දානේ.... යාං හෑල්ල මේ වෙසක් මාසේ පිං කරගන්න ඕනෑ. පිං කරන හොඳම ක්‍රමේ නං දාන දීම. ගෙදරක සාංඝික දානයක් දෙනවා කියන්නේ තව ඉඩමක් ඇරං ගෙදරක් හදන්න තරං වියදං යන වැඩක්. ඒ හංදා ගල් බාගයක් ගන්න තරං ගානකිං දානයක් දෙනහැටියි මේ කියල දෙන්න හදන්නෙ.දානේ පටං ගන්නේ “අපි මේ මාසෙ පිනට වෙං කරපු සල්ලිඔලිං දානෙයක් දෙමුද අනේ?“කියලා චූටිමැණීකේ අහන එකෙං. ආං එතකොට මං“හා“ කියනවා. මේ ...
දානෙට යාම, ට්‍රැපික් පෙරහැර, මාර්ග නීති සහ දිගංචියා අතුරුදහන් වීම (Attending to alms giving, traffic Perahera, traffic law and disappeared tall man) යාං හෑල්ල දං දීම සෑහෙන පින් සිදුවන දෙයක් බව දහම් පාසලේ දී අපට කියා දී තිබුණත් මේ දං දීම කියන්නේ ලඳු කැලෑ වල හැදෙනා දං ගහෙන් කඩාගන්නා දං ගෙඩි දීම ද, පාට පෙට්ටියේ තියෙන අපි කැමතිම පාට වන දං පාට කෑල්ල කාට හරි දීම ද යන්න හරි හැටි වටහාගන්න මට ඉස්කෝලෙ හතරෙ පන්තියටම යන්නට සිදු විය.පහුගියදාක අපේ නැන්දම්මාට ද දනක් දෙන්නට හිතුනේය. ...
චිත්‍රපටි හෙවත් drawings tapes - 1 යාං හෑල්ල ඉස්සර වාරෙකට එකක් විතර අපේ තාත්තා මාරාන්තික ලෙස වලි ඇදගෙන අපිව ගෙදරින් එලෝලා දවසක් දෙකක් අපිට ගේ පැත්ත පලාතෙ යන්නට නොදෙන කාලයක් එනවා. ඒ කාලෙට අම්මගෙයි මගෙයි අහිකුන්ටක ජීවිතේ තැනින් තැන. එයින් දවසක අම්මා මාවත් ඇරං තාත්තගෙ මහ ගෙදරට ගියහම දොස් කියන්නෙ ආච්චි අම්මට."නැංදම්මටේදාස්සොල ඕකව හරියටදෙකද්දීල හදාගංබැරිවිච්චෙකේ කර්දරේ තමා මේ උගෙපැටියයිමායිමේ විඳොවන්නෙ"ආං ඒ වෙලාවට ආච්චි අම්මත් ඡන්ද රැස්සීමක කෑ ගහන්නා ...
දානෙ 3 යාං හෑල්ල ඊළඟ වටේ පටං ගත්තෙ රෑ අටට විතර.“අම්මෙ මට ලොකු තාච්චියක් එහෙම ඕනි“චූටි මැණීකේ තමුංගෙ මෑණියන්දෑ ඇමතුවා.“දැං මොකටෙයි සුදු පුතේ තාච්චි? උදේට තිවුනං මදෑ““දැං ඕනි. කට්ලිස් හදන්න එපෑ““දැං ඔව්ව හදා තිව්වම පොඟනවනෙ සුදු පුතේ. අනික පින්නි වෙයි හෙට දවල් වෙත්දි. කඩවල්ලොල කරන්නා වගේ අපිට ලේසිවට සවුත්තුවට දෙන්න නරකයි. දානයක්නෙ.“මේ වගේ වෙලාවට මට කට පියාගෙන ඉන්න අමාරුයි. ඒ හින්දා කට ඇරියා."අපි එව්ව ...
තොරණ හෙවත් pandol - 1 යාං හෑල්ල "මේ ගමන වෙදමහත්තෙයෑ තොරන ගහන්නැහ්ලුද?"කටත් ඇද කරගෙන පුවක් ගෙඩියක් කපන අපේ ආතා ඉස්තෝප්පුවෙ ඉඳං ඉන්න නිමල් අයියගෙං අහනව."ගහයි ගහයිඊඊ. ඔයියකා ඕක නොගහ ඉන්නෑ ආතෙ""තව ඉතිං මාසෙයක් හමාරකට වැඩිය නෑනෙවැ.""ඒ මදෑ මිනිහා ඕක කොහොම හරි දවුඩලා අටෝල ගනියි ආතෙ. පුවක් කොට ටික හිටෝ ගත්තං පස්සෙ තොරං කෑලි ටික අමුල්ලා බලුප් ටික ඒක වටේට උලගහන එකනෙ තියෙන්නෙ""ගිය වංගියෙනං රූප කෑලි විසිගානක් තිවුන ...
පොජෙට්ටෙක - අන්තිම කොටහ යාං හෑල්ල මිනිහෙක්ගෙ ජීවිතේ හරියාකාරව හැදෙන්නෙ ගහෙං ගෙඩි එන්නා වගේ පිළිවෙලකට හීංසීරුවෙ ඉහළට ආවොත් විතරයි. ගහ පීදිලා, මල් හැදිලා, එව්වයෙං සූටි ගැටයක් හැදිලා, ඒ ගැටේ ඩිංග ඩිංග තරුවක් වෙලා, ඒ තරුව ඩිංග ඩිංග ලොකු වෙලා මහ ගෙඩියක් වෙලා පැහිලා කන්න පුළුවං ගානට ඉදෙන්න සෑහෙන කාලයක් යනවා. මනුස්සයෙක්ට යමක් ලැබෙන්න ඕනැත් ඒ විදිහට කාලයක් ගතවෙලා හීංසැරේ ඩිංගෙං ඩිංග. එතකොට තමයි තමුන්ට ලැබෙන දේක ...
ඉතා කෙටි කලබල හීන - Extreamely short busy dreams - 1 යාං හෑල්ල අපේ ගමේ මිනිස්සු හුඟ දෙනෙක් වී කුන්නියක දෙහෙක ගොයිතැංබත් කරගෙන, දල්ලක් දෙකක් අහුලගෙන, සබර ගහක් දෙකක් හූරගෙන, කුරුඳු පැලැහැට්ටක් දෙකක් තලාගෙන එදා වේල පිරිමහගෙන ජීවත් වෙච්චි අය. ඒ උනාට ඉක්මනිං පෝසත් වෙන්න හදපු උත්සාහවන්තයොත් හිටියා. කහට වතුරෙං කලවං කරපු අරක්කු විකුණපු කලු මාමගෙ පවුල, ගොඩ පෙරකදෝරුකං කරපු ගෙපලෙ අජිත්, මාසෙට සීනි මිටියෙ හමාරෙ පෙරන සූරියසේන, සීට්ටු දාන අතුල වගේ කීප ...
පොජෙට්ටෙක 1 - ඇල්ල බැඳිල්ල යාං හෑල්ල දවසක් පහලවත්තෙ කුඹුරෙ පිල්ලෑවට හෙලිකොප්පරයක් කියන ජාතියෙ එකක් එන බව කියා අපේ ගමෙං බාගයක් විතර තමුංගේ වැඩපොල සේරම පැත්තක දමා පිල්ලෑවට එක්කහු වුනේ ඒක බලන්න. ඒ කාලේ කාටවත් හදිස්සි වැඩ තිවුනෙ නෑ. වෙනදට පාවර හදන තැන පිදුරු තුනී කර තිබුනේ අපිට ඒ උඩ පිනුං ගහන්නට ආස හිතෙන විදිහට. පොලේ ලොතරැයි වෑන්නෙක වටේ සෙනග එක්කහු වෙනව වගේ සෑහෙන සෙනගක් පිල්ලෑව වටේ ...
කෙල්ලො පස්සෙං යාම හෙවත් following girls යාං හෑල්ල "අපි ඉතිං ජීවිත කාලෙම මාන්සිවෙන්නෙ ළමයින්ගෙ දෑස පාදන්න තමයි."ළමයිංගෙ දෑස් පාදන එක මෝය කට මැද්දෙ පොල්වලක් කපනව තරං අමාරු බවක් පෙන්නන ගමං හුඟක් ගුරුවරු ගුරුවරියො එහෙම කියනව මට ඇහිල තියෙනව. ඒ වුනාට ඒක අමූලික අසත්තක ටොං පචයක් බවට තේරුං ගන්න අපට මහ කාලයක් ගියෙ නෑ. කක්කුස්සි වලකට උඩිං කොන්ක්රීට්ටෙක දැම්ම වගේ අපේ දෑස් වහල තිවුණු අන්ධකාරෙං අපිව මුදෝලා අපේ දෑස් ...
ගුවන්විදුලිය හෙවත් Air Electricity - 1 යාං හෑල්ල ඊයේ පෙරේදා හදිස්සියේම අර කොනකිං පටංගෙන ලියාගෙන ලියාගෙන යන දොස්තර නෝනා රේඩියෝ වැඩසටහනකට යන්න බ්ලොග් ලියන දෙන්නෙක්ට අවස්ථාවක් හොයලා දුන්නා. ඒක දැක්කයින් පස්සෙ මටත් හිතුනා රේඩියෝ ගැන ලියලා දාන්න.පහ වසරේ සිස්සත්ව පෙරහුරු ප්‍රශ්ණ පත්තරේ ප්‍රශ්ණවලට "රේඩියෝව හොයාගත්තේ කවුද?" කියලා ඇහුවම අපි ලිව්වේ "ගුග්ලි එල්මෝ මාර්කෝනි" කියලයි. ඒ මාර්කෝනි කියන කෙනා කොයි දීපංකරේක ඉන්න කෙනෙක්දැයි දන්නේ නැතත් රේඩියෝ නැතිබංගස්ථාන කරන මකබාස්ල ...
පොජෙට්ටෙක 2 - පාර කැපිල්ල බැලිල්ල යාං හෑල්ල මුල් කොටහ පොජෙට්ටෙක 1 -ඇල්ල බැඳිල්ලඒ අතරේ අපේ ගෙවල්ගාව පිස්සු මඩමක් හදන්න පාරක් කපලා ගෙපල ඇදලා තිබුණු කන්දෙ අනික් පැත්තෙ දං ගස් ලවලෙ විසාල ගෙපලක් කපලා "බිල්ඩිං" හදන්න පටං ගන්නවා. ඒවා සුද්දන්ට ඉන්න හදන ඒවා බව කටකතා පැතිරෙනවා. ඇල්ල බඳින වැඩේ ලොක්කො ටිකට ඉන්න හදන තැන හිංදා කාටවත් ඒ පැත්ත පලාතකවත් බලන්න යන්න දෙන්නෙ නෑ. ඇල්ල බැඳිල්ලෙං තමුංගෙ ඉඩං යටවෙන ...
කනපිට මාකෝනි යාං හෑල්ල පහ වසරෙ දරුවෙක්ගෙන් රේඩියෝව හොයාගත්තේ කවුද කියලා ඇහුවොත් උත්තරේ ලැබෙන්නේ"මාකෝනි"කියලයි. රූපවාහිනිය හොයාගත්තෙ කවුද ඇහුවොත් කියන්නෙ "ජෝන් ලොගී බෙයාඩ්" කියලයි. ඒ දැනුමට තවත් යමක් එකතු කරන්නයි මේ කතාව.**************************************************************************රෑ කෑමට පස්සෙ අරළු පෙති බීපු කෙනෙක් උදේ පාන්දරම දවස පටං ගන්නව වගේ සද්ද ගොඩක් නැන්දලගෙ ගෙවල් පැත්තෙං ඇහුනා.මේ සද්දෙං කියන්නෙ එදා දවසෙත් පියසේන මාමා වැඩට ගිහිං නෑ කියන එකයි. හුඟක් දවස්වලට මේ වෙලාවට ...
පොජෙට්ටෙක 3 - පිටගංකාරයෝ යාං හෑල්ල පොජෙට්ටෙක 1 පොජෙට්ටෙක 2හැමදාම මහරෑට කවදාවත් ඇහිච්ච නැති තරං මහා සද්ද තියෙන වාහන පාරෙ යද්දි ඇල්ල බැඳිල්ල ජයටම කෙරෙන බව අපේ ඔලුවලට වැටුනා. ඒ එක්කම පෙජෙට්ටෙකේ වැඩ කරන්න පිටගංකාරයො රංචු පිටිං ගමට සේන්දු වුනා. ඒ අයට නවාතැං දීලා අමතර ගානක් හොයාගන්න පුළුවං කම තිබුණත් අපේ ආච්චම්මයි ආතයි තමුංගෙ මාන්නෙ ඉස්සරහට දාගත්තා."මන්නං ඔය එකේක ජාතියෙ පිටගංකාරෙයො ගෙවල්ලස්සෙ දාගන්නෑ ගුනොවද්දන ළමෙයො. කොයි ...
beauty of a wire thread යාං හෑල්ල වෑර් පොටවල් හිංදා මං බොහෝ දේවල් කා ඇත්තෙමි. මුලින්ම කෑවේ ගුටි වෙන්න ඕනාය.“තොගෙ මේ කැවුතු කැටි වෑර් කෑලි ගිහිං ඕන බිබික්කමක් අස්සෙ ගහගනිං. ආයි අතන මෙතන දා තිබ්බොත් කඩනොව තොගෙ අඬු“අකුරු කියවන්න පටං ගත් දා ඉඳලාම වෑර් කෑලි, බලුප්, බැට්ටි කෑලි මගේ අතට කාන්දං වගේ ඇලුනේය. පාරේ වැටී තියෙන වෑර් පොටක් ගෙදර ගෙනැත් දිප්පිහියෙං පලා ඒක අස්සේ තියෙන කම්බි පොටවල් ...
තොරණ හෙවත් Pandol-3 යාං හෑල්ල තොරණ 1තොරණ 2ඔය අතරෙ බීටියෙස් එකේ දළු ලොරිය එනව. ඒකත් සෙනග පහුකරල ගිහිං නවත්තනව. ලොරියෙ මහත්තය ඔලුව එලියට දාල සෙනග දිහා බලනව. එතකොට එතන ඉන්න කමල නැංදයි උන්දැගෙ දුවයි මනුස්සයයි තුන්දෙනාම ලොරිය ගාවට යනව. ලොරියෙ මහත්තය බිමට බැහැල කමල නැංදව පලවෙනියටත්, උන්දැගෙ දූව දෙවනියටත් ලොරියෙ ඉස්සරහට නග්ගගෙන ඉං පස්සෙ තමුනුත් නගිනව. කමල නැංදගෙ මනුස්සය ලොරිය පිටිපස්සෙං නැගල, දළු ගෝනි අට්ටිය ...
තොරණ හෙවත් Pandol 2 යාං හෑල්ල තොරණෙ පලවෙනි දවසෙ එන සෙනග මදි වගේ කියල හිතුනොත් දෙවෙනි දවසෙම 'ලයිස්පීකරකට්ටක්' බැඳපු වෑංකට්ටක් අහලපහල ගංවල කෑගගහ ඇවිදිනව."අඤඤා ඤාඤ ඤා ඤඤඤඤ ඤඤඤාඤේ..............ඤාඤා ඤාඤ ඤඤ ඤඤඤඤ ඤඤ ඤාඤේ.............""ක්රාස් ටොහ් ටොහ් ටොහ්. දාදා දාදදදාදාදාදදා දාදාදාදා දාදා දදා දාදා දාදදදදා දාදාදාද"උදේ ඉඳංම වාහනයක් යන්න පුළුවං හැම පාරකම කෑ ගගහ ඇවිදලා හොඳටම බැහැපු බැට්ටියකිං කරන්ටෙක ලෙවකන පීකර කට්ටට එයිට වැඩිය පැහැදිලියට යමක් කියාගන්න පුළුවංකමක් ...
