෙ ප්‍රථම ප්‍රේමයට වංචා කල පෙම්වතෙකුගේ පසුවදන..... World Of Aru ආසාවේ පොඩි වෙච්ච සින්ධූර් තිලකයට කඳුලු පර මල් පෙති වැටිලා අදත් හීනෙක ගුලිවෙලා... හදවතේ අත නොපොවන මායිමෙක හීනියට දලුදමා ආයේ පරවෙලා සදා කල් හැංගිලා හීන රොඩු තියෙනවා.... අම්බපාලියටත් පින හුඟක් තිබුනට පත්තිනි සළුවකට කාසි හිඟ වුනිද.. හීනයක ලියැවුන ප්‍රථම ප්‍රේමය හැංගුනේ ඒ සළුව යට නේද... අහන්නේ හිත මගෙන්ම නේද... නොකිව්වට එක වදනකුඳු ඇය. රිදුනෙ නැතිවා නොවේ ඒ සඳ. සඳක් ලෙස ...
රිදුම්.. World Of Aru නුඹේ ඔය නිහඬ බව පරදවයි හුස්ම වුව.. බර වෙච්ච හුදෙකලා කඳුලු කැට රිදව රිදවා සුරවයි ප්‍රේමය... කන්දකින් වුව ඇද හැලෙන්නේ ප්‍රේමය, දිය ඇල්ලක්ව... එය වැටී රිදව ගන්නට හදවතේ මධ්‍ය අංශුවත් ඇත... නුඹ අහසක්ව නැඟ දේදුන්නක්ව බැස යනු ඇත... මියෙන රිදවීම් රිද්ද රිද්දාම... සැනසුමක් වුව හදවතේ මැද මියෙන එකයි පහස... රිදවගෙන චුම්බනයක රත් වෙන එක මැරි මැරී හුස්ම යැදීමක්මය.. මේ සියලු ...
පණ්ඩුකාභය World Of Aru ගුරුකුල සදිසි කම්මල මැද සිත පැහැදි. ගිනි ගෙන අවුත් මඟහැර ආ මරු නුදුටි. වැව්මැද දඟකමින් ආයෙත් මරු සැඟවී. බෑණා නොවේ උන් දුටු පස මිතු සදිසි. නුග පත් සැලෙන සේ සසැලෙන මුදු හදින. වගවත් සුලෙල වූ ස්වණ්ණය දද ලෙලෙන. සැදැහැත් සිරින් පා අඩි ඔසවා යනෙන. කගපත් සැලුනේ දස්කම් බවකින් සහජ. සඳ එන පමාවෙන් දුවනා අස් දුටිමි. ස්වර්ණ පාලියම සසැලී ඇත සැඟවී. ...
නිශාචර World Of Aru නිශාචර කිරිල්ලියෙක්ට පුලුවන්ද තමන්ගේ ඇඳට ආදරය කරන කොල්ලෙක්ට ආදරයෙන් උමතු වෙන්න... එහෙම කිව්වම ඒ ප්රශ්නයේ රහස් කතා කිහිපයක්ම තියෙනවා..ඒ කියන්නේ පටලැවිලි කිහිපයක්... මං කැමති පටලැවිල්ලකින් පටන් අරන් පටලැවිල්ලකින් ඉවර කරන්න.. හරියට ජීවිතේ වගේ... මේ කතාවත් එහෙම එකක්.. හුඟක් පටලැවිලි ඇති.. ලිහා ගන්න එක බාර මගේ කතාව හොරෙන් කියවන ඔබටමයි... මං නිශාචර වුණේ ඇත්තටම ප්‍රථම ප්‍රේමයේ විරහවෙන් පස්සේ.. ...
කඳුලක්... World Of Aru සීත හිරිපොද වැටෙන විට රැයෙඔබේ ළය මැද ගුලි වෙමි.හීන් දාදිය හෙලෙන මොහොතකඔබේ උණුහුම විඳ ගමි.හීතලම වුන ඒ සිහින දැන් අයිස් වී ඇත හිමියනි.ඔබ ඇගේ ළඟ සැපට තුරුලුවනිදියනා බව දන්නෙමි.නියත විවරණ යලි නොදෙන්නෙමිනුඹේ ළඟ තවමත් ඇති.මගේ හිත ගෙන ඔබ ගිහිපු දුර හුඟ වැඩි මගෙ හිමියනි.මගේ කිව්වත් මගේ නොවනාඔබ කඳුල වී ගිනි ගනී.ඔබ ඇගේ ළඟ සැපට තුරුලුවනිදියනා බව දන්නෙමි. ...
