ප්‍රේමය අහිමිව.. World Of Aru පහුවුන මුළු ගිම්හාන කාලයම අතීතයටම එක්කහු කරලා ඔහේ පාවෙන සරුංගලයක නැගලා වසන්තෙට යන්න ඕනකමක් තිබ්බට මට ගැහැණුකම කිව්වේ ඇඳට වෙලා රෙද්දක් පෙරෝගෙන වහන් වෙලා ඉන්න කියලා. ඒ පොරෝනේ ඇතුලේ ඇති තරම් උණුහුම තිබ්බා. ඊටත් ආරක්ෂාව වැඩියි. ඉතින් බය වෙන්න දෙයක් තියනවා කියලයි....!!! සීතල හුඟක් නම් කෝපි කෝප්පයක් විතරක්ම සීතල නස්නයට තිබ්බම හොඳටෝම ඇති කියන සිතුවිල්ලත් එක්ක මං තරඟ කලා..නැත්තම්, හුඟක් ...
ප්‍රේමය World Of Aru කඳු මුදුනු මත හැපී බිඳෙනා සුළං රැල්ලක මහරු ප්‍රේමය. දියව දියඇලි වලින් නිර්මිත කඳුලු බොර කල සසල ප්‍රේමය. ගඟක දියරැලි මතින් ගෙනයන සයුරේ නවතින අපුල ප්‍රේමය. සියල් ඇරඹුම නුඹේ බැල්මයි, පෙමට මුල් ගල් තැබූ ප්‍රේමය. ...
සිතන්නට යමක්...03 World Of Aru සිතන්නට යමක් ලිපි පෙල යනු අන්තර්ජාලයෙන් උපුටාගත් සමහර කතාවල පරිවර්තන වේ.. ඒ ඒ කර්තෘන්ට අයිතිය සතුවන අතර, මා කරන්නේ හුදෙක් මට තේරෙන ලෙස පරිවර්තනය කිරීම පමණි... කෝපය පාලනය. ඉතා නරක කෝපයක් ඇති කුඩා පිරිමි ළමයෙක් සිටියේය. ඔහුගේ පියා ඔහුට ඇණ මල්ලක් භාර දී කෝපය ඇති වූ සෑම විටම එම ඇණ වැටට ගසන්නට පැවසීය. පළමු දිනයේ පිරිමි ළමයා ඇණ 37 ක් ...
අපි ලෝකෙට පේන්න ආදරය කරමු... World Of Aru සිහින ලෝක පාට පාටයි. හරියට දේදුනු වගෙයි. අහිංසක මේඝයක මතුවුනාම ආඩම්බර වෙන මේඝ ටික ටිකක් පිම්බෙනකොට දේදුනු බොඳ වෙලා තියෙයි.. එන්න.. අපි අපේ පාටින් පාට කරමු. ආදරය බැලුම් වගේ පුම්බමු උඩ අරිමු.. පිපිරුනාම, එන කඳුලු වල රහ බලමු. ඒ කඳුලු අයිස් කර පාට ගාමු.. අයිස් විකුණමු අයිස් පලම් කන්න හුඟක් උන් කැමතියි. අපි අපිව විකුණන් කමු... ...
දුරින් පැවතීමද ආදරේ උහුලන්න බැරි විදිය...??? World Of Aru ආදරේ කරන වෙනස.. දර්ශීය නොවන පෙම්වත, මේ දර්ශීය නොවන විපර්යාසයන්ට ආදරෙයි මමද.... විටෙක හිත දුකින් තබන, විටෙක හිත පමෝදය උහුලනු නොහීව, ආදරෙන් මිරිකන, බොහෝ විට ඈතින්ම ඇඳී, යලි මැකෙන නුඹේ ප්‍රේමය, සේයාරුවක්ද මිරිඟුවක.. මැකෙමින්, පිබිදෙමින්, නොමියෙන දුරින් පවතින සඳක් සේ හැඟෙයි.. මේ විදිය උහුලනු නොහැක... දුරින් පැවතීමද, ආදරේ උහුලන්න බැරි විදිය...? ...
සුපෙම්වත,,, World Of Aru සුපෙම්වත, ප්‍රේමයට නිමිති නැත. නුඹම නිමිත්තකි මට, ප්‍රේමය පූදීන්නටම.... හේතුවක් නොමැතිව වුව නුඹ මහද ගිලී යාමම ප්‍රේමය යැයි විඳිමි. නියතතාවක් නොමැති ලොව ඔබව හිමිවීමක් නැත. නුමුත් මොහොතකට හමු වීමද විඳීමකි. නැවත අහිමි වීම විඳවීමක් දැනම මම විඳිමි. අහිමි නුඹගේ මගේ ප්‍රේමය... සියලු නිශ්ඵල කාරණා අබියස, මේ ප්‍රේමයම ඇතිය. වර නොගනන තරම් වුව පෙම් කරන විඳවිල්ල,ප්‍රේමයෙනි හදවතේ හරියටම මැද, නිදන් ගතව ...
ඔබ නිවැරදිමය World Of Aru සොඳුර... ඔබ කවදටත් වඩා නිවැරදිය.. ඔව්... මම අසහනෙනි... ඔබට පෙම් කර අසහනෙනි. ඔබ ගැනම හිත හිතමින් අසහනෙනි. මේ තරම් කවි ලියන්නෙද අසහනෙනි... ඉතින්..... වස්තු, ඔබ නිවැරදිමය.. මම අසහනෙනි... ...