කුණු කඳු තුනී කරන හැටි යාං හෑල්ල කුණු ගැන කතාබහ ඉවරය. දැං කුණු ගොඩේ කතාවත් කුණු ගොඩට දමා අහවරය. ඒ හංදා කුණු ගැන කතාව කුණුගොඩෙං ඇදගෙන තලු ගහන්නට මට වෙලාව ඇවිල්ලාය. මේ කියන්නට යන්නේ මහා කුණු කඳු ඇතිවීම එදා අපේ ගම්වාසීන් වලක්වා ගත්ත විදිහය.හුඟක් ගෙවල්වලින් අහක දාන ජාතියක් වන්නේ කෑම ජාතිය. අපේ ගෙදරත් එක වේලකට හය හත් දෙනෙක්ගේ ප්‍රමාණයට කෑම උයන බැවින් සෑහෙන කෑම ප්‍රමාණයක් දවසකට ඉතිරි ...
නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං යාං හෑල්ල නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ ඒ විද්‍යාඥයින්ගෙ උවමනාව මේ ලංකාවෙ සේරම ළමයින් පන්තියේ අන්තිමයා කරල, සිස්සත්වෙ පාස් එකෙක් බේතකටවත් හොයාගන්නට නැති කරල, සාමාන්‍ය පෙළ, උසස් පෙළ පාස් එකෙක් සිංහල බෙහෙත් බඩු කඩේකිංවත් ගන්නට නැති කරල එංගලන්තේ ඉඳල ආසියා මහද්වීපය හරහා ...
නෙලුං යායට පසුවදනක් A back word for lotus field යාං හෑල්ල මේ ගමන නෙලුං සම්මාන උස්සවේට මාව යවන්නේද නැද්ද යන්න ගැන අපේ ගෙදර හතර දෙනාගේ කමිටුව රැස්වීමක් තිබ්බේය. කරුණාරත්නගේ ස්ථාන මාරුවත් එක්කම බලලුන්ගේ රැකවල් කටයුතුවලට කෙනෙක් නැතිවීම නිසා කමිටුව අසීරුතාවකට මූණ දුන්නේය. ඒ හංදා මේ ආකාරයේ යෝජනාවලියක් සභාගත කරන්නට සිද්දවිය.බලලුන්ට දවල් වේලටද සරිලන පරිදි උදේ කෑම වේල දෙගුණකොට ලබාදීමටත්, දවල් සහ හවස වේල් වෙනුවෙන් Rice-flies දෙසිය පනහක් සහ කිරි පිඟං දෙකකුත් ...
ගුවන් විදුලිය හෙවත් Air Electricity - 3 යාං හෑල්ල ගෙදර මිනිහ බීල ඇවිල්ල රණ්ඩු කරද්දි ගෙදර ගෑනිගෙ දත් එකිං එක අඩුවෙනව වගේ කලක් යද්දි අපේ තාත්තගෙ අඩන්තේට්ටං හිංදා රේඩිවේකෙ කෑලිත් අඩුවුනා. මාසෙකට දෙතුං පාරක් කෙරෙන ඉංගිරිසි වෙදකමට සැරිං සැරේ ගලෝල මුලිම්ම කැඩුනෙ SW -MW මාරු කරන රවුම. රවුම කැඩුනට රවුම හයිවෙන කූර ඉතුරු උනා. ඉං පස්සෙ SW -MW දෙක අතර මාරු කරන්න ඕනි උනහම පිහිය තලේ හරි මේස හැන්දක ...