සිතන්නට යමක්..02 World Of Aru ජනප්‍රිය කථිකයෙක් ඩොලර් 20 ක බිල්පතක් මගින් සම්මන්ත්‍රණයක් පැවැත්වීම ආරම්භ කළේය. ඔහු කතා කිරීම ඇසීමට 200 දෙනෙකුගෙන් යුත් පිරිසක් රැස්ව සිටියහ. ඔහු ඇහුවා, "කවුද මේ ඩොලර් 20 බිලට කැමති?" අත් 200 ක් ඉහළට ගියේය. "මම මුලින්ම මේ ඩොලර් 20 ඔබෙන් කෙනෙකුට දෙන්නම්, ඊට පෙර මං මෙහෙම කරානම්..." ඔහු බිල්පත ඉරා දැමුවේය. ඉන්පසු ඔහු නැවත, "තවමත් එය අවශ්‍ය කාටද?" අත් 200 ...
සින්ඩරෙල්ලත් දුප්පත් කිරිල්ලියක්. World Of Aru සිහින වලා නිල්වන් ගගනේ මැවුන. පිඹින නලා හදවත් සසලේ දැව්ව. නහින වයස පැතු නාඹර විය තුරුණ. වහින වැසිත් ආසිරි පැතුවා වැන්න. ලැයිමේ ඉපදි සුර සැප නොදුටුවත් කිසි. නෑවේ පාන්දර වත්තේ හොරෙන් වැනි. ගාමන්ට් එකේ රෙදි කන්දක් මැද්දේ මැරී. මසකට දහසෙ කොල දහයකි අතට හිමි. බඹරිඳු ඇවිත් සුවඳට මත් විය සකිය. නරනිඳු වුවත් මැව්වේ සිහිනෙකි මිතුර. බඩ වුණු කෙල්ල ගණිකාවක් වුණි ...
සෘතු World Of Aru වසන්තය එතරම් දිගුව මා කුල්මත් කල තරමට ශ්‍රීෂ්මය කෙටි වෙතැයි හිත විප්ලවයක.. අපේ ආදරයත් හරියටම සෘතු වගෙයි... වසන්තය, ග්‍රීෂ්මය, සරතය, සිසිලය.. මේ අවදි කුම වුවත් ආදරේ නොපැරදෙන එක තමයි පුදුමය... ග්‍රීෂ්ම, නුඹ මා ඈත් කල හදවත් ආදරෙන් පුරවන ලදුව, සරතයේදී ඉතා කෙටි තත්පර වලින්, නුඹ මා ළං කරවයි. වසන්තයේදි නුඹ මා තදින් සිප වැලඳගෙන ආයේ නොයමි දුරකට සපත කරවයි.. ආයේ ...
විරාග රාගය World Of Aru ආදරය, රාගයෙන් වියුක්ත කිරීමට හෝ රාගය ආදරයෙන් වියුක්ත කිරීමට කිසිදා කිසිවෙකුට හැකි නොවුනා සේම, අසීමාන්තික අසම්මත බැඳීම් කිසිදා කිසිවෙකුට සතුටක් ශේෂ නොකරයි. කොහොම නමුදු හර්ද සාක්ෂියට අනුකූල නොවූ හැඟීමක් සමඟ දුකක් පවතී.නමුත් මිනිස් හැඟීම් වු කලී මාරුතයක් සේය.. නිහඬව සිටින මාරුතය කිනම් මොහොතේ හෝ චණ්ඩ වී කොහේ හෝ ගලා යාම සිදු විය හැක.. අද්‍යතන සමාජයේ ගීතය නම් කලාව වැටී ඇති ...
විසඳුමක්?? World Of Aru පිරිමි පපුවක ලතෙත් බව මහ හුඟක් මිහිරියි දන්නවා. තුරුලු කරගෙන නින්ද එනතුරු නලල හෙමිහිට ඉඹිනවා. මට හෙමින් හෙමින් හැම හැඟීමක්ම ලියන්න හිතුනා. මේ මහ රෑ ඇහෙරෙනවා සමහර වෙලාවට.. එතකොට මං ඔයා දිහා බලන් ඉන්නවා.. සමහර වෙලාවට ඔයා මාව තුරුල් කරගෙන ඉන්නවා මං හදිස්සියේ නැගිට්ටෙන කොට. සමහර වෙලාවට අනික් පැත්ත හැරිලා ඔයා නිදි. ඇත්තටම හුඟක් වෙලාවට අනික් පැත්ත හැරිලා නිදා ගන්නේ